ශුද්ධලියවිලි
මෝර්මන් 4


4 වන පරිච්ඡේදය

යුද්ධ සහ මනුෂ්‍ය ඝාතනය පවතී – දුෂ්ඨයන් දුෂ්ඨයන්ට දඬුවම් කරති – ඊශ්‍රායලය මුළුල්ලෙහිම පෙර නොතිබූ ලෙස මහත් දුෂ්ටකම් පවතී – ගැහැණුන් සහ දරුවන් රූප වන්දනා වෙත පූජා කරන ලදී – ලේමන්වරුන් ඔවුන් ඉදිරියෙහි නීෆායිවරුන්ව පලවා හැරීමට පටන් ගත්තෝය. ක්‍රි.ව. 363–375 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය හැටවන තුන්වන වසරෙහි, පාළුකර දේශයෙන් පිටතට, නීෆායිවරුන් ඔවුන්ගේ සේනාවන් සමඟ ලේමන්වරුන්ට එරෙහිව සටන් වැදීමට ගියෝය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන්ගේ සේනාවන් නැවතත් පාළුකර දේශය වෙත හරවා යවන ලදී. තවද ඔවුන් වෙහෙසව සිටි අතර, ලේමන්වරුන්ගේ අළුත් සේනාවක් ඔවුන් මත ආවේය; තවද ඔවුන්ට වේදනා සහිත සටනක් ඇති විය, එනම් ලේමන්වරුන් පාළුකර නගරය හිමිකර ගත් පමණින්ම, තවද බොහෝදෙනෙකු සිරභාරයට ගත්තෝය.

3 තවද ඉතිරිවූවන් පලා ගොස් ටියැන්කම් නගරයෙහි වැසියන් සමඟ එක් වූවෝය. දැන් ටියැන්කම් නගරය මුහුදු වෙරළ අසබඩ මායිම්වල තිබුනේය; තවද එය පාළුකර නගරය අසළින් ද විය.

4 තවද එය නීෆායිවරුන්ගේ සේනාවන් ලේමන්වරුන් වෙත ගිය හෙයින් එනම් පහර ලැබීමට පටන් ගත්තෝය; මක්නිසාද එය එසේ එනම් නොවූයේනම්, ලේමන්වරුන්ට ඔවුන් මත කිසිඳු බලයක් නොමැත්තේය.

5 එහෙත්, බලව, දෙවියන්වහන්සේගේ විනිශ්චයන් දුෂ්ටයන් අභිබවා යන සේක; තවද දුෂ්ටයන් දඬුවම් ලබන්නේ දුෂ්ටයන් විසින්මය; මක්නිසාද එනම් ලේ වැගිරීම කරා මනුෂ්‍ය දරුවන්ගේ හදවත් කළඹන්නේ දුෂ්ටයන් විසින් ය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් ටියැන්කම් නගරයට එරෙහිව පැමිණීමට ලේමන්වරුන් සූදානම් විය.

7 තවද එය මෙසේ සිදු විය, තුන්සිය හැට හතරවැනි වසරෙහි ලේමන්වරුන් ටියැන්කම් නගරයට එරෙහිව පැමිණියෝය, එනම් ඔවුන් ටියැන්කම් නගරය ද හිමි කර ගන්නා පිණිසය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නීෆායිවරුන් විසින් පරාජය ලබා නැවතත් පලවා හරිනු ලද්දෝය. තවද ඔවුන් ලේමන්වරුන් පලවා හැරිය බව දුටු විට නීෆායිවරුන් නැවතත් ඔවුන්ගේම ශක්තිය පිළිබඳව ආත්මවර්ණනා කළෝය; තවද ඔවුන් ඔවුන්ගේම වික්‍රමයෙන් ගොස්, තවද නැවතත් පාළුකර නගරය හිමිකර ගත්තෝය.

9 තවද දැන් මේ සියළු දේ සිදු විය, තවද පාර්ශ්ව දෙකෙහිම, නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙගොල්ලන්ගේ, මරා දමන ලැබූවන් දහස්ගණන් විය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය හැට හයවැනි වසර අවසන් විය, තවද ලේමන්වරුන් නැවතත් නීෆායිවරුන් සමඟ සටන් වැදීමට පැමිිණියෝය; තවද නීෆායිවරුන් ඔවුන් කළ නපුර කෙරෙහි පසුතැවිලි නොවීය, එහෙත් ඔවුන්ගේ දුෂ්ටභාවයෙහි නිරතුරුවම මුරණ්ඩුව පැවතුනෝය.

11 තවද එය විස්තර කිරීමට දිවට නොහැකි ය, නැතහොත් නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙගොල්ලන්ගේම, ජනතාව අතර වූ ලේ සහ මනුෂ්‍ය සංභාරයේ භයංකර දර්ශනය පිළිබඳව පරිපූර්ණ විස්තරයක් ලිවීමට මනුෂ්‍යයෙකුට නොහැකි ය; තවද සෑම හදවතක්ම දැඩි විය, එනම් එසේ ඔවුන් නිරතුරුවම ලේ වැගිරීමෙහි ප්‍රීතිමත් වූවෝය.

