ශුද්ධලියවිලි
ඔම්නි 1


ඔම්නිගේ පොත

1 වන පරිච්ඡේදය

ඔම්නි, ඇමරොන්, කෙමිෂ්, අබිනදොම්, සහ ඇමෙලකායි, එක් එක් වාරයට, වාර්තා තබා ගනිති – ශෙදෙකියාගේ දවස්වල ජෙරුසලමෙන් පැමිණි, ජනතාව මොසායා සරහෙම්ලා හි සොයා ගනී – මොසායා ඔවුන් අතර රජුන් ලෙස පත් කරනු ලැබේ – ජෙරඩයිට්වරුන්ගේ අවසාන අය වන, මියුලෙක්ගෙන් පැවතෙන්නන් සරහෙම්ලා හි කොරියැන්ටමර් සොයා ගනී – බෙන්ජමින් රජු මොසායාගෙන් පසුව පැමිණෙයි – මනුෂ්‍යයන් ඔවුන්ගේ ප්‍රාණ ක්‍රිස්තුස්වහන්සේට පූජාවක් ලෙස පිදිය යුතුය. ක්‍රි.පූ. 323–130 පමණ.

1 බලව, එනම් එය එසේ සිදු විය, මම, ඔම්නි, මාගේ පියාගෙන්, ජෙරොම්ගෙන්, අණ ලබමි, එනම් අපගේ පෙළපත රැකීම සඳහා, මා මෙම තහඩු මත තරමක් ලිවිය යුතු බැවිනි –

2 එබැවින්, මාගේ දවස්වල දී, නීෆායිවරුන්, ලේමන්වරුන් වන, ඔවුන්ගේ සතුරන්ගේ දෑත් වලට වැටීමෙන්, මාගේ ජනතාව රැකීමට කඩුවෙන් මා සටන් කළ බව නුඹලා දැන ගත යුතුය. එහෙත් බලව, මම මාගේම දුෂ්ට මනුෂ්‍යයෙකු ය, තවද මා කළ යුතු පරිදි ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා සහ අණ පනත් පිළිපැද නැත.

3 තවද එය මෙසේ සිදු විය, එනම් වසර දෙසිය හැත්තෑ හයක් පසු වූ පසු, අපට සාමයේ බොහෝ කාල ද තිබුනේය; තවද අපට බරපතළ යුද්ධ හා ලේ වැගිරීම්වලින් ද බොහෝ කාල තිබුනේය. එසේය, තවද කොටින්ම, වසර දෙසිය අසූ දෙකක් පසු වුනේය, තවද මාගේ පියවරුන්ගේ අණ පනත්වලට අනුව මම මෙම තහඩු තියා ගත්තෙමි; තවද මම ඒවා මාගේ පුත් ඇමරොන් මත පිරිනැමුවෙමි. තවද මම අවසානයක් කරමි.

4 තවද දැන් මම, ඇමරොන්, මාගේ පියාගේ පොතෙහි, ස්වල්පයක් වන, මා ලියන ලද කුමන නමුත් දේ ලියන්නෙමි.

5 බලව, තවද එය මෙසේ සිදු විය, එනම් වසර තුන්සිය විස්සක් පසු විය, තවද නීෆායිවරුන්ගේ වඩා දුෂ්ට කොටස විනාශ වුණේය.

6 මක්නිසාද ස්වාමීන්වහන්සේ, ඔවුන්ගේ සතුරන්ගේ දෑත් වලට වැටීමෙන් ඔවුන්ව රැක ගත් අතර ඔවුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ පසු, එසේය, උන්වහන්සේ අපගේ පියවරුන් හට වදාළ සේ, උන්වහන්සේ වචන ස්ථිර නොවෙන්නාක් සේ නොවිඳින බවට, මෙසේ කී සේක: නුඹලා මාගේ අණ පනත් නොපිළිපදින තරමට නුඹලා දේශයෙහි සමෘද්ධිමත් නොවනු ඇත්තේය.

7 එබැවින්, මහත් විනිශ්චයෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ව බැහැදැකගත් සේක; එසේනමුත්, උන්වහන්සේ ධර්මිෂ්ඨ වූවන් විනාශ නොවන ලෙස ඔවුන් ආරක්ෂා කළ සේක, එහෙත් ඔවුන්ගේ සතුරන්ගේ දෑත්වලින් පිටතට ඔවුන්ව ගලවාගත් සේක.

