9 වන පරිච්ඡේදය
රාජධානිය එකිනෙකාගෙන් එකිනෙකා හට උරුමයෙන්, කුමන්ත්‍රණයෙන්, තවද මිනී මැරුමෙන් පැවත එයි – ඉමර් ධර්මිෂ්ඨකමේ පුත්‍රයාණෝ දකියි – බොහෝ දිවැසිවරුන් පසුතැවිලි වන ලෙසට මොර ගසයි – සාගතයක් සහ විෂකුරු සර්පයන් ජනතාවට හිරිහැර කරනු ලබයි.
1 තවද දැන් මම, මොරෝනායි, මගේ වාර්තාව සමග ඉදිරියට යන්නෙමි. එසේහෙයින්, බලව, එය මෙසේ සිදුවිය, එනම් අකිෂ් සහ ඔහුගේ මිතුරන්ගේ රහස්‍ය කල්ලි නිසාවෙන්, බලව, ඔවුන් ඔමර්ගේ රාජ්‍යය බිඳ හෙලූහ.
2 එසේනමුත්, ස්වාමීන්වහන්සේ ඔමර් හටද, තවද එසේම ඔහුගේ විනාශය නොසෙවූ ඔහුගේ පුත්‍රයන්ට සහ ඔහුගේ දූවරුන්ට දයාවන්ත වූ සේක.
3 තවද ස්වාමීන්වහන්සේ සිහිනයකින් ඔමර් හට ඔහු දේශයෙන් පිටව යා යුතු බවට අනතුරු ඇඟවූ සේක; එබැවින් ඕමර් තම පවුලේ අය සමඟ දේශයෙන් පිටවී, තවද දින ගණනාවක් සැරිසරා, තවද ශිම් කන්දට පැමිණවිත් එය පසුකර ද, තවද නීෆායිවරුන් විනාශ වූ ස්ථානය වෙතට පැමිණියේය, තවද එතැන් සිට නැගෙනහිර දෙසට ගොස්, අබ්ලොම් යැයි නම් කරන ලද, වෙරළාසන්න ස්ථානයකට පැමිණ, තවද එහි ඔහු තම කූඩාරම පිහිටුවේය, තවද ඔහුගේ පුතුන් ද තවද ඔහුගේ දූවරුන් ද, තවද ඔහුගේ මුළු ගෙවැසියන් ද එසේමය, එනම් ජැරඩ් සහ ඔහුගේ පවුල හැර.
4 තවද එය මෙසේ සිදු විය, එනම් දුෂ්ටකමේ හස්තයෙන්, ජැරඩ් ජනතාවගේ රජු ලෙස ආලේප කරනු ලැබ; තවද ඔහු අකිෂ් හට තම දියණිය භාර්යාව කොට දුන්නේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් අකිෂ් ඔහුගේ මාමණ්ඩියගේ ජීවිතය බිලිගන්නට උත්සහ කළේය; තවද ඔහු පුරාණයන්ගේ දිවුරුමෙන් දිවුරුම් දුන් අයට අදාළ කළේය, තවද ඔවුහු ඔහුගේ මාමණ්ඩියගේ හිස ලබාගත්තේ, ඔහු ඔහුගේ සිංහාසනයේ වාඩි වී, ඔහුගේ ජනතාවට සවන් දෙන විටදිය.
6 මක්නිසාද මෙම දුෂ්ට සහ රහසිගත සමාජයේ පැතිරයාම කෙතරම් ඛලවත් වූයේද යත්, එනම් එය සියලු ජනතාවගේ හදවත් දූෂිත කරන්නට සමත් විය; එසේහෙයින් ජැරඩ් ඔහුගේ සිංහාසනය මත මරණයට පත්කෙරුණු ලද්දේය, තවද අකිෂ් ඔහු වෙනුවට රජ කළේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් අකිෂ් ඔහුගේ පුත්‍රයා කෙරෙහි ඊර්ෂ්‍යා වන්නට පටන් ගත්තේය, එසේහෙයින් ඔහු, ඔහුව සිරගෙයි වසා තබා, ඔහුට මරණය විඳවෙන තෙක් ඔහුට අල්පයක්වත් හෝ ආහාරයක් නොලැබෙන සේ තබා ගත්තේය.
