3 වන පරිච්ඡේදය
මොර්මන් නීෆායිවරුන් හට පසුතැවිලි වීම මොරගසන්නේය – ඔවුන් ඔවුන්ගේ ශක්තිය තුළම මහත් ජයග්‍රහණයක් ද මහිමයක් ද ලබාගන්නෝය – මෝර්මන් ඔවුන්ට මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරයි, තවද ඔවුන් උදෙසා ඔහුගේ යාච්ඤාවන් ඇදහිල්ල නොමැතිව විය – මොර්මන්ගේ පොත ඊශ්‍රායලයේ ගෝත්‍ර දොළහට ශුභාරංචිය විශ්වාස කිරීමට ආරාධනා කරයි. ක්‍රි.ව. 360–362 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් තව වසර දහයක් පසුවන තෙක් ලේමන්වරුන් නැවතත් සටන් වැදීමට පැමිණියේ නැත. තවද බලව, ඔවුන්ගේ දේශයන් සූදානම් කිරීමට ද ඔවුන්ගේ යුද ආයුධ සටන් කිරීමේ කාලයට එරෙහිව ගැනීමට ද, නීෆායිවරුන් වන, මාගේ ජනතාව මම සේවයට යොදා ගත්තේය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මා හට මෙසේ පැවසූ සේක: මේ ජනතාව හට මොරගසන්න – නුඹලා පසුතැවිලි වී, තවද මා වෙත පැමිණෙන්න, තවද නුඹලා බෞතීස්ම වී, තවද මාගේ සභාව නැවතත් ගොඩනඟන්න, තවද නුඹලා ඉතිරි වනු ඇත.
3 තවද මම මේ ජනතාව වෙත මොරගැසුවෙමි, එහෙත් එයින් පලක් නැති විය; තවද එනම් ඔවුන්ව ඉතිරු කර, ඔවුන් හට පසුතැවිලි වීමට අවස්ථාවක් ප්‍රදානය කළේ ස්වාමීන්වහන්සේ බවට ඔවුන් අවබෝධ කර නොගත්තෝය. තවද බලව ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට එරෙහිව ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කරගත්තෝය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් දසවැනි වසර පසු වූ කල, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සිට, මුළුමනින්ම, එය සෑදූ විට, වසර තුන්සිය හැටක් වූ අතර, ලේමන්වරුන්ගේ රජු මා හට හසුනක් එවුවේය, එනම් එයින් ඔවුන් නැවතත් අපට එරෙහිව සටන් කිරීමට පැමිණීමට සූදානම් වන බව මා හට දැනුම් දෙන ලද්දේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් මායිම්වල තිබූ නුවරකට, දේශයේ දකුණු දෙසට මඟ පෙන්වනු ලැබූ පටු කපොල්ල අසළින්, මාගේ ජනතාව පාළුකර දේශයේදී එක්රැස් විය යුතු බවට මම සැලැස්වූවේය.
6 තවද අප අපගේ සේනාවන් එතැන ස්ථානගත කළෙමු, එනම් අප ලේමන්වරුන්ගේ සේනාවන් නවතා දමනු පිණිසය, එනම් ඔවුන් අපගේ කිසිඳු දේශයක් අත්පත් කර නොගන්නා ලෙසය; එසේහෙයින් අපි අපගේ සියලු බලවේගයත් සමඟ ඔවුන්ට එරෙහිව බලවත් වුණෙමු.
7 තවද එය මෙසේ සිදු විය, එනම් තුන්සිය හැටවැනි පළමුවන වසරෙහි ලේමන්වරුන් අපට එරෙහිව සටන් වැදීමට පාළුකර දේශය වෙත පහළට ආවෝය; තවද එය මෙසේ සිදු විය, එනම් එම වසරෙහි අප ඔවුන්ට පහර දුන්නෙමු, එපමණින් එනම් ඔවුන් ඔවුන්ගේම දේශයන් වෙත නැවත ගියෝය.
