8 වන පරිච්ඡේදය
රාජධානිය සම්බන්ධයෙන් ආරවුල් සහ මතභේද පවතී – රජු මරා දැමීම සඳහා අකිෂ් දිවුරුම් දුන් රහස්‍ය කල්ලියක් සාදයි – රහස්‍ය කල්ලි යක්ෂයාගේ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන්ගේ විනාශය සිදු වේ – සියලු දේශයන්, ජාතීන් සහ රටවල නිදහස පෙරලා දැමීමට උත්සාහ කරන, රහස්‍ය කල්ලි වලට එරෙහිව නූතන අන්‍යජාතීන්ට අනතුරු අඟවනු ලබයි.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට ඔමර් උපන්නේය, තවද ඔමර් ඔහු වෙනුවට රජ විය. තවද ඔමර්ට ජැරඩ් උපන්නේය; ජැරඩ්ට පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
2 තවද ජැරඩ් තම පියාට විරුද්ධව කැරලි ගසා, තවද හෙත් දේශයට පැමිණ එහි වාසය කළේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු රාජ්‍යයෙන් අඩක් ලබා ගන්නා තුරු, ඔහුගේ කපටි වචන නිසාවෙන්, බොහෝ දෙනෙකුට චාටු බස් කීවේය.
3 තවද ඔහු රාජ්‍යයෙන් අඩක් ලබා ගත් පසු, තවද ඔහු තම පියා හට සටනක් ලබා දුන්නේය, තවද ඔහු තම පියාව වහල්භාවයට ගෙන ගොස්, තවද ඔහුව වහල්භාවයේ සේවය කිරීමට සැලැස්වීය;
4 තවද දැන්, ඔමර්ගේ රාජ්‍යය පාලන සමයේ තුළ, ඔහු තම ජීවිතයේ අඩක් වහල්භාවයේ සිටියේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට පුත්‍රයන් සහ දියණියන් උපන්නේය, ඔවුන් අතර එස්රම් සහ කොරියැන්ටමර් ද වූහ;
5 තවද ඔවුන්ගේ සහෝදරයා වන ජැරඩ්ගේ ක්‍රියාවන් නිසා ඔවුන් අතිශයින් කෝපයට පත් වූ අතර, එපමණකින් එනම් ඔවුන් හමුදාවක් එක්රැස් කර ජැරඩ්ට එරෙහිව සටන් කළහ. තවද එය මෙසේ සිදු විය, එනම් රාත්‍රියේදී ඔවුන් ඔහුට එරෙහිව සටන් කළහ.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ජැරඩ්ගේ හමුදාව මරා දැමූ පසු, ඔවුන් ඔහුවත් මරා දැමීමට සූදානම් වූවේය; තවද ඔවුන් ඔහුව මරා නොදමන ලෙසටත්, තවද ඔහු තම පියා වෙතට රාජ්‍යය භාර දෙන බවටත් ඔහු ඔවුන්ට ආයාචනා කළහ. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔහුට ඔහුගේ ජීවිතය ලබා දුන්නේය.
7 තවද දැන් රාජ්‍යය අහිමි වීම නිසාවෙන් ජැරඩ් අතිශයින් ශෝක විය, මක්නිසාද ඔහු තම හදවත රාජ්‍යයේ සහ ලෝකයේ මහිමය කෙරෙහි යොමු කර තිබුණේය.
8 දැන් ජැරඩ්ගේ දියණිය අතිශයින්ම දක්ෂ වූ අතර, ඇගේ පියාගේ දුක් වේදනා දැක, ඇයගේ පියා වෙතට රාජ්‍යය මුදවා ගත හැකි සැලැස්මක් සකස් කිරීමට ඇය සිතුවාය.
9 දැන් ජැරඩ්ගේ දියණිය අතිශයින් රූමත් වූවාය. තවද එය මෙසේ සිදු විය, එනම් ඇය තම පියා සමඟ කතා කර, තවද ඔහුට මෙසේ කීවාය: කුමන කාරණාවක් නිසා මාගේ පියාට මෙතරම් දුකක් ඇති වුයේද? අපගේ පියවරුන් මහා ගැඹුර හරහා ගෙනා වාර්තාව ඔහු කියවා නැත්තෙහුද? බලව, ඔවුන්ගේ රහස් සැලසුම් මගින් ඔවුන් රාජ්‍යයන් සහ මහත් තේජස ලබා ගත් බවට පුරාණයේ සිට වූ ඔවුන්ගේ වාර්තාවක් නොමැති වන්නේද?
10 තවද දැන්, එසේහෙයින් මාගේ පියා කිම්නෝර්ගේ පුත් අකිෂ් කැඳවා ඒමට ඉඩ දෙන්න; තවද බලව, මම රෑමත්ය, මම ඔහු ඉදිරියේ නටන්නෙමි, තවද ඔහු මා භාර්යාව කර ගැනීමට ආශා වන පිණිස මම ඔහුව සතුටු කරන්නෙමි; එබැවින් එනම් ඔහු නුඹෙන් මා භාර්යාව කර ගැනීමට ඔහු ආශා වන්නේ නම්, එවිට නුඹ මෙසේ කියනු ඇත්තේය: නුඹ මගේ පියා වන, රජුගේ හිස මා වෙතට ගෙන එන්නේ නම් මම ඇයව දෙන්නෙමි.
