7 වන පරිච්ඡේදය
ඔරීහා ධර්මිෂ්ඨකමින් රජකම් කරයි – අත්පත් කර ගැනීම් සහ ආරවුල් මධ්‍යයේ, ෂූල් සහ කෝහෝර් යන ප්‍රතිවාදී රාජ්‍යයන් පිහිටුවා ඇත – අනාගතවක්තෘවරු ජනතාවගේ දුෂ්ටකම සහ රූප වන්දනාව හෙළා දකින අතර, පසුව ඔවුන් පසුතැවිලි වෙති.
1 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔරීහා ඔහුගේ සියලු දවස්වලදී දේශය කෙරෙහි ධර්මිෂ්ඨකමින් විනිශ්චය කෙළේය, ඔහුගේ දවස් ඉතා බොහෝ විය.
2 තවද ඔහු පුත්‍රයන්ද දූවරුන්ද ජනිත කළේය; එසේය, ඔහු තිස් එකක් ජනිත කළේය, ඔවුන් අතරේ පුතුන් විසිතුන් දෙනෙක් සිටියහ.
3 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු එසේම ඔහුගේ මහලු වියේදී කිබ් ජනිත කළේය. තවද එය මෙසේ සිදු විය, එනම් කිබ් ඔහු වෙනුවට රජ විය; තවද කිබ් කොරිහෝර් ජනිත කළේය.
4 තවද එවිට කොරිහෝර් ඔහුට වයස තිස් දෙකක් වූ විට ඔහු ඔහුගේ පියාට විරුද්ධව කැරලි ගසා, නිහොර් දේශයට එතෙර වී එහි වාසය කළේය; ඔහුට දාව පුතුන් හා දියණියන් බිහි විය, ඔවුන් ඉතා රූමත් විය; එබැවින් කොරිහොර් බොහෝ මනුෂ්‍යයන් තමා පසුපස ඇද ගත්තේය.
5 තවද ඔහු හමුදාවක් රැස් කරගත් පසු, රජු වාසය කළ මොරොන් දේශයට පැමිණ, තවද ඔහුව වහල්භාවයට ගෙන ගියේය, එය ඔවුන් වහල්භාවයට ගෙන යන බවට ජැරඩ්ගේ සහෝදරයාගේ කියමන ඉටු කළේය.
6 දැන් රජු වාසය කළ මොරොන් දේශය, නීෆායිවරුන් විසින් පාළුකරය ලෙස හඳුන්වන දේශයට ආසන්නව පිහිටා තිබුණි.
7 තවද එය මෙසේ සිදු විය, එනම්, කිබ් වහල්භාවයේ ජීවත් වුයේය, තවද ඔහු බෙහෙවින් වයස්ගත වීමට පැමිණෙන තුරු ඔහුගේ පුත්‍රයා වු කොරිහෝර් යටතේ ඔහුගේ ජනතාව ජීවත්වූහ; එසේවුවත් කිබ් ඔහු වහල්භාවයේ සිටියදී ඔහුගේ මහලු වියේදී ෂූල් ජනිත කළේය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ෂූල් ඔහුගේ සහෝදරයා සමඟ කෝප විය; ෂූල් ශක්තිමත් වී, මනුෂ්‍යයෙකුගේ ශක්තියෙන් බලවත් විය; ඔහු විනිශ්චයෙන් ද බලවත් විය.
9 එසේහෙයින් ඔහු ඊෆ්රයිම් කන්දට පැමිණ, තවද ඔහු උනුකරවා ගත් ලෝහ කන්දෙන් පිටතට ගෙන, තවද ඔහු සමග ඉවතට ඇද ගත්තාවු ඔවුන් උදෙසා ලෝහයෙන් කඩු සෑදුවේය; ඔහු ඔවුන් කඩුවලින් සන්නද්ධ කිරීමෙන් පසු නිහොර් නගරයට ආපසු ගොස්, ඔහුගේ සහෝදර කොරිහෝර් සමග යුද්ධ කොට, ඒ ආකාරයෙන් ඔහු රාජ්‍යය ලබාගෙන එය ඔහුගේ පියා වන කිබ්ට නැවත ලබා දුන්නේය.
10 තවද දැන් ෂූල් කළාවු දේවල් නිසාවෙන්, ඔහුගේ පියා ඔහුට රාජ්‍යය භාර දුන්නේය; එසේහෙයින් ඔහු තම පියා වෙනුවට රජ වීමට පටන් ගත්තේය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය ක්‍රියාත්මක කරන ලද්දේය, තවද ඔහු තම රාජ්‍යය මුළු දේශය පුරාම ව්‍යාප්ත කළේය, මක්නිසාද ජනතාව අතිශයින් ගණනින් වැඩි වූහ.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ෂූල් එසේම බොහෝ පුත්‍රයන්ද දූවරුන්ද ජනිත කළේය.
13 තවද කොරිහෝර් ඔහු කළාවු බොහෝ නපුරුකම් ගැන පසුතැවිලි විය; එබැවින් ෂූල් ඔහුට ඔහුගේ රාජධානියේ බලය ලබා දුන්නේය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් කොරිහෝර් හට බොහෝ පුත්‍රයන්ද, දූවරුන්ද වූහ, තවද කොරිහෝර්ගේ පුත්‍රයන් අතර නෝවා නම් කෙනෙක් සිටියේය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් නෝවා රජවු ෂූල්ට, තවද එසේම ඔහුගේ පියා වන කොරිහොර්ට විරුද්ධව කැරලි ගසා, තවද ඔහුගේ සහෝදරයා වු කොහෝර් ද, තවද එසේම ඔහුගේ සියලු සහෝදරයන් සහ බොහෝ දෙනෙකු රැගෙන ගියේය.