8 තවද දැන් මරණය විඳින ලද ඔහුගේ සොහොයුරා, (තවද ඔහුගේ නම නිම්රා විය) තමන්ගේ පියා ඔහුගේ සොහොයුරා හට කළ දේ නිසා ඔහුගේ පියා කෙරෙහි කෝප වූයේය.
9 තවද එය මෙසේ සිදුවිය එනම්, තවද නිම්රා මනුෂ්‍යයින් ස්වල්ප සංඛ්‍යාවක් රැස් කොට දේශයෙන් පලා ගොස්, එහි පැමිණ ඔමර් සමඟ වාසය කළේය.
10 තවද එය මෙසේ සිදුවිය එනම් අකිෂ් වෙනත් පුත්‍රයන් ජනිත කළේය, තවද ඔවුහු ජනතාවගේ හදවත් දිනා ගත්හ, එසේවූවත් ඔහු කැමති දේට අනුව සියලු ආකාරයේ අයුතුකම් කිරීමට ඔවුන් ඔහු වෙත දිවුරා තිබුණි.
11 දැන් අකිෂ් ගේ ජනතාව ලාභ ලැබීමට ආශා කළහ, එනම් අකිෂ් බලය ලැබීමට ආශා කළාක් මෙන් ය; එබැවින්, අකිෂ් ගේ පුත්‍රයින් ඔවුන් හට මුදල් පිරිනැමූහ, එමඟින් ඔවුන් ජනතාවගෙන් බොහෝ කොටසක් ඔවුන් පසුපසට ඇද ගත්හ.
12 තවද අකිෂ් සහ අකිෂ්ගේ පුතුන් අතර යුද්ධයක් ඇති වීමට පටන් ගත් අතර එය වසර ගණනාවක් පුරා පැවතුනි, එසේය, ඔමර්ගේ නිවැසියන් සමග පලා ගිය ප්‍රාණයන් තිහක් හැර, රාජධානියේ සියලුම ජනතාව, එසේය, සියල්ලන්ම පවා විනාශය වෙතට ආසන්න වූහ.
13 එබැවින්, ඔමර් නැවතත් ඔහුගේ උරුමයේ දේශයේ පිහිටුවනු ලැබීය.
14 තවද එය මෙසේ සිදුවිය එනම්, ඔමර් මහලු වීමට පටන් ගත්තේය; එසේවූවත්, ඔහුගේ මහලු වියේදී ඔහුට ඉමර් උපන්නේය; තවද ඔහු තමන් වෙනුවට රජ වීමට ඉමර් ආලේප කරන ලද්දේය.
15 තවද ඔහු ඉමර්ව රජකමට ආලේප කළ පසු වසර දෙකක කාල පාරාසයක් පුරාවට දේශයේ සාමය ඔහු අත්දුටුවේය, තවද ඔහු මරණයට පත්වූයේ, එනම් ශෝකය පිරුණු, දින බොහොමයක් දැකීමෙන් පසුවය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු වෙනුවට ඉමර් රාජ්‍ය පාලනය කළේය, තවද ඔහු ඔහුගේ පියාගේ පියමං අනුව ගියේය.
16 තවද ස්වාමීන්වහන්සේ නැවතත් දේශයෙන් ශාපය ඉවත් කිරීමට පටන් ගත් සේක, තවද ඉමර්ගේ රාජ්‍ය පාලනය යටතේ ඉමර්ගේ වංශය බෙහෙවින් සමෘද්ධිමත් විය; තවද වසර හැට දෙකක කාල පරිච්ඡේදයකදී ඔවුන් බෙහෙවින් ශක්තිමත් වූ අතර, කොපමණක් ද නම් ඔවුන් බෙහෙවින් ධනවත් වූහ –
17 සියලු ආකාරයේ පලතුරු, තවද ධාන්‍ය ද, තවද සේද ද, තවද සියුම් හණ රෙදිපිළි ද, තවද රන් ද, තවද රිදී ද, තවද අගනා දේවල් ද තිබිණි;
18 තවද එසේම සියලු වර්ගවල ගවයන්ද, තවද ගොන්නුන්ද, තවද එළදෙනුන්ද, තවද බැටළුවන්ද, තවද ඌරන් සහ එළුවන්ද, තවද එසේම මනුෂ්‍යාගේ ආහාර සඳහා ප්‍රයෝජනවත් වූ වෙනත් බොහෝ ස්ත්ව වර්ගයන්ද විය.
