ශුද්ධලියවිලි
ඊතර් 6


6 වන පරිච්ඡේදය

සුළඟ මඟින් ජැරඩ්වරුන්ගේ බත්තල පොරොන්දු දේශයට ගෙන යනු ලබයි – ජනතාව ස්වාමීන්වහන්සේගේ යහපත්කමට උන්වහන්සේට ප්‍රශංසා කරති – ඔරිහා ඔවුන් කෙරෙහි රජ ලෙස පත් කරනු ලබයි – ජැරෙඩ් සහ ඔහුගේ සහෝදරයා මිය යයි.

1 තවද දැන් මම, මොරෝනායි, ජැරඩ් සහ ඔහුගේ සහෝදරයා පිළිබඳ වාර්තාව ලබා දෙන්නෙමි.

2 මක්නිසාද තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ්ගේ සහෝදරයා කන්ද වෙතට ගෙන ගිය ගල් ස්වාමීන්වහන්සේ විසින් සූදානම් කළ පසු, ජැරඩ්ගේ සහෝදරයා කන්දෙන් බැස, තවද එහි එක් එක් කෙළවරින්, ගල් එක බැගින්, සකස් කරන ලද යාත්‍රා තුළට දැමුවේය; තවද බලව, ඒවා යාත්‍රා වලට ආලෝකය ලබා දුන්නේය.

3 තවද මෙසේ ස්වාමීන්වහන්සේ අන්ධකාරයේ ගල් බැබළෙන්නට සැලැස්වූ සේක, එනම් පුරුෂයින්ට ද, කාන්තාවන්ට සහ දරුවන්ට ද ආලෝකය ලබා දුන් සේක, එනම් ඔවුන්ට අන්ධකාරයේ මහා ජලය තරණය කළ නොහැකි වූ නිසාවෙන්ය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියලු ආකාරයේ ආහාර පිළියෙළ කළ පසු, එනම් එමඟින් ඔවුන්ට ජලය මත ජීවත් වීමට හැකි වනු පිණිසය, තවද එසේම ඔවුන්ගේ රැළවල් සහ ගව පට්ටි සඳහා ද, තවද ඔවුන් රැගෙන යා යුතු ඕනෑම මෘගයෙකු හෝ සතෙකු හෝ පක්ෂියෙකු සඳහා ආහාර ද පිළියෙළ කළ පසු – තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මේ සියලු දේවල් කළ පසු, ඔවුන් ඔවුන්ගේ යාත්‍රාවලින් හෝ බත්තල්වලින් නැඟී, තවද ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට ඔවුන්වම භාර දෙමින් මුහුදට දෙසට ගියහ.

5 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන් වූ ස්වාමීන්වහන්සේ පොරොන්දු වූ දේශය දෙසට, ජලය මතට දරුණු සුළඟක් හමන්නට සැලැස්වූ සේක; තවද මෙසේ ඒවා සුළඟට ඉදිරියෙන් මුහුදේ රළ මත විසිකරවනු ලැබිය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මතට කඩා වැදුණු කඳුමෙන් රළ නිසාත්, තවද එසේම සුළඟේ දරුණුකම නිසා ඇති වූ මහත් වූ සහ භයානක කුණාටු නිසාත්, ඔවුන් බොහෝ වාරයක් මුහුදේ ගැඹුරේ වැළලී ගියේය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ගැඹුරේ වළලනු ලැබූ විට, එහි එනම් ඔවුන්ට හානි කළ හැකි ජලයක් නොතිබුණි, ඔවුන්ගේ යාත්‍රා බඳුනකට මෙන් තද වී තිබුණි, තවද එසේම ඒවා නෝවාගේ නැව මෙන් තද විය; එසේහෙයින් ඔවුන් බොහෝ ජලයෙන් වට වූ විට ඔවුන් ස්වාමීන්වහන්සේ වෙත මොරගැසුවෝය, තවද උන්වහන්සේ ඔවුන්ව නැවතත් ජලය මුදුනට ගෙන ආ සේක.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ජලය මත සිටියදී පොරොන්දු දේශය දෙසට සුළඟ හැමීම කිසි විටකත් නතර නොවිය; තවද මෙසේ ඔවුන් සුළඟට පෙර ගෙනයනු ලැබිය.

