ශුද්ධලියවිලි
ඊතර් 15


15 වන පරිච්ඡේදය

මිලියන ගණනක් ජැරඩ්වරු යුද්ධයේදී මරා දමනු ලබති – ශිස් සහ කොරියැන්ටමර් සියලු ජනතාව මරණීය සටනක් සඳහා එක්රැස් කරති – ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පරිශ්‍රම දැරීම නවත්වන සේක – ජැරඩ්වරු ජතාව සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන්නේය – කොරියැන්මර් පමණක් ඉතිරිව ඇත්තේය.

1 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියන්ටම්ර් ඔහුගේ තුවාල සුව වූ පසු, ඊතර් ඔහු හට කථාකල එම වචන සිහිපත් කිරීමට පටන් ගත්තේය.

2 එහි දැනටමත් දැනටමත් ඔහුගේ ජනතාවගෙන් මිලියන දෙකකට ආසන්නවු සංඛ්‍යාවක් කඩුවෙන් මරා දමා ඇති බව ඔහු දුටුවේය, තවද ඔහු ඔහුගේ හදවති ශෝක වීමට පටන් ගත්තේය; එසේය, මිලියන දෙක බලවත්වු මනුෂ්‍යයන්ද, එසේම ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ද මරා දමා තිබිනි.

3 ඔහු විසින් කරනලද්දාවු නපුර ගැන පසුතැවිලි වීමට පටන් ගත්තේය; සියලු අනාගතවක්තෘවරුන්ගේ මුවින් පැවසූ වචන ඔහු සිහිපත් කිරීමට පටන් ගත්තේය, තවද ඒ සියලු දේවල් මෙපමණ කාලයක් දක්වා සම්පූර්ණ වී ඇති බව ඔහු දුටුවේය; තවද ඔහුගේ ප්‍රාණය වැලපෙමින් තවද සැනසිල්ල ලැබීමට ප්‍රතික්ෂේප කළේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ෂීස් වෙත හසුනක් ලිවීය, ඔහු ජනතාව ඉතිරි කරන ලෙසට කැමතිව, තවද ජනතාවගේ ජීවිත වෙනුවෙන් ඔහු රාජ්‍යය අත්හරින බවද විය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, තවද ෂිස් ඔහුගේ ලිපිය ලැබුණු පසු, ඔහු කොරියැන්ටමර් වෙත හසුනක් ලිවීය, එනම් ඔහු ඔහුවම අත්හැරියහොත්, ඔහුගේම කඩුවෙන් ඔහුව මරා දමන්නේය, එනම් ජනතාවගේ ජීවිත ඉතිරි කරන්නේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව ඔවුන්ගේ අයුතුකම් ගැන පසුතැවිලි නොවූහ; තවද කොරියැන්ටමර්ගේ ජනතාව ෂිස්ගේ ජනතාවට එරෙහිව කෝපයෙන් කැළඹිය; තවද ෂිස්ගෙ ජනතාව කොරියැන්ටමර්ගේ ජනතාවට එරෙහිව කෝපයට කැළඹිය; එඛැවින්, ෂිස්ගෙ ජනතාව කොරියැන්ටමර්ගේ ජනතාවට එරෙහිව සටන් කළහ.

7 තවද කොරියැන්ටමර් ඔහු පරාජයවීමට ආසන්න බව දුටු විට ඔහු නැවතත් ෂිස්ගේ ජනතාව ඉදිරියෙන් පලා ගියේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු රිප්ලියැන්කුම් ජලයන් වෙතට පැමිණියේය, එහි අර්ථ කථනය අනුව විශාල හෝ සියල්ල ඉක්මවා යෑම ය; එසේහෙයින්, ඔවුන් මෙම ජලයන් වෙතට පැමිණි විට ඔවුන් ඔවුන්ගේ කූඩාරම් ගසා ගත්හ; ෂිස් ද ඔවුන් අසල ඔහුගේ කූඩාරම් ගසා ගත්තේය; තවද එසේහෙයින් පසුදා ඔවුන් සටනට පැමිණියහ.

9 තවදඑය මෙසේ සිදුවිය, එනම් ඔවුහු බොහෝසේ දරුණු යුද්ධයක් කළ අතර, එහිදී කොරියැන්ටමර් නැවතත් තුවාල විය, තවද ඔහු රුධිරය නැතිවීමෙන් සිහිමුර්ජා වූයේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්ටමර්ගේ හමුදාවන් ෂිස්ගේ හමුදාවන් හට දැඩිව පහර දී, එනම් ඔවුන් ඉදිරියෙන් ඔවුන්ට පලා යාමට ඔවුහු සැලැස්වූහ; තවද ඔව්හු දකුණු දෙසට පලා ගියහ, තවද ඕගත් යයි නම් කරන ලද ස්ථානයක ඔවුන්ගේ කූඩාරම් ගසාගත්තෝය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්ටමර්ගේ හමුදාව රාමා කන්ද අසල ඔවුන්ගේ කූඩාරම් ගසා ගත්හ; තවද මාගේ පියා වූ මෝර්මන් ස්වාමීන්වහන්සේ වෙතට, ශුද්ධවූ වාර්තාවන් සැඟවූ එම කන්දම වූයේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ඊතර් හැර, ඔවුන් මරනු නොලැබුවාවූ සියලු ජනතාව, දේශ තලය මතුපිට එක්රැස් කළහ.

