ශුද්ධලියවිලි
ඊතර් 4


4 වන පරිච්ඡේදය

ජැරඩ්ගේ සහෝදරයාගේ ලියවිලි මුද්‍රා කර තබන්නට මොරෝනායි හට අණ කරනු ලබයි – ජැරෙඩ්ගේ සහෝදරයා මෙන් මනුෂ්‍යයාගේ ඇදහිල්ල ඇති වන තුරු ඒවා එළිදරව් කරනු නොලබන්නේය – ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ගෝලයන්ගේ වචන විශ්වාස කරන ලෙස මනුෂ්‍යයන්ට ආඥා කරන සේක – මනුෂ්‍යයන්ට පසුතැවිලි වී, ශුභාරංචිය විශ්වාස කර, තවද ගැලවීම ලබන්නට ආඥා කෙරේ.

1 තවද ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාට කන්දෙන් පහළට ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් ගොස්, තවද ඔහු දුටු දෑ ලියා තැබීමට ආඥා කළ සේක; තවද උන්වහන්සේ කුරුසිය මත ඔසවනු ලබනු තුරු ඒවා මනුෂ්‍ය දරුවන් වෙතට පැමිණීම ඔවුන්ට තහනම් කරනු ලැබුවේය; තවද මොසායා රජු ඒවා තැබුවේ මේ කාරණය හේතුකොටගෙනය, එනම් ඒවා ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව ජනතාව හට පෙන්වන තුරු ලෝකය වෙතට නොපැමිණෙන ලෙසය.

2 තවද ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට උන්වහන්සේව සැබවින්ම පෙනී සිටි පසු, ඔවුන් එය ප්‍රකාශිත කළ යුතු බවට උන්වහන්සේ ආඥා කළ සේක.

3 තවද දැන්, එයින් පසුව, ඒ සියල්ලෝම විශ්වාසයෙන් හීනවිය; තවද ලේමන්වරුන් හැර අන් කිසිවෙක් නොවූහ, තවද ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කළහ; එසේහෙයින් මා හට නැවතත් පොළොවෙහි ඒවා සඟවා තැබිය යුතු යැයි මට ආඥා කරනු ලැබීය.

4 බලව, ජැරෙඩ්ගේ සහෝදරයා දුටු දේවල්ම මම මේ තහඩු මත ලියා ඇත්තෙමි; තවද එහි ජැරෙඩ්ගේ සහෝදරයා වෙතට ප්‍රකාශ කරනු ලැබූ එම දේවලට වඩා ශ්‍රේෂ්ඨ දේවල් කිසිදා ප්‍රකාශ කරනු නොලැබුවේය.

5 එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඒවා ලිවීමට මට ආඥා කළ සේක; තවද මම ඒවා ලියා ඇත්තෙමි. තවද මා ඒවා මුද්‍රා කර තබන ලෙසට උන්වහන්සේ මට ආඥා කළ සේක; තවද උන්වහන්සේ එනම් මා හට ඒවායෙහි අර්ථ කථනයන්ද මුද්‍රා කර තබන ලෙසට ආඥා කළ සේක; එබැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවන්ට අනුව, මම අර්ථකථකයන් මුද්‍රා කර තැබුවෙමි.

6 මක්නිසාද ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කීසේක: ඔවුන් ඔවුන්ගේ අයුතුකම්වලට පසුතැවිලි වී, තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වන දවස දක්වා ඒවා අන්‍යජාතීන් වෙතට නොයා යුතු වේ.

7 තවද ඒ දවසේදී, ඔවුන් මා කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරනු ලබන්නේය, එනම් ජැරඩ්ගේ සහෝදරයා කළාක් මෙන්, ඔවුන් මා තුළින් පාරිශුද්ධ වන පිණිස යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක, එවිට ඔවුන් හට ජැරෙඩ්ගේ සහෝදරයා දුටු දෑ මා ඔවුන් හට ප්‍රකාශනය කරන්නෙමි. ඔවුන් වෙතට මාගේ සියලු එළිදරව් ඔවුන් හට විදහා දක්වන්නට පවාය, යැයි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ස්වර්ගයන්හිද සහ පොළොවෙහිද එහිවූ සියලු දේවල්හිද පියාණන්වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වදාළ සේක.

8 තවද ස්වාමීන්වහන්සේගේ වචනයට විරුද්ධව සටන් කරන්නා, ශාප ලද්දෙක් වේවා; තවද මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නා, ඔහුට ශාප වේවා; මක්නිසාද මම ඔවුන්ට වඩා ශ්‍රේෂ්ඨ දේවල් නොපෙන්වන්නෙමියි, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වදාළ සේක; මක්නිසාද වදාළන මම උන්වහන්සේම වෙමි.

9 තවද ස්වර්ගය විවර වන්නේත් එය වැසී යන්නේත් මාගේ ආඥාවටය; තවද මාගේ වචනයට අනුව පොළොව සෙළවෙන්නේය; තවද මාගේ ආඥාවට අනුව එහි වූ වැසියන්, ගින්නෙන් මෙන් පහව යන්නේය.

10 තවද මාගේ වචන විශ්වාස නොකරන්නා මාගේ ගෝලයන්ද විශ්වාස නොකරන්නේය; තවද එනම් මා කථා නොකරන්නේ නම්, නුඹලා විනිශ්චය කරනු; මක්නිසාද අවසාන දවසේදී, කථා කරන්නේ මා බව නුඹලා දැනගන්නහුය.

