9 වන පරිච්ඡේදය
මොරෝනායි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන අය ගෙන් පසුතැවිලිවන ලෙස ඉල්ලා සිටියි – ඔහු ඇදහිලිවන්තයින් උදෙසා එළිදරව් දෙනු ලබන හා ත්‍යාග හා සංකේත වගුරවන, හාස්කම් දෙවියන්වහන්සේ කෙනෙකු ප්‍රකාශ කරයි – හාස්කම් අවිශ්වාසය නිසා නතර වේ – විශ්වාස කරන ඔවුන්ව සංකේත අනුගමනය කරයි – මනුෂ්‍යයින්ට ප්‍රඥාවන්ත වීමට සහ අණ පනත් පිළිපැදීමට දිරිමත් කරනු ලැබේ. ක්‍රි.ව. 401–421 දී පමණ.
1 තවද දැන්, මම ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස නොකරන්නන් පිළිබඳව ද කතා කරමි.
2 බලව, නුඹ නුඹගේ බැහැදැකීමේ දවස විශ්වාස කරන්නේද – බලව, ස්වාමීන්වහන්සේ පැමිණෙන කළ, එසේය, පොළොව පත්‍රයක් මෙන් පවා අකුළවනු ලබන්නේය, තවද මූලද්‍රව්‍ය දිදුලන තාපය සමඟින් දිය වී යනු ලබන ඒ ශ්‍රේෂ්ඨ දවසේ දී පවා, එසේය, නුඹලා දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් ඉදිරියෙහි සිටින්නට පමුණවනු ලබන එම ශ්‍රේෂ්ඨ දවසේ දී – එහි දෙවිකෙනෙක් නැතැයි එනම් එවිට නුඹලා පවසනවා ද?
3 එවිට නුඹලා තව දුරටත් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේද, නැතහොත් නුඹලාට දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් බැලිය හැකිද? නුඹලා උන්වහන්සේ සමඟ නුඹලාගේ වරදකාරී හැඟීමෙන් යුක්තව වාසය කරනු ඇතැයි එනම් නුඹලා සිතන්නෙහුද? නුඹලා උන්වහන්සේගේ නීති සෑමවිටම උල්ලංඝනය කර ඇති බවට එනම් නුඹලාගේ ආත්මයන් වරදකාරී හැඟීමෙන් වඳවිදින විට, නුඹලාට ඒ ශුද්ධ වූ තැනැන්වහන්සේ සමඟ සතුටින් වාසය කිරීමට හැකි යැයි එනම් නුඹලා සිතන්නෙහුද?
4 බලව, මම නුඹට කියමි එනම් නිරයෙහි විනාශයට පත්වුනු ආත්මයන් සමඟ වාසය කරනවාට වඩා, ශුද්ධ වූ හා යුක්ති සහගත දෙවියන්වහන්සේ සමඟ වාසය කිරීම, උන්වහන්සේ ඉදිරියෙහි නුඹේ අපවිත්‍රකම පිළිබඳ වරදකාරී හැඟීම යටතේ වාසය කිරීමට නුඹ වඩාත් දුක්ඛිත වනු ඇත.
5 මක්නිසාද බලව, දෙවියන්වහන්සේ ඉදිරියට නුඹලාගේ නග්නභාවය, තවද දෙවියන්වහන්සේගේ මහිමය, තවද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවත්කම දැකීමට නුඹලා ගෙනෙනු ලබන විට, එය නුඹලා වෙතට නොනිවෙන ගින්නක් දල්වනු ඇත.
6 අහෝ එවිට අවිශ්වාසවන්ත වූ නුඹලා, ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා හැරෙන්න; ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට බලවත් ලෙස මොරගසන්න, එනම් එම ශ්‍රේෂ්ඨ හා අවසාන දවසේ දී, බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් පවිත්‍රත්වය ලබා, නිර්මලව, අවංකව, තවද පිරිසිදුව, එනම් සමහරක් විට නුඹලා නොකැළැල්ව සොයාගනු ලබනු පිණිසය.