8 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ සහෝදර වන කෙමිශ් වෙත තහඩු බාර දුන්නෙමි.

9 දැන් මම, කෙමිශ්, මාගේ සහෝදරයාත් සමඟම එකම පොතෙහි, මම ලියන්නාවූ ස්වල්ප දේ ලියන්නෙමි; මක්නිසාද බලව, එනම් ඔහුගේ දෑතින්ම ලියූ, අවසන් දේ ඔහු ලියූ බව මම දුටුවෙමි; තවද ඔහු ඒවා මා හට බාර දුන් දවසෙහි ද ඔහු එහි ලියා තිබුනේය. තවද අප මේ වාර්තා මේ ආකරයට අනුව තබා ගන්නේය, මක්නිසාද එය අපගේ පියවරුන්ගේ අණ පනත්වලට අනුවය. තවද මම අවසානයක් කරන්නෙමි.

10 බලව, මම, අබිනදොම්, කෙමිශ්ගේ පුත්‍රයා. බලව, තවද එය මෙසේ සිදු විය, නීෆායිවරුන්, සහ ලේමන්වරුන්, එනම් මාගේ ජනතාව අතර ඇති යුද්ධ සහ මතභේද මම දුටුවෙමි; තවද මම, මාගේම කඩුවෙන්, මාගේ සහෝදරවරුන්ගේ රැකවල් සඳහා බොහෝ ලේමන්වරුන්ගේ ජීවිත බිලිගෙන ඇත්තෙමි.

11 තවද බලව, පරම්පරාවන්ට අනුව, රජුන්ට තිබූ පරිදි මෙම ජනතාවගේ වාර්තාව තහඩු මත කැටයම් කර ඇත; තවද අනාවැකියන් නොහොත්, ලියා ඇති එළිදරව් මිස වෙන කිසිවක් මම නොදනිමි, එනම් එය ප්‍රාමණවත් වන සේ ලියා ඇත්තේය. තවද මම අවසානයක් කරන්නෙමි.

12 බලව, අබිනදොම්ගේ පුත් වන, මම ඇමෙලකායි වෙමි. බලව, සරහෙම්ලා දේශයෙහි රජු ලෙසට පත් කෙරූ, මොසායා පිළිබඳව මම නුඹට කතා කරමි; මක්නිසාද බලව, නීෆායි දේශයෙන් පිටතට පලා හැර යන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගෙන් අනතුරු හැඟවූ පරිදි, තවද ස්වාමීන්වහන්සේගේ හඬට සවන්දෙන වූවන් තරමටම උන්වහන්සේ සමඟම දේශයෙන් පිටතට, වනාන්තරය තුළට, නික්ම යා යුතුය –

13 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ පරිදි ඔහු කළේය. තවද ඔවුන් දේශයෙන් පිටතට ගොස් වනාන්තරය තුළට නික්ම ගියෝය, ස්වාමීන්වහන්සේගේ හඬ හට සවන් දෙන්නා වූ තරම් අය; තවද ඔවුන්ට මඟ පෙන්වනු ලැබුවේ බොහෝ දේශනා ද අනාවැකියන් ද තුළින් ය. තවද දෙවියන්වහන්සේගේ වචනයෙන් අඛණ්ඩව අවවාද ලද්දේය; තවද වනාන්තරය හරහා සරහෙම්ලා ලෙස හැඳින්වනු ලබන දේශය තුළට ඔවුන් පැමිණෙන තෙක් උන්වහන්සේගේ හස්තයෙන් ඔවුන් මඟ පෙන්වීම ලබා ගත්තෝය.

14 තවද සරහෙම්ලාහි ජනතාව ලෙස හැඳින්වනු ලැබූ, ජනතාවක් ඔවුන් සොයා ගත්තෝය. දැන්, සරහෙම්ලාහි ජනතාව අතර මහත් ප්‍රීති වීම ද ඇති විය; තවද සරහෙම්ලා බොහෝ සේ ප්‍රීතිමත් වූහ, මක්නිසාද ස්වාමීන්වහන්සේ යුදෙව්වරුන්ගේ වාර්තාව අඩංගු වන පිත්තල තහඩු සමඟ මොසායාගේ ජනතාව එවූ හෙයින් ය.

