10 වන පරිච්ඡේදය
එක් රජෙකු තවත් රජෙකුගෙන් පසු රජ වෙයි – සමහර රජවරු ධර්මිෂ්ඨයෝ වෙති; තවත් සමහරු දුෂ්ටයෝ වෙති – ධර්මිෂ්ඨකම පවතින විට ජනතාව ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාද සහ සමෘධිමත් කරනු ලබන සේක.
1 තවද එය මෙසේ සිදු විය, එනම් හෙත්ගෙන් පැවත එන්නෙකු වූ ෂෙස් – තවද ෂෙස් හැර ඔහුගේ පවුලේ සියල්ලන්ම හෙත් සාගතයෙන් මිය ගියේය – එබැවින්, ෂෙස් නැවතත් බිඳුණු ජනතාවක් ගොඩනඟා ගැනීමට පටන් ගත්තේය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ෂෙස් තම පියවරුන්ගේ විනාශය සිහිපත් කළ අතර, ඔහු ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනඟා ගත්තේය; මක්නිසාදයත්, ජැරඩ් සහ ඔහුගේ සහෝදරයාව ගැඹුර හරහා ගෙන ඒමෙන් ස්වාමීන්වහන්සේ කළ දේ ඔහු සිහිපත් කළ අතර; තවද ඔහු ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ගමන් කළේය; තවද ඔහු පුත්‍රයන් ද දූවරුන් ද ජනිත කළේය.
3 තවද ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන ෂෙස් ඔහුට විරුද්ධව කැරලි ගැසුවේය; කෙසේ වෙතත්, ෂෙස්ට ඔහුගේ අධික පොහොසත්කම නිසා කොල්ලකරුවෙකුගේ අතින් පහර ලැබූ වේය, එය ඔහුගේ පියා වෙතට නැවතත් සාමය ගෙන ආවේය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ පියා දේශය මතුපිට බොහෝ නගරයන් ගොඩනැගීය, තවද ජනතාව දේශය මුළුල්ලේම නැවතත් විසිරියාමට පටන් ගත්තෝය, තවද ෂෙස් ඉතා මහලුවිය දක්වා ජීවත් විය; තවද ඔහුට දාව රිප්ලකිෂ් උපන්නේය. තවද ඔහු මිය ගියේය, තවද ඔහු වෙනුවට රිප්ලකිෂ් රජ විය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් රිප්ලකිෂ් ස්වාමීන්වහන්සේගේ දෑස් හමුවේ හරි දේ නොකළේය, මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවන්ද, උපභාර්යාවන්ද වුහ. තවද මනුෂ්‍යයන්ගේ උරහිස්මත දැරීමට දුක්ඛිත වු දේ තැබුවේය; එසේය, ඔහු ඔවුන්ගෙන් අධික බදු අය කළේය; තවද බදුවලින් ඔහු බොහෝ විශාල ගොඩනැගිලි ඉදි කළේය.
6 තවද ඔහු ඔහුට බෙහෙවින් අලංකාර වු සිංහාසනයක් ඉදිකර ගත්තේය; තවද ඔහු බොහෝ සිරගෙවල් ගොඩනඟා, තවද බදුවලට යටත් නොවන අයව සිරගෙට දැමීය; තවද බදු ගෙවීමට නොහැකි අයව ඔහු ඔවුන්ව සිරගෙට දැමීය; තවද ඔහු ඔවුන්ගේ ආධාර සඳහා ඔවුන් නිරන්තරයෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔහු සැලැස්වීය; තවද වෙහෙසීම ප්‍රතික්ෂේප කළ අයව මරණයට පත් කිරීමට ඔහු සැලැස්වීය.
7 එසේ හෙයින් ඔහු ඔහුගේ සියලුම විශිෂ්ට වැඩ ලබා ගත්තේය, එසේය, ඔහුගේ විශිෂ්ට රත්තරන් පවා සිරගෙදරදී පිරිපහදු කිරීමට සැලැස්වීය; තවද සියලු ආකාර විශිෂ්ට හස්ත කර්මාන්තයන් ඔහු සිරගෙදරදී කිරීමට සැලැස්වීය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු තම වේශ්‍යාකම් සහ පිළිකුල් ක්‍රියාවලින් ජනතාවට පීඩා කළේය.
