1 වන පරිච්ඡේදයමොරෝනායි ඊතර්ගේ ලේඛන සංක්ෂිප්ත කරයි – ඊතර්ගේ පෙළපත දක්වා ඇත – බාබෙල් කුළුණේදී ජැරඩ්වරුන්ගේ භාෂාව ව්‍යාකූල නොවේ – ස්වාමීන්වහන්සේ ඔවුන්ව තෝරාගත් දේශයකට ගෙන ගොස් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කරන බවට පොරොන්දු වේ. 2 වන පරිච්ඡේදයජැරඩ්වරු පොරොන්දු දේශයකට යන ගමනට සූදානම් වෙති – එය තෝරාගත් දේශයක් වන්නේය, මනුෂ්‍යයන් ක්‍රිස්තුස්වහන්සේට සේවය කළ යුතු හෝ ගසාගෙන යා යුතු – ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයා සමඟ පැය තුනක් කථාකරන සේක – ජෙරඩයිට්වරු බත්තල් ගොඩ නගති – බත්තල් ආලෝක කරන අන්දම ගැන යෝජනා කරන ලෙස ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියිි. 3 වන පරිච්ඡේදයජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ ගල් දහසය ස්පර්ශ කරන විට උන්වහන්සේගේ ඇඟිල්ල දකී – ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ ආත්මික ශරීරය ජැරඩ්ගේ සහෝදරයාට දර්ශනය කරයි – පරිපූර්ණ දැනුමක් ඇති අයවලුන්ව තිරය ඇතුළත තබා ගැනීමට නොහැක – ජැරඩ්වරුන්ගේ වාර්තාව ආලෝකයට ගෙන ඒම සඳහා පරිවර්තකයන් සපයනු ලබයි. 4 වන පරිච්ඡේදයජැරඩ්ගේ සහෝදරයාගේ ලියවිලි මුද්‍රා කර තබන්නට මොරෝනායි හට අණ කරනු ලබයි – ජැරෙඩ්ගේ සහෝදරයා මෙන් මනුෂ්‍යයාගේ ඇදහිල්ල ඇති වන තුරු ඒවා එළිදරව් කරනු නොලබන්නේය – ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ගෝලයන්ගේ වචන විශ්වාස කරන ලෙස මනුෂ්‍යයන්ට ආඥා කරන සේක – මනුෂ්‍යයන්ට පසුතැවිලි වී, ශුභාරංචිය විශ්වාස කර, තවද ගැලවීම ලබන්නට ආඥා කෙරේ. 5 වන පරිච්ඡේදයසාක්ෂිකරුවන් තිදෙනෙකු සහ එම කෘතියම මොර්මන්ගේ පොතේ සත්‍යතාව පිළිබඳ සාක්ෂියක් ලෙස පවතිනු ඇත. 6 වන පරිච්ඡේදයසුළඟ මඟින් ජැරඩ්වරුන්ගේ බත්තල පොරොන්දු දේශයට ගෙන යනු ලබයි – ජනතාව ස්වාමීන්වහන්සේගේ යහපත්කමට උන්වහන්සේට ප්‍රශංසා කරති – ඔරිහා ඔවුන් කෙරෙහි රජ ලෙස පත් කරනු ලබයි – ජැරෙඩ් සහ ඔහුගේ සහෝදරයා මිය යයි. 7 වන පරිච්ඡේදයඔරීහා ධර්මිෂ්ඨකමින් රජකම් කරයි – අත්පත් කර ගැනීම් සහ ආරවුල් මධ්‍යයේ, ෂූල් සහ කෝහෝර් යන ප්‍රතිවාදී රාජ්‍යයන් පිහිටුවා ඇත – අනාගතවක්තෘවරු ජනතාවගේ දුෂ්ටකම සහ රූප වන්දනාව හෙළා දකින අතර, පසුව ඔවුන් පසුතැවිලි වෙති. 8 වන පරිච්ඡේදයරාජධානිය සම්බන්ධයෙන් ආරවුල් සහ මතභේද පවතී – රජු මරා දැමීම සඳහා අකිෂ් දිවුරුම් දුන් රහස්‍ය කල්ලියක් සාදයි – රහස්‍ය කල්ලි යක්ෂයාගේ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන්ගේ විනාශය සිදු වේ – සියලු දේශයන්, ජාතීන් සහ රටවල නිදහස පෙරලා දැමීමට උත්සාහ කරන, රහස්‍ය කල්ලි වලට එරෙහිව නූතන අන්‍යජාතීන්ට අනතුරු අඟවනු ලබයි. 