60 වන පරිච්ඡේදය
රජය අතින් හමුදාවන් නොසලකා හැරෙන බවට මොරෝනායි පහෝරන්ට පැමිණිලි කරයි – ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයන් මරනු ලැබීමට ඉඩ හරින සේක – නීෆායිවරුන් ඔවුන්ගේ සතුරන්ගෙන් මිදීමට ඔවුන්ගේ සියළු බලය සහ විධික්‍රම භාවිතා කළ යුතුය – ඔහුගේ හමුදාවට ආධාර උපකාර සපයන්නේ නැතිනම් රජයට එරෙහිව සටන් කරන බවට මොරෝනායිි තර්ජනය කරයි. ක්‍රි.පූ. 62 දී පමණ.
1 තවද එය මෙසේ සිදුවිය, ඔහු නැවතත් පහෝරන් නම් වූ දේශයේ ආණ්ඩුකාරවරයාට ලිව්වේය, තවද ඔහු ලිවූ වචන මේවාය, එනම් මෙසේ පවසමින්: බලව, මාගේ සංදේශය සරහෙම්ලා නගරයේ සිටින, දේශයේ ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන විනිශ්චයකරු වන, පහෝරන් හටද, තවද එසේම මෙම ජනතාව විසින් මෙම යුද්ධයේ කටයුතු පරිපාලනයට සහ කළමනාකරණය කිරීමටද තෝරාගත් අය වෙතටද, මම යොමු කරමි.
2 මක්නිසාද බලව, මට ඔවුන් හට දොස් පැවරීමක මාර්ගයෙන් යමක් පැවසීමට ඇත්තේය; මක්නිසාද බලව, නුඹලා මනුෂ්‍යයන් එක්රැස්කර, ඔවුන්ව කඩු වලින්ද, තවද කිණිසි වලින්ද, තවද සියළු ආකාරයේ යුධ ආයුධ වලින්ද සන්නද්ධ කර, තවද ලේමන්වරුන්ට එරෙහිව, ඔවුන් කොතැනක හෝ අපගේ දේශයේ කොටසකින් පැමිණියහොත්, මොවුන්ව යැවීමට පත් වී සිටින බවට තමුන් දැනසිටින්නෝය.
3 තවද දැන් බලව, මමද, තවද එසේම මාගේ පිරිස ද, තවද හීලමන් සහ ඔහුගේ පිරිසද, එසේය, එනම් කුසගින්න, පිපාසය ද, තවද විඩාව ද, තවද සියළු ආකාරයේ පීඩාවන් ද පවා, සෑම ආකාරයකින්ම, ඉමහත් වේදනාවන් විඳවා සිටින බව මා නුඹලාට පවසමි;
4 එහෙත් බලව, අප විඳවූ සියල්ල මෙපමණක් නම්, අපි මැසිවිලි නඟන්නේ හෝ පැමිණිලි කරන්නේද නැත.
5 එහෙත් බලව, අපගේ ජනතාව අතරේ විශාල ඝාතනයක් සිදුවී තිබෙන්නේය; එසේය, දහස් ගණනක් කඩුවෙන් විනාශ වී ඇත, එහෙත් නුඹලා අපගේ හමුදාවන්ට ප්‍රමාණවත් ශක්තිය හා උපකාර ද සැපයුවේ නම් එසේ නොවන්නට තිබුණි. එසේය, නුඹලාට අප කෙරෙහිව දක්වන නොසැලකිල්ල ඉමහත් ය.
6 තවද දැන් බලව, මෙම අතිමහත් නොසලකා හැරීමට හේතුව දැන ගැනීමට අප කැමැත්තෙමු. එසේය, නුඹලාගේ නොසැලකිලිමත් තත්ත්වයට හේතුව දැනගැනීමට අපට උවමනා ය.
7 නුඹලා වටකරමින් නුඹලාගේ සතුරන් මරණයේ ක්‍රියාවන් ඉටු කරන විටදී, නුඹලාගේ රාජාසන මත හිස් මනසකින් සිහිමුලාවී සිටින්නට නුඹලාට සිතිය හැකිද? එසේය, එනම් නුඹලාගේ සොහොයුරන් දහස් ගණනක් ඝාතනය කරමින් සිටින විටදී ද පවා –
8 එසේය, ආරක්ෂාව උදෙසා නුඹලා දෙස බලා සිටි ඔවුන් පවා ද, එසේය, ඔවුන් හට පිහිට වන්නට නුඹලා තත්ත්වයකට පත් කර දී ඇත, එසේය, නුඹලා ඔවුන් වෙතට හමුදා යවන්නට තිබුණි, එනම් ඔවුන්ව ශක්තිමත් කිරීමට, තවද ඔවුන්ගෙන් දහස් ගණනක් කඩුවට වැටීමෙන් ගලවා ගැනීමටද තිබුණි.