12 තවද ලීහායිගේ දරුවන් අතරෙහි එවැනි මහත් දුෂ්ටකමක් නොතිබුණි, නොහොත් ස්වාමීන්වහන්සේගේ වචනවලට අනුව, මෙම ජනතාව අතර වූ සේම, ඊශ්‍රායල් වංශය අතර පවා ද නොවීය.

13 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් පාළුකර නගරය හිමිකර ගත්තෝය, තවද මෙය වූයේ ඔවුන්ගේ සංඛ්‍යාව නීෆායිවරුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගිය නිසාවෙන්ය.

14 තවද ඔවුන් ටියැන්කම් නගරයට එරෙහිව ද පෙළපාළි ගිය අතර, තවද ඇයගෙන් පිටතට වැසියන් පලවා හැර, තවද ගැහැණුන් සහ දරුවන් යන දෙගොල්ලන්ම සිරකරුවන් ලෙස ගෙන, තවද ඔවුන්ගේ දේව රූප දෙවිවරුන් හට ඔවුන්ව පුද පූජා කළෝය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය හැට හත්වැනි වසරෙහි, ලේමන්වරුන් ඔවුන්ගේ ගැහැණුන් සහ දරුවන් පූජා කළ බැවින් නීෆායිවරුන් කෝප වී, එනම් අතිශයින් මහත් කෝපයෙන් ඔවුන් ලේමන්වරුන්ට එරෙහිව ගියෝය, එනම් ඔවුන් ලේමන්වරුන්ට නැවතත් පහර දුන් පමණින්, ඔවුන්ගේ දේශයෙන් ඔවුන්ව පලවා හැරුවෝය.

16 තවද තුන්සිය හැත්තෑ පස්වැනි වසර වන තෙක් ලේමන්වරුන් නීෆායිවරුන්ට එරෙහිව නැවත නොපැමිණියෝය.

17 තවද මෙම වසරෙහි ඔවුන් ඔවුන්ගේ සියළු බලයන් හා සමඟ නීෆායිවරුන්ට එරෙහිව පැමිණියෝය; තවද ඔවුන්ගේ සංඛ්‍යාවේ මහත්භාවය නිසාවෙන් ඔවුන්ව ගණන් නොකරන ලදී.

18 තවද මෙම කාලය සිට නීෆායිවරුන්ට ලේමන්වරුන් මත කිසිඳු බලය ලබානොගත්තෝය, එහෙත් සූර්යයා ඉදිරියෙහි පින්නක් මෙන් පවා ද ඔවුන්ගෙන් පහර ලැබීමට පටන් ගත්තෝය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් පාළුකර නගරයට එරෙහිව පැමිණියෝය; තවද පාළුකර දේශයෙහි අතිශයින් වේදනා සහිත වූ සටනක් ඇති විය, එහි ඔවුන් නීෆායිවරුන්ව පරාජය කළෝය.

20 තවද ඔවුන් නැවතත් ඔවුන්ගෙන් පලා ගොස්, තවද බෝවස් නගරයට පැමිණියෝය; තවද එහි ඔවුන් ලේමන්වරුන්ට එරෙහිව මහත් එඩිතරකමින් නැඟී සිටියෝය, එනම් එපමණින් ඔවුන් දෙවන වරට නැවත පැමිණි තෙක් ලේමන්වරුන් ඔවුන්ට පහර නොදුන්නෝය.

21 තවද ඔවුන් දෙවන වරට පැමිණි විට, නීෆායිවරුන් පලවා හැර තවද දරුණු ලෙස ඝාතනය කරන ලදී, එනම් අතිශයින්ම මහත් සේ දරුණු ලෙස ඝාතනය වූවෝය; ඔවුන්ගේ ගැහැණුන් සහ ඔවුන්ගේ දරුවන් නැවතත් දේව රූපයන් වෙත පූජා කරන ලදී.

22 තවද එය මෙසේ සිදු විය, එනම් නුවරයන්හි සහ ගම්මානවල දෙකෙහිම සිටි, වැසියන් සියළුදෙනා ඔවුන් සමඟ රැගෙන, ඔවුන්ගේ ඉදිරියෙන් නීෆායිවරුන් නැවතත් පලා ගියෝය.

23 තවද දැන්, මෝර්මන් වන මම, ලේමන්වරුන් දේශය බිඳ හෙළා දමන මෙන් දුටු විට, එසේහෙයින් මම ශිම් කන්දට ගොස්, තවද ඇමරොන් ස්වාමීන්වහන්සේ වෙත සඟවා තැබූ සියළු වාර්තා ගත්තෙමි.