ඊතර්ගේ පොත
මොසායා රජුගේ කාලයේදී ලිම්හායි ජනයා විසින් සොයා ගන්නා ලද තහඩු විසිහතරෙන් ලබාගත් ජැරඩ්වරුන්ගේ වාර්තාව.
1 වන පරිච්ඡේදය
මොරෝනායි ඊතර්ගේ ලේඛන සංක්ෂිප්ත කරයි – ඊතර්ගේ පෙළපත දක්වා ඇත – බාබෙල් කුළුණේදී ජැරඩ්වරුන්ගේ භාෂාව ව්‍යාකූල නොවේ – ස්වාමීන්වහන්සේ ඔවුන්ව තෝරාගත් දේශයකට ගෙන ගොස් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කරන බවට පොරොන්දු වේ.
1 තවද දැන් මම, මොරෝනායි, මෙම උතුරු රට හමුවේ ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් විනාශ කරන ලද එම පුරාණ වැසියන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පටන් ගනිමි.
2 තවද ලිම්හායි ජනයා විසින් සොයා ගන්නා ලද ඊතර් පොත ලෙස හඳුන්වන තහඩු විසිහතරෙන් මම මගේ වාර්තාව ගනිමි.
3 තවද ලෝකය මැවීම සහ ආදම් ගැනත්, ඒ කාලයේ සිට මහා කුළුණ දක්වාත්, ඒ කාලය දක්වා මනුෂ්‍ය දරුවන් අතර සිදු වූ ඕනෑම දෙයක් ගැනත් කථා කරන මෙම වාර්තාවේ පළමු කොටස යුදෙව්වන් අතර ඇති බව මම සිතමි –
4 එසේහෙයින් ආදම්ගේ කාලයේ සිට එම කාලය දක්වා සිදුවු එම දේවල් මම නොලියන්නෙමි; එහෙත් ඒවා තහඩු මත ඇත; තවද ඒවා සොයා ගන්නා ඕනෑම කෙනෙකුට, සම්පූර්ණ වාර්තාව ලබාගැනීමට එම තැනැත්තාට බලය ඇත්තේය.
5 එහෙත් බලව, මම සම්පූර්ණ විස්තරය නොදෙමි, එහෙත් කුළුණේ සිට ඔවුන් විනාශ වන තුරු මම විස්තරයෙන් කොටසක් දෙමි.
6 තවද මෙම ආකාරයට මම විස්තර දෙන්නෙමි. මෙම වාර්තාව ලියූ තැනැත්තා ඊතර් වන අතර ඔහු කොරියැන්ටර්ගෙන් පැවත එන්නෙකි.
7 කොරියැන්ටර් මොරොන්ගේ පුත්‍රයා විය.
8 තවද මොරොන් එතෙම්ගේ පුත්‍රයා විය.
9 තවද එතෙම් අහා ගේ පුත්‍රයා විය.
10 තවද අහා සෙත් ගේ පුත්‍රයා විය.
11 තවද සෙත් ශිබ්ලොන්ගේ පුත්‍රයා විය.
12 තවද ශිබ්ලොන් කොම්ගේ පුත්‍රයා විය.
13 තවද කොම් කොරියැන්ටම්ගේ පුත්‍රයා විය.
14 තවද කොරියැන්ටම් ඇම්නිගාඩාගේ පුත්‍රයා විය.
15 තවද ඇම්නිගාඩා ආරොන්ගේ පුත්‍රයා විය.
16 තවද ආරොන් හෙත්ගෙන් පැවත එන්නෙකි, ඔහු හර්තොම්ගේ පුත්‍රයා විය.
17 තවද හර්තොම් ලිබ්ගේ පුත්‍රයා විය.
18 තවද ලිබ් කිෂ්ගේ පුත්‍රයා විය.
19 තවද කිෂ් කොරොම්ගේ පුත්‍රයා විය.
20 තවද කොරොම් ලෙවීගේ පුත්‍රයා විය.
21 තවද ලෙවී කිම්ගේ පුත්‍රයා විය.
22 තවද කිම් මොරියැන්ටන්ගේ පුත්‍රයා විය.
23 තවද මොරියැන්ටන් රිප්ලකිෂ්ගෙන් පැවත එන්නෙකි.
24 තවද රිප්ලකෂ් ෂෙස්ගේ පුත්‍රයා විය.
25 තවද ෂෙස් හෙත්ගේ පුත්‍රයා විය.
26 තවද හෙත් කොම්ගේ පුත්‍රයා විය.
27 තවද කොම් කොරියැන්ටම්ගේ පුත්‍රයා විය.
28 තවද කොරියැන්ටම් ඉමර්ගේ පුත්‍රයා විය.
29 තවද ඉමර් ඔමර්ගේ පුත්‍රයා විය.
30 තවද ඔමර් ෂූල්ගේ පුත්‍රයා විය.
31 තවද ෂූල් කිබ්ගේ පුත්‍රයා විය.
32 තවද කිබ් ඔරීහාගේ පුත්‍රයාය, ඔහු ජැරඩ් ගේ පුත්‍රයා විය.