9 නමුත් බලව, මෙපමණක් නොවේ – නුඹලා ඔවුන්ගෙන් නුඹලාගේ ආධාර ද නොදී රඳවාගත්හ, කොපමණක් ද නම් මෙම ජනතාවගේ ශුභසිද්ධිය උදෙසා ඔවුන්ගේ තිබුණු මහත් ආශාවන් නිසාවෙන් බොහෝ දෙනෙකු සටන් කර ඔවුන්ගේ රුධිරය වගුරවමින් මරණයට පත් වූහ; එසේය, තවද මෙය ඔවුන් සිදුකරන ලද්දේ ඔවුන් කුසගින්නෙන් නැසී යාමට ආසන්නව සිටියදී ය, ඒ මක්නිසාද නම් නුඹලා ඔවුන් කෙරෙහි දක්වන ඉමහත් නොසැලකිල්ල හෙයිනි.
10 තවද දැන්, මාගේ දයාබර සහෝදරයිනි – මක්නිසාද නුඹලා දයාබරින් සිටින්නට අවශ්‍යය; එසේය, තවද නුඹලා මෙම ජනතාවගේ නිදහස තවද ශුභසිද්ධිය උදෙසා තම තමන් වඩාත් උද්‍යෝගිමත් වන්නට අවශ්‍යය; එහෙත් බලව, නුඹලා මොවුන් ව කෙතරම් නොසැලකිලිමත්ව සැලකූවේ ද නම් දහස් ගණනාවක පිරිසකගේ රුධිරය නුඹලාගේ හිස් මත පළිගැනීමෙන් පැමිණෙනු ඇත; එසේය, මක්නිසාද ඔවුන්ගේ වේදනාවන්, තවද විලාපයන් ද දෙවියන්වහන්සේ දැන සිටි සේක –
11 බලව, නුඹලාගේ රාජාසන වල අසුන් වල හිඳ, තවද දෙවියන්වහන්සේගේ ඉමහත් යහපත්කම නිසාවෙන් නුඹලා කිසිවක් නොකර ද උන්වහන්සේ නුඹලාව ගලවාගනු ඇතැයි නුඹලාට සිතිය හැකි ද? බලව, නුඹලාට මෙසේ සිතී ඇත්නම් නුඹලාගේ ඒ නිෂ්ඵල සිතුවිල්ලකි.
12 නුඹලාගේ සහෝදරයින්ගෙන් මෙතරම් ගණනාවක් මරණයට පත්වූයේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාවෙන් බව නුඹලා සිතන්නේද? මා නුඹට පවසමි, නුඹලාට මෙසේ සිතී ඇත්නම් එය නිෂ්ඵල සිතුවිල්ලකි; මක්නිසාද මා නුඹලාට පවසමි, බොහෝ ගණනක් කඩුවෙන් නැසී ඇත්තෝය; තවද බලව එය නුඹලාගේ හෙළා දැක්මට වන්නේය;
13 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ටයන්ව මරා දැමීමට ඉවසනු ලබන්නේ උන්වහන්සේගේ යුක්තිය හා විනිශ්චය දුෂ්ටයින් මත පැමිණෙන පිණිසය; එසේහෙයින් ධර්මිෂ්ටයින් මරා දැමූ නිසාවෙන් ඔවුන් නැතිවී සිටිනවා යැයි නුඹලාට සිතන්නට අවශ්‍ය නැත; නමුත් බලව, ඔවුන් දෙවියන් වන ඔවුන්ගේ ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට පැමිණෙනු ඇත.
14 තවද දැන් බලව, මා නුඹට පවසන්නෙමි, මෙම ජනතාව මතට දෙවියන්වහන්සේගේ විනිශ්චයන් පැමිණෙනු ඇතැයි මා බොහෝ සෙයින් බිය වන්නෙමි, ඒ ඔවුන්ගේ ඉමහත් උදාසීනකම නිසාය, එසේය, අපගේ රාජ්‍යයේ උදාසීනකම ද පවා, එසේය, මරා දමනු ලැබු අය කෙරෙහි ඇත්තාවු, තවද ඔවුන්ගේ සහෝදරයින් කෙරෙහි ඇති මහත් නොසැලකිල්ල නිසාය.
