ඇමෝනිහා දේශයේ සිටි ජනතාව වෙත ප්‍රකාශ කරන ලද, ඇල්මාගේ වචන, තවද එසේම ඇමියුලෙක්ගේ වචන. තවද ඇල්මාගේ වාර්තාවට අනුව, එසේම ඔවුන් සිරගෙදරට දමනු ලබන අතර, ඔවුන් තුළ තිබූ දෙවියන්වහන්සේගේ හාස්ජනක බලයෙන් ඔවුන්ව ගළවනු ලැබුණි.
9 සිට 14 වන පරිච්ඡේද අඩංගු වේ.
9 වන පරිච්ඡේදය
ඇල්මා ඇමෝනිහා හි ජනතාවට පසුතැවිලි වන ලෙස අණ කරයි – ස්වාමීන්වහන්සේ අවසාන දවස්වලදී ලේමන්වරුන්ට කරුණාවන්ත වන සේක – නීෆායිවරුන් ආලෝකය අත්හැර දමන්නේ නම්, ලේමන්වරුන් විසින් ඔවුන්ව විනාශ කරනු ඇත – දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ළඟදීම පැමිණෙන සේක – උන්වහන්සේ තුළ පසුතැවී, බෞතිස්ම වී, තවද උන්වහන්සේගේ නාමය තුළ ඇදහිල්ල ඇත්තන් මුදවා ගන්නා සේක. ක්‍රි.පූ. 82 පමණ.
1 තවද නැවතත්, මම, ඇල්මා, එනම් මම ඇමියුලෙක් රැගෙන ඉදිරියට ගොස් නැවතත් මෙම ජනතාවට, නැතහොත් ඇමෝනිහා නගරයේ සිටි ජනතාවට දේශනා කළ යුතු බවට දෙවියන්වහන්සේගෙන් අණ ලබා ඇතිව, එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන් හට දේශනා කිරීමට පටන් ගත් විට, ඔවුහු මෙසේ පවසමින් මා සමඟ සටන් කිරීමට පටන් ගත්හ:
2 නුඹ කවුරුන් ද? පොළොව පහව යන බව ඔහු අපට දේශනා කළත්, එක් මනුෂ්‍යයෙකුගේ සාක්ෂිය අපි විශ්වාස කළ යුතු දැයි නුඹ සිතන්නේ ද?
3 දැන් ඔවුන් කතා කළ වචන ඔවුන්ට වැටහුණේ නැත; මක්නිසාද පොළොව පහව යන බව ඔවුන් දැන නොසිටියෝය.
4 තවද එසේම ඔවුන් පැවසුවෝය: මේ විශිෂ්ඨ නගරය එක් දිනකින් විනාශ විය යුතු බවට නුඹ අනාවැකි කියන්නේ නම් අපි නුඹේ වචන විශ්වාස නොකරන්නෙමු.
5 දැන් දෙවියන්වහන්සේට මෙවන් අපූරු කාර්යයක් කළ හැකි බව ඔවුුන් දැන සිටියේ නැත, මක්නිසාද ඔවුන් දැඩි – හදවතක් ඇති මුරණ්ඩු ජනතාවක් විය.
6 තවද ඔවුන් පැවසුවෝය: එවැනි විශිෂ්ඨ සහ ආශ්චර්යමත් දේවල්වල සත්‍ය ඔවුන් හට ප්‍රකාශ කරනු පිණිස, එනම් මෙම ජනතාව අතරට එක් මනුෂ්‍යකුට වඩා අධිකාරී බලයක් එවීමට නොහැකි, දෙවියන්වහන්සේ කවරෙක් ද?
7 තවද ඔවුන් ඔවුන්ගේ දෑත් මා මත තැබීමට නැගිට සිටියෝය; නමුත් බලව, ඔවුන් එසේ නොකළෝය. තවද ඔවුන්ට ප්‍රකාශ කිරීමට මම ධෛර්යයෙන් නැගී සිටියෙමි, එසේය, මෙසේ පවසමින්, මම ධෛර්යමත්ව ඔවුන්ට සාක්ෂි දැරුවෙමි:
8 බලව, අහෝ දුෂ්ඨ හිතුවක්කාර පරම්පරාව වන නුඹලා, නුඹලාගේ පියවරුන්ගේ සම්ප්‍රදාය අමතක කළේ කෙසේද; එසේය, කෙතරම් ඉක්මනින් නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් අමතක කර ඇත්ද.
9 අපගේ පියා, ලීහායි, දෙවියන්වහ්සේගේ හස්තය විසින් ජෙරුසලමෙන් පිටතට ගෙනා බව නුඹලාට සිහි නොවන්නේ ද? ඔවුන් සියල්ලන්වම වනාන්තරය මැදින් උන්වහන්සේගේ හස්තය විසින් මඟ පෙන්වනු ලැබූ බව නුඹලාට සිහි නොවන්නේ ද?