8 තවද ඔහු අවුරුදු හතළිස් දෙකක් රජකම් කළ පසු, ජනතාව ඔහුට විරුද්ධව කැරලි ගැසූහ; තවද දේශයේ නැවතත් යුද්ධයක් පටන් ගත්තේය, එපමණකින් රිප්ලකිෂ් මරා දමන ලද අතර, තවද ඔහුගේ පරම්පරාව දේශයෙන් පලවා හරිනු ලැබුවේය.
9 තවද එය මෙසේ සිදු විය, වසර ගණනාවකට පසු, මොරියැන්ටන් (ඔහු රිප්ලැකිෂ්ගෙන් පැවත එන්නෙකි) නෙරපා හරින ලද හමුදාවක් එක්රැස් කර, තවද පිටතට ගොස් ජනතාවට එරෙහිව සටන් කළේය; තවද ඔහු බොහෝ නගරයන් කෙරෙහි බලය ලබා ගත්තේය; තවද යුද්ධය අතිශයින් දරුණු වූ අතර, තවද වසර ගණනාවක් පුරා පැවතුනි; තවද ඔහු මුළු දේශය කෙරෙහි බලය ලබා ගත් අතර, තවද මුළු දේශය කෙරෙහිම තමාව රජ බවට පත් කර ගත්තේය.
10 තවද ඔහු රජකමට පත් වූ පසු, ඔහු ජනතාවගේ බර සැහැල්ලු කළේය, එමගින් ඔහු ජනතාවගේ දෑස් ඉදිරිපිට ප්‍රසාදය දිනා ගත්තේය. තවද ඔවුහූ ඔහුව ඔවුන්ගේ රජු ලෙස අභිෂේක කළහ.
11 තවද ඔහු ජනතාව හට යුක්තිය ඉටු කළේය, එහෙත් ඔහුගේ බොහෝ වේශ්‍යාකම් නිසා, තමා හට නොවුණේය; එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරින ලදී.
12 තවද එය මෙසේ සිදු විය, එනම් මොරියැන්ටන් බොහෝ නගර ගොඩනැගූ අතර, තවද ඔහුගේ පාලනය යටතේ ජනතාව ගොඩනැගිලිවලින්, සහ රන් හා රිදී දෙකෙන්ම ද, තවද ධාන්‍ය රැස්කිරීමෙන් ද, තවද රැළවල් සහ ගව පට්ටිවලින් ද, තවද ඔවුන්ට නැවත ලබා දුන් දේවල් වලින් ද අතිශයින් ධනවත් විය.
13 තවද මොරියැන්ටන් ඉතා දීර්ඝ කාලයක් ජීවත් විය, තවද එවිට ඔහුට කිම් උපන්නේය; තවද කිම් ඔහුගේ පියා වෙනුවට රජකම් කළේය; තවද ඔහු වසර අටක් රජකම් කළේය, තවද ඔහුගේ පියා මිය ගියේය. තවද එය මෙසේ සිදු විය, එනම් කිම් ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය නොකළේය, එසේහෙයින් ස්වාමීන්වහන්සේට ඔහුව ප්‍රසන්න නොවිය.
14 තවද ඔහුගේ සහෝදරයා ඔහුට විරුද්ධව කැරලිගැසුවේය, එයින් ඔහු ඔහුව වහල්කමට ගෙනාවේය; තවද ඔහු තමාගේ සියලු දවස්වල වහල්කමේ සිටියේය; තවද වහල්කමේදී ඔහුට පුත්‍රයෝ ද දූවරුද උපන්නෝය, තවද ඔහුගේ මහලු වයසේදී ඔහුට ලෙවී උපන්නේය; තවද ඔහු මළේය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් ලෙවී ඔහුගේ පියාගේ මරණයෙන් පසු හතළිස් දෙකක් වසරක් වහල්භාවයේ සේවය කළේය. තවද ඔහු දේශයේ රජුට විරුද්ධව යුද්ධ කළේය, එමගින් ඔහු ඔහුටම රාජ්‍යය ලබා ගත්තේය.
