ශුද්ධලියවිලි
ඇල්මා 42


42 වන පරිච්ඡේදය

මරණීයත්වය යනු මනුෂ්‍යයාට පසුතැවිලි වී දෙවියන්වහන්සේට සේවය කිරීමට හැකිවන පරිවාස කාලයකි – වැටීම සියලු මනුෂ්‍ය වර්ගයා මත ලෞකික හා ආත්මික මරණය පමුණුවන ලද්දේය – මිදීම පසුතැවිලි වීම තුළින් පැමිණේ – දෙවියන්වහන්සේ උන්වහන්සේ තුළින්ම ලෝකයේ පාපය උදෙසා වන්දි ගෙවන සේක – පසුතැවිලි වන අය උදෙසා දයාව ලැබෙන්නේය – අනෙක් සියල්ලෝම දෙවියන්වහන්සේගේ යුක්තියට යටත් වෙති – දයාව ලැබෙන්නේ වන්දි ගෙවීම නිසාවෙන්ය – ගැලවීම ලබන්නේ සැබවින්ම පසුතැවිලි වන අය පමණි. ක්‍රි.පූ. 74 පමණ.

1 තවද දැන්, මාගේ පුත්‍රය, නුඹට තේරුම්ගත නොහැකි, නුඹගේ මනස කනස්සල්ලට පත් කරන තවත් දේවල් ඇති බව මම දකින්නෙමි – එය පව්කරන්නාට දඬුවම් කිරීමේදී දෙවියන්වහන්සේගේ යුක්තිය පිළිබඳව ය; මක්නිසාද පව්කරන්නා දුක්ඛිත තත්වයකට භාර කිරීම අසාධාරණ යැයි නුඹ සිතීමට උත්සාහ කරන්නෙහිය.

2 දැන් බලව, මාගේ පුත්‍රය, මෙම දේ මම නුඹට පැහැදිලි කරන්නෙමි. මක්නිසාද බලව, දෙවි වූ ස්වාමීන්වහන්සේ අපගේ මුල් දෙමව්පියන් භූමිය වගා කිරීමට, ඒදන් උයනෙන් පිටතට යැවූ පසු, ඒ නිසා ඔවුන්ව එයින් ගත් කල – එසේය, උන්වහන්සේ මනුෂ්‍යාව පිටතට ගෙන, ඒදන් උයනේ නැගෙනහිර කෙළවරේ තැබූ සේක, ජීවනයේ වෘක්ෂය ආරක්ෂා කිරීමට කෙරුබ්වරුන් සහ සෑම අතට කරකැවෙන ගිනි විහිදුවන කඩුවක් තැබූ සේක –

3 දැන්, අප දකින්නේ එනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ මෙන් වී, යහපත සහ නපුර දැනගෙන ඇති බවයි; ඔහු තම අත දිගු කර, ජීවනයේ වෘක්ෂයෙන් රැගෙන අනුභව කර තවද සදාකාලයටම ජීවත් නොවන පිණිස, එනම් ඔහු ඵලය භුක්ති නොවිඳන පිණිස දෙවි වූ ස්වාමීන්වහන්සේ කෙරුබ්වරුන් සහ ගිනි විහිදුවන කඩුවක් තැබූ සේක –

4 තවද මෙලෙස, එනම් මනුෂ්‍යයාට පසුතැවිලි වීමට කාලයක් ලබාදී තිබුනු බව අපි දකින්නෙමු, එසේය, පරිවාස කාලයක්, පසුතැවිලි වීමට සහ දෙවියන්වහන්සේට සේවය කිරීමට කාලයක්ය.

5 මක්නිසාද බලව, ආදම් වහාම තම අත ඉදිරියට දිගු කර, තවද ජීවනයේ වෘක්ෂයෙන් භුක්තිවින්ඳේ නම්, දෙවියන්වහන්සේගේ වචනයට අනුව, ඔහුට පසුතැවිලි වීමට ඉඩක් නොමැතිව, ඔහු සදාකාලයටම ජීවත් වීමට හැකිව තිබුණේය; එසේය, තවද එසේම දෙවියන්වහන්සේගේ වචනයද නිෂ්ඵල වීමට ඉඩ තිබුණේය, තවද බලවත් වූ ගැලවීමේ සැලැස්ම අසාර්ථක වීමට ඉඩ තිබුණේය.