10 තවද උන්වහන්සේ කොපමණ වාර ගණනක් අපගේ පියවරුන්ව ඔවුන්ගේ සතුරන්ගේ දෑතින් පිටතට ගලවාගත් සේක්ද, තවද ඔවුන්ගේම සහෝදරයන්ගේ දෑත් විසින් පවා, විනාශ වීමෙන් ඔවුන්ව රැකගත් බව නුඹලාට මෙතරම් ඉක්මනින් අමතක වී ඇත් ද?
11 එසේය, තවද උන්වහන්සේගේ අසමසම බලය, තවද උන්වහන්සේගේ කරුණාව, තවද අප කෙරෙහි උන්වහන්සේගේ බොහෝ ඉවසිලිවන්ත බව නොතිබුණේ නම්, මෙම කාල වකවානුවට බොහෝ කලකට පෙර නොවැළැක්විය හැකි ලෙස පොළොව මතින් අපව කපා හරින්නට ද, තවද සමහරවිට නිමක් නොමැති දුක්ඛිත හා ඛේදනීය තත්වයකට ඇද දමන්නට ද ඉඩ තිබුණි.
12 බලව, දැන් මම නුඹලාට කියමි උන්වහන්සේ නුඹට පසුතැවිලිවන්නට අණ කර ඇත; තවද නුඹලා පසුතැවිලි වෙනවා හැර, නුඹලාට දෙවියන්වහන්සේගේ රාජ්‍ය කිසිසේත් උරුම වන්නේ නැත. එහෙත් බලව, මෙපමණක් නොව – උන්වහන්සේ නුඹලාට පසුතැවිලි වන ලෙස අණ කර ඇත, නැතහොත් උන්වහන්සේ නුඹලාව පොළෝ තලය මතින් සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන සේක; එසේය, උන්වහන්සේගේ ප්‍රචණ්ඩ කෝපයෙන් උන්වහන්සේ ඉවතට නොහැරෙන සේක.
13 බලව, උන්වහන්සේ ලීහායි හට පවසන ලද වචන නුඹලාට සිහි නොවන්නේ ද, මෙසේ පවසමින්: නුඹලා මාගේ අණ පනත් තියන එපමණකින්, නුඹලා දේශයේ සමෘද්ධිමත් වනු ඇත? තවද නැවතත් මෙසේ කියනු ලැබේ එනම්: නුඹලා මාගේ අණ පනත් නොතබන එපමණකින් නුඹව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබේ.
14 දැන් නුඹලා සිහි තබාගන්නේ නම් මම කැමැත්තෙමි, එනම් ලේමන්වරුන් දෙවියන්වහන්සේගේ අණ පනත් නොතබා ඇති එපමණකින්, ඔවුන්ව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හැර ඇත. දැන් අප හට ස්වාමීන්වහන්සේගේ වචනය මේ දේ තුළ ස්ථීර කළ බව අපි දකිමු, තවද පටන්ගැන්මේ සිට පොළොව මත ඔවුන්ගේ වැරදි නිසාවෙන්, ලේමන්වරුන්ව උන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබ ඇත.
15 එසේනමුත් මම නුඹලාට කියමි, විනිශ්චය දවස නුඹලාට වඩා ඔවුන්ට ඉවසිය හැකි වනු ඇත, නුඹලා නුඹලාගේ පාපයන් තුළ රැඳෙන්නේ නම්, එසේය, නුඹලා පසුතැවිලිවනවා හැර, තවද නුඹලාට වඩා ඔවුන්ට මේ ජීවිතයේ දී වඩාත් ඉවසිය හැකි වන්නේය.
16 මක්නිසාද ලේමන්වරුන් හට දිගු වූ පොරොන්දු බොහෝමයකි; මක්නිසාද ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් නිසා එනම් ඔවුන් ඔවුන්ගේ නොදැනුවත්කමේ රැඳී සිටීමට හේතු විය; එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන් හට කරුණාවන්ත වී දේශයේ ඔවුන්ගේ පැවැත්ම දීර්ඝ කරන සේක.
17 තවද යම්කිසි කාල වකවානුවක දී උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමටත්, තවද ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් වැරදි බව දැන ගැනීමට ඔවුන්ව ගෙන එනු ඇත; තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගළවනු ලබන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ නාමයෙන් ආමන්ත්‍රණය කරන සියල්ලන් හට කරුණාවන්ත වන සේක.