11 එහෙත් මා විසින් වදාළ මේවා විශ්වාස කරන්නා, මාගේ ආත්මයේ ප්‍රකාශවීම් සමඟ මම ඔහුව බැහැදකින්නෙමි, තවද ඔහු දැනගනු ලබන අතර සාක්ෂි දරන්නේය. මක්නිසාද මාගේ ආත්මයාණන් කරණකොටගෙන මේ දේවල් සැබෑ බව ඔහු දැනගන්නේය; මක්නිසාද එය මනුෂ්‍යයන්ට යහපත කිරීමට පොළඹවන්නේය.

12 තවද යහපත කිරීමට මනුෂ්‍යයන් පොළඹවන කවරාකාර දෙයක් වූවත් එය මාගෙන් වන්නේය; මක්නිසාද මා කෙරෙන් මිස අන් කිසිවකුගෙන් යහපත නොපැමිණෙන්නේය. මනුෂ්‍යයාව සියලු යහපත කරා මගපෙන්වන්නේ මමමය; මාගේ වචන විශ්වාස නොකරන්නා – එනම් මා මම බවට, මා විශ්වාස නොකරන්නේය; තවද මා විශ්වාස නොකරන්නා මා එවන ලද්දාවු පියාණන්වහන්සේව විශ්වාස නොකරන්නේය. මක්නිසාද බලව, මම පියාණන්වහන්සේ වෙමි, ලෝකයේ ආලෝකයද, ජීවනයද, සත්‍යයද මම වෙමි.

13 අහෝ අන්‍යජාතීන් වූ නුඹලා, මා වෙතට පැමිණෙන්න, තවද අවිශ්වාසය නිසා සැඟවී ඇති දැනුම වන, ශ්‍රේෂ්ඨ දේ මම නුඹලා හට පෙන්වන්නෙමි.

14 අහෝ ඊශ්‍රායල් වංශය, මා වෙතට පැමිණෙන්න, තවද ලෝකය පටන් ගැන්මේ සිට පියාණන්වහන්සේ නුඹලා වෙනුවෙන් කොපමණ ශ්‍රේෂ්ඨ දේවල් තබා ඇත්දැයි නුඹලාට ප්‍රකාශ වන සේක; තවද එය නුඹලා වෙතට නොපැමිණ ඇත්තේ, අවිශ්වාසය නිසාවෙන්ය.

15 බලව, නුඹලා නුඹලාගේ දුෂ්ටකමේ, තවද හදවතේ දැඩිකමේ, තවද මනසේ අන්ධභාවයේ, භයානක තත්වයේ රැඳී සිටීමට හේතු වන අවිශ්වාසයේ වැස්ම නුඹලා දෙකඩ කරන විට, එවිට ලෝකයේ පටන්ගැන්මේ සිට නුඹලාගෙන් සැඟවී තිබූ ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර දේවල් – එසේය, නුඹලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේට, බිඳුණු හදවතකින් සහ පසුතැවිලි වූ ආත්මයකින් මොර ගසන විට, අහෝ ඊශ්‍රායල් වංශය, එවිට පියාණන්වහන්සේ නුඹලාගේ පියවරුන් සමග උන්වහන්සේ කළ ගිවිසුම සිහි කළ බව නුඹලා දැනගන්නහුය.

16 තවද එවිට මම මාගේ සේවකයාවූ යොහන් විසින් ලිවීමට සැලැස්වූ මාගේ එළිදරව් කිරීම් සියලු ජනතාවගේ ඇස් ඉදිරියේ දිග හරිනු ලබන්නේය. මතක තබාගන්න, නුඹලා මේ දේවල් දකින විට, කාලය අත ළඟ බව නුඹලා දැනගන්නහුය එනම් ඒවා නියමාකාරයෙන්ම ප්‍රකාශ කරනු ලබන්නේය.

17 එසේහෙයින්, නුඹලාට මෙම වාර්තාව ලැබෙන විට පියාණන්වහන්සේගේ ක්‍රියාව මුළු පොළොව පුරාම පටන්ගෙන ඇති බව නුඹලා දැනගන්නහුය.

18 එසේහෙයින්, පොළොවේ සියලු කෙළවර දක්වා සිටින නුඹලා පසුතැවිලි වී, තවද මා වෙතට එන්න, තවද මාගේ ශුභාරංචිය විශ්වාස කර, තවද මාගේ නාමයෙන් බෞතීස්ම වන්න; මක්නිසාද විශ්වාස කර තවද බෞතීස්ම වන්නා ගළවනු ලබන්නේය; එහෙත් විශ්වාස නොකරන්නා විනාශයට පත් කරනු ලබන්නේය; තවද මාගේ නාමය විශ්වාස කරනා ඔවුන් පසුපස සංකේත පැමිණෙන්නේය.

19 තවද අවසාන දවසේදී මාගේ නාමයට ඇදහිලිවන්තව සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය, මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට ඔහු උදෙසා සූදානම් කර ඇති රාජ්‍යයේ වාසය කරන්නට ඔහු ඔසවනු ලැබනු ඇත. තවද බලව එය මා විසින් වදාළ ලද්දකි. ආමෙන්.