16 තවද ඔහු ෂූල් රජුට එරෙහිව සටනක් ලබා දුන් අතර, එම දේශයේ දී ඔහුට ඔවුන්ගේ පළමු උරුමය හිමි විය; තවද ඔහු එම දේශයේ කොටසක රජෙකු බවට පත් විය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ෂූල් රජුට නැවත සටනක් දුන්නේය; තවද ඔහු ෂූල් රජු අල්ලාගෙන තවද මොරොන් වෙත වහල්භාවයට ගෙන ගියේය.
18 තවද එය මෙසේ සිදු විය, ඔහු ඔහුව මරා දැමීමට සූදානම් වන විට, ෂූල්ගේ පුත්‍රයෝ රාත්‍රියේ නෝවාගේ නිවසට රිංගා ඔහුව මරා දමා, තවද සිරගෙදර දොර කඩා, තවද ඔවුන්ගේ පියා පිටතට ගෙනැවිත්, තවද ඔහුගේම රාජ්‍යයේ ඔහුගේ සිංහාසනය මත තැබූහ.
19 එසේහෙයින්, නෝවාගේ පුත්‍රයා ඔහු වෙනුවට ඔහුගේ රාජ්‍යය ගොඩනඟා ගත්තේය; කෙසේවෙතත්, ඔවුන්ට ෂූල් රජුගෙන් තවදුරටත් බලය නොලැබුණු අතර, ෂූල් රජුගේ පාලනය යටතේ සිටි ජනතාව අතිශයින් සමෘද්ධිමත් වී ශක්තිමත් විය.
20 තවද රට බෙදී ගියේය; තවද ෂූල්ගේ රාජ්‍යය සහ නෝවාගේ පුත්‍රයා වූ කොහෝර්ගේ රාජ්‍යය ලෙස රාජ්‍ය දෙකක් ඇති විය.
21 තවද නෝවාගේ පුත් කොහෝර්, තම ජනතාව ෂූල්ට එරෙහිව සටන් කිරීමට සැලැස්වූ අතර, එහිදි ෂූල් ඔවුන්ට පහර දී තවද කොහෝර් මරා දැමීය.
22 තවද දැන් නිම්රොඩ් යයි නම්කරන ලද්දා වූ පුත්‍රයෙකු කොහෝර්ට විය; තවද නිම්රොඩ් කොහොර් රාජධානිය ෂූල්ට භාර දුන්නේය, තවද ඔහු ෂූල්ගේ ඇස් ඉදිරියේ ප්‍රසාදය ලබා ගත්තේය; එසේහෙයින් ෂූල් ඔහු මත බලවත් ප්‍රසාදයන් ප්‍රදාණය කරන ලද්දේය, තවද ඔහු ෂූල්ගේ රාජධාණියෙහි ඔහුගේ කැමැත්තට අනුව කටයුතු කළේය.
23 තවද එසේම ෂූල්ගේ පාලන සමයේදී, මනුෂ්‍යයන් අතරට ස්වාමීන්වහන්සේ විසින් එවන ලද අනාගතවක්තෘවරුන් පැමිණ, ජනතාවගේ දුෂ්ටකම සහ රූප වන්දනාව දේශයට ශාපයක් ගෙන එන බවත්, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් විනාශ විය යුතු බවත් අනාවැකි පළ කළහ.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව අනාගතවක්තෘවරුන්ට අපහාස කළ අතර ඔවුන්ට සමච්චල් කළහ. තවද එය මෙසේ සිදු විය, එනම් ෂූල් රජු අනාගතවක්තෘවරුන්ට අපහාස කළ සියල්ලන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කළේය.
25 තවද ඔහු මුළු දේශය පුරාම නීතියක් ක්‍රියාත්මක කළේය, එමඟින් අනාගතවක්තෘවරුන්ට ඔවුන් කැමති ඕනෑම තැනකට යා යුතු බවට බලය ලැබුණි; තවද මේ හේතුව නිසා ජනතාව පසුතැවිල්ලට ගෙන එන ලදී.
26 තවද ජනතාව ඔවුන්ගේ අයුතුකම් සහ රූප වන්දනාවන් ගැන පසුතැවිලි වූ නිසා, ස්වාමීන්වහන්සේ ඔවුන්ව බේරාගත් අතර, ඔවුන් නැවතත් දේශයේ සමෘද්ධිමත් වීමට පටන් ගත්තෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ෂූල් තම මහලු වියේදී පුතුන් හා දියණියන් බිහි කළේය.
27 තවද එහි ෂූල්ගේ දවස්වල තවදුරටත් යුද්ධ තිබුණේ නැත; පොරොන්දු දේශයට මහා ගැඹුර හරහා තම පියවරුන් ගෙන ඒමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ට කළ ශ්‍රේෂ්ඨ දේවල් ඔහු සිහිපත් කළේය; එබැවින් ඔහු ඔහුගේ සියලු දවස්වල ධර්මිෂ්ඨකමින් විනිශ්චය ක්‍රියාත්මක කළේය.