ශුද්ධලියවිලි
මොර්මන් 5


5 වන පරිච්ඡේදය

මොර්මන් නැවතත් නීෆායිවරුන්ගේ හමුදාවන්ට රුධිරය සහ මනුෂ්‍ය සංහාරයෙන් යුත් සටන්වලට නායකත්වය දෙයි – ජේසුස් වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ බව සියලු ඊශ්‍රායලයට ඒත්තු ගැන්වීමට මොර්මන්ගේ පොත ඉදිරියට පැමිණෙනු ඇත්තේය – ඔවුන්ගේ අවිශ්වාසය නිසා, ලේමන්වරුන්ව විසිරුවා හරිනු ලබන්නේය, තවද අත්මයාණන් ඔවුන්‍‍‍‍‍‍‍‍ සමඟ මහත් පරිශ්‍රම දැරීම නවත්වන සේක – පසු දවස්වල දී ඔවුන් අන්‍යජාතිකයින්ගෙන් ශුභාරංචිය ලබන්නේය. ක්‍රි.ව. 375–384 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් මම නීෆායිවරුන් අතර ඉදිරියට ගියෙමි, තවද එනම් මම කවරදාකත් ඔවුන්ට සහාය නොවන බවට මම කළ දිවුරුමට පසුතැවිලි වුනෙමි; තවද ඔවුන්ගේ හමුදාවන්වල ආඥාව නැවතත් ඔවුන් මා හට දුන්නේය, මක්නිසාද ඔවුන් මා වෙත බැලුවේ ඔවුන්ගේ පීඩාවලින් මට ඔවුන්ව ගළවා ගන්නට හැකි ලෙසයි.

2 එහෙත් බලව, මම බලාපොරොත්තුවකින් තොරව සිටියෙමි, මක්නිසාද ඔවුන් කෙරෙහි පැමිණිය යුතු ස්වාමින්වහන්සේගේ විනිශ්චයන් මම දැන සිටියෙමි; මක්නිසාද ඔවුුුහු ඔවුන්ගේ අයුතුකම් ගැන පසුතැවිලි නොවූහ, එහෙත් ඔවුන් මැවූවාවූ එම තැනැන්වහන්සේ හට ආයාචනා නොකර ඔවුන්ගේ ජීවිත සඳහා අරගල කළේය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් අප යොර්දාන් නගරයට පලා ගිය විට ලේමන්වරුන් අපට විරුද්ධව පැමිණියහ; එහෙත් බලව, එම අවස්ථාවේ ඔවුන් නගරය අල්ලා නොගත්තේය එනම් ඔවුන්ව පලවා හරිනු ලැබුවේය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු නැවත අපට විරුද්ධව පැමිණියෝය, තවද අප නගරයේ පාලනය රැක ගත්තෙමු. තවද නීෆායිවරුන් විසින් පාලනය කළ තවත් නගර ද විය, එම බලකොටු අපගේ දේශයේ වැසියන් විනාශ කිරීම සඳහා අප ඉදිරියේ ඇති රට තුළට ඇතුළු වීමට ඔවුන්ට නොහැකි වන පරිදි ඒවායේ බලකොටු ඔවුන්ව නවතා දැමුවේය.

5 එහෙත් එය මෙසේ සිදු විය, එනම් අප විසින් පසු කර ආ කුමන දේශයන් වූවත්, තවද එහි වැසියන් රැස්ව නොසිටියේ ද, ලේමන්වරුන් විසින් විනාශ කරන ලදි, තවද ඔවුන්ගේ නගරයන්, තවද ගමවල්, තවද නගරවල් ගින්නෙන් පුළුස්සා දැමුවේය; තවද මෙසේ වසර තුන්සිය හැත්තෑ නවයක් ගෙවී ගියේය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය අසූවන වසරේ දී ලේමන්වරුන් අපට විරුද්ධව නැවත සටනට පැමිණියේය, තවද අප ඔවුන්ට එරෙහිව නිර්භීතව නැගී සිටියෙමු; එහෙත් ඒ සියල්ල නිෂ්ඵල විය, මක්නිසාද ඔවුන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වූ බැවින් ඔවුහු නීෆායිවරුන්ගේ ජනතාව ඔවුන්ගේ පාදවලට පාගා දමනු ලැබුවෝය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් අප නැවතත් පලා ගියෙමු, තවද ලේමන්වරුන්ට වඩා වේගවත් ව පලා ගිය අය පැන ගියේය, තවද ලේමන්වරුන්ට වඩා වේගවත් ව පලා නොගිය අය මරනු ලැබ තවද විනාශ වී ගියේය.