18 එහෙත් බලව, නුඹලාගේ දුෂ්ඨකම තුළ නුඹලා පවතින්නේනම් එනම් දේශයේ නුඹලාගේ දවස් දිගු නොවන බව මම නුඹලාට කියමි, මක්නිසාද ලේමන්වරුන්ව නුඹලා වෙත එවන ලදී; තවද නුඹලා පසුතැවිලි නොවන්නේනම් නුඹලා නොදන්නා කාලයක ඔවුන් පැමිණෙනු ඇත, තවද නුඹලාව සම්පුර්ණ විනාශයෙන් බැහැදකිනු ඇත; තවද එය ස්වාමීන්වහන්සේගේ ප්‍රචණ්ඩ කෝපයට අනුව වන්නේය.
19 මක්නිසාද උන්වහන්සේගේ ජනතාව විනාශ කිරීම සඳහා, නුඹලා නුඹලාගේ අයුතුකම්වල ජීවත්වීමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක. මම නුඹලාට කියමි, නැත; නීෆායිගේ ජනතාව ලෙස හඳුන්වන උන්වහන්සේගේ සියලු ජනතාව විනාශ කරනවාට උන්වහන්සේ වඩා කැමති වන සේක, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ පිළිබඳව ඔවුන් හට බොහෝ ආලෝකය හා බොහෝ දැනුම් ලබා දීමෙන් පසුවත්, ඔවුන් ඔවුන්ගේ පාපවලට හා වැරදිවලට වැටීමට හැකි නම්;
20 එසේය, ස්වාමීන්වහන්සේගේ ඉහළින්ම ප්‍රසාදයලත් ජනතාවක් වූ පසු; එසේය, අනෙක් සියලු ජාතීන්ට, ඥාතීන්ට, භාෂාවකට, නැතහොත් ජනතාවකට වඩා ප්‍රසාදයලත් පසු; ඔවුන්ගේ ආශාවන්ට, තවද ඔවුන්ගේ ඇදහිල්ලට, තවද යාච්ඤාවලට අනුව, මේ සියලු දේ ඔවුන් හට දන්වනු ලැබීමෙන් පසු, සිදු වූ දේ, තවද සිදුවන, තවද සිදුවන්නට ඇත්තාවූ දේ ද;
21 දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් බැහැ දකින ලද; දේවදූතයන් සමඟ සංවාදයේ යෙදී, තවද ස්වාමීන්වහන්සේගේ හඬ විසින් කතා කරනු ලැබ; තවද අනාවැකියේ ආත්මය ඇතිව ද, එළිදරව් කිරීමේ ආත්මය ඇතිව ද, තවද එසේම බොහෝ දීමනා ඇතිව ද, අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව ද, දේශනා කිරිමේ දීමනාව ද, තවද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ද, තවද පරිවර්තනය කිරීමේ දීමනාව ද;
22 එසේය, තවද ජෙරුසෙලම් දේශයෙන් පිටතට දෙවියන්වහන්සේ විසින් ගළවා ගනු ලැබීමෙන් පසු, ස්වාමීන්වහන්සේගේ හස්තය විසින්; සාගතයෙන් ගළවනු ලැබ, තවද රෝගවලින් ද, තවද සෑම ආකාරයේම රෝගාබාධයන්ගෙන් ද; තවද ඔවුන් සටන් තුළින් ශක්තියෙන් වැඩි වී, එනම් ඔවුන් විනාශ නොවන පිණිස; කාලයෙන් කාලයට වහල්භාවයෙන් පිටතට ගෙන එනු ලැබ, තවද මෙතෙක් තබා තවද රකිනු ලැබ ඇත; තවද ඔවුන් සියලු ආකාරයේ දේවල්වල ධනවත් වන තුරු ඔවුන් සමෘද්ධිමත් කර ඇත –
23 තවද දැන් බලව මම නුඹලාට කියමි, එනම් ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් මෙතරම් ආශිර්වාද ලත්, මෙම ජනතාව, ඔවුන් සතුව ඇති ආලෝකයට සහ දැනුමට පටහැනිව පව් කරන්නේ නම්, මෙය සිදු වනු ඇත්නම් මම නුඹලාට කියමි, එනම් එය එසේ නම්, එනම් ඔවුන් වරදට වැටෙන්නේ නම්, එය ඔවුන්ට වඩා ලේමන්වරුන්ට වඩාත් ඉවසිය හැකි වනු ඇත.
24 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේගේ පොරොන්දු ලේමන්වරුන් වෙත දිගු වී ඇත, එහෙත් නුඹලා පව් කරන්නේ නම් ඒවා නුඹලාට නොව; මක්නිසාද එනම් නුඹලා උන්වහන්සේට විරුද්ධව කැරලි ගසන්නේ නම් උන්වහන්සේ නුඹලාව පොළෝ තලයෙන් මුළුමනින්ම විනාශ කරන බවට, ස්වාමීන්වහන්සේ ඒකාන්තයෙන්ම පොරොන්දු වී දැඩි ලෙස නියෝග කර නොමැති ද?