15 මක්නිසාද අපගේ ප්‍රධානීන්ගෙන් පළමුව ආරම්භ වූ දුෂ්ටකම නොවන්නට, අපගේ සතුරන්ට විරුද්ධව යටත් නොවී සිටින්නට තිබුණි එනම් ඔවුන්ට අප මත බලයක් අත්කරගන්නට නොහැකි වන්නට තිබුණි.
16 එසේය, අප අතර හටගත් යුද්ධය නොවන්නට නම්; එසේය, මේ රජ-මනුෂ්‍යයන් නොසිටියේ නම්, එනම් අප අතර එතරම් ලේ වැගිරීමක් කරන්නට හේතු වූ ඔවුන්; එසේය, අප අතර සටන් කරපු අවස්ථාවේදී, අපගේ ශක්තිය මෙතෙක් කල් කළා මෙන් එක්සත් කර ගත්තේ නම්; එසේය, අප මත්තෙහි වූ රජ-මනුෂ්‍යයින් අතර තිබුණු බලය හා අධිකාරිත්වයට ඇති කෑදරකම නොතිබුණේ නම්; අපගේ නිදහසේ මෙහෙයුමට අවංක වූයේ නම්, තවද අප සමඟ එක්සත් වූයේ නම්, තවද අපගේ සතුරන්ට එරෙහිව ඉදිරියට ගියේ නම්, එනම් අපට විරුද්ධව ඔවුන්ගේ කඩු අතට නොගෙන, එනම් එයින් අප අතර මෙතරම් ලේ වැගිරීමක් සිදු නොකර; එසේය, අප ඔවුන්ට එරෙහිව ස්වාමීන්වහන්සේගේ ශක්තියෙන් ඉදිරියට ගියේ නම්, අපට අපගේ සතුරන්ව විසුරුවා හරින්නට තිබුණි, මක්නිසාද එය සිදු වන්නේය, එනම් උන්වහන්සේගේ වචනය සපුරාලන ලෙසටය.
17 එහෙත් බලව, දැන් ලේමන්වරු අප මතට පැමිණෙති, එනම් අපගේ දේශ භූමි අත්කරගනිමින්, තවද ඔවුුන් අපගේ ජනතාව කඩුවෙන් මරා දමති, එසේය, අපගේ කාන්තාවන් ද තවද අපගේ දරුවන් ද, තවද එමෙන්ම ඔවුන්ව සිරකරුවන් ලෙස රැගෙන යති, එනම් සියළු ආකාරයේ පීඩාවන් ඔවුන්ට පමුණුවන්නට, තවද මෙයට හේතුව බලය හා අධිකාරිත්වය සොයා යන්නන්ගේ මහත් දුෂ්ටකමයි, එසේය, එනම් මෙය එම රජ-මනුෂ්‍යයින් හෙයිනි.
18 එහෙත් මේ කාරණය පිළිබඳව බෙහෙවින් කතා කළ යුත්තේ කුමටද? මක්නිසාද නුඹලා ද අධිකාරිත්වය සොයනවාද යන්න අප නොදන්නෙමු. නුඹලා ද නුඹලාගේ දේශයට ද්‍රෝහීන් බව අප නොදන්නෙමු.
19 එසේත් නැතිනම්, නුඹලා අපව නොසලකා හැර ඇත්තේ අපගේ දේශයේ මැද්දෙහි සිටීමෙන් නුඹලා ආරක්‍ෂාවෙන් රැකී සිටින නිසාවෙන්ද, එනම් ඒ නිසාවෙන් නුඹලා අප හට ආහාර එවන්නට කටයුතු නොකරන්නේද, තවද අපගේ හමුදා ශක්තිමත් කරන්නට පිරිස් නොඑවන්නේද?
20 ස්වාමීන්වහන්සේ වන නුඹලාගේ දෙවියන්වහන්සේගේ අණ පනත් නුඹලා හට අමතක වී ඇත්ද? එසේය, නුඹලාගේ පියවරුන්ගේ වහල්කම නුඹලාට අමතක වී ඇත්ද? අපගේ සතුරන්ගේ දෑතින් පිටතට ගැලවුණු අවස්ථා ගණනාවන් නුඹලාට අමතක වී ඇත්ද?
21 එසේත් නැතිනම් අප අපගේ රාජාසනවල හිඳ සිටිමින් ස්වාමීන්වහන්සේ අප හට සපයා දී ඇති අවස්ථාවන් ප්‍රයෝජනයට නොගෙන සිටියත්, ස්වාමීන්වහන්සේ අපව ගලවාගනු ඇතැයි නුඹලා සිතන්නහුද?