8 තවද දැන් බලව, මම, මොර්මන්, මාගේ දෑස් ඉදිරිපිට තබා තිබෙන රුධිරය හා මනුෂ්‍ය සංහාරයේ බිහිසුණු දර්ශනයක් ඔවුන් ඉදිරියේ තබමින් මනුෂ්‍යයින්ගේ ආත්මයන් පීඩාවට පත් කිරීමට කැමති නොවෙමි; එහෙත් මම, මෙම දේවල් නිසැකවම දැන්විය යුතු බව දන්නෙමි, තවද එනම් සැඟවුනු සියලු දේවල් නිවෙස් – මුදුන් මත හෙළි කළ යුතු බවත් මම දනිමි –

9 තවද එසේම එනම් මෙම දේවල් පිළිබද දැනුමක් මෙම ජනතාවගේ ඉතිරිවූවන් වෙතට, තවද එසේම අන්‍යජාතිකයන් වෙතට, ස්වාමීන්වහන්සේ විසිරුවා හරිනවා යැයි පැවසු මෙම ජනතාව වෙතට පැමිණිය යුතු වන්නේය, තවද ඔවුන් අතර පලක් නැති ජනතාවක් ලෙස ගණන් ගනු ලබනු ඇත – එසේහෙයින් මා දුටු දේවල් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දීමට එඩිතර නොවී, මට ලැබුණු අණ පනත නිසාත්, තවද මෙම ජනයාගේ දුෂ්ටකම නිසා නුඹලා හට එතරම් ශෝකයක් ඇති නොවන ලෙසත්, මම කුඩා සාරංශයක් ලියමි.

10 තවද දැන් බලව, මෙය ඔවුන්ගේ වංශයට, තවද එසේම ඊශ්‍රායල් වංශය රැකබලා ගන්නා අන්‍යජාතිකයන්ට, එනම් ඔවුන්ට ඔවුන්ගේ ආශීර්වාද කොහි සිට පැමිණෙන්නේ ද තේරුම් ගැනීමට සහ දැන ගැනීමට මම කතා කරමි.

11 මක්නිසාද එනම් ඊශ්‍රායල් වංශයේ විපත ගැන එවැන්නන් ශෝක වන බව මම දනිමි; එසේය, ඔවුන් මේ ජනතාවගේ විනාශය ගැන ශෝක වනු ඇත; එනම් ඔවුන් ජේසුස් වහන්සේගේ දෑතින් වැළඳ ගැනීමට හැකි වන පරිදී මෙම ජනතාව පසුතැවිලි නොවීම ගැන එනම් ඔවුන් ශෝක වනු ඇත.

12 දැන් මේ දේවල් යාකොබ්ගේ වංශයේ ඉතිරිවූවන්ට ලියා ඇත්තේය; තවද ඒවා මේ ආකාරයට ලියා ඇත, දෙවියන්වහන්සේ විසින් දන්නා නිසා එනම් දුෂ්ටකම ඒවා ඉදිරියට ඔවුන් වෙතට ගෙන එන්නේ නැත; තවද ඒවා ස්වාමීන්වහන්සේගේ යථා කාලයේදී ඉදිරියට පැමිණෙනු පිණිස උන්වහන්සේ වෙතට සඟවා තබනු ලබන්නේය.

13 තවද මා හට ලැබුණු අණ පනත නම් මෙයයි; තවද බලව, උන්වහන්සේගේ ප්‍රඥාවට අනුව, උන්වහන්සේ සුදුසු බව දකින විට, ඒවා ස්වාමීන්වහන්සේගේ අණ පනත අනුව ඉදිරියට පැමිණෙනු ලබන්නේය.

14 තවද බලව, ඒවා යුදෙව්වන්ගේ අවිශ්වාසවන්තයින් වෙතට යනු ලබන්නේය; තවද මේ අභිප්‍රාය නිසා – ජේසුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්වහන්සේ බව ඔවුන්ට ඒත්තු ගන්වන පිණිස ඒවා යනු ලබන්නේය; එනම් පියාණන්වහන්සේ උන්වහන්සේගේ වඩාත් ප්‍රේමවන්තයාණන් තුළින්, යුදෙව්වන් හෝ මුළු ඊශ්‍රායල් වංශයම, ඔවුන්ගේ ස්වාමීන් වූ දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති, ඔවුන්ගේ උරුමයේ දේශයට නැවත ලබා දීමේ, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා සදාකාලික අරමුණ ඉටු කර ගැනීමට, උන්වහන්සේගේ ගිවිසුම සම්පූර්ණ කිරීම පිණිසය.

