8 වන පරිච්ඡේදය
ලේමන්වරුන් නීෆායිවරුන්ව සොයා ගොස් විනාශ කරති – දෙවියන්වහන්සේගේ බලයෙන් මොර්මන්ගේ පොත ඉදිරියට පැමිණෙන සේක – ස්වාමීන්වහන්සේගේ කාර්යයට එරෙහිව කෝපය සහ විරෝධය පිට කරන අයට දුක් ප්‍රකාශ කෙරේ – නීෆායිවරුන්ගේ වාර්තාව දුෂ්ටකමේ, පරිහානියේ සහ ඇදහිල්ලෙන් වැටීමේ දිනයක ඉදිරියට පැමිණෙනු ඇත්තේය. ක්‍රි.ව. 400–421 පමණ.
1 බලව, මම මොරෝනායි, මගේ පියා වන මොර්මන්ගේ වාර්තාව අවසන් කරමි. බලව, මට ලිවීමට ඇත්තේ දේවල් ස්වල්පයක් පමණි, ඒවා මගේ පියා විසින් මට අණ කර ඇත්තේය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් කුමෝරාහි පැවති මහා හා දැවැන්ත සටනෙන් පසුව, බලව, දකුණු දෙසට වූ රට තුළට පලා ගිය නීෆායිවරුන්, එනම් ඔවුන් සියල්ලන්ම විනාශ වන තුරු ලේමන්වරුන් විසින් දඩයම් කරන ලදී.
3 තවද මගේ පියාත් ඔවුන් විසින් මරා දමන ලදි, තවද මගේ ජනතාවගේ විනාශය පිළිබඳ දුක්ඛිත කතාව ලිවීමට පවා මම තනිවම ඉතිරිවී සිටිමි. එහෙත් බලව, ඔවුන් ගොස් ඇත්තේය, තවද මම මගේ පියාගේ අණ ඉටු කරමි. තවද ඔවුන් මා ද මරාදමන්නේ දැයි, මා නොදනිමි.
4 එසේහෙයින් මම වාර්තා ලියා පොළොවෙහි සඟවා තබන්නෙමි; තවද මම යන තැන එය වැදගත් නොවන්නේය.
5 බලව, මාගේ පියා මේ වාර්තාව සකස් කර ඇති අතර, තවද එහි අරමුණ ඔහු ලියා ඇත්තේය. තවද බලව, මට තහඩු මත ඉඩක් ඇත්නම් මමත් එය ලියමි, එහෙත් මා සතුව නැත්තේය; තවද මා හට ලෝපස් නැත්තේය, මක්නිසාද මම තනිව සිටිමි. මාගේ පියා සටනේදී මරා දමා ඇත්තේය, තවද මාගේ සියලු ඥාතීන් ද එසේය, තවද මට මිතුරන් හෝ යා යුතු ස්ථානයක් නොමැත; තවද මට ජීවත් වීමට ස්වාමීන්වහන්සේ කොපමණ කාලයක් ඉඩ දෙයිදැයි මම නොදනිමි.
6 බලව, අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැළවුම්කරුවාණන්ගේ පැමිණීමෙන් පසු වසර හාරසියයක් ගෙවී ගොස් ඇත්තේය.
7 තවද බලව, ලේමන්වරුන් මාගේ ජනතාව වන නීෆායිවරුන්, නගරයෙන් නගරයට සහ ස්ථානයෙන් ස්ථානයට, ඔවුන් නැති වන තුරු පවා දඩයම් කර ඇත්තේය; තවද ඔවුන්ගේ වැටීම මහත් වී ඇත්තේය; එසේය, මාගේ ජනතාව වන නීෆායිවරුන්ගේ විනාශය මහත් හා ආශ්චර්යමත්ය.
8 තවද බලව, එය සිදු කර ඇත්තේ ස්වාමීන්වහන්සේගේ හස්තයයි. තවද බලව, එසේම ලේමන්වරුන් එකිනෙකා සමඟ යුද්ධ කරමින් සිටිති; තවද මෙම දේශයේ මුළු මුහුණත මිනීමැරුම් සහ ලේ වැගිරීම් වල අඛණ්ඩ චක්‍රයක් වන්නේය; තවද යුද්ධයේ අවසානය කිසිවෙකු නොදන්නේය.