19 තවද ඔවුන් හට අශ්වයින් ද, තවද බූරුවන් ද විය, තවද අලි ඇතුන් ද, තවද කුරිලාම්ලා සහ කුමෝම්ලා එහි විය; ඉන් සියල්ලම මනුෂ්‍යයා හට ප්‍රයෝජනවත් විය, වඩාත් විශේෂයෙන් අලි සහ කර්ලොම්ලා සහ කුමෝම්ලා සිටියහ.
20 තවද මෙසේ ස්වාමීන්වහන්සේ මේ අනෙකුත් සියලු දේශයන්ට වඩා, තෝරාගත් දේශය මත උන්වහන්සේගේ ආශිර්වාද වැගිරෙවු සේක; තවද දේශය අත්කර ගන්නා කවරෙකු වූවත් එය ස්වාමීන්වහන්සේ වෙතට අත්කර ගත යුතු බවත්, නැතහොත් ඔවුන් අයුතුකමෙන් මෝරන විට එවැන්නන් විනාශ විය යුතු බව ස්වාමීන්වහන්සේ ආඥා කළ සේක; නැතහොත් එවැනි අය මත, මාගේ උදහසේ පූර්ණත්වය මම වගුරුවන්නෙමියි; ස්වාමීන්වහන්සේ පවසන සේක.
21 තවද ඉමර් ඔහුගේ සියලු දවස්වලදී ධර්මිෂ්ඨකමින් විනිශ්චය ඉෂ්ට කළේය, තවද ඔහු බොහෝ පුත්‍රයන්ද දූවරුද ජනිත කළේය; තවද ඔහු කොරියැන්ටම් ජනිත කළේය, තවද ඔහු තමන් වෙනුවට රාජ්‍ය කිරීමට කොරියැන්ටම් ආලේප කෙළේය.
22 තවද ඔහු වෙනුවට ඔහු කොරියැන්ටම්ව රාජ්‍ය පාලනයට ආලේප කළ පසු ඔහු වසර හතරක් ජීවත් වූ අතර, තවද ඔහු දේශයේ සාමය දුටුවේය; එසේය, තවද ඔහු ධර්මිෂ්ඨකමේ පුත්‍රයාණන්ව පවා දුටුවේය, තවද ඔහුගේ දවස්වල ප්‍රීති වී මහිමවත් වූවේය; තවද ඔහු සමාදානයෙන් මරණයට පත්විය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටම් ඔහුගේ පියාගේ අඩිපාරේ ගමන් කළේය, තවද ඔහු බොහෝ බලවත් නගර ගොඩනැඟුවේය, තවද ඔහුගේ සියලු දවස්වලදී ඔහුගේ ජනතාවට යහපත ඉෂ්ඨ කළේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු බෙහෙවින් වයස් ගතවන තුරු පවා ඔහුට දරුවන් නොවීය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ භාර්යාව අවුරුදු එකසිය දෙකක්ව මරණයට පත්විය. තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්ටම් ඔහුගේ මහළු වියේදී තරුණ සේවිකාවක් භාර්යාව කොට ගත්තේය, තවද පුත්‍රයන් සහ දූවරුන් ජනිත කළේය; එබැවින් ඔහුට අවුරුදු එකසිය හතළිස් දෙකක් වන තුරු ඔහු ජීවත් විය.
25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු කොම් ජනිත කළේය, තවද කොම් ඔහු වෙනුවට රාජ්‍ය පාලනය කළේය; තවද ඔහු අවුරුදු හතළිස් නවයක් රාජ්‍ය පාලනය කළේය, තවද ඔහු හෙත්ව ජනිත කළේය; තවද ඔහු එසේම තවත් පුත්‍රයන් සහ දූවරුන් ජනිත කළේය.
26 තවද ජනතාව නැවතත් දේශය මුළුල්ලේ විසිරී ගිය අතර, තවද එහි නැවතත් දේශයේ පුරාවටම බෙහෙවින් බලවත් වූ දුෂ්ටකමක් ඇති වීමට පටන් ගත් අතර, තවද නැවතත් ඉපැරණි කාලයේ රහස්‍ය උපායයන් වැළඳගන්නට ආරම්භ විය, තවද හෙත් ඔහුගේ පියා විනාශ කිරීමට, පැරණි රහස් සැලසුම් නැවතත් වැලඳ ගැනීමට පටන් ගත්තේය.