15 බලව, තවද එය මෙසේ සිදු විය, එනම්, සරහෙම්ලාහි ජනතාව ජෙරුසලමෙන් පිටතට පැමිණියේ, යුදාහි රජු වූ, ශෙදෙකියා බබිලෝනියට වහල්කරුවෙකු සේ රැගෙන ගිය කාලයේදී බව මොසායා සොයා ගත්තේය.

16 තවද ඔවුන් වනාන්තරයෙහි ගමන් ගත්තේය, මොසායා ඔවුන්ව සොයා ගත් දේශය තුළට, තවද මහත් ජල හරහා ස්වාමීන්වහන්සේගේ දෑතින් ගෙන්වා ගත් සේක, තවද ඔවුන් ඒ කාලය සිට එහි වාසය කළෝය.

17 තවද මොසායා ඔවුන්ව සොයා ගත් කළෙහි, ඔවුන් බොහෝ සේ බහුල වුවෝය. එසේනමුත්, ඔවුන්ට බොහෝ සේ යුද්ධ සහ බරපතළ මතභේද තිබූ අතර, කාලයෙන් කාලයට කඩුවෙන් පසෙකට ද වැටුණි; තවද ඔවුන්ගේ භාෂාව දූෂණය වී තිබුනේය; තවද ඔවුන් තමන් සමඟ කිසිඳු වාර්තා රැගෙන ඇවිත් නොතිබුණි, තවද ඔවුන්ගේ මැවුම්කරුවාණන්ගේ ජීවය ඔවුන් ප්‍රතික්ෂේප කළෝය; තවද මොසායා, නොහොත් මොසායාගේ ජනතාවට ද, ඔවුන්ව තේරුම් ගැනීමට නොහැකි විය.

18 එහෙත් එය මෙසේ සිදු විය, එනම් මොසායා ඔවුන්ට ඔහුගේ භාෂාව උගන්වන ලෙස සැලසුවේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට මොසායාගේ භාෂාව ඉගැන්වූ පසු, ඔහුගේ මතකයට අනුව, ඔහුගේ පියවරුන්ගේ පෙළපතක් සරහෙම්ලා දුන්නේය; තවද ඒවා ලියා ඇත්තේය, එහෙත් මෙම තහඩු තුළ නොවේය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් සරහෙම්ලාහි ජනතාව ද, තවද මොසායාගේ ජනතාව ද, එකට එක් වී එක්සත් වුණි; තවද මොසායා ඔවුන්ගේ රජු ලෙස පත් කෙරුණි.

20 තවද මොසායාගේ දවස්වල දී එය මෙසේ සිදු විය, ඔහු වෙත ගෙන එන ලද කැටයම් සහිත විශාල ගලක් තිබුනේය; තවද දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මඟින් ඔහු කැටයම් අර්ථකථනය කළේය.

21 තවද කොරියැන්ටමර් කෙනෙකුගේ ද, ඔහුගේ ජනතාව මැරීම විස්තරයක් ද ඔවුන් දුන්නෝය. තවද සරහෙම්ලාහි ජනතාව විසින් කොරියැන්ටමර් සොයා ගනු ලැබීය; තවද චන්ද්‍රයින් නවයක කාල පරාසයක් පුරාවට ඔහු ඔවුන් සමඟ වාසය කළේය.

22 ඔහුගේ පියවරුන් පිළිබඳව ද එහි වචන ස්වල්පයක් කතා වූයේය. තවද ස්වාමීන්වහන්සේ ජනතාවගේ භාශාව ව්‍යාකූල කළ කාලයේ දී, ඔහුගේ පළමු දෙමාපියන් කුළුණෙන් පැමිණුනේය; තවද යුක්ති සහගත වන, උන්වහන්සේගේ විනිශ්චයන් අනුව ස්වාමීන්වහන්සේගේ දැඩිකම ඔවුන් මත වැටුණි; තවද දේශයේ උතුරු දිශාවේ ඔවුන්ගේ අස්ථි විසුරුවා තිබුණේය.

23 බලව, මම, ඇමෙලකායි, මොසායාගේ දවස්වල දී ඉපදුණි; තවද ඔහුගේ මරණය දැකීමට මම ජීවත් වී ඇත; තවද බෙන්ජමින්, ඔහුගේ පුත්, ඔහුගේ ස්ථානයෙදී පාලනය කළේය.