25 තවද දැන් මෙම කාරණාවට, නුඹලා විනාශ නොවන පිණිස, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ දේවදූතයාව උන්වහන්සේගේ ජනතාවෙන් බොහෝ දෙනෙකු බැහැ දැකීමට එවූ සේක, මෙසේ පවසමින් ඔවුන් හට ප්‍රකාශ කරමින් එනම් ඉදිරියට ගොස් ශක්තිමත්ව මෙම ජනතාවට මොරගැසිය යුතු බවට: නුඹලා පසුතැවිලි වන්න, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළං ව තිබේ;
26 තවද මෙතැන් සිට නොබෝ දිනෙක දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් උන්වහන්සේගේ මහිමයෙන් පැමිණෙන සේක; තවද උන්වහන්සේගේ මහිමය පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වනු ඇත, පරිපූර්ණ කරුණාවෙන්, සාධාරණත්වයෙන්, තවද සත්‍යයෙන්, පරිපූර්ණ ඉවසීමෙන්, දයාවෙන්, බොහෝ ඉවසිලිවන්තමකම ද පිරි, උන්වහන්සේගේ ජනතාවගේ මොරගැසීම් ඇසීමට සහ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දීමට ඉක්මන් වන සේක.
27 තවද බලව, උන්වහන්සේගේ නාමය තුළ ඇදහිල්ලෙන්, පසුතැවීම වෙතට බෞතිස්ම වන අය මුදවා ගැනීමට උන්වහන්සේ පැමිණෙන සේක.
28 එසේහෙයින්, ස්වාමීන්වහන්සේගේ මාර්ගය නුඹලා පිළියෙල කරපල්ලා, මක්නිසාද කාලය ළං ව තිබේ එනම් සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ ක්‍රියාවන්වල දීමනාව නෙලා ගන්නට, ඔවුන් සිටි ආකාරයට අනුව – ඔවුන් ධර්මිෂ්ඨ වූයේ නම් ඔවුන් ඔවුන්ගේ ආත්මයන්ගේ ගැලවීම නෙලා ගනු ඇත, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට හා ගැලවීමට අනුව; තවද ඔවුන් නපුරු වූයේ නම්, යක්ෂයාගේ බලයට සහ මුළා කරගැනීමට අනුව, ඔවුන් ඔවුන්ගේ ආත්මයන්ගේ සදාකාලික විනාශය නෙලා ගනු ඇත.
29 දැන් බලව, මෙය ජනතාව වෙත මොරගසන්නා වූ, දේවදූතයෙකුගේ හඬය.
30 තවද දැන්, මාගේ ආදරණීය සහෝදරයනි, මක්නිසාද නුඹලා මාගේ සහෝදරයන් වේ, තවද නුඹලාට ආදරය කළ යුතුය, තවද නුඹලාගේ හදවත් දෙවියන්වහන්සේගේ වචනයට එරෙහිව දැඩි වී ඇති බව දැක, තවද නුඹලා මංමුළා වූ වැටුණු ජනතාවක් බව දැක, නුඹලා පසුතැවීමට සුදුසු කාර්යයන් ඉදිරියට ගෙන ආ යුතුය.
31 දැන් එය මෙසේ සිදු විය, එනම් මම, ඇල්මා, මෙම වචන කී පසු, බලව, ජනතාව මා සමඟ කෝප විය, මක්නිසාද මම ඔවුන් හට එනම් ඔවුන් දැඩි හදවත් තවද මුරණ්ඩු ජනතාවක් බව කී බැවිනි.
32 තවද ඔවුන් මංමුළා වූ වැටුණු ජනතාවක් බව මා කී නිසාවෙන් ඔවුන් මා සමඟ කෝප විය, එනම් ඔවුන් විසින් මා සිරගෙදරට දමනු ඇති ලෙසට, තවද මා මත ඔවුන්ගේ අත් තැබීමට සෙව්වෝය.
33 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට මා එම අල්වාගෙන සිරගෙට හෙළන්නට ඔවුන්ට ඉඩ නොදුන් සේක.
34 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමියුලෙක් ඉදිරියට ගොස් සිට, තවද එසේම ඔවුන් හට දේශනා කිරීමට පටන් ගත්තේය. තවද දැන් ඇමියුලෙක්ගේ වචන සියල්ල ලියා නොමැත, එසේවූවත් ඔහුගේ වචනවලින් කොටසක් මෙම පොතෙහි ලියා ඇත.