7 තවද දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීම් ප්‍රතික්ෂේප කරන, තවද ඒවා නවතා ඇතැයි, එනම් එළිදරව් කිරීම් නැත්තේය, අනාවැකි කීම නැත්තේය, දීමනා නැත්තේය, සුව කිරීම නැත්තේය, අන්‍ය භාෂාවලින් කථා කිරීම සහ භාෂා අර්ථ කථනය නැත්තේය, බව පවසන නුඹලාට නැවතත් මම කතා කරමි;
8 බලව මම නුඹට කියමි, මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොදන්නේය; එසේය, ඔහු ශුද්ධ ලියවිලි කියවා නැත, එසේ නම්, ඔහු ඒවා තේරුම් නොගන්නේය.
9 මක්නිසාද දෙවියන්වහන්සේ පෙර දිනයෙත් අද දිනත්, එනම් සදාකාලයටත් එකම බව අප කියවා නැතිද, තවද උන්වහන්සේ තුළ කිසි වෙනස්වීමක්වත් වෙනස්වන ඡායාවක්වත් නැත්තේය?
10 තවද දැන්, නුඹලා නුඹලා වෙතට වෙනස් වන දෙවි කෙනෙක් මවා ගෙන ඇත්තේ නම්, තවද උන්වහන්සේ තුළ හැරීමේ ඡායාවක් තිබේ නම්, එවිට නුඹලා නුඹලා වෙතට හාස්කමේ දෙවියන්වහන්සේ නොව වෙනස් වන දෙවි කෙනෙක් මවා ගෙන ඇත්තේය.
11 එහෙත් බලව, මම නුඹට හාස්කමේ දෙවියන්වහන්සේ කෙනෙකු පෙන්වන්නෙමි, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ, තවද ඊසාක්ගේ දෙවියන්වහන්සේ, තවද යාකොබ්ගේ දෙවියන්වහන්සේ පවා; තවද අහසත් පොළොවත්, ඒවායේ තිබෙන සියලු දේත්, මවනු ලැබුවේ එනම් එම දෙවියන්වහන්සේමය.
12 බලව, උන්වහන්සේ ආදම්ව මැවූ සේක, තවද ආදම් විසින් මනුෂ්‍යයාගේ වැටීම පැමිණියේය. මනුෂ්‍යයාගේ වැටීම නිසා පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවා පැමිණිය සේක; තවද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මනුෂ්‍යයාගේ මිදීම පැමිණියේය.
13 තවද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන පැමිණි, මනුෂ්‍යයාගේ මිදීම නිසා, ඔවුන් නැවත ස්වාමීන්වහන්සේගේ අභිමුඛයට ගෙන එනු ලබන්නේය; එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය නිසා උත්ථානය ගෙන එනු ලබන්නේය, මෙයින් සියලු මිනිසුන් මුදවා ගනු ලබන්නේය, එය නිමක් නැති නින්දකින් මිදීමක් ගෙන එනු ලබන්නේය, හොරණෑව පිඹිනු ලබන්නේය එවිට එම නින්දෙන් සියලු මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලයෙන් අවදි වනු ලබන්නේය; තවද පහත් හා උසස් යන දෙගොල්ලන්ම, ඔවුන් ඉදිරියට පැමිණ, තාවකාලික මරණයක් වන මරණයෙන්, මෙම සදාකාලික මරණයේ බැමි වලින් ලිහිල් කොට මුදවනු ලැබ, තවද උන්වහන්සේගේ විනිශ්චාසනය අභිමුඛයෙහි සියල්ලන් සිට ගනු ලබන්නෝය.