27 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔහුගේ පියාව සිංහාසනයෙන් පහ කළේය, මක්නිසාද ඔහු තමන්ගේම කඩුවෙන් ඔහුව මරා දැමුවේය; තවද ඔහු වෙනුවට ඔහු රාජ්‍ය පාලනය කළේය.
28 තවද නැවතත් දේශයට අනාගතවක්තෘවරු පැමිණ, ඔවුන්ට පසුතැවිලි වන ලෙස මොරගැසූහ – එනම් ඔවුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය සූදානම් කළ යුතු බවත් නැතහොත් දේශයේ තුරාවට ශාපයක් පැමිණෙන බවටය; එසේය, ඔවුන් පසුතැවිලි නොවුවහොත් මහා සාගතයක් පවා පැමිණ, එයින් ඔවුන් විනාශයට පැමිණෙන බවටය.
29 එහෙත් ජනතාව අනාගතවක්තෘවරුන්ගේ වචන විශ්වාස නොකළහ, එහෙත් මොවුන් ඔවුන්ව නෙරපා හැරූහ; තවද ඔවුන්ගේ සමහරෙක් වළවල්වලට දමා විනාශ වීමට ඉඩ හැරියෝය. තවද එය මෙසේ සිදු විය, එනම්, ඔවුහු මෙම සියලු දේවල් ඔවුන් තම රජු වන හෙත් ගේ අණට අනුව ඉටු කළහ.
30 තවද එය මෙසේ සිදු විය එනම්, එහි දේශය මුළුල්ලේ බලවත් වූ සාගතයක් ඇති වීමට පටන් ගත්තේය, මක්නිසාද එහි පොළොව මතුපිට වැසි නොලැබුණු බැවින්, සාගතය නිසාවෙන් වැසියන් බෙහෙවින් වේගයෙන් විනාශ වීමට පටන් ගත්තේය.
31 තවද එහි විසකුරු සර්පයන් ද දේශයේ මතුපිටට පැමිණ, තවද බොහෝ ජනතාව හට විෂ වූයේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ රැළවල් ද සර්පයින් ඉදිරියේ පලා යන්නට විය, එනම් නීෆායිවරුන් විසින් සරහෙම්ලා යයි නම් කළ, දකුණුකරයේ දේශය දෙසට පලා යාමට පටන් ගත්තේය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් එහි ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මඟදී විනාශවී ගියහ; එසේනමුත්, එහි සමහරෙක් දකුණුකරයේ දේශය දෙසට පලා ගියහ.
33 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ සර්පයන් තවදුරටත් ඔවුන්ව පසුපස හඹා යෑම යුතු නොවීමට සැළැස්වූ සේක, එහෙත් ඔවුන් එනම් ජනතාව පසුකර නොයෑමට මාර්ගය කොටුකළ යුතු අතර, එනම් කවරකු හෝ පසුකර යාමට උත්සාහ කරන්නේද විසකුරු සර්පයන් හේතුවෙන් වැටී යන පිණිසය.
34 තවද එය මෙසේ සිදුවිය එනම්, ජනතාව මෘගයන්ගේ ගමන් මාර්ගය හඹා ගිය අතර, තවද මාර්ගයේ වැටී සිටියාවූ ඔවුන්ගේ ඔවුන්ගේ මළකඳන් ගිල දැමූහ, මළකුණු සියල්ලම ගිල දමන තුරු. දැන් ජනතාව එනම් ඔවුන් විනාශ වන්නට ඇති බව දුටු කල්හි ඔවුන් තමන්ගේ අයුතුකම් ගැන පසුතැවිලි වී ස්වාමීන්වහන්සේට මොරගැසීමට පටන් ගත්හ.
35 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සෑහෙන ලෙස යටත් වූ විට, උන්වහන්සේ පොළොව මතුපිටට වැසි එවූ සේක; තවද ජනතාව නැවත උද්‍යෝගවත් වීමට පටන් ගත්තෝය, තවද එහි උතුරු දේශවලින්, තවද අවට සියලු රටවල ඵල හට ගැනීමට පටන් ගත්හ. තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ව සාගතයෙන් රැකගැනීමෙන් ඔවුන් හට උන්වහන්සේගේ බලය පෙන්වා දුන් සේක.