14 වන පරිච්ඡේදය
ජනතාවගේ අයුතුකම දේශය මතට ශාපයක් ගෙන එයි – කොරියැන්ටමර් ගිලියද්ට එරෙහිවත්, පසුව ලිබ්ට, තවද පසුව ශිස්ට එරෙහිව යුද්ධ කරයි – ලේ සහ සංහාරයෙන් දේශය වැසී යයි.
1 තවද දැන් ජනතාවගේ අයුතුකම නිසාවෙන් මුළු දේශය කෙරෙහිම මහත් ශාපයක් ඇති වීමට පටන් ගත්තේය, එනම්, මනුෂ්‍යයෙකු තම ආයුධය හෝ කඩුව තම රාක්කයේ හෝ ඔහු එය තබා ගන්නා ස්ථානයේ තැබුවද, බලව, හෙට දිනයේදී, ඔහුට එය සොයාගත නොහැකි විය, එනම් දේශය කෙරෙහි ශාපය එලෙස විශාල වූවේය.
2 එබැවින් සෑම මනුෂ්‍යයෙක්ම තමාගේම දෑත්වලින්, තමාට අයිති දේට ඇලී සිටි අතර, තවද ණයට ගැනීමට හෝ ණයට දීමට අකමැති වූවේය; තවද සෑම මනුෂ්‍යයෙක්ම තම දේපළ, තමාගේම ජීවිතය සහ තම භාර්යාවන් සහ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා තම දකුණු අතේ තම කඩුවේ මිට තබා ගත්තේය.
3 තවද දැන්, වසර දෙකක කාලයකට පසු, සහ ෂැරඩ්ගේ මරණයෙන් පසු, බලව, ෂැරඩ්ගේ සහෝදරයා නැඟිට සහ කොරියැන්ටමර්ට එරෙහිව සටනක් කළේය, එහිදී කොරියැන්ටමර් ඔහුට පහර දී තවද අකිෂ් වනාන්තරය දක්වා ඔහුව ලුහුබැඳ ගියේය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ෂැරඩ්ගේ සහෝදරයා අකිෂ් වනාන්තරයේදී ඔහුට එරෙහිව සටන් කළේය; තවද සටන අතිශයින් දරුණු වූ අතර, බොහෝ දහස් ගණනක් කඩුවෙන් වැටුණෝය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් වනාන්තරය වටලෑවුවේය; තවද ෂැරඩ්ගේ සහෝදරයා රාත්‍රියේ වනාන්තරයෙන් පිටතට ගමන් කොට, තවද කොරියැන්ටමර්ගේ හමුදාවෙන් කොටසක්, එනම් ඔවුන් බීමත්ව සිටියදී මරා දැමුවේය.
6 තවද ඔහු මොරොන් දේශයට පැමිණ, තවද ඔහුව කොරියැන්ටමර්ගේ සිංහාසනය මත තබාගත්තේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් ඔහුගේ හමුදාව සමඟ වනාන්තරයේ වසර දෙකක කාලයක් වාසය කළ අතර, එම කාලය තුළ ඔහු ඔහුගේ හමුදාවට විශාල ශක්තියක් ලබාගත්තේය.
8 දැන් එසේම ගිලියද් නම් වූ, ෂැරඩ්ගේ සහෝදරයා ද, රහස් කල්ලි නිසා ඔහුගේ හමුදාවට මහත් ශක්තියක් ලබා ගත්තේය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු තම සිංහාසනය මත හිඳගෙන සිටියදී ඔහුගේ උත්තම පූජකයා විසින් ඔහුව ඝාතනය කළේය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් රහස් කල්ලි වලින් එකක් ඔහුව රහසිගත මාර්ගයකදී ඝාතනය කර, තවද රාජ්‍යය ඔහු මත ලබා ගත්තේය; තවද ඔහුගේ නම ලිබ් විය; තවද ලිබ් යනු සියලු ජනයා අතර සිටි වෙනත් ඕනෑම මනුෂ්‍යයෙකුට වඩා, ශ්‍රේෂ්ඨ උසකින් යුත් මනුෂ්‍යයෙක් විය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ලිබ් ගේ පළමු වසරේදී, කොරියැන්ටමර් මොරොන් දේශයට පැමිණ, තවද ලිබ්ට එරෙහිව සටන් කළේය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ලිබ් සමඟ සටන් කළ අතර, එහිදී ලිබ් ඔහුගේ අතට පහර දුන් අතර ඔහු තුවාල ලැබීය; එසේනමුත්, කොරියැන්ටමර්ගේ හමුදාව ලිබ් වෙත ඉදිරියට ගිය අතර, එනම් ඔහු මුහුදු වෙරළේ දේශසීමා වෙත පලා ගියේය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් ඔහුව ලුහුබැඳ ගියේය; තවද ලිබ් මුහුදු වෙරළේදී ඔහුට එරෙහිව සටන් කළේය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් ලිබ් කොරියැන්ටමර්ගේ හමුදාවට පහර දුන් අතර, එනම් ඔවුන් නැවතත් අකිෂ් වනාන්තරයට පලා ගියහ.