14 තවද එවිට ශුද්ධ වූ තැනැන්වහන්සේගේ විනිශ්චය ඔවුන් කෙරෙහි පැමිණෙන්නේය; තවද එනම් අපවිත්‍ර තැනැත්තා තව දුරටත් අපවිත්‍රව සිටින කාලය එවිට පැමිනෙන්නේය; තවද එනම් ධර්මිෂ්ඨ තැනැත්තා තව දුරටත් ධර්මිෂ්ඨව සිටිනු ඇත්තේය; සතුටු තැනැත්තා තව දුරටත් සතුටින් සිටිනු ඇත්තේය; තවද අසතුටු තැනැත්තා තව දුරටත් අසතුටන් සිටිනු ඇත්තේය.
15 තවද දැන්, අහෝ හාස්කම් කළ නොහැකි දෙවි කෙනෙක් නුඹලා නුඹලා වෙතටම මවාගත් සියල්ලෙනී, මම නුඹෙන් අසන්න කැමැත්තෙමි, මා කතා කරන ලද, සියල්ල සිදුවූවාද? අවසානය තවද පැමිණුනාද? බලව මම නුඹට කියමි, නැත; තවද දෙවියන්වහන්සේ හාස්කමේ දෙවියන්වහන්සේ වීම නවත්වා නොමැති සේක.
16 බලව, දෙවියන්වහන්සේ අපගේ දෑස් හමුවේ සිදුකරනු ලැබු දේවල් පුදුමාකාර නොවන්නේද? එසේය, තවද දෙවියන්වහන්සේගේ පුදුමාකාර කාර්යයන් වටහා ගත හැක්කේ කාහටද?
17 උන්වහන්සේගේ වචනයෙන් අහස හා පොළොව විය යුතු බව එය හාස්කමක් නොවන බව පවසන්නේ කවුරුන්ද; උන්වහන්සේගේ වචනයේ බලයෙන් මනුෂ්‍යයා පොළොවේ දූවිල්ලෙන් මවනු ලැබූ සේක; තවද උන්වහන්සේගේ වචනයේ බලයෙන් හාස්කම් සිදුකරනු නොලැබුවේද?
18 තවද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ බලවත් හාස්කම් නොකළ බව පවසන්නේ කවුරුන්ද? තවද ප්‍රේරිතයන්ගේ දෑත් විසින් බොහෝ බලවත් හාස්කම් සිදුකරනු ලැබුවේය.
19 තවද එවිට හාස්කම් සිදුකරනු ලැබුවේ නම්, දෙවියන්වහන්සේ හාස්කමේ දෙවියන්වහන්සේ වීම නවත්වා තවද තවමත් වෙනස් කළ නොහැකි තැනැන්වහන්සේ කෙනෙකු වන්නේ මන්ද? තවද බලව, මම නුඹට කියමි උන්වහන්සේ වෙනස් නොවන සේක; එසේ නම් උන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවත්වන සේක; තවද උන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නතර නොකරන සේක, තවද හාස්කමේ දෙවියන්වහන්සේ වන සේක.
20 තවද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතර හාස්කම් කිරීම නැවැත්වීමට හේතුව වන්නේ එනම් ඔවුන් අවිශ්වාසයෙන් පිරිහිමයි, තවද නිවැරදි මාර්ගයෙන් ඉවත්වීමයි, තවද ඔවුන් විශ්වාස කළ යුතු දෙවියන්වහන්සේ නොදැන සිටීමයි.
21 බලව, මම නුඹට කියමි එනම් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ ද, කිසිවක් සැක නොකර, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් කවරාකාර දෙයක් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේ ද එය ඔහුට දෙනු ලබන්නේය; තවද පොළොවේ කෙළවරවල් දක්වා පවා, මේ පොරොන්දුව සියල්ලන් වෙතටය.
22 මක්නිසාද බලව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ, රැඳී සිටිය යුතු උන්වහන්සේගේ ගෝලයින් හට මෙසේ වදාළ සේක, එසේය, තවද එසේම උන්වහන්සේගේ සියලු ගෝලයින් හට, ජන සමූහයට ඇසුනි: නුඹලා ලෝකය මුළුල්ලේ ගොස්, තවද සකල ජනතාවට ශුභාරංචිය දේශනා කරන්න.