13 තවද එය මෙසේසිදුවිය, එනම් ඊතර් ජනතාවගේ සියලු ක්‍රියාවන් දුටුවේය; තවද කොරියැන්ටමර් වෙනුවෙන් සිටි ජනතාව කොරියැන්ටමර්ගේ හමුදාවට එක්රැස් වීම ඔහු දුටුවේය; තවද ෂිස් වෙනුවෙන් සිටි ජනතාව ෂිස්ගේ හමුදාවට එක්රැස් කර ගැනින.

14 එසේහෙයින්, ඔවුන් වසර හතරක කාලයකදී ජනතාව එක්රැස් කර ගැනුනේ, එනම් දේශ තලය මතුපිට සිටි සියල්ලන් ලබාගන්නා පිණිසද, එය කරණකොටගෙන ඔවුන්ට ලැබිය හැකි සියලු ශක්තිය ලබා ගැනීමට හැකිවන පිණිසය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියල්ලන්ම එක්රැස් වූ පසු, සෑම කෙනෙකුම ඔහු කැමති හමුදාවට ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සමග එක් වූහ – පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් යන දෙපිරිසම යුද්ධායුධවලින් සන්නද්ධව, පළිහ, තවද ළයවැස්ම, සහ හිස් වැස්ම පැළඳ, තවද යුද්ධයේ ආකාරයට අනුව වස්ත්‍ර ඇඳ – ඔවුහු එකිනෙකාට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරියට ගමන් කළෝය; තවද ඒ දවස පුරාම ඔවුන් සටන් කළහ, තවද ජයග්‍රහණය කළ නොහැකි විය.

16 තවද එයමෙසේ සිදුවිය, එනම් රාත්‍රිය පැමිණි විට ඔවුන් වෙහෙසට පත්ව, තවද තම කඳවුරුවලට විවේකයට ගියෝය; තවද ඔවුහු ඔවුන්ගේ කඳවුරුවලට විවේකයට ගිය පසු ඔවුහු ඔවුන්ගේ ජනතාවගෙන් මරනු ලැබුවාවූ අය උදෙසා මොරගැසීමටද, වැලපීමටද පටන් ගත්හ; තවද ඔවුන්ගේ හැඬීමද, ඔවුන්ගේ මොරගැසීමද, විලාපයන්ද කෙතරම් බලවත්ද යත්, එනම් එය බෙහෙවින් අහස දෙපළු කළේය.

17 තවද එයමෙසේ සිදුවිය, එනම් පසුදා ඔව්හු නැවතත් යුද්ධයට ගියහ, තවද එම දවස මහත් හා භයංකාර විය; එසේනමුත්, ඔවුන් ජය නොගත්තේය, තවද නැවතත් රාත්‍රිය පැමිණි විට, ඔවුහු ඔවුන්ගේ ජනතාව අතර මරනු ලැබූවන්ගේ අහිමි වීම උදෙසා ඔවුන්ගේ හැඬීම්, සහ මොරගැසීම්ද, ඔවුන්ගේ විලාපයන් අහස දෙපළු කළහ.

18 තවද එය මෙසේ සිදු විය, එනම්, කොරියැන්ටමර් ඔහු නැවත සටනට නොඑන ලෙසට කැමතිබව ද, එහෙත් ඔහු රාජධානිය රැගෙන, තවද ජනතාවගේ ජීවිත බේරා ගන්නා ලෙසටද කියා කියා සිටමින් නැවතත් ෂීස් වෙත හසුනක් ලිවීය.

19 එහෙත් බලව, ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පරිශ්‍රම දැරීම නවත්වා තිබිණි, තවද සාතන්ට ජනතාවගේ හදවත් කෙරෙහි සම්පූර්ණ බලය තිබිණි; මක්නිසාද ඔවුන් විනාශ වන පිණිස ඔවුන්ගේ හදවත්වල දැඩිකමටත්, තවද ඔවුන්ගේ මනසේ අන්ධභාවයටත් ඔවුන්ව අත්හැරියේය; එබැවින් ඔවුහු නැවත යුද්ධයට ගියහ.

20 තවද එයමෙසේ සිදුවිය, එනම් ඔවුන් ඒ දවස මුලුල්ලේම සටන් කළහ, තවද රාත්‍රිය පැමිණි විට ඔවුහු ඔවුන්ගේ කඩු මත නිදා ගත්හ.

21 තවද අනෙක් දවසේදී එනම් රාත්‍රිය පැමිණෙන තුරුම ඔවුහු සටන් කළහ.