16 තවද ඔහු තමාට රාජ්‍යය ලබා ගත් පසු, ස්වාමීන්වහන්සේගේ දෑස් හමුවෙහි නිවැරදිි දේ කළේය; තවද ජනතාව දේශයෙහි සමෘද්ධිමත් වූහ; ඔහු හොඳ මහලුවියක් දක්වා ජීවත් විය, තවද පුතුන් හා දියණියන් බිහි කළේය; තවද ඔහු කොරොම් ද බිහි කළේය, ඔහු ඔහු වෙනුවට රජකමට ආලේප කළේය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් කොරොම් තමාගේ සියලු දවස්වල ස්වාමීන්වහන්සේගේ දෑස් හමුවෙහි යහපත් දේ කළේය; තවද ඔහු බොහෝ පුත්‍රයන් හා දියණියන් බිහි කළේය; තවද ඔහු බොහෝ දවස් දැකීමෙන් පසු පොළොවේ ඉතිරි අය මෙන් මිය ගියේය; තවද කිෂ් ඔහු වෙනුවට රජ විය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් තවද කිෂ්ද මියගියේය, තවද ලිබ් ඔහු වෙනුවට රජවිය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් තවද ලිබ් ද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවේ යහපත් දේ කළේය. තවද ලිබ්ගේ දවස්වලදී විෂ සහිත සර්පයන් විනාශ කරන ලදී. එබැවින් දේශයේ ජනතාවට ආහාර සදහා දඩයම් කිරිමට, ඔවුන් දකුණු දෙසට දේශයට ගියේය්, මක්නිසාද දේශය වනාන්තර සතුන්ගෙන් වැසී තිබුණි. තවද ලිබ් ද මහා දඩයක්කාරයෙකු බවට පත් විය.
20 තවද ඔවුහු දේශයේ පටු භූමි ගෙල අසල, මුහුද ගොඩබිම බෙදන ස්ථානය අසල විශාල නගරයක් ගොඩනඟා ගත්හ.
21 තවද ඔවුන් දකුණු දෙසින් පිහිටි දේශය වනාන්තරයක් ලෙස ආරක්ෂා කර ගත්තේ, දඩයම් කිරීම සඳහාය. තවද උතුරු දෙසට වූ දේශයේ මුළු මුහුණත වැසියන්ගෙන් වැසී තිබුණි.
22 තවද ඔවුහු අතිශයින් කාර්යක්ෂම වූ අතර, ඔවුන් ලාභ ලබන පිණිස, තවද එකිනෙකා සමඟ මිල දී ගෙන සහ විකුණමින් තවද ගනුදෙනු කරමින් සිටියහ.
23 තවද ඔවුහූ සියලු ආකාරයේ ලෝපස් වලින් වැඩ කළ අතර, රන් ද, රිදී ද, යකඩ ද, පිත්තල සහ සියලු ආකාරයේ ලෝහ සෑදුවෝය; තවද ඔවුන් එය පොළොවෙන් හාරා ගත්තෝය; එබැවින්, ඔවුන් රන්, රිදී, යකඩ සහ තඹ ලෝපස් ලබා ගැනීම සඳහා විශාල පස් ගොඩවල් එකතු කලෝය. තවද ඔවුන් සියලු ආකාරයේ විශිෂ් ට වැඩ කළෝය.
24 තවද ඔවුන් සතුව සේද, සහ සිහින්ව ගෙතූ හණ තිබුණි; තවද ඔවුහු සියලු ආකාර රෙදි සැදුහ, එනම් ඔවුන්ගේ නිර්වස්ත්‍ර භාවය වසා ගන්නා පිණිසය.
