11 වන පරිච්ඡේදය
යුද්ධ, මතභේද, තවද දුෂ්ටකම් ජැරඩ්වරුන්ගේ ජීවිත බලපවත්වයි – ජැරඩ්වරුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් සම්පුර්ණයෙන්ම විනාශ වන බව අනාගතවක්තෘවරුන් අනාවැකි කියති – ජනතාව අනාගතවක්තෘන්ගේ වචන ප්‍රතික්ෂේප කරති.
1 තවද එසේම කොම්ගේ දවස්වලදී බොහෝ අනාගතවක්තෘවරුන් පැමිණියේය, තවද ඔවුන්ගේ මිනීමැරුම් හා දුෂ්ටකම් අත්හැර, ඔවුන් පසුතැවිලි වී, තවද ස්වාමීන්වහන්සේ වෙතට හැරුනොත් මිස, එම ශ්‍රේෂ්ඨ ජනතාව විනාශ වන බව අනාවැකි කීවෝය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව විසින් අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කෙරුවෝය, තවද ඔවුන් ආරක්ෂාව සඳහා කොම් වෙතට පලා ගියෝය, මක්නිසාද ජනතාව ඔවුන් විනාශ කිරීමට සේවූහ.
3 තවද ඔවුහු කොම්හට බොහෝ දේවල් අනාවැකි කීවෝය; තවද ඔහුගේ ඉතිරි සියලු දවස්වලදී ඔහු ආශිර්වාද ලද්දේය.
4 තවද ඔහු යහපත් මහලු වියකට ජීවත් විය, තවද දාව ෂිබ්ලොම් උපන්නේය; තවද ඔහු වෙනුවට ෂිබ්ලොම් රාජ්‍ය කාලය කළේය. තවද ෂිබ්ලොම්ගේ සහෝදරයා ඔහුට විරුද්ධව කැරලි ගැසුවේය, තවද මුළු දේශය පුරාම අතීශයින් මහත් යුද්ධයක් ඇති වන්නට පටන් ගත්තේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාවගේ විනාශය ගැන අනාවැකි කිවූ සියලු අනාගතවක්තෘවරුන් මරණයට පත් කරන්නට එනම් ෂිබ්ලොම්ගේ සහෝදරයා සැලැස්සුවේය;
6 තවද සියලු දේශයන් පුරා මහත් විපත්තියක් ඇති වූයේය, මක්නිසාද ඔවුන් මහත් සාපයක් දේශය මතට පැමිණිය යුතු බවට, තවද ජනතාව මතටද, තවද එනම් ඔවුන් අතර මහත් විනාශයක් වන බවට, පොළෝ තලය මත කිසිදාක නොතිබුනා වැනි, තවද ඔවුන් ඔවුන්ගේ දුෂටකම්වලට පසුතැවුනොත් මිස ඔවුන්ගේ ඇටකටු දේශයේ තලය මත පස් ගොඩක් මෙන් වන බවට ඔවුහු සාක්ෂි දැරූහ.
7 තවද ඔවුහු ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, ඔවුන්ගේ දුෂ්ට සංයෝජනය නිසා; එබැවින්, මුළු දේශය පුරා යුද්ධ හා ආරවුල් ඇති වන්නට පටන් ගත්තේය, තවද එසේම බොහෝ සාගත හා වසංගත, කොතරම්ද යත් මහත් විනාශයක් සිදු විය, එපමණින් පොළෝ තලය මත කිසි විටෙකත් දැන ගැනීමට නොහැකි වු වැන්නක් විය; තවද මේ සියල්ල සිදු වූයේ ෂිබ්ලොම්ගේ දවස්වලදීය.
8 තවද ජනතාව ඔවුන්ගේ අයුතුකම්වලට පසුතැවිලි වීමට පටන් ගත්තේය; තවද ඔවුන් එසේ කළ තරමටම ස්වාමීන්වහන්සේ ඔවුන්ට දයාවන්ත වූ සේක.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ෂිබ්ලොම් මරණ ලද්දේය, තවද සෙත්ව වහල්භාවයට ගෙන එනු ලැබුහ, තවද ඔහුගේ සියලු දවස් වහල්භාවයෙන් වාසය කළේය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ, පුුුත්‍ර අහා, රාජ්‍ය ලබා ගත්තේය; තවද ඔහුගේ සියලු දවස් ජනතාව කෙරෙහී රාජ්‍ය කාලය කළේය. තවද ඔහු ඔහුගේ දවස්වල සියලු ආකාරයේ අයුතුකම් කළේය, ඒ මගින් ඔහු බොහෝ සෙයින් රුධිරය වගුරවන්නට සැලැස්සුවේය; තවද ඔහුගේ දවස් ස්වල්පයි.