9 තවද ඔවුන් ස්වාමීන්වහන්සේ හට ප්‍රශංසා ගායනා කළහ; එසේය, ජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගායනා කළ අතර, තවද ඔහු දවස මුළුල්ලේහිම ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කළේය; තවද රාත්‍රිය පැමිණි විට, ඔවුන් ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රශංසා කිරීම නතර නොකලේය.

10 තවද මෙසේ ඔවුන්ව ඉදිරියට ගෙන යන ලැබිය; තවද මුහුදේ කිසිම රාක්ෂයෙකුටවත්, නැතහොත් ඔවුන්ව විනාශ කළ හැකි තල්මසෙකුටවත් ඒවා බිඳ දැමිය නොහැකි විය; තවද එය ජලයට ඉහළින් හෝ ජලය පහළින් වුවද, ඔවුන්ට නිරන්තරයෙන් ආලෝකය තිබුණි.

11 තවද මෙසේ ඔවුන්, දවස් තුන්සිය හතළිස් හතරක් ජලය මත ඉදිරියට ගෙන යනු ලැබිය.

12 තවද ඔවුන් පොරොන්දු වූ දේශයේ වෙරළ මත ගොඩ බැස්සේය. තවද ඔවුන් පොරොන්දු වූ දේශයේ වෙරළ මත ඔවුන්ගේ පාද තැබූ පසු, ඔවුන් දේශයේ මුහුණත මත වැඳ වැටී, තවද ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි නිහතමානී වූ අතර, තවද ඔවුන් කෙරෙහි උන්වහන්සේගේ මෘදු දයාවේ සමුහය නිසාවෙන්, ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි ප්‍රීති කඳුළු වැගිරෙව්වෝය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් භූමිය මතුපිටට ගොස් පොළොව වගා කිරීමට පටන් ගත්හ.

14 තවද ජැරඩ් හට පුත්‍රයෝ හතර දෙනෙක් සිටියෝය; තවද ඔවුන්ට යාකොම් ද, ගිල්ගා ද, මාහා සහ ඔරිහා ද යන නාමයෙන් හඳුන්වනු ලැබිය.

15 තවද එසේම ජැරඩ්ගේ සහෝදරයාටත් පුත්‍රයන් සහ, දූවරුන් උපන්නෝය.

16 තවද ජැරඩ්ගේ සහ ඔහුගේ සහෝදරයාගේ මිතුරන් ගණනින් විසි දෙකක් පමණ ප්‍රාණයන් වුහ; තවද ඔවුන් පොරොන්දු දේශයට පැමිණීමට පෙර එසේම ඔවුන්ට ද පුත්‍රයන් සහ දුවරුන් උපන්නෝය; තවද එසේහෙයින් ඔවුන් බොහෝ වීමට පටන් ගත්තෝය.

17 තවද ඔවුන්ට ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි නිහතමානීව ගමන් කිරීමට උගන්වන ලදී; තවද එසේම ඔවුන්ට ඉහළින්ද උගන්වනු ලැබීය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දේශයේ තලය මතුපිට පැතිර යන්නට පටන් ගත් අතර, වැඩි වෙමින් තවද පොළොව කෙටිමට පටන් ගත්තෝය; තවද ඔවුන් දේශය තුළ ශක්තිමත් වූහ.

19 තවද ජැරෙඩ්ගේ සහෝදරයා මහලු වියට පත්වීමට පටන් ගත් අතර, තවද එනම් ඔහු ඉක්මණින් සොහොනට බැස යා යුතු බව දුටුවේය; එබැවින් ඔහු ජැරෙඩ් හට මෙසේ කීවේය: අප එනම් අපගේ සොහොන් වලට බැස යාමට පෙර, ඔවුන් අපෙන් බලාපොරොත්තු වනුයේ කුමක්දැයි ඔවුන්ගෙන් දැන ගැනීමට, අප ඔවුන් ගණන් කරනු පිණිස අපගේ ජනතාව එක්රැස් කරමු.