24 තවද බලව, බෙන්ජමින් රජුගේ දවස්වල දී, නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර බරපතළ යුද්ධයක් සහ බොහෝ ලේ වැගිරීම්, මම දැක ඇත්තෙමි. එහෙත් බලව, ඔවුන් කෙරෙහි බොහෝ වාසි ලබා ගත්තෝය; එසේය, එපමණින් එනම් බෙන්ජමින් රජු ඔවුන්ව සරහෙම්ලා දේශයෙන් පිටතට එළවා දැමුවේය.

25 තවද එය මෙසේ සිදු විය, එනම් මම මහළු වියට පත් වන්නට පටන් ගත්තෙමි; තවද, වංශයක් නොමැතිව, සහ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බෙන්ජමින් රජු යුක්ති සහගත මනුෂ්‍යයෙකු වීම දැන, ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වන, දෙවියන්වහන්සේ වෙතට පැමිණීමට සියලු මනුෂ්‍යයන්ව දිරිමත් කර, සහ අනාවැකි කීම කෙරෙහි, සහ එළිදරව් කිරීම් කෙරෙහි, සහ දේවදුතයන්ගේ මෙහෙකිරීම කෙරෙහි, සහ භාෂාවන් කතා කිරීමට ඇති දීමනාව කෙරෙහි, සහ භාෂාවන් අර්ථකථනය කිරීමට ඇති දීමනාව කෙරෙහි, සහ යහපත් වන සියලු දේ කෙරෙහි, විශ්වාස කිරීමට, එබැවින්, මා මෙම තහඩු ඔහු වෙත බාර දෙන්නෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන්නාක් මිස කිසිදුු දෙයක් යහපත් නැත: තවද නපුර පැමිණෙන්නේ යක්ෂයාගෙන් ය.

26 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, තවද උන්වහන්සේගේ මිදීමෙහි බලය, සහ උන්වහන්සේගේ ගැලවීම භුක්ති විඳ, ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වන, ක්‍රිස්තුස්වහන්සේ වෙත නුඹලා පැමිණීම සඳහා මම කැමැත්තෙන් සිටින්නෙමි. එසේය, උන්වහන්සේ වෙත පැමිණෙන්න, තවද නුඹලාගේ සියලු ප්‍රාණ පූජාවක් මෙන් උන්වහන්සේ හට ඔප්පු කරන්න, තවද නිරාහාරයේ සහ යාච්ඤාවේ යෙදී සිටිමින්, අවසානය දක්වා විඳදරා ගන්න; තවද ස්වාමීන්වහන්සේ ජීවමාන සේම් නුඹලා ද මුදවනු ලැබේ.

27 තවද දැන් වනාන්තරය ඉහළ තුළට ගොස් නීෆායිවරුන්ගේ දේශයට නැවත පැමිණූ නිශ්චිත සංඛ්යාවක් පිළිබඳව මම කතා කරන්නෙමි; මක්නිසාද ඔවුන්ගේ උරුම වූ දේශය හිමි කර ගැනීමට ආශා කළ බොහෝ සංඛ්යාවක් සිටියෝය.

28 එබැවින්, ඔවුන් වනාන්තරය ඉහළ තුළට ගියෝය. තවද ඔවුන්ගේ නායකයා ශක්තිමත් සහ ප්‍රබල මනුෂ්‍යයෙකු වූ අතර, මුරණ්ඩු මනුෂ්‍යයෙකු ද විය, එබැවින් ඔහු ඔවුන් අතර මතභේදයක් ඇති කළේය; තවද වනාන්තරයෙහි, පනස්දෙනෙකු හැර, ඔවුන් සියල්ලෝම මරා දමන ලදී, තවද ඔවුන් නැවතත් සරහෙම්ලා දේශයට පැමිණියෝය.

29 තවද එය මෙසේ සිදු විය, එනම් අනෙක් අයව ද සැලකිය යුතු තරමක සංඛ්‍යාවක් කරා ගෙන ගියෝය, තවද නැවතත් වනාන්තරය තුළට ඔවුන්ගේ ගමන ගෙන ගියෝය.

30 තවද මම, ඇමෙලකායි හට, ඔවුන් සමඟ ද ගමන් ගිය, සහෝදරයෙකු සිටියේය; තවද එතැන් සිට ඔවුන් පිළිබඳව කිසිඳු දෙයක් මා දන්නේ නැත. තවද දැන් මම මාගේ සොහොනෙහි වැතිරෙන්නට යන අතර, මෙම තහඩු ද සම්පූර්ණ වී ඇත. තවද මම මාගේ කතාවෙහි අවසානයක් කරන්නෙමි.