11 තවද දැන් ඔමර් ආකිෂ්ගේ මිත්‍රයෙකු විය; එබැවින්, ජැරඩ් අකිෂ්ව කැඳවූ විට, ඇය ඔහුව සතුටු කරන පිණිස ජැරඩ්ගේ දියණිය ඔහු ඉදිරියේ නැටුවේය, එපමණකින් එනම් ඔහු ඇයව භාර්යාව කර ගැනීමට ආශා විය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජැරඩ්ට මෙසේ කීවේය: ඇයව මා කෙරෙහි භාර්යාව කර දෙන්න.
12 තවද ජැරඩ් ඔහුට මෙසේ කීවේය: නුඹ මාගේ පියා වන, රජුගේ, හිස මා වෙත ගෙන එන්නේ නම්, මම ඇයව නුඹ කෙරෙහි ලබා දෙන්නෙමි.
13 තවද එය මෙසේ සිදු විය, එනම් අකිෂ් තමාගේ සියලු ඥාතින් ජැරඩ්ගේ නිවසට එක්රැස් කර, තවද ඔවුන් හට මෙසේ කීවේය: එනම් මා නුඹලාගෙන් බලාපොරොත්තු වන්නාවු එම දෙයෙහිදී නුඹලා මා හට විශ්වාසවන්තව සිටින බවට නුඹලා මා හට දිව්රන්නෙහුද?
14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලෝම, ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ මඟින්ද, තවද එසේම ස්වර්ගයන් මඟින්ද, තවද එසේම පොළොව සහ ඔවුන්ගේ හිස් මඟින්ද, එනම් අකිෂ් බලාපොරොත්තු වූ උපකාරය කෙරෙන් වෙනස් වන කවරෙකුවුවද ඔහුගේ හිස නැතිවිය යුතු බවට, ඔහු හට දිවුරුම් දුන්නෝය; තවද අකීෂ් ඔවුන් හට දන්වනු ලැබුවාවූ කවරාකර දෙයක් යමෙකු හෙළි කරන්නේද, එම තැනැත්තාම ඔහුගේ ජිවිතය නැති කර ගත යුතු විය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් මෙසේ අකිෂ් සමඟ ඔවුන් එකඟ විය. තවද ඒවා පටන් ගැන්මේ සිටම මිනීමරුවෙකු වූ කායින් වෙතින් පවා භාරදෙනු ලැබුවාවු, එසේම බලය සොයන පුරාණයේ සිට ඔවුන් විසින් දෙන ලද දිවුරුම් අකිෂ් ඔවුන් හට බෙදා දෙන ලැබිය.
16 තවද ඔවුන්ව අන්ධකාරයේ තබා ගැනීමට ද, බලය ලබා ගැනීම සඳහා බලය සොයන අයට උපකාර කිරීමට ද, මිනීමැරීමටද, කොල්ලකෑමටද, බොරු කීමට සහ සියලු ආකාරයේ දුෂ්ටකම් සහ වේශ්‍යාකම් කිරීමට ද, යක්ෂයාගේ බලය මඟින් ජනතාවට මෙම දිව්රුම් බෙදා දීමට ඔවුන්ව මෙහෙයවනු ලැබුවේය.
17 තවද මෙම පැරණි දේවල් සෙවීම පිණිස ඔහුගේ හදවත තුළට එය දැමුවේ ජැරඩ්ගේ දියණිය විසින්ය; තවද ජැරඩ් එය අකිෂ්ගේ හදවත තුළට දැමිය; එබැවින්, අකිෂ් ඔහුගේ ඥාතීන් සහ ඔහුගේ මිත්‍රයන් වෙතට එය බෙදා දුන් අතර, ඔහු ආශා වූ කවරාකර දෙයක්වුවද කරගැනීමට සාධාරණ පොරොන්දු මගින් ඔවුන්ව ඉවතට මගපෙන්විය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පැරණි අය මෙන්, රහසිගත කල්ලි ගොඩනඟා ගත්තෝය; එම කල්ලි දෙවියන්වහන්සේ හමුවේ, සියල්ලටම වඩා ඉතාමත් පිළිකුල් සහගත සහ දුෂ්ට විය;
19 මක්නිසාද ස්වාමීන්වහන්සේ රහස්‍ය කල්ලි තුළ ක්‍රියා නොකරන සේක, නැතහොත් එනම් මනුෂ්‍යයා ලේ වැගිරීමට උන්වහන්සේ අකමැතිය, එහෙත් මනුෂ්‍යයාගේ පටන් ගැන්මේ සිටම, සියලු දේවල්හි දී එය තහනම් කර ඇත්තේය.