9 වන පරිච්ඡේදයරාජධානිය එකිනෙකාගෙන් එකිනෙකා හට උරුමයෙන්, කුමන්ත්රණයෙන්, තවද මිනී මැරුමෙන් පැවත එයි – ඉමර් ධර්මිෂ්ඨකමේ පුත්‍රයාණෝ දකියි – බොහෝ දිවැසිවරුන් පසුතැවිලි වන ලෙසට මොර ගසයි – සාගතයක් සහ විෂකුරු සර්පයන් ජනතාවට හිරිහැර කරනු ලබයි. 10 වන පරිච්ඡේදයඑක් රජෙකු තවත් රජෙකුගෙන් පසු රජ වෙයි – සමහර රජවරු ධර්මිෂ්ඨයෝ වෙති; තවත් සමහරු දුෂ්ටයෝ වෙති – ධර්මිෂ්ඨකම පවතින විට ජනතාව ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාද සහ සමෘධිමත් කරනු ලබන සේක. 11 වන පරිච්ඡේදයයුද්ධ, මතභේද, තවද දුෂ්ටකම් ජැරඩ්වරුන්ගේ ජීවිත බලපවත්වයි – ජැරඩ්වරුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් සම්පුර්ණයෙන්ම විනාශ වන බව අනාගතවක්තෘවරුන් අනාවැකි කියති – ජනතාව අනාගතවක්තෘන්ගේ වචන ප්‍රතික්ෂේප කරති. 12 වන පරිච්ඡේදයඅනාගතවක්තෘ ඊතර් මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව විශ්වාස කරන ලෙස අවවාද කරයි – මොරෝනායි ඇදහිල්ලෙන් කළ පුදුමයන් සහ ආශ්චර්යයන් නැවත විස්තර කරයි – ජැරඩ්ගේ සහෝදරයාට ඇදහිල්ල ක්‍රිස්තුස්වහන්සේව දැකීමට හැකියාව ලබා දෙයි – මනුෂ්‍යයන් නිහතමානී වන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දුර්වලකම් ලබා දෙන සේකි – ජැරඩ්ගේ සහෝදරයා ඇදහිල්ලෙන් සීරින් කන්ද ඉවත් කරයි – ඇදහිල්ල, බලාපොරොත්තුව, සහ ප්‍රේමය ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වෙයි – මොරෝනායි ජේසුස්වහන්සේව මුහුණට මුහුණ දකියි. 13 වන පරිච්ඡේදයජෝසප්ගේ වංශය විසින් ඇමරිකාවේ ගොඩනඟන නව ජෙරුසලමක් පිළිබඳ ඊතර් කථා කරයි – ඔහු අනාවැකි කියයි, නෙරපා හරිනු ලබයි, ජැරඩ්වරුන්ගේ ඉතිහාසය ලියයි, තවද ජැරඩ්වරුන්ගේ විනාශය පුරෝකථනය කරයි – මුළු දේශය පුරාම යුද්ධය ඇවිළෙයි. 14 වන පරිච්ඡේදයජනතාවගේ අයුතුකම දේශය මතට ශාපයක් ගෙන එයි – කොරියැන්ටමර් ගිලියද්ට එරෙහිවත්, පසුව ලිබ්ට, තවද පසුව ශිස්ට එරෙහිව යුද්ධ කරයි – ලේ සහ සංහාරයෙන් දේශය වැසී යයි. 15 වන පරිච්ඡේදයමිලියන ගණනක් ජැරඩ්වරු යුද්ධයේදී මරා දමනු ලබති – ශිස් සහ කොරියැන්ටමර් සියලු ජනතාව මරණීය සටනක් සඳහා එක්රැස් කරති – ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පරිශ්රම දැරීම නවත්වන සේක – ජැරඩ්වරු ජතාව සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන්නේය – කොරියැන්මර් පමණක් ඉතිරිව ඇත්තේය.