22 එසේය, නුඹලා දහස් ගණනකින්, එසේය, දස දහස් ගණනකින්, අලසකමින් හිඳ සිටින අයගෙන් වටවී සිටියදී, දේශයේ මායිම් වටින්ම දහස් ගණනින් අය කඩුවෙන් නැසී සිටියදී, එසේය, තුවාල වී ලේ වගුරුවමින් සිටියදී, නුඹලා අලසකමින් හිඳ සිටින්නේද?
23 නුඹලා එක්තැන් ව අසුන් ගෙන මේ දෑ බලා සිටිනකොට දෙවියන්වහන්සේ නුඹලා දෙස නිර්දෝෂීව බලා සිටිනු ඇතැයි සිතන්නහුද? බලව මා නුඹලාට පවසන්නෙමි, නැත. දැන් දෙවියන්වහන්සේ අභ්‍යන්තරයේ භාජනය මුළින්ම පිරිසිදු කෙරෙන බවට, තවද ඉන්පසුව බාහිර භාජනයද පිරිසිදු කරන බවට වදාළ බවට සිහිකරගන්නා ලෙසට මා හට උවමනාය.
24 තවද දැන්, නුඹලා කළ දෙයට පසුතැවිලි නොවෙනම්, තවද නැගී සිට ක්‍රියාත්මක වී, තවද අප හට ආහාර ද පිරිස් ද එවන්න, තවද එමෙන්ම හීලමන් හට ද එලෙසමය, එනම් එමඟින් ඔහුට අපගේ දේශයේ ඔහු නැවත එම කොටස් නඩත්තු කරගැනීමට ද, තවද අපද අපගේ හිමිකම් ඇති මේ කොටස් නැවත අත්කරගැනීමට ය, බලව අපගේ අභ්‍යන්තර භාජනය, එසේය, අපගේ රාජ්‍යයේ නායකත්වය ද පවා පළමුව පිරිසිදු කරගන්නා තුරු අපි ලේමන්වරුන් සමඟ තවදුරටත් සටන් නොකිරීම වඩාත් සුදුසු ය.
25 තවද නුඹලා මාගේ සංදේශය ඉටු කරනු හැර, තවද එළියට පැමිණ තවද නිදහසේ සැබෑ ආත්මයක් මා හට පෙන්වා, තවද අපගේ හමුදාවන් ශක්තිමත් හා තර කිරීමට වෙහෙස වී, තවද ඔවුන්ගේ උපකාරය සඳහා ආහාර සපයා දෙන තුරු, බලව මාගේ නිදහස් මනුෂ්‍යයන්ගෙන් කොටසක් මෙම භූමි කොටස පවත්වා ගැනීමට මම ඉතිරි කරන්නෙමි, තවද මම ඔවුන් මත දෙවියන්වහන්සේගේ ආශිර්වාදය මෙන්ම ශක්තිය ද තබා යන්නෙමි, එනම් ඔවුන්ට එරෙහිව අන් කිසිඳු බලයක් ක්‍රියා නොකරන ලෙසට –
26 තවද මෙය ඔවුන්ගේ ඉමහත් ඇදහිල්ල, තවද ඔවුන්ගේ පීඩාවන් මැද්දෙහි ඔවුන්ගේ ඉවසීම නිසාවෙනි –
27 තවද මා නුඹලා වෙතට පැමිණෙන්නෙමි, තවද නුඹලා අතර කිසිවෙකු නිදහස සඳහා ආශාවක් ඇති කවරකු හෝ සිටියි නම්, එසේය, නිදහසේ ගිනි සිළුවක් හෝ ඉතිරි වී තිබේ නම්, බලව, මා නුඹලා අතර කැරළි අවුළුවන්නෙමි, එනම් බලය සහ අධිකාරිත්වය පැහැර ගැනීමට ආශා කරන උදවිය නෂ්ට වන තුරු පවාය.
28 එසේය, බලව නුඹලාගේ බලයට වත් නුඹලාගේ අධිකාරීත්වයට වත් මම බිය නොවෙමි, නමුත් මාගේ දෙවියන්වහන්සේට මා බිය වන්නෙමි; තවද මාගේ දේශය රැකගැනීමට මාගේ කඩුව මම අතට ගන්නේ උන්වහන්සේගේ අණ පනත් වලට අනුවය, තවද එනම් අප මෙතරම් පරාජයන් විඳවා ඇත්තේ නුඹලාගේ අයුතුකම් නිසාවෙන්ය.