6 එහෙත් බලව, එය මනුෂ්‍යයාට මරණය නියම කර තිබුනේය – එමනිසා, ඔවුන්ව ජීවනයේ වෘක්ෂයෙන් කපා දැමූවාක් මෙන් ඔවුන්ව පොළෝ තලයෙන්ද කපා දැමිය යුතුව තිබුණි – තවද මනූෂ්‍යයා සදාකාලයටම නැති වී ගියේය, එසේය, ඔවුන් වැටුණු මනුෂ්‍යයන් වූවෝය.

7 තවද දැන්, මෙයින් නුඹට පෙනෙන්නේ අපගේ මුල් දෙමව්පියන් ලෞකිකව සහ ආත්මිකව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබූ බවයි; තවද මෙසේම, ඔවුන් ඔවුන්ගේ කැමැත්තට යටත්ව එය අනුගමනය කළ බව අප දුටුවෙමු.

8 දැන් බලව, එනම් මනුෂ්‍යයා මෙම ලෞකික මරණයෙන් නැවත ලබා ගැනීම යෝග්‍ය නොවීය, මක්නිසාද එනම් එය ප්‍රීතියේ මහා සැලැස්ම විනාශ කරන බැවිනි.

9 එසේහෙයින්, ප්‍රාණය කිසිදා මරණයට පත්නොවන නිසා, වැටීම සියලු මනුෂ්‍ය වර්ගයා මත ආත්මික මරණයක් මෙන්ම ලෞකික මරණයක් ගෙන එනු ලැබුවේය, එනම්, ඔවුන් ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා දමනු ලැබුවෝය, මෙම මනුෂ්‍ය වර්ගයා ආත්මික මරණයෙන් නැවත ලබා ගැනීම යෝග්‍ය වන්නේය.

10 එසේහෙයින්, ඔවුන් ස්වභාවයෙන්ම මාංශික, කාමුක සහ යක්ෂාකාරව ස්වභාවයක් බවට පැමිණියෝය, මෙම පරිවාස තත්වය ඔවුන්ට සූදානම් වීමට අවස්ථාවක් විය; එය සූදානම් වීමේ අවස්ථාවක් බවට පත් විය.

11 තවද දැන්, සිහියේ තබාගන්න, මගේ පුත්‍රය, මිදීමේ සැලැස්ම නොතිබුනේනම් (එය පසෙක තබමින්) ඔවුන් මරණයට පත්වූ පමණින් ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා දමනු ලැබ ඔවුන්ගේ ප්‍රාණයන් දුක්ඛිත වන්නේය.

12 තවද දැන්, එහි මෙම වැටුණු ස්වභාවයෙන් මනුෂ්‍යයන්ව නැවත ලබාගැනීමට ක්‍රමයක් නොවීය, එය මනුෂ්‍යයා ඔහුගේම අකීකරුකම නිසා ඔහු මතම පමුණුවා ගන්නේය;

13 එසේහෙයින්, යුක්තියට අනුව, මෙම පරිවාස තත්වය තුළ මනුෂ්‍යයන්ගේ පසුතැවිලි වීමේ කොන්දේසි මත පමණක්, මිදීමේ සැලැස්ම ගෙන ඒමට නොහැකි වන්නේය, එසේය, මෙම සූදානම් වීමේ තත්වය වන්නේය; මක්නිසාද මෙම කොන්දේසි නොමැති වන්නේනම්, යුක්තියේ ක්‍රියාවන් විනාශ කිරීමෙන් මිස, දයාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේය. දැන් යුක්තියේ ක්‍රියාවන් විනාශ කළ නොහැක; එසේ වුවහොත් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවත්වන සේක.

14 තවද මෙසේ සියලු මනුෂ්‍ය වර්ගයාම වැටුනු බව අප දකින්නෙමු, තවද ඔවුන් යුක්තිය ග්‍රහණයෙහි සිටියෝය; එසේය, දෙවියන්වහන්සේගේ යුක්තියේ, එය ඔවුන්ව සදාකාලයටම උන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හැරීමට භාර දුන්නෝය.

15 තවද දැන්, වන්දිගෙවීමකින් තොරව දයාවේ සැලැස්ම ගෙන ඒමට නොහැකි වූවේය; එසේහෙයින් දයාවේ සැලැස්ම ගෙන ඒමට, දෙවියන්වහන්සේ ලෝකයේ පාපයන් උදෙසා උන්වහන්සේවම වන්දි ගෙවීමට, දයාවේ සැලැස්ම ගෙන ඒමට, යුක්තිය පිළිබඳ ඉල්ලීම් සංසිඳුවා ගැනීමට, එනම් දෙවියන්වහන්සේ පරිපූර්ණව, යුක්ති සහගත දෙවියන්, තවද එසේම දයානුකම්පිත දෙවියන්වහන්සේ වීමට හැකි වන පරිදිය.