8 තවද තුන්සිය හැටවැනි දෙවන වසරෙහි ඔවුන් නැවතත් සටන් වැදීමට පැමිණියෝය. තවද අප නැවතත් ඔවුන්ට පහර දුන් අතර, තවද ඔවුන්ගෙන් මහත් ගණනක් මරා දැමුවෝය, තවද ඔවුන්ගේ මළවුන් මුහුද තුළට විසි කළෝය.
9 තවද දැන්, මාගේ ජනතාව වන, නීෆායිවරුන්, කළ මහත් දේ නිසාවෙන්, ඔවුන් ඔවුන්ගේම ශක්තියෙන් ආත්මවර්ණනා කරන්නට පටන් ගත් අතර, ඔවුන්ගේ සතුරන්ගෙන් මරා දමන ලද ඔවුන්ගේ සහෝදරයන්ගේ රුධිරය වෙනුවෙන් ඔවුන්ම පළිගන්නා මෙන් ස්වර්ගය ඉදිරියෙහි දිවුරුම් දීමට පටන් ගත්තෝය.
10 තවද ඔවුන් ස්වර්ගය මඟින් දිවුරන්නට විය, තවද දෙවියන්වහන්සේගේ සිහසුන මඟින් ද විය, එනම් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව සටන් වැදීමට ගොස්, තවද ඔවුන්ව දේශයේ තලයෙන් කපා හරින බවය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් මෝර්මන්, වන මම, ඔවුන්ගේ දුෂ්ඨභාවය සහ පිළිකුල් සහගතබව නිසාවෙන්, මෙම කාලය සිට මෙම ජනතාව කෙරෙහි ආඥාපති කෙනෙකුන් ද නායකයෙකු ද වීමට මුළුමනින්ම ප්‍රතික්ෂේප කළෙමි.
12 බලව, මම ඔවුන්ට මඟ පෙන්වූවෙමි, ඔවුන්ගේ දුෂ්ඨභාවය එසේ තිබිය දීත් මම නොයෙක් වාරයක් ඔවුන්ට මඟ පෙන්වා දුන් අතර, මා තුළ තිබූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයට අනුව, මාගේ මුළු හදවතින්ම, ඔවුන්ට ප්‍රේම කර ඇත්තෙමි; තවද දවස පුරාවටම මාගේ ප්‍රාණය ඔවුන් උදෙසා දෙවියන්වහන්සේ වෙත යාච්ඤාවෙන් වගරුවනු ලද්දේය; එසේ නමුත්, ඔවුන්ගේ හදවත්වල ඇති දැඩිබව නිසාවෙන්, එය ඇදහිල්ල නොමැතිව විය.
13 තවද ඔවුන්ගේ සතුරන්ගේ දෑත්වලින් තුන්වරක් මම ඔවුන්ව ගලවා ගත්තෙමි, තවද ඔවුන් ඔවුන්ගේ පාපයන් කෙරෙහි පසුතැවිලි වී නැත.
14 තවද එනම් අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් තහනම් කළාවූ ඒ සියල්ල කිරීමට ඔවුන් දිවුරුම් දුන් විට, එනම් ඔවුන් ඔවුන්ගේ සතුරන් වෙතට සටන් වැදීමට යන බව, තවද ඔවුන්ගේ සහෝදරයන්ගේ රුධිරය වෙනුවෙන් ඔවුන්ම පළිගැනීමට යන බව, බලව ස්වාමීන්වහන්සේගේ හඬ මා හට පැමිණ, මෙසේ පැවසූ සේක:
15 පළිගැනීම මාගේ වන්නේය, තවද මම වන්දි ගෙවන්නෙමි; තවද මා ඔවුන්ව ගලවාගත් පසු මෙම ජනතාව පසුතැවිලි නොවූ නිසාවෙන්, බලව, ඔවුන් පොළෝ තලයෙන් කපා හරිනු ලද්දෝය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ සතුරන්ට එරෙහිව සටනට පෙරට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළෙමි; තවද ස්වාමීන්වහන්සේ මට අණ කළාක් මෙන් පවා ද මම කළෙමි; තවද පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් පිළිබඳව සාක්ෂි දැරූ ආත්මයාණන්ගේ ප්‍රකාශවීම්වලට අනුව, මම දුටු සහ ඇසුව දේවල් ලෝකයට ප්‍රකාශ කිරීමට, මම අලසව සිටින සාක්ෂිකරුවෙකු ලෙස නැඟී සිටියෙමි.
