ජෙරොම්ගේ පොත
1 වන පරිච්ඡේදය
නීෆායිවරු මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදිති, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම අපේක්ෂා කරයි, සහ දේශයේ සමෘද්ධිමත් වෙයි – බොහෝ අනාගතවක්තෘවරුන් ජනතාව නිවැරදි මාර්ගයේ තබා ගැනීමට සේවය කරයි. ක්‍රි.පූ. 399–361 පමණ
1 දැන් බලන්න, ජෙරම් වන මම, මාගේ පියා ඊනොස්ගේ ආඥා වලට අනුව අපගේ වංශය පවත්නා පිණිස වචන ස්වල්පයක් කතාකරමි.
2 තවද මෙම වාර්තා කුඩා වන අතර, මේවා ලියා ඇත්තේ අපගේ සහෝදරයන් වන ලේමන්වරුන්ගේ යහපත සදහාය. මක්නිසාදයත්, මම කෙටියෙන් ලිව යුතුය. එහෙත් මම මාගේ අනාගත වාක්‍ය හෝ හෙලිදරව් නොලියමි. මක්නිසාද මාගේ පියවරුන් ලිව්වාට වැඩි යමක් මා ලිවිය යුතුද? ඔවුන් ගැලවීමේ සැලැස්ම හෙලිදරව් කර නොමැත්තෙහුද? මා නුඹලාට කියන්නෙමි, එසේය, තවද එය මා හට සෑහෙන්නේය.
3 බලන්න, මෙම ජනතාව අතර මෙය යොග්‍ය වන්නේය, මක්නිසාද හදවත්වල දැඩි බවත්, කන්වල බිහිරිබවත්, මනසේ අන්ධභාවයත්, තවද ඔවුන්ගේ දැඩිභාවයත් හෙයිනි. දෙවියන්වහන්සේ ඔවුන්ට බෙහෙවින් කාරුණික වන සේක. තවද තවමත් ඔවුන් දේශය මතුපිටින් අතුගා ඉවත නොදමන්නේය.
4 තවද විශාල වශයෙන් හෙලිදරව් ඇති බොහෝ දෙනා අප අතර ඇත්තේය. ඔවුන් සියලුදෙනා දරදඩු අය නොවන්නේය. තවද දරදඩු නොවන බොහෝ දෙනාට ඇදහිල්ල තිබෙන්නේය. ඔවුන්ගේ ඇදහිල්ලට අනුව මනුෂ්‍ය දරුවන් මත ප්‍රකාශවන ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකම ඇත.
5 තවද දැන්, බලන්න, වසර දෙසීයක් ගත වී ඇත, තවද නීෆායිගේ ජනතාව දේශයමත වැඩිවර්ධනය වී ඇත. ඔවුන් ස්වාමීන්වහන්සේට මෝසෙස්ගේ ව්‍යවස්ථාවත් සබත්දිනයත් ශුද්ධවත්ලෙස පැවැත්වීය. තවද ඔවුන් මිත්‍යාදෘශ්ඨික නොවූහ. දේවාපහාසද නොකෙරූහ. තවද දේශයෙහි ව්‍යවස්ථාව බෙහෙවින් ශක්තිමත් විය.
6 තවද ඔවුන් දේශය මතුපිට විසිරුවා තිබුණේය, තවද ලේමන්වරුන්ද එසේය. ඔවුන් නීෆායිවරුන්ට වඩා සංඛ්‍යාවෙන් වැඩි විය. තවද ඔවුන් මිනිමැරීමටද මෘගයන්ගේ රුදිරය පානයටද ඇළුම් වූහ.
7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් බොහෝ වතාවක් අපට විරුද්ධව, නීෆායිවරු යුද්ධයට පැමිණියහ. එහෙත් අපගේ රජවරුන් සහ අපගේ නායකයන් ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ බලවත් මනුෂ්‍යන් වූහ; තවද ඔවුන් මනුෂ්‍යන්ට ස්වාමීන්වහන්සේගේ මාර්ගයන් ඉගැන්වීය; එබැවින්, අප ලේමන්වරුන්ට විරුද්ධව සිටියහ, තවද ඔවුන් නෙරපාදමා අපගේ උරුමයේ නගරයන් කොටුකර ගත්තෙමු.