9 තවද දැන්, බලව, මම ඔවුන් ගැන තවදුරටත් නොකියමි, මක්නිසාදයත් දේශය මතුපිට ලේමන්වරුන් සහ කොල්ලකරුවන් හැර වෙන කිසිවෙක් නොමැත්තේය.
10 තවද එහි එනම් ජේසුස්වහන්සේගේ ගෝලයන් හැර සැබෑ දෙවියන්වහන්සේව දන්නා කිසිවෙක් නොමැති විය, තවද ජනතාවගේ දුෂ්ටකම ඉතා විශාල වන තුරු එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ජනතාව සමඟ රැඳී සිටීමට ඉඩ නොදෙන තුරු ඔවුන් දේශයේ රැඳී සිටියේය; තවද ඔවුන් දේශයේ මතුපිට සිටිනවාද යන්න කිසිවෙකු නොදන්නේය.
11 එහෙත් බලව, මගේ පියා සහ මම ඔවුන්ව දැක තිබෙන්නේය, තවද ඔවුන් අපට උපස්ථාන කර තිබෙන්නේය.
12 තවද මෙම වාර්තාව ලබා ගන්නා ඕනෑම අයෙකු, තවද එහි ඇති අසම්පූර්ණකම් නිසාවෙන් එය හෙළා නොදකිනු යුත්තේය, ඔහු ද මේවාට වඩා විශාල දේවල් දැනගනු ලබන්නේය. බලව, මම මොරෝනායි වෙමි; තවද හැකි නම්, මම නුඹලාට සියලු දේවල් දන්වන්නෙමි.
13 බලව, මම මෙම ජනතාව පිලිබඳ කතා කිරීම අවසන් කරන්නෙමි. මම මොර්මන්ගේ පුත්‍රයා වන්නෙමි, තවද මාගේ පියා නීෆායිගෙන් පැවත එන්නෙකි.
14 තවද මෙම වාර්තාව ස්වාමීන්වහන්සේට සඟවා තබන්නා වූ ඒ මමම ය; ස්වාමීන්වහන්සේගේ අණ පනත නිසා එහි තහඩු වල වටිනාකමක් නොමැත්තේය. මක්නිසාද කිසිවෙකුත් ලාභයක් ලබා ගැනිමට ඒවා නොගත යුතු බවට උන්වහන්සේ සැබැවින්ම පවසන සේක; එහෙත් එහි වූ වාර්තාව ඉතා වටින්නේය; තවද එය ආලෝකය තුළට ගෙනෙන්නා වූ ඕනෑම කෙනෙකු, ඔහුව ස්වාමීන්වහන්සේ ආශීර්වාද කරන සේක.
15 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් ඔහුට ලැබෙන තුරු එය එළිදරව් කිරීමට කිසිවෙකුට බලයක් තිබිය නොහැකිවන්නේය; මක්නිසාද එය උන්වහන්සේගේ මහිමය කෙරෙහි, හෝ ස්වාමීන්වහන්සේගේ පුරාණ හා දිගු කලක් විසිරී සිටි ගිවිසුම් ජනතාවගේ සුභසාධනය කෙරෙහි පමණක් අවධානය යොමු කර සිදු කරන ලෙසට දෙවියන්වහන්සේ කැමතිව සිටින සේක.
16 තවද මේ දෙය ආලෝකයට ගෙන එන තැනැත්තාට ආශීර්වාද වේවා; මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයට අනුව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන එනු ලබන්නේය; එසේය, එය පොළොවෙන් පිටතට ගෙන එනු ලබන්නේය, තවද එය අන්ධකාරයෙන් බැබළී, තවද ජනතාවගේ දැනුමට පැමිණෙනු ඇත්තේය; තවද එය දෙවියන්වහන්සේගේ බලයෙන් සිදු කරනු ලබන සේක.
17 තවද වැරදි තිබේ නම් ඒවා මනුෂ්‍යයෙකුගේ වැරදි වේ. එහෙත් බලව, අපි කිසිම වරදක් නොදනිමු; එසේනමුත් දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක; එසේහෙයින්, හෙළා දකින තැනැත්තා, ඔහු දැනුවත් වීමට ඉඩ දෙන්න, මක්නිසාද ඔහු නිරයේ ගින්නට ගොදුරු වනු ඇත්තේය.