20 තවද ඒ අනුව ජනතාව එකට එක්රැස් කරනු ලැබිය. දැන් ජැරඩ්ගේ සහෝදරයාගේ පුත්‍රයන්ගේ සහ දූවරුන්ගේ සංඛ්‍යාවේ ප්‍රමාණය විසි දෙදෙනෙකු වූහ; තවද ජැරඩ්ගේ පුත්‍රයන්ගේ සහ දූවරුන්ගේ සංඛ්‍යාවේ ප්‍රමාණය දොළොස් දෙනෙකු වූ අතර, ඔහුට පුත්‍රයන් හතර දෙනෙකු සිටියහ.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්, ඔවුන්ගේ ජනතාව ගණනය කළෝය; තවද ඔවුන්, ඔවුන්ව ගණනය කළ පසුව, එනම් ඔවුන් ඔවුන්ගේ සොහොන් වලට බැස යාමට පෙර ඔවුන් කළ යුතු දේවල් ඔවුන්ගෙන් දැනගැනීමට ඔවුන් කැමති වූහ.

22 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු එනම් ඔවුන් කෙරෙහි රජෙකු වීමට ආලේප කරන ලෙස ඔවුන්ගෙන් ජනතාව ආශා වූහ.

23 තවද දැන් බලව, මෙය ඔවුන් හට මහත් දුකක් විය. තවද ජැරෙඩ්ගේ සහෝදරයා ඔවුන් හට මෙසේ කීවේය: නියත වශයෙන්ම මේ දේය වහල්භාවය තුළට මඟ පෙන්වන්නේය.

24 එහෙත් ජැරඩ් ඔහුගේ සහෝදරයා හට මෙසේ කීවේය: එනම් ඔවුන්ට රජ කෙනෙකු සිටීමට ඉඩ දෙන්න. තවද එසේහෙයින් ඔහු ඔවුන් හට මෙසේ කීවේය: අපගේ පුත්‍රයන් අතරින් රජෙකු වීමට නුඹලා කැමති කෙනෙකු තෝරා ගන්න.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ජැරඩ්ගේ සහෝදරයාගේ කුලුඳුලා පවා තෝරා ගනු ලැබුවෝය; තවද ඔහුගේ නම පේගාග් විය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ප්‍රතික්ෂේප කොට තවද ඔවුන්ගේ රජ වීමට කැමති නොවීය. තවද එනම් ජනතාව ඔහුගේ පියා ඔහුට බල කරනවාට කැමති වූවද, එහෙත් ඔහුගේ පියා එය නොකළේය; තවද එනම් කිසිදු මනුෂ්‍යයෙකු ඔවුන්ගේ රජ වීමට බල නොකළ යුතුයැයි ඔහු ඔවුන්ට අණ කළේය.

26 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පේගාග්ගේ සියලුම සහෝදරයන් තෝරා ගත්හ, තවද ඔවුන් කැමති නොවූහ.

27 තවද එය මෙසේ සිදු විය, එනම් එක් අයෙකු හැරනු කොට, ජැරඩ්ගේ පුත්‍රයන් සියල්ලෝම පවා කැමති නොවීය; තවද ඔරීහා ජනතාව කෙරෙහි රජ වීමට ආලේප කරනු ලැබිය.

28 තවද ඔහු රජ්‍යය පාලනය කිරීමට පටන් ගත්තේය, තවද ජනතාව සමෘද්ධිමත් වීමට පටන් ගත්තෝය; තවද ඔවුන් අතිශයින් ධනවත් වූහ.

29 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ්, සහ එසේම ඔහුගේ සහෝදරයාද මරණයට පත්විය.

30 තවද එය මෙසේ සිදු විය, එනම් ඔරීහා ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි නිහතමානීව ගමන් කළේය, තවද ස්වාමීන්වහන්සේ ඔහුගේ පියාට කොපමණ බලවත් දේවල් කළ සේක්දැයි සිහිපත් කළේය, තවද එසේම ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සඳහා කොපමණ බලවත් දේවල් කළ සේක්දැයි ඔහුගේ ජනතාව හට ඉගැන්වීය.