25 තවද ඔවුහු පොළොව කෙටීමට, සීසෑමට සහ වැපිරීමට යන දෙකම, නෙළා ගැනීමට, උදලු ගෑමට ද, තවද එසේම තලා දැමීමට සියලු ආකාරයේ මෙවලම් සෑදුවෝය.
26 තවද ඔවුන් තම සතුන්ව වැඩ කරවීමට අවශ්‍ය සියලු ආකාරයේ මෙවලම් සෑදුවෝය.
27 තවද ඔවුහූ සියලු ආකාර යුද්ධායුධ සෑදුවෝය. තවද ඔවුහු ඉතාමත් පුදුමාකාර ශිල්ප නිමාවකින් සියලු ආකාරයේ වැඩ කළෝය.
28 තවද ඔවුන්ට වඩා ආශීර්වාදලත්, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් සමෘද්ධිමත් වූ ජනතාවක් කිසිදා සිටිය නොහැක. තවද, ඔවුන් සියලු දේශවලට වඩා උතුම් දේශයක සිටියහ, මක්නිසාද ස්වාමින්වහන්සේ එසේ කී සේක.
29 තවද එය මෙසේ සිදු විය, එනම් ලිබ් බොහෝ කාලයක් ජීවත් විය, තවද පුතුන් සහ දියණියන් උපන්නෝය; තවද ඔහුට හර්තොම් ද උපන්නේය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් හර්තොම් ඔහුගේ පියා වෙනුවට රජකම් කළේය. තවද හර්තොම් විසිහතර වසරක් රජකම් කළ විට, බලව, රාජ්‍යය ඔහුගෙන් ඉවත් කරන ලදී. තවද ඔහු වසර ගණනාවක්, එසේය, ඔහුගේ ජීවිතයේ ඉතිරි දින පුරාම පවා, වහල්භාවයේ සේවය කළේය.
31 තවද ඔහුට දාව හෙත් උපන්නේය, තවද හෙත් ඔහුගේ ජිවිත මුළු කාලයම වහල් භාවයේ ජිවත් විය. තවද හෙත්ට දාව ආරොන් උපන්නේය, ආරොන් ඔහුගේ සියලු දවස්වල වහල්භාවයේ ජීවත් වූයේය; තවද ඔහුට ඇම්නිගාඩා උපන්නේය, තවද ඇම්නිගාඩා එසේම ඔහුගේ සියලු දවස්වල වහල්භාවයේ ජීවත් වූයේය; තවද ඔහු කොරියැන්ටම් ජනිත කළේය. තවද කොරියැන්ටම් ඔහුගේ සියලු දවස්වල වහල්භාවයේ ජීවත් වූයේය; තවද ඔහුට කොම් උපන්නේය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් කොම් රාජ්‍යයෙන් අඩක් පැහැර ගත්තේය. තවද ඔහු රාජ්‍යයෙන් අඩක් වසර හතළිස් දෙකක් පාලනය කළේය; තවද ඔහු ඇම්ගිඩ්, රජුට එරෙහිව සටන් කිරීමට ගියේය, තවද ඔවුන් වසර ගණනාවක් සටන් කළ අතර, එම කාලය තුළ කොම් රාජ්‍යය බලය ඇම්ගිඩ්ගෙන් ලබා ගත් අතර, තවද රාජධානියේ ඉතිරි කොටසේ බලය ලබා ගත්තේය.
33 තවද කොම්ගේ කාලයේදී දේශයේ කොල්ලකරුවන් ඇති වීමට පටන් ගත්තේය; තවද ඔවුන් පැරණි සැලසුම් අනුගමනය කළෝය, තවද පැරැන්ණන්ගේ ක්‍රමයට අනුව දිවුරුම් දී, තවද නැවතත් රාජ්‍යය විනාශ කිරීමට උත්සාහ කළෝය.
34 දැන් කොම් ඔවුන්ට එරෙහිව බොහෝ සටන් කළේය; එසේනමුත්, ඔහු ඔවුන්ට එරෙහිව ජය නොගත්තේය.