18 තවද මට පෙන්වන්න, නැත්නම් නුඹලාට පහර දෙනු ලැබේ කියා පවසන තැනැත්තා – ස්වාමීන්වහන්සේ තහනම් කර ඇති දේ අණ නොකරන ලෙස පරිස්සම් විය යුතුය.
19 මක්නිසාද බලව, හදිසි විනිශ්චය කරන්නා නැවතත් හදිසි විනිශ්චයකට ලක් වනු ඇත්තේය; මක්නිසාද ඔහුගේ ක්‍රියා අනුව ඔහුගේ වැටුප වනු ඇත්තේය; එසේහෙයින්, පහර දෙන තැනැත්තාට, ස්වාමීන්වහන්සේගෙන්, නැවත පහර දෙනු ලබන්නේය.
20 ශුද්ධ ලියවිල්ල පවසන දේ බලව – මනුෂ්‍යයා පහර නොදිය යුත්තේය, නැතහොත් ඔහු විනිශ්චය නොකළ යුත්තේය; මක්නිසාද විනිශ්චය මාගේය, ස්වාමීන්වහන්සේ පවසන සේක, තවද එසේම පළිගැනීමද මාගේය, තවද මම විපාක දෙන්නෙමි.
21 තවද එනම් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවට විරුද්ධව කෝපය සහ විරෝධය පිට කරන, තවද ඊශ්‍රායෙල් වංශය වන ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් ජනතාවට විරුද්ධව සටන් කරන්නාවු තැනැත්තා, මෙසේ කියන්නේය: අප ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව විනාශ කරන්නෙමු, තවද උන්වහන්සේ ඊශ්‍රායෙල් වංශයට කළාවු උන්වහන්සේගේ ගිවිසුම උන්වහන්සේ සිහි නොකරන සේක – ඒවැනි තැනැත්තා කපා දමා තවද ගින්නට හෙළනු ලැබීමේ අන්තරාවේ සිටින්නේය;
22 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ සියලු පොරොන්දු සම්පුර්ණ වනතුරු, උන්වහන්සේගේ සදාකාලික අරමුණු අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත්තේය.
23 යෙසායාගේ අනාවැකි සොයන්න. බලව, මා හට ඒවා ලිවිය නොහැක. එසේය, බලව මම නුඹලාට කියමි, එනම් මට පෙර ගියාවු, මෙම දේශය හිමි කරගත්තාවු එම ශුද්ධවන්තයන්, මොරගසනු ඇත්තේය, එසේය, දූවිල්ලෙන් පවා ඔවුන් ස්වාමීන්වහන්සේ හට මොරගසනු ඇත්තේය; තවද ස්වාමීන්වහන්සේ ජීවත්වන්නාක් මෙන්, උන්වහන්සේ ඔවුන් සමඟ කළ ගිවිසුම උන්වහන්සේ සිහිපත් කරන සේක.
24 තවද උන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවන් දන්නා සේක, එනම් ඒවා ඔවුන්ගේ සහෝදරයන් උදෙසාය. තවද උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දන්නා සේක, මක්නිසාද උන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට කඳු ඉවත් කළ හැකි විය; තවද උන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට පොළොව සෙලවීමට සැලැස්විය හැකි විය; තවද උන්වහන්සේගේ වචනයේ බලයෙන් ඔවුන් සිරගෙවල් පොළොවට වැටීමට සැලැස්වූහ; එසේය, උන්වහන්සේගේ වචනයේ බලය නිසාවෙන්, ගිනිමය උදුනට පවා, නැතහොත් වන මෘගයන් හෝ විසකුරු සර්පයන්ට පවා ඔවුන්ට හානි කිරීමට නොහැකි විය.
25 තවද බලව, ඔවුන්ගේ යාච්ඤා එසේම මෙම දේවල් පිටතට ගෙන ඒමට ස්වාමීන්වහන්සේ ඉඩ දෙන ඔහුගේ යහපත උදෙසා විය.