29 බලව කාලය පැමිණ ඇත, එසේය, කාලය අතටම පැමිණ ඇත, එනම් නුඹලා නුඹලාගේ දේශයේ තවද නුඹලාගේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව උදෙසා තමන්ව ක්‍රියාවට නොඑළඹෙන්නේ නම්, යුක්තියේ කඩුව නුඹලා මත එල්ලෙනු ඇත, එසේය, තවද එය නුඹලා මතට වැටී නුඹලාගේ සම්පූර්ණ විනාශයට පවා පැමිණෙනු ඇත්තේය.
30 බලව, නුඹලාගෙන් ආධාර පැමිණෙන තුරු මා බලා සිටින්නෙමි; තවද, නුඹලා අපගේ සහනය සඳහා කටයුතු ඉටු නොකරන්නේ නම්, බලව, මා නුඹලා වෙතට පැමිණෙන්නෙමි, එනම් සරහෙම්ලා දේශයට පවාය, තවද නුඹලාට කඩුවෙන් පහර දෙන්නෙමි, කොපමණක් ද නම් අපගේ නිදහසේ මෙහෙයුම කෙරෙහි මේ ජනතාවගේ ප්‍රගතියට බාධා කරන්නටවත් බලය නැතිවන තුරු පවා ය.
31 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජනතාව විනාශ වනු පිණිස නුඹලා හට ජීවත් වී තවද ශක්තිමත්ව වර්ධනය වීමට නොඉවසන සේක.
32 බලව, ස්වාමීන්වහන්සේ නුඹලාව ඉතිරි කරමින් ලේමන්වරුන්ට එරෙහිව විනිශ්චයෙන් පැමිණෙතැයි නුඹලාට සිතන්නට හැකිද, එනම් ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් ඔවුන්ගේ වෛරයට හේතුව වී තිබියදීත්, එසේය, තවද එය අපගෙන් විරුද්ධ වී වෙන්ව ගිය උදවිය නිසාවෙන් එය වඩා බලවත්ව තිබියදීත්, ඒ අතර නුඹලාගේ අයුතුකම් වලට හේතුව කීර්තිය සහ ලෝකයේ අහංකාර දෑ වලට ඇති නුඹලාගේ ඇල්ම වී තිබෙන විටදීත්?
33 නුඹලා දෙවියන්වහන්සේගේ නීති වලට පිටුපාන බවට නුඹලා දන්නෙහුය, තවද ඒවා නුඹලාගේ දෙපතුලෙන් පාගා දමන බව නුඹලා දන්නෙහුය. බලව, ස්වාමීන්වහන්සේ මා හට මෙසේ වදාළන සේක: නුඹලාගේ පාලකයින් ලෙසට පාලකයන් ලෙස නුඹලා පත් කර ඇති උදවිය ඔවුන්ගේ පව් හා අයුතුකම් වලට පසුතැවිලි නොවන්නේ නම්, නුඹලා ඔවුන්ට එරෙහිව යුධ වදිනු මැනව.
34 තවද දැන් බලව, මම, මොරෝනායි, මාගේ දෙවියන්වහන්සේගේ අණ පනත් රකින්නට මා කළ ගිවිසුමට අනුව බැඳී සිටින්නෙමි; එසේහෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනයට අනුගත වන ලෙසට, තවද නුඹලාගේ කළමණා සහ නුඹලාගේ පිරිස් ද මා හට ද, තවද එලෙසම හීලමන් හට ද එවන ලෙසට මා පවසමි.
35 තවද බලව, නුඹලා මෙසේ නොකරන්නේ නම් මා නුඹලා වෙතට යුහුසුලුව පැමිණෙනු ඇත; මක්නිසාද බලව, දෙවියන්වහන්සේ අපව කුසගින්නෙන් නැසෙන්නට නොඉවසන සේක; එසේහෙයින් උන්වහන්සේ අප හට ආහාර ලබා දෙනු ඇත, එය කඩුවෙන් ලබාගන්නට සිදුවූවත් එසේය. දැන් දෙවියන්වහන්සේගේ වචනය ඉටු කරන ලෙසට බලනු.
36 බලව, මම මොරෝනායිි, නුඹලාගේ ප්‍රධාන කපිතාන්වරයාය. මා බලය සොයන්නේ නැත, නමුත් එය බිමට ඇද හෙලන්නෙමි. මා ලෝකයේ කීර්තිය නොව, මාගේ දෙවියන්වහන්සේගේ කීර්තිය, තවද මාගේ දේශයේ ශුභසිද්ධිය හා නිදහස සොයමි. තවද මෙලෙස මම මාගේ සංදේශය අවසන් කරමි.