8 තවද අප වැඩි වැඩියෙන් වර්ධනය වී දේශය පුරා පැතිරිණි, තවද රන් වලින් සහ රිදී වලින් පොහොසත් විය, තවද වටිනා දෑ වලින්, තවද සියුම් වඩු වැඩ නිර්මාණ වලින්ද, ගොඩනැගිලි වලින් ද යන්ත්‍රෝපකරණ වලින් ද යකඩ සහ තඹ වලින්ද තවද පිත්තල සහ වානේද තවද පොළව හෑරීමට අවශ්‍ය සියලු උපකරණ යුද්ධ සදහා ආයුධ ද – එසේය මුවහත් කල ඊතල, ඊ කොපුව, තවද කීරද තවද හෙල්ල වැනි යුද්ධයට අවශ්‍ය සියළු දේ සූදානම් කෙරීය.
9 තවද මෙසේ ලේමන්වරුන් සූදානම්ව සිටියදී ඔවුන් අපට විරුද්ධව සශ්‍රික නොවූහ. එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනය අපගේ පියවරුන්ට පැවසූ අකාරයට එනම්: ඔවුන් මාගේ අණ පනත් පිළිපදින්නේ නම් ඔවුන් දේශයේ සමෘද්ධිමත්ය, යන්න ස්ථීරව තිබුණේය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ වචන අනුව අනාගතවක්තෘ විසින් නීෆායිගේ ජනතාවට තර්ජනය කලහ, එනම් ඔවුන් අණපනත් නොපිලිපදිමින්, එහෙත් වරදට වැටෙනවා නම්, ඔවුන් පොළෝ තළයෙන් විනාශ වී යා යුතු විය.
11 එබැවින්, අනාගතවක්තෘවරුන්, තවද පූජකවරයන්, තවද ගුරුවරුන්, උනන්දු ලෙස වෙහෙස වී ඉතා උද්‍යෝගිමත්ව සහ බොහෝ ඉවසිලිවන්තව; මෝසෙස්ගේ ව්‍යවස්ථාව සහ එය ලබා දී ඇති ඇභිප්‍රායත් උගන්වමින්, ජනතාවට අවවාද කළේය; තවද මෙසියස්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන්ද තවද උන්වහන්සේ පැමිණ ඇතිවාක්මෙන් විශ්වාස කිරීමට පෙළබවිය. තවද ඔවුන් මෙම ආකාරයට ඔවුන්ට ඉගැන්නුවේය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් දේශය මතුපිට ඔවුන් විනාශවීම වැළැක්වීමට එසේකල අතර; මක්නිසාද ඔවුන්ට වචන වලින් අනිමින් පසුතැවිල්ල වෙතට ගෙන යාමට එසේ කළේය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ කාල අවකාශයන් පුරාවට යුද්ධ, ආරවුල් සහ මතභේද ආකාරයේ ඇති වූ පසු – වසර දෙසිය තිස් අටක් ගෙවී ගොස් තිබුණි.
14 තවද ජෙරොම් වන මා තවත් නොලියන්නෙමි. මක්නිසාද තහඩු කුඩා නිසාය. එහෙත් බලන්න මාගේ සහෝදරයිනි, නුඹලාට නීෆායිගේ අනෙක් තහඩු වෙත යා හැකිය. ඒ නිසා බලන්න අපගේ යුධ වාර්තාවන් රජවරුන්ගේ වාර්තාවන්ට අනුව ලිවීමට සැලස්වූ ඒවා මත කැටයම්ව ඇත්තේය.
15 තවද මම මෙම තහඩු මාගේ පුත්‍ර ඔම්නිගේ දෑත මත තබන්නෙමි, එනම් ඔවුන් මාගේ පියවරුන්ගේ අණ පනත් පිළිපදින පිණිසය.