20 තවද දැන්, මොරෝනායි වන මම, ඔවුන්ගේ දිවුරුම් සහ කල්ලි වල ආකාරය නොලියන්නෙමි, මක්නිසාද ඒවා සියලුම ජනතාව අතර තිබූ බවත්, තවද ඒවා ලේමන්වරුන් අතර තිබූ බවත් මා හට දන්වන ලද්දේය.
21 තවද ඒවා මා දැන් කථා කරන්නාවු මෙම ජනතාවගේ විනාශයටද, තවද එසේම නීෆයිගේ ජනතාවගේ විනාශයටද හේතු වී ඇත්තේය.
22 තවද බලය සහ ලාභය ලබා ගැනීම පිණිස, ඒවා ජාතිය පුරා පැතිරෙන තුරු, එවැනි රහසිගත සම්බන්ධතාවයන් පවත්වා ගන්නා කවරාකරහෝ ජාතියක්, බලව, ඔවුන් විනාශ වනු ඇත්තේය; මක්නිසාද ඔවුන් විසින් වගුරවනු ලැබුවාවූ උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ගේ රුධිරය, ඔවුන් කෙරෙහි පළිගැනීම සඳහා භුමියෙහි සිට උන්වහන්සේ හට සැමවිටම මොර ගැසීමට ස්වාමීන්වහන්සේ ඉඩ නොදෙන අතර එහෙත් උන්වහන්සේ ඔවුන්ගෙන් පළි නොගන්නා සේක.
23 එබැවින්, අහෝ අන්‍යජාතිකයන් වූ නුඹලා, එනම් මෙම දේවල් නුඹලා හට පෙන්වීම දෙවියන්වහන්සේ තුළ ප්‍රඥා විය, එනම් එමඟින් නුඹලා නුඹලාගේ පාප පිළිබඳ පසුතැවිලි වී, බලය සහ ලාභය ලබා ගැනීම පිණිස ගොඩනගා ඇති මෙම මිනීමරු කල්ලිවලට නුඹලා අසුවීමට ඉඩ නොදෙල්ලා – තවද එම කාර්යය, එසේය, විනාශයේ කාර්යය පවා නුඹලා මතට පැමිණෙන්නේය, එසේය, නුඹලා මෙම දේවල් වන්නට ඉඩ දෙන්නේ නම්, නුඹලාගේ පරාජයට සහ විනාශයට, සදාකාලික දෙවියන්වහන්සේගේ යුක්තියේ කඩුව පවා නුඹලා මතට වැටෙනු ඇත්තේය.
24 එබැවින්, එනම් නුඹලා අතරට මෙම දේවල් පැමිණෙනවා නුඹලා දකින විට, නුඹලා අතරෙහි ඇති වන්නාවූ මෙම රහසිගත කල්ලිය නිසා, නුඹලාගේ භයානක තත්වය පිළිබඳව හැඟීමකින් නුඹලා අවදි විය යුතු බවට ස්වාමීන්වහන්සේ නුඹලාට ආඥා කරන සේක; නැතහොත් මරණු ලැබූ ඔවුන්ගේ රුධිරය නිසා, එයට දුක් වේ; මක්නිසාද ඔවුන් එය මත ද, තවද එසේම එය පිහිටුවාවූ අය මත ද පළිගැනීමට දූවිල්ල වෙතින් මොරගසන්නෝය.
25 මක්නිසාද එය මෙසේ සිදු වන්නේය, එනම් එය පිහිටුවන කවර තැනැත්තෙකු ද සියලු දේශයන්ගේ, ජාතීන්ගේ සහ රටවල නිදහස පෙරලා දැමීමට උත්සාහ කරන්නේය; තවද එය සියලු ජනතාවගේ විනාශය ගෙන එන්නේය, මක්නිසාද සියලු බොරුවෙහි පියා වන යක්ෂයා විසින් එය ගොඩනඟා ඇත්තේය; එනම් අපගේ පළමු දෙමව්පියන් රවටාගත් එම බොරුකාරයාම පවා, එසේය, එනම් පටන් ගැන්මේ සිටම මනුෂ්‍යයාට මිනීමැරීමට සැලැස්වූ එම බොරුකාරයාම පවා වන්නේය; එනම් පටන් ගැනීමේ සිටම, අනාගතවක්තෘවරුන් මරා දමා, තවද ඔවුන්ට ගල් ගසා, ඔවුන්ව පිටතට දැමීමට මනුෂ්‍යයාගේ හදවත් දැඩි කළ තැනැත්තා ඔහුය.
26 එබැවින්, මොරෝනායි වන මම, නපුර පහව යන පිණිසත්, තවද එනම් මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත සාතන්ට බලයක් නොමැතිවිමේ කාලයක් පැමිණෙන පිණිසත්, එහෙත් එනම් ඔවුන් නිරන්තරයෙන් යහපත කිරීමට පෙළඹෙන පිණිසත්, එනම් ඔවුන් සියලු ධර්මිෂ්ඨකමේ උල්පත කෙරෙහි පැමිණ ගැලවීම ලබන පිණිසත්, මෙම දේවල් ලිවීමට මට ආඥා කර ඇත්තේය.