26 තවද කිසිවෙකු ඒවා නොපැමිණෙන්නේ යැයි කීම අවශ්‍ය නැත, මක්නිසාද ඒවා නිසැකවම පැමිණෙනු ඇත්තේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ එය පැවසු සේක; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මඟින්, ඒවා පොළොවෙන් පිටතට පැමිණෙනු ඇත්තේය, තවද කිසිවෙකුට එය වැලැක්වීය නොහැක; තවද එනම් හාස්කම් නැවති ඇතැයි කියනු ලබන දවසේදී එය පැමිණෙනු ඇත්තේය; තවද එය යමෙකු මරණය වෙතින් කථාකරන්නාක් මෙන් පවා පැමිණෙනු ඇත්තේය.
27 තවද රහසිගත සම්බන්ධතාවයන් සහ අන්ධකාරයේ ක්‍රියාවන් නිසාවෙන්, ශුද්ධවන්තයන්ගේ රුධිරය ස්වාමීන්වහන්සේ හට මොරගසන දවසක එය පැමිණෙනු ඇත්තේය.
28 එසේය, දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප කර, තවද සභාවන් අපවිත්‍ර වී තවද ඔවුන්ගේ හදවත්වල උඩඟුකමින් ඔසවනු ලබන දවසක එය පැමිණෙනු ඇත්තේය; එසේය, සභාවන්වල නායකයින් සහ ගුරුවරුන් ඔවුන්ගේ හදවත්වල උඩඟුකමින්, ඔවුන්ගේ සභාවන්ට අයත් වන අයවලුන්ට ඊර්ෂ්‍යා පවා කරන්නාවු දවසක එය පැමිණෙනු ඇත්තේය.
29 එසේය, විදේශ දේශයන්හි ගිනිද, සහ කුණාටු සහ දුම් වාෂ්ප පිළිබඳ ඇසෙන්නාවු දවසක එය පැමිණෙනු ඇත්තේය;
30 තවද එසේම එහි යුද්ධ, යුද්ධ පිළිබඳ කටකථා, සහ නොයෙක් ස්ථානවල පොළෝ කම්පාවන් පිළිබඳ අසන්නට ලැබෙනු ඇත්තේය.
31 එසේය, පොළොව තලය මතුපිට මහත් අපවිත්‍ර වීම තිබෙන දවසක එය පැමිණෙනු ඇත්තේය; එහි මිනීමැරුම්ද, සොරකම්ද, බොරු කීමද, රැවටීම්ද, වේශ්‍යාකම්, සහ සියලු ආකාරයේ පිළිකුල්කම් සිදු වනු ඇත්තේය; එවිට එහි මෙසේ කියන්නාවු බොහෝ දෙනෙකු සිටින්නෝය, එය කරන්න, නැතහොත් මෙසේ කරන්න, තවද එය වැදගත් නොවනු ඇත, මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසාන දවසේදී එවැනි අයව උසුලන සේක. එහෙත් එවැන්නන් හට දුක් වේ, මක්නිසාද ඔවුන් තිත්තකමේ පිත තුළ සහ අයුතුකමේ බැඳීම් තුළ සිටින්නෝය.
32 එසේය, මෙසේ පවසන්නාවු, සභාවන් ගොඩනඟන ලද දිනකදී, එය පැමිණෙනු ඇත්තේය: මා වෙතට එන්න, තවද නුඹලාගේ මුදලට නුඹලාගේ පාපවලට සමාව ලැබෙනු ඇත්තේය.
33 අහෝ දුෂ්ට, තවද හිතුවක්කාර සහ මුරණ්ඩු ජනතාව නුඹලා, නුඹලා ලාභ ලබා ගැනීම පිණිස, නුඹලා කරෙහි සභාවන් ගොඩනඟා ගත්තේ මන්ද? එනම් නුඹලාගේ ප්‍රාණයන් මතට සදාකාලික විනාශය ගෙන ඒමට නුඹලා දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ වචනය වෙනස් කළේ මන්ද? බලව, නුඹලා දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීම් දෙස බලව; මක්නිසාද බලව, එනම් එම දවසේදී මෙම සියල්ල සම්පුර්ණවීමට කාලය පැමිණෙන්නේය.
34 බලව, මෙම දේවල් නුඹලා අතරට පැමිණෙන දවසේදී, ඉක්මණින්ම පැමිණිය යුතු දේවල් පිළිබඳව ස්වාමීන්වහන්සේ මා හට මහත් සහ පුදුමාකාර දේවල් පෙන්වා ඇති සේක.