22 තවද රාත්‍රිය පැමිණි විට මනුෂ්‍යයෙකු මුද්‍රිකපානයෙන් මත් වූ ලෙස, ඔවුහු කෝපයෙන් මත් වී සිටියහ; තවද ඔවුහු නැවතත් තමුන්ගේ කඩු මත නිදා ගත්හ.

23 තවද පසුවදා ඔවුහු නැවතත් සටන් කළහ; තවද රාත්‍රිය පැමිණි විට කොරියැන්ටමර් ජනතාවගෙන් පනස් දෙදෙනෙකු සහ ෂිස්ගේ ජනතාවගෙන් හැට නව දෙනෙකු හැර, අනෙක් සියල්ලෝම කඩුවෙන් වැටී සිටියහ.

24 තවද එයමෙසේ සිදුවිය, එනම්, ඔවුහු එම රාත්‍රියේදී ඔවුන්ගේ කඩු මත නිදාගත් අතර, තවද පසුදා ඔවුහු නැවතත් සටන් කළහ, තවද ඒ දවස මුලුල්ලේ ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන්ගේ කඩු සහ ඔවුන්ගේ පළිහ, සමඟ සටන් කළහ.

25 තවද රාත්‍රිය පැමිණි විට, එහි ෂිස්ගේ ජනතාවගෙන් තිස් දෙදෙනෙක්ද, තවද කොරියැන්ටමර්ගේ ජනතාවගෙන් විසි හත් දෙනෙක් සිටියහ.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු ආහාර ගෙන නිදාගත් අතර, පසුදා මරණයට සූදානම් විය. තවද ඔවුහු මනුෂ්‍යයන්ගේ ශක්තියෙන් විශාල හා බලවත් මනුෂ්‍යයන් වූහ.

27 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් පැය තුනක් පුරා සටන් කළ අතර, තවද රුධිරය නැතිවීම නිසා සිහිමුර්ජා වූහ.

28 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්ටමර්ගේ මනුෂ්‍යයන්ට ඇවිදීමට ප්‍රමාණවත් ශක්තියක් ලැබුණු විට, ඔවුහු ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට පලා යාමට සූදානම් විය; එහෙත් බලව, ෂිස්ද, එසේම ඔහුගේ මනුෂ්‍යයන් නැඟිට, තවද ඔහු කොරියන්ටම්ර් මරා දමන බවටද, නැතහොත් ඔහු කඩුව මගින් නැසීයන බවට කෝපයෙන් දිවුරුවේය.

29 එසේහෙයින්, ඔහු ඔවුන්ව ලුහුබැඳ ගියේය, තවද පසුවදා ඔහු ඔවුන්ව පසුකර ගියේය; තවද ඔවුහු නැවතත් කඩු සමගින් සටන් කළහ. තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියන්ටම්ර් සහ ෂිස් හැරුනුවිට අන් සියල්ලන්ම කඩු මගින් වැටී තිබින, බලව ෂිස් ලේ අහිමි වීමෙන් සිහිමුර්ජා විය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්ටමර් ඔහුගේ කඩුවට හේත්තු වී මඳක් විවේක ගත් පසු, ඔහු ෂිස්ගේ හිස ගසා දැම්මේය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ෂිස්ගේ හිස ගසා දැමූ පසු, එනම් ෂිස් ඔහුගේ අත්වලින් ඉහළට ඔසවා වැටුණේය; තවද ඉන්පසු ඔහු හුස්ම ගැනීමට දඟලමින්, ඔහු මරණයට පත් විය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්ටමර් පොළොවට වැටුනි, තවද ඔහුට ප්‍රාණයක් නොමැති වූවාක් මෙන් විය.

33 තවද ස්වාමීන්වහන්සේ ඊතර් හට කතා කළ සේක, තවද ඔහුට කී සේක; ඉදිරියට යන්න, තවද ඔහු ඉදිරියට ගියේය, තවද ස්වාමීන්වහන්සේගේ වචන සියල්ල සම්පූර්ණ වී ඇති බව දුටුවේය; තවද ඔහු ඔහුගේ වාර්තාව අවසන් කළේය; (තවද සහ සියවන කොටස මම නොලීවෙමි) තවද ඔහු ඒවා ලිම්හි ජනතාවට සොයාගත හැකි ආකාරයෙන් ඒවා සඟවා තබන ලද්දේය.

34 දැන් ඊතර් විසින් ලියන ලද එම අවසාන වචන මේවා විය: ස්වාමීන්වහන්සේ මා පරිවර්තනය කරනු ලැබීමට කැමතිද, නැතහොත් මාංශයෙන් ස්වාමීන්වහන්සේගේ කැමැත්ත විඳීන්නේදැයි එය ප්‍රශ්ණයක් නොවන්නේය, එසේ එසේ වන්නේ නම් මම දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ ගැළවී ඇත්තෙමි. ආමෙන්.