15 තවද එය මෙසේ සිදු විය, එනම් අගොෂ් තැනිතලාවට පැමිණෙන තෙක් ලිබ් ඔහු පසුපස හඹා ගියේය. තවද කොරියැන්ටමර් ඔහු පලා ගිය දේශයේ එම කොටසේදී ලිබ් ඉදිරියෙන් ඔහු පලා යන විට සියලු ජනතාව ඔහු සමඟ රැගෙන ගියේය.
16 තවද ඔහු ඈගෂ් මිටියාවත වෙතට පැමිණි විට, ඔහු ලිබ්ට විරුද්ධව සටනක් දුන් අතර, තවද ඔහු මරණයට පත්වන තුරු ඔහුට පහර දුන්නේය; එසේනමුත්, ලිබ්ගේ සහෝදරයා ඔහු වෙනුවෙන් කොරියැන්ටමර්ට විරුද්ධව පැමිණියේය, තවද සටන අතිශයින් දරුණු විය, එහිදී කොරියැන්ටමර් නැවතත් ලිබ්ගේ සහෝදරයාගේ හමුදාව ඉදිරියෙන් පලා ගියේය.
17 දැන් ලිබ්ගේ සහෝදරයාගේ නම ශිස් නමින් හඳුන්වන ලද්දේය. තවද එය මෙසේ සිදු විය, එනම් ශිස් කොරියැන්ටමර් පසුපස ලුහුබැඳ ගොස්, තවද ඔහු බොහෝ නගර ජයග්‍රහනය කළේය, තවද ඔහු කාන්තාවන් සහ දරුවන් දෙගොල්ලන්ම මරා දමා, තවද ඔහු නගර ගිනිබත් කළේය.
18 තවද එහි සියලු දේශය පුරාම ශිස් කෙරෙහි භීතියක් ඇති විය; එසේය, දේශය මුලුල්ලේම මොර ගැසීමක් පැතිර ගියේය – ශිස්ගේ හමුදාවට ඉදිරියෙන් සිටිය හැක්කේ කාහටද? බලව, ඔහු තමා ඉදිරියෙහි පොළොව අතුගා දමන්නේය!
19 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව සියලු දේශයේ තලය මුලුල්ලේම, හමුදාවන් ලෙස රැළ ගැසී එක්රැස් වීමට පටන් ගත්තෝය.
20 තවද ඔවුන් බෙදී සිටියෝය; තවද ඔවුන්ගෙන් කොටසක් ශිස්ගේ හමුදාවට පලා ගියෝය, තවද ඔවුන්ගෙන් කොටසක් කොරියැන්ටමර්ගේ හමුදාවට පලා ගියෝය.
21 තවද යුද්ධය කෙතරම් බලවත් සහ කල් පවතින එකක් වීද යත්, තවද ලේ වැගිරීම් සහ සංහාරයයේ දර්ශනය ඉතා දිගුවිය, එනම් සියලු පොළොවේ මුහුණත මළවුන්ගේ සිරුරුවලින් වැසී ගොස් තිබුණි.
22 තවද යුද්ධය කෙතරම් ඉක්මන් සහ සීඝ්‍රද යත්, එනම් මළවුන් භූමදාන කිරීමට කිසිවෙකු ඉතිරි නොවීය, එහෙත් ඔවුන් ලේ වැගිරීමෙන් ලේ වැගිරීමට ඉදිරියට ගිය අතර, මනුෂ්‍යයන්, කාන්තාවන් සහ දරුවන් යන දෙපිරිසගේම සිරුරු සියලු දේශයේ තලය පුරා විසිරී ගොස්, මාංශයේ පණුවන්ට ගොදුරුක් වීමට අත්හරුනු ලැබුවෝය.