35 බලව, නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලා හට කථා කරන්නෙමි, තවද එනමුත් නුඹලා නොමැත්තෙහිය. එහෙත් බලව, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාව මා හට පෙන්වා ඇති සේක, තවද මම නුඹලාගේ ක්‍රියාවන් දන්නෙමි.
36 තවද එනම් නුඹලා, නුඹලාගේ හදවතේ උඩඟුකමෙන් ගමන් කරන්නාවු බව මම දනිමි; තවද ඉතා අලංකාර වස්ත්‍ර ඇඳමින්, ඊර්ෂ්‍යාවද, ආරවුල්වලද, ද්වේෂයද, පීඩාවලට සහ සියලු ආකාරයේ අයුතුකම්වලට, ඔවුන්ගේ හදවතේ උඩඟුකමෙන් තමන්වම ඔසවා නොගන්නා ස්වල්ප දෙනෙකු හැර අන් කිසිවෙක් නොමැත්තේය; තවද නුඹලාගේ සභාවන්, එසේය, සියල්ලක්ම පවා, නුඹලාගේ හදවතේ උඩඟුකම නිසා දූෂිත වී ඇත්තේය.
37 මක්නිසාද බලව, නුඹලා දුප්පතුන්ට සහ අවශ්‍යතා ඇති අයවලුන්ට, රෝගීන්ට සහ පීඩිතවූවන්ට ප්‍රේම කිරීමට වඩා, නුඹලා මුදල්, නුඹලාගේ දේපළ, සහ නුඹලාගේ අලංකාර වස්ත්‍ර සහ නුඹලාගේ සභාවන්වල අලංකාරයට ප්‍රේම කරන්නෙහිය.
38 අහෝ නුඹලා දූෂ්‍යවුවෙනි, නුඹලා කෛරාටීකයෙනි, නුඹලා ගුරුවරුනි, එනම් නුඹලාවම විනාශ කරන දෙයකට විකුණන නුඹලා, දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ සභාව නුඹලා අපවිත්‍ර කළේ මන්ද? ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා මතට ගැනීමට නුඹලා ලැජ්ජා වන්නේ මන්ද? ලෝකයේ ප්‍රශංසාව නිසා – නිමක් නැති සතුටක වටිනාකම කිසිදා නොමැරෙන එම දුක්ඛිතභාවයට වඩා උතුම් යැයි නුඹලා නොසිතන්නේ මන්ද?
39 නුඹලා ජීවයක් නැති එම දෙවල් සමඟ සැරසී, තවද කුසගින්නෙන් පෙළෙන්නන්ද, අවශ්‍යතා ඇත්තන්ද, නිර්වස්ත්‍රවූවන්ද, රෝගීන්ට සහ පීඩාවට පත්වූවන්ටද නුඹලා අසලින් යාමට ඉඩ දෙන අතර, ඔවුන්ව නොපෙනෙන්නේ මන්ද?
40 එසේය, නුඹලා ලාභ ලබා ගැනීම පිණිස නුඹලාගේ රහස් පිළිකුල් දේවල් ගොඩනඟා ගැණිමටත්, එනම් වැන්දඹුවන් ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි වැලපීමටත්, තවද එසේම අනාථ දරුවන් ස්වාමීන්වහන්සේ අභිමුඛයෙහි වැලපීමටත්, තවද එසේම ඔවුන්ගේ පියවරුන්ගේ සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ රුධිරය පොළොවේ සිට ස්වාමීන්වහන්සේ හට මොරගැසීමටත්, නුඹලාගේ හිස් මත පළිගැනීමටත් සලස්වන්නේ මන්ද?
41 බලව, පළිගැනීමේ කඩුව නුඹලා කෙරෙහි එල්ලී තිබෙන්නේය; මක්නිසාද උන්වහන්සේ තවදුරටත් ඔවුන්ගේ මොරගැසී නොඉවසන බැවින්, තවද එනම් උන්වහන්සේ ශුද්ධවන්තයින්ගේ රුධිරය වෙනුවෙන් නුඹලා කෙරෙහි පළිය ගන්නාවු කාලය ඉක්මණින් පැමිණෙන්නේය.