15 තවද එසේම එනම් අන්‍යජාතිකයින් වෙතින් ඔවුන් වෙතට යන, උන්වහන්සේගේ ශුභාරංචිය මෙම ජනතාවගේ වංශය වඩාත් සම්පූර්ණයෙන් විශ්වාස කරන පිණිසය; මක්නිසාද මෙම ජනතාව විසිරී යනු ඇත්තේය, තවද කළු, අපවිත්‍ර, තවද ඉතා අප්‍රසන්න ජනතාවක් බවට පත් වනු ඇත, තවද අප අතර කිසිදා නොතිබූ, එසේය, එනම් ලේමන්වරුන්ගේ අතරේ පවා නොතිබූ, තවද මෙය ඔවුන්ගේ අවිශ්වාසය සහ රූප වන්දනාව නිසාය.

16 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් ඔවුන්ගේ පියවරුන් සමඟ මහත් පරිශ්‍රම දැරීම දැනටමත් නවත්වා ඇති සේක; තවද ඔවුන් ලෝකයේ ක්‍රිස්තුස්වහන්සේ සහ දෙවියන්වහන්සේ නොමැතිව සිටිති; තවද ඔවුන් සුළඟ ඉදිරියේ බොල්පොතු මෙන් ගසාගෙන යනු ලැබේ.

17 ඔවුන් වරක් ප්‍රීතිමත් ජනතාවක් විය, තවද ඔවුන්ගේ එඬේරාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ සිටිය සේක; එසේය, ඔවුන් පියාණන් වන දෙවියන්වහන්සේ විසින් පවා මග පෙන්වනු ලැබූ සේක.

18 එහෙත් දැන්, බලව, ඔවුන්ව සාතන් විසින් මග පෙන්වනු ලැබේ, සුළඟ ඉදිරියේ බොල්පොතු ගසාගෙන යන්නාක් මෙන්, නැතහොත් යාත්‍රාවක් රළ මත විසි කරනු ලබනවාක් මෙන්, රුවලක් හෝ නැංගුරමක් නොමැතිව, නැතහොත් ඇයව මෙහෙයවීමට කිසිවක් නොමැතිව; තවද ඇය සිටින ආකාරයට මෙන්, ඔවුන්ද එසේම විය.

19 තවද බලව, ස්වාමීන්වහන්සේ ඔවුන්ට දේශයේදී ලැබීමට හැකිව තිබූ, ඔවුන්ගේ ආශිර්වාද රඳවා ගත් සේක, මක්නිසාද දේශය හිමිකර ගන්නා අන්‍යජාතීන් සඳහා.

20 එහෙත් බලව, එය මෙසේ සිදු වනු ඇත එනම් ඔවුන් අන්‍යජාතීන් විසින් පලවා හරිනු ලැබ විසිරී යනු ඇත්තේය; තවද අන්‍යජාතිකයි විසින් ඔවුන් පලවා හරිනු ලැබ තවද විසිරුවා දැමීමෙන් පසු, බලව, එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට සහ මුළු ඊශ්‍රායල් වංශයට කළ ගිවිසුම සිහිකරනු ලබන සේක.

21 තවද එසේම උන්වහන්සේ වෙතට ඔවුන් සඳහා පිරිනමා ඇති, ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවන් ස්වාමීන්වහන්සේ සිහිපත් කරන සේක.

22 තවද එවිට, අහෝ අන්‍යජාතිකයින් වූ නුඹලා, පසුතැවිලිවී නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී යනවා මිස, දෙවියන්වහන්සේගේ බලය අභියස සිටින්නේ කෙසේ ද?

23 නුඹලා දෙවියන්වහන්සේගේ හස්තයේ සිටින බව නුඹලා නොදන්නෙහිද? උන්වහන්සේ හට සියලු බලය ඇති බව, තවද උන්වහන්සේගේ මහත් ආඥාවෙන් පොළොව ලියවිල්ලක් මෙන් එකට ඇඹරෙන බවත් නුඹ නොදන්නහු ද?

24 එසේහෙයින්, නුඹලා පසුතැවිලි වන්න, තවද උන්වහන්සේ අභියස නිහතමානි වන්න, උන්වහන්සේ නුඹට විරුද්ධව යුක්තිය ඉටු කිරීමට පිටතට නොපැමිණෙනු පිණිසය – යාකොබ්ගේ වංශයේ ඉතිරි වූවෙක් සිංහයෙකු මෙන් නුඹලා අතරට ගොස්, තවද නුඹලා කැබලි වලට ඉරා දමන්නේය, තවද ගළවා ගැනීමට එහි කිසිවෙක් නොමැත්තේය.