23 තවද විශ්වාස කරන්නාවූ හා බෞතීස්ම ලබන්නාවූ තැනැත්තා ගළවනු ලබන්නේය, එහෙත් විශ්වාස නොකරන තැනැත්තා විනාශයට පත්වනු ලබන්නේය;
24 තවද විශ්වාස කරන තැනැත්තන්ව මෙම සලකුණු අනුගමනය කරනු ලබන්නේය – ඔවුුුන් මාගේ නාමයෙන් යක්ෂයන් පලවා හරින්නෝය; ඔවුන් අන්‍ය භාෂාවලින් කථා කරන්නෝය; ඔවුන් සර්පයන් අල්ලන්නෝය; තවද ඔවුන් යම් මරණීය දෙයක් පානය කරයිද එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවනු ඇත; ඔවුන් රෝගීන් මත දෑත් තැබූ කල්හි තවද ඔවුන් සුවය ලබන්නෝය;
25 තවද යමෙක් කිසිවක් සැක නොකොට, පොළොවේ අවසානය දක්වා, මාගේ නාමය විශ්වාස කරන්නේද, මම මාගේ සියලු වචන ඔහු වෙතට ස්ථීර කරන්නෙමි.
26 තවද දැන්, බලව, ස්වාමීන්වහන්සේගේ කාර්යයන්ට එරෙහිව නැගී සිටිය හැක්කේ කාහටද? උන්වහන්සේගේ වචන ප්‍රතික්ෂේප කළ හැක්කේ කාහටද? ස්වාමීන්වහන්සේගේ සර්වබලධාරී බලයට එරෙහිව නැගී සිටින්නේ කවුරුන්ද? ස්වාමීන්වහන්සේගේ කාර්යයන් හෙළා දකින්නේ කවුරුන්ද? ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් හෙළා දකින්නේ කවුරුන්ද? බලව, ස්වාමීන්වහන්සේගේ කාර්යයන් හෙළාදකින නුඹලා සියල්ලන්, මක්නිසාද නුඹලා පුදුමවී තවද වීනාශ වන්නහුය.
27 අහෝ එසේ නම් හෙළා නොදකින්න, තවද පුදුම නොවන්න, එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් දෙන්න, තවද නුඹලාට අවශ්‍ය වන ඕනෑම දෙයක් සඳහා ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. සැක නොකරන්න, එහෙත් විශ්වාස කරන්න, තවද පුරාණ කාලයේ මෙන් පටන් ගන්න, තවද නුඹේ මුළු හදවතින්ම ස්වාමීන්වහන්සේ වෙතට පැමිණ, තවද උන්වහන්සේ අභියස බියෙන් හා වෙව්ලමින් නුඹගේම ගැලවීම සඳහා ක්‍රියා කරන්න.
28 නුඹේ පරිවාස කාලය තුළ ප්‍රඥාවන්ත වන්න; සියලු අපවිත්‍රකම්වලින් නුඹලාව ම ඉවත් වන්න; එනම් නුඹලා නුඹලාගේ ආශාවන් මත එය පරිභෝජනය කරනු පිණිස, නොඉල්ලාපල්ලා, එහෙත් නොසෙල්වන ස්ථිරත්වයකින්, එනම් නුඹලා පරික්ෂාවට ලක් නොවන පිණිස, එහෙත් එනම් නුඹලා සත්‍ය වූ තවද ජීවමාන දෙවියන්වහන්සේ හට සේවය කරන පිණිස ඉල්ලන්න.
29 නුඹලා නුසුදුස්සන් ලෙස බෞතීස්ම නොවන්නට වග බලාගන්න; නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ සක්‍රමේන්තුව නුසුදුස්සන් ලෙස ලබා නොගන්නට වග බලාගන්න; එහෙත් නුඹලා සියල්ල සුදුසුකම් ඇතිව කරන්නට වග බලාගන්න, තවද ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් එය කරන්නට වග බලාගන්න; තවද නුඹලා එසේ කරන්නේ නම්, තවද අවසානය දක්වා විඳදරාගන්නේ නම්, නුඹලාව කිසිවිටෙකත් පලවා හරිනු නොලබන්නෝය.