11 තවද අහාගේ පැවත එන්නෙකු වූ, එතෙම්, රාජ්‍යය ලබා ගත්තේය; තවද ඔහු ද ඔහුගේ දවස් වලදී එම දුෂ්ටකම වු දේම කළේය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් එතෙම්ගේ දවස්වලදී බොහෝ අනාගතවක්තෘවරුන් පැමිණීයේය, තවද ජනතාවට නැවත අනාවැකි කීවේය; එසේය, ඔවුන් ඔවුන්ගේ අයුතුකම්වලට පසුතැවිලි වූවොත් මිස ඔවුන්ව ස්වාමීන්වහන්සේ පොළෝ තලයෙන් ඉවතට මුළුමනින්ම විනාශ කරන බව ඔවුහු අනාවැකි කීවෝය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කර ගත්තෝය, තවද ඔවුන්ගේ වචනවලට ඇහුම්කන් නුදුන්නෝය; තවද අනාගතවක්තෘවරුන් ශෝක වී තවද ජනතාව අතරින් ඉවත්ව ගියෝය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් එතෙම් ඔහුගේ සියලු දවස්වලදී දුෂ්ටකමින් විනිශ්චය ක්‍රියාත්මක කළේය; තවද ඔහුට දාව මොරොන් උපන්නේය. තවද එය මෙසේ සිදු විය, එනම් මොරොන් ඔහු වෙනුවට රාජ්‍ය කාලය කලේය; තවද මොරොන් ස්වාමීන්වහන්සේ අභියස දුෂ්ට වන එය කළේය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් බලය සහ වාසි ලබා ගැනීම සඳහා ගොඩනගන ලද එම රහසිගත සංයෝජනය නිසා, එනම් ජනතාව අතර කැරැල්ලක් නැග ආවේය; තවද ඔවුන් අතරින් අයුතුකමෙන් බලවත් වූ මනුෂ්‍යයෙක් නැගිට, මොරොන් හට සටනක් දුන්නේය, ඉන් ඔහු රාජ්‍යයෙන් අඩක් පරාජය කරනු ලැබුවේය; තවද ඔහු බොහෝ වසර ගණනාවක් රාජ්‍යයෙන් අඩක් පවත්වා ගත්තේය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් මොරොන් ඔහුව පරාජය කළේය, තවද නැවතත් රාජ්‍යය ලබා ගත්තේය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් තවත් බලවත් වූ මනුෂ්‍යයෙක් නැගී ආවේය; තවද ඔහු ජැරඩ්ගේ සහෝදරයාගෙන් පැවත එන්නෙකු විය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මොරොන් පරාජය කර තවද රාජ්‍යය ලබා ගත්තේය; එබැවින්, මොරොන් ඔහුගේ ඉතිරි සියලු දවස් වහල්භාවයෙන් වාසය කළේය; තවද ඔහු දාව කොරියැන්ටර් උපන්නේය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටර් ඔහුගේ සියලු දවස් වහල්භාවයෙන් වාසය කළේය.
20 තවද කොරියැන්ටර්ගේ දවස්වලදී ද බොහෝ අනාගතවක්තෘවරු පැමිණ, තවද විශිෂ්ඨ සහ ආශ්චර්යමත් දේවල් ගැන, තවද ජනතාවට පසුතැවිලි වන්නට මොරගැසූහ, තවද ඔවුන් පසුතැවිලි වුනොත් මිස දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව ඔවුන්ව මුළුමනින්ම වීනාශ වී යන්නට විනිශ්චය ක්‍රියාත්මක කරන බව අනාවැකි කීවෝය;
21 තවද එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ බලයෙන්, ඔවුන්ගේ පියවරුන්ව උන්වහන්සේ රැගෙන ආ ආකාරයට, දේශය බුක්ති විඳින්නට වෙනත් ජනතාවක් යවන්නේය නැතහොත් ගෙන එනු ලබන සේක.
22 තවද ඔවුන් ඔවුන්ගේ රහස් සංයෝගය සහ දුෂ්ට පිළිකුල් සහගතතකම් නිසා, අනාගතවක්තෘවරුන්ගේ සියලු වචන ප්‍රතික්ෂේප කළෝය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටර්ට දාව ඊතර් උපන්නේය, තවද ඔහුගේ සියලු දවස් වහල්භාවයෙන් වාසය කර, ඔහු මිය ගියේය.