23 තවද එහිවු දුගඳ දේශයේ තලය පුරාම පැතිර ගිය අතර, සියලු පොළොව තලය පුරා පවාම පැතිර ගියේය; එබැවින් එහිවු දුගඳ නිසාවෙන් ජනතාව, දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේ කරදරයට පත් වූහ.
24 එසේනමුත්, ශිස් කොරියැන්ටමර්ව ලුහුබැඳීම නතර නොකළේය; මක්නිසාද මරා දමන ලද ඔහුගේ සහෝදරයාගේ රුධිරය මත සහ කොරියැන්ටමර් කඩුවෙන් නොවැටෙන බවට, එනම් ඊතර් වෙත පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනය මත කොරියැන්ටමර්ගෙන් පළිගැනීමට ඔහු දිවුරුම් දී තිබුණි.
25 තවද මෙසේ එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ කෝපයේ පූර්ණත්වයෙන් ඔවුන්ව බැහැදකින බවත්, තවද ඔවුන්ගේ දුෂ්ටකම සහ පිළිකුල්කම් ඔවුන්ගේ සදාකාලික විනාශය සඳහා මාර්ගයක් සූදානම් කළ බවත් අප දකින්නෙමු.
26 තවද එය මෙසේ සිදු විය, එනම් ශිස් කොරියැන්ටමර් නැගෙනහිර දෙසට, මුහුදු වෙරළේ සීමාවන් දක්වා ලුහුබැඳ ගියේය, තවද එහිදී ඔහු දින තුනක කාල පරාසයක් පුරාවට ශිස්ට විරුද්ධව සටන් කළේය.
27 තවද ශිස්ගේ හමුදාවන් අතර විනාශය කෙතරම් භයාංකාරද යත් එනම් ජනතාව බියට පත් වී, තවද කොරියැන්ටමර්ගේ හමුදාවන් ඉදිරියෙන් පලා යාමට පටන් ගත්හ; තවද ඔවුන් කොරිහෝර් දේශයට පලා ගොස්, තවද ඔවුන්ට ඉදිරියේ සිටි වැසියන්, ඔවුන්ට එකතු නොවන සියල්ලන්ම, විනාශ කළහ.
28 තවද ඔවුන් කොරිහෝර් මිටියාවතේ ඔවුන්ගේ කූඩාරම් පිහිටුවා ගත්තෝය; තවද කොරියැන්ටමර් ශර් මිටියාවතේ ඔවුන්ගේ කූඩාරම් පිහිටුවා ගත්තෝය. දැන් ශර් මිටියාවත කොම්නෝර් කන්ද අසල විය; එබැවින්, කොරියැන්ටමර් කොම්නෝර් කන්ද මත ඔහුගේ හමුදාවන් එක්රැස් කර, තවද ශිස්ගේ හමුදාවන්ට යුද්ධයට පෙරට ආරාධනා කිරීම සඳහා හොරණෑවක් ශබ්ද කළේය.
29 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පිටතට පැමිණී අතර, එහෙත් නැවත පලවා හරින ලදී; තවද ඔවුන් දෙවන වරටත් පැමිණි අතර, දෙවන වරටත් ඔවුන් නැවත පලවා හරින ලදී. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් තුන්වන වරටත් පැමිණි අතර, තවද සටන බෙහෙවින් දරුණු විය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් ශිස් කොරියැන්ටමර් මත පහර දුන් අතර එනම් ඔහු, ඔහුට බොහෝ ගැඹුරු තුවාල ඇති කළේය; තවද කොරියැන්ටමර්, ඔහුගේ රුධිරය අහිමි වීමෙන්, ක්ලාන්ත වී, තවද ඔහු මරණයට පත්වුවාක් මෙන් උසුලාගෙන ගියෝය.
31 දැන් දෙපැත්තෙන්ම මනුෂ්‍යයන්, කාන්තාවන් සහ දරුවන් අහිමි වීම කෙතරම් මහත්ද යත්, එනම් කොරියැන්ටමර්ගේ හමුදාවන් ලුහුබැඳ නොයන ලෙස ශිස් තමන්ගේ ජනතාවට අණ කළේය; එබැවින්, ඔවුන් තම කඳවුරට ආපසු ගියෝය.