30 බලව, මම මළවුන්ගෙන් කතා කරන්නාක් මෙන් නුඹලාට කතා කරමි; මක්නිසාද නුඹලාට මාගේ වචන ලැබෙන බව එනම් මම දනිමි.
31 මාගේ අසම්පූර්ණකම නිසාවත්, මාගේ පියා්ගේවත්, ඔහුගේ අසම්පූර්ණකම නිසාවත්, ඔහුට පෙර ලියන ලද ඔවුන්වත් වරදකරු නොකරන්න; එහෙත් අප ප්‍රඥාවන්ත වී සිටියාට වඩා වීමට නුඹලා ඉගෙන ගනු පිණිස, එනම් නුඹලා හට අපගේ අසම්පූර්ණකම් ප්‍රකාශ කළා වූ උන්වහන්සේ හට, එනම් දෙවියන්වහන්සේ හට ස්තූතිය පුදකරන්න.
32 තවද දැන්, බලව, අප මෙම වාර්තාවන් ලියා ඇත්තේ අපගේ දැනුමට අනුව, පැවතුණු තවද අප විසින් වෙනස් කරන ලද, අපගේ භාශා විලාසයට අනුව, අප අතර හඳුන්වනු ලබන ප්‍රතිසංස්කරණය කරන ලද මිසර අක්ෂරයන් ගෙනි.
33 තවද අපගේ තහඩු අවශ්‍ය තරමට විශාලව තිබුනා නම් අපි හෙබ්‍රෙව් භාෂාවෙන් ලිවිය යුතුව තිබුණි; එහෙත් හෙබ්‍රව් භාශාවද අප විසින් වෙනස් කරන ලදි; තවද අපට හෙබ්‍රව් භාශාවෙන් ලියන්න හැකිව තිබුණේ නම්, බලව, අපගේ වර්තාවේ කිසිදු අසම්පූර්ණකමක් නුඔලාට නොතිබෙනු ඇත.
34 එහෙත් ස්වාමීන්වහන්සේ අප ලියා ඇති දේවල් දන්නා සේක, තවද එසේම එනම් අපගේ භාශාව අන් කිසි ජනතාවක් නොදන්නේය; තවද එනම් අපගේ භාශාව අන් කිසි ජනතාවක් නොදන්නා බැවින්, එසේහෙයින් උන්වහන්සේ ඒවා අර්ථ කථනය සඳහා උපක්‍රමයක් සූදානම් කර ඇති සේක.
35 තවද මේ දේවල් ලියා ඇත්තේ අවිශ්වාසයෙන් හීන වී ඇති, අපගේ සහෝදරයන්ගේ රුධිරය අපගේ වස්ත්‍රවලින් ඉවත් කරන පිණිසය.
36 තවද බලව, අපගේ සහෝදරයන් පිළිබදව අප ආශා කළ මේ දේවල්, එම දේශයේ වාසය කළ සියලු ශුද්ධවන්තයින්ගේ යාච්ඤාවන්ට අනුව, එසේය, ක්‍රිස්තුස්වහන්සේ තුළ දැනුමට ඔවුන්ව නැවත පිහිටුවීමකට පවාය.
37 තවද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ඔවුන්ගේ ඇදහිල්ලට අනුව එනම් ප්‍රදානය කරන සේක්වා; තවද පියාණන් වන දෙවියන්වහන්සේ ඊශ්‍රායල් වංශය සමඟ ඇති කර ගත් ගිවිසුම සිහිපත් කරන සේක්වා; තවද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඇදහිල්ල කරණකොටගෙන, උන්වහන්සේ ඔවුන්ව සදහටම ආශීර්වාද කරන සේක්වා. ආමෙන්.