33 ස්වාමීන්වහන්සේ ජනතාවගේ භාෂාව ව්‍යාකූල කළ අවස්ථාවේදී, ජැරඩ් තම සහෝදරයා සහ ඔවුන්ගේ පවුල් සමඟ තවත් සමහරුන් සහ ඔවුන්ගේ පවුල් සමඟ මහා කුළුණෙන් පිටතට පැමිණ, ඔවුන් පොළොව පුරා විසිරී යන බවට උන්වහන්සේ කෝපයෙන් දිවුරුම් දුන් අතර; ස්වාමීන්වහන්සේගේ වචනයට අනුව ජනතාව විසිරී ගියහ.
34 තවද ජැරඩ්ගේ සහෝදරයා වූ ඔහු මහත් හා බලසම්පන්න මනුෂ්‍යයෙක් වූ අතර, ස්වාමීන්වහන්සේගේ විසින් බෙහෙවින් ප්‍රසාදය ලැබූ මනුෂ්‍යයෙක් විය. ඔහුගේ සහෝදරයා වූ ජැරඩ් ඔහුට මෙසේ කීවේය: අපගේ වචන අපට තේරුම් ගත නොහැකි වන පරිදි උන්වහන්සේ අපව ව්‍යාකූල නොකරන පිණිස ස්වාමීන්වහන්සේට මොර ගසන්න.
35 තවද එය මෙසේ සිදු විය, එනම්, ජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේට මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ජැරඩ් කෙරෙහි අනුකම්පා කළ සේක; එසේ හෙයින් උන්වහන්සේ ජැරඩ්ගේ භාෂාව ව්‍යාකූල නොකළ සේක; තවද ජැරඩ් සහ ඔහුගේ සහෝදරයා ව්‍යාකූල නොවූහ.
36 එවිට ජැරඩ් තම සහෝදරයාට මෙසේ කීවේය: නැවත මොරගසන්න, එනම් අපගේ මිතුරන්වු ඔවුන් වෙතින් උන්වහන්සේ අපගේ මිතුරන් වන අයගෙන් උන්වහන්සේගේ කෝපය ඉවත් කර, ඔවුන්ගේ භාෂාව ව්‍යාකූල නොකිරීමටය.
37 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ හට මොරගැසුවේය, තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි ද අනුකම්පා කළ සේක, එනම් ඔවුන් ව්‍යාකූල නොකළ සේක.
38 තවද එය මෙසේ සිදු විය, එනම් ජැරඩ් නැවතත් තම සහෝදරයාට කතා කරමින්, මෙසේ කීවේය: ගොස් ස්වාමීන්වහන්සේ අපව දේශයෙන් පන්නා දමනවාද කියා විමසන්න, තවද උන්වහන්සේ අපව දේශයෙන් පන්නා දමන්නේ නම්, අප යා යුත්තේ කොතැනට දැයි කියා උන්වහන්සේට මොරගසන්න. ස්වාමීන්වහන්සේ අපව මුළු පොළොවටම වඩා තෝරා ගත් දේශයකට ගෙන යන්නේ දැයි කවරෙකු දන්නේද? තවද එය එසේ වුවහොත්, අපගේ උරුමය සඳහා එය ලබා ගැනීම සඳහා අප ස්වාමීන්වහන්සේ වෙතට ඇදහිලිවන්ත වෙමු.
39 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජැරඩ්ගේ සහෝදරයා ජැරඩ්ගේ මුඛයෙන් කියන ලද දෙයට අනුව, ජැරඩගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ හට මොරගැසුවේය.
40 තවද ස්වාමීන්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයාට සවන් දී, ඔහු කෙරෙහි අනුකම්පා කොට, ඔහුට මෙසේ වදාළ සේක:
41 ගොස් නුඹගේ රැළවල්, සෑම වර්ගයකම පිරිමි සහ ගැහැණු සතුන්; තවද සෑම වර්ගයකම පොළොවේ බීජවලින්; තවද නුඹේ පවුල්; තවද එසේම නුඹගේ සහෝදරයා වන ජැරඩ් සහ ඔහුගේ පවුලේ අය; තවද එසේම නුඹගේ මිතුරන්ද ඔවුන්ගේ පවුල්, සහ ජැරඩ්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පවුල්ද එක්රැස් කරගන්න.
42 තවද නුඹ මෙය කළ පසු, නුඹ ඔවුන් ඉදිරියෙන් උතුරු දෙසින් පිහිටි නිම්නයට බැස යන්නෙහිය. තවද එහිදි නුඹව මා මුන ගැසෙනු ඇත, තවද මම නුඹ ඉදිරියෙන් පොළොවේ සියලු දේශවලට වඩා උතුම් දේශයකට මම නුඹව පෙරටුව යන්නෙමි.
43 තවද එහිදී මම නුඹටත් නුඹගේ වංශයටත් ආශීර්වාද කර, නුඹගේ වංශයෙන්ද, නුඹගේ සහෝදරයාගේ වංශයෙන්ද, නුඹ සමඟ යන අයගෙන්ද, මට මහත් ජාතියක් ඇති කරන්නෙමි. තවද නුඹගේ වංශයෙන් මා හට ඇති කරන ජාතියට වඩා උතුම් කිසිවෙක් පොළෝ තලයහි නොසිටිනු ඇත. තවද මෙසේ නුඹ මෙතරම් දිගු කාලයක් මට මොරගැසූ බැවින් මම නුඹ හට මෙසේ කරන්නෙමි.