17 එසේහෙයින් මම නුඹලා හට ලියන්නෙමි, අන්‍යජාතිකයෙනි, තවද නුඹලා හට ද, ඊශ්‍රායල් වංශයෙනි, කාර්යය පටන් ගන්නා විට, එනම් නුඹලාගේ උරුම වූ දේශයන් කරා නැවතත් යාමට නුඹලා සූදානම් වීමට පටන් ගන්නා විට;
18 එසේය, බලව, පොළොවේ කෙළවරවල් දක්වා මම සියළුදෙනා හට ලියන්නෙමි; එසේය, නුඹලා හට, ඊශ්‍රායලයේ ගෝත්‍ර දොළහ, ජෙරුසලම් දේශයේ ජේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ ගෝලයන් ලෙස තෝරාගත් දොළොස්දෙනා විසින් නුඹලා නුඹලාගේ කාර්යයන් අනුව විනිශ්චය කරනු ඇත්තේය.
19 තවද මෙම දේශයෙහි ජේසුස්වහන්සේ තෝරාගත් දොළොස්දෙනා විසින් විනිශ්චය කරනු ලබන්නාවූ, මෙම ජනතාවේ ඉතිරි වූවන් හට ද මම ලියන්නෙමි; තවද ජෙරුසලම් දේශයේ ජේසුස්වහන්සේ විසින් උන්වහන්සේ තෝරාගත් අනෙක් දොළොස්දෙනා විසින් ඔවුන්ව විනිශ්චය කරනු ඇත්තේය.
20 තවද මේ දේවල් ආත්මයාණන් විසින් මා හට ප්‍රකාශ කරන සේක; එසේහෙයින් මම නුඹලා වෙත සියල්ල ලියමි. තවද මෙම කාරණය නිසාවෙන් මම නුඹලාට ලියමි, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්ච-ආසනය ඉදිරියෙහි නුඹලා සැවොම නැඟී සිටිය යුතු බව නුඹලා දැන ගන්න පිණිසය, එසේය, ආදම්ගේ මානව පවුලට අයත් වන සෑම ප්‍රාණයක්ම ය; තවද ඒවා යහපත් හෝ නපුර වූවත්, නුඹලා නුඹලාගේ කාර්යයන් සඳහා විනිශ්චය කරනු ලැබීමට නැඟී සිටිය යුතු වන්නේය;
21 තවද එසේම එනම් නුඹලා අතර තිබෙන්නට ඇති වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කිරීම පිණිසය; තවද එනම් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම්ගත් ජනතාව වන, යුදෙව්වරුන්, ඔවුන් දුටු සහ සවන් දුන් උන්වහන්සේ හැර වෙනත් සාක්ෂිකරුවන් සිටින බවට, එම ක්‍රිස්තුස්වහන්සේ ද දෙවියන්වහන්සේ ද වූ, ඔවුන් මරා දැමූ, එනම් ජේසුස්වහන්සේ වන බවය.
22 තවද එනම් මට කළ හැකි වන්නේනම් මම පොළොවේ සියළු කෙළවරවල් දක්වා පසුතැවිලි වී තවද ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්ච-ආසනය ඉදිරියෙහි නැඟී සිටීමට සූදනම් වීමට ඒත්තු ගන්වමි.