16 දැන්, දඬුවමක් නොමැතිව මිස මනුෂ්‍යයන් වෙත පසුතැවීම පැමිණිය නොහැක්කේය, එය එසේම ප්‍රාණයේ ජීවිතය මෙන්ම සදාකාලික විය යුතුය, එය ප්‍රාණයේ ජීවිතය මෙන්, සදාකාලික වූ ප්‍රීතියේ සැලැස්මට ප්‍රතිවිරුද්ධව සම්බන්ධව ඇත්තේය.

17 දැන්, පාපය කළහොත් මිස මනුෂ්‍යයෙකු කෙසේ පසුතැවිලි වන්නේද? නීතියක් නොමැතිවූයේ නම් ඔහු පාපයක් කරන්නේ කෙසේද? එහි දඬුවමක් නොමැත්තේ නම් නීතියක් කෙසේ වන්නේද?

18 දැන්, එහි දඬුවමක් නියම කර, නීතියක් ලබා දී ඇත්තේය, එය මනුෂ්‍යා තුළ කනස්සල්ලේ හෘද සාක්ෂියක් ගෙන එන්නේය.

19 දැන්, එහි නීතියක් දී නොතිබුනේ නම් – මනුෂ්‍යයෙකු මරණු ලැබුවේනම් ඔහුද මිය යා යුතුය – ඔහු මිනීමැරුවේ නම් ඔහුද මරණයට පත් විය යුතු බැවින් ඔහු බිය වන්නෙහිද?

20 තවද එසේම, එහි පාපයට විරුද්ධව නීතියක් දෙනු නොලැබුවේ නම් මනුෂ්‍යයින් පාපයන් කිරීමට බිය නොවන්නෝය.

21 තවද එහි නීතියක් දෙනු නොලබන්නේ නම්, මනුෂ්‍යයින් පාප කරන්නේ නම් යුක්තියට හෝ දයාවට කුමක් කළ හැකිද, මක්නිසාද ඔවුන්ට එම මැවිල්ල කෙරෙහි කිසිඳු හිමිකමක් නොවන්නේය.

22 එහෙත් එහි නීතියක් දී ඇත්තේය, තවද එය සම්බන්ධව දඬුවමක්ද නියම කර ඇත, තවද පසුතැවිල්ලක් ප්‍රදානය කර ඇත්තේය; එම දයාව පසුතැවිල්ලට හිමිකම් කියන්නේය; නැතහොත්, යුක්තිය මැවිල්ලට හිමිකම් කියමින් තවද නීතිය ක්‍රියාත්මක කරන්නේය, තවද නීතිය දඬුවම් පමුණුවන්නේය; එසේ නොවුවහොත්, යුක්තියේ ක්‍රියා විනාශ කරනු ලබන්නේය, තවද දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවත්වන සේක.

23 එහෙත් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නොනවත්වන සේක, තවද දයාව පසුතැවිලිවන්නාට හිමිකම් කියන්නේය, තවද දයාව වන්දිගෙවීම හේතුකොටගෙන පැමිණෙන්නේය; තවද වන්දිගෙවීම මළවුන්ව නැවත නැඟිටීමට පමුණුවන්නේය; තවද මළවුන්ගේ නැවත නැඟිටීම මනුෂ්‍යයන්ව දෙවියන්වහන්සේගේ අභිමුඛයට තුළට නැවත ගෙන එන්නේය; තවද මෙසේ ඔවුන්ව උන්වහන්සේගේ අභිමුඛයට නැවත පිහිටවනු ලබන්නේ, ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලබන්නේ, නීතියට සහ යුක්තියට අනුවය.

24 මක්නිසාද බලව, යුක්තිය ඔහුගේ සියලු ඉල්ලීම් ඉටු කරන්නේය, තවද එසේම දයාව ඇයට අයත් සියල්ලට හිමිකම් කියන්නේය; තවද මෙසේ, අන් කිසිවෙක් නොව සැබවින්ම පසුතැවිලිවන්නෝ ගළවනු ලබන්නෝය.

25 දයාවට යුක්තිය කොල්ලකෑමට හැකි යැයි නුඹ සිතන්නේද? මම නුඹට කියන්නෙමි, නැත; එක බිඳක්වත් නොවන්නේය. එසේ නම්, දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවත්වන සේක.

26 තවද මෙසේ දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට සූදානම් කරන ලද, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සහ සදාකාලික අරමුණු ඉටු කරන සේක. තවද මෙසේම මනුෂ්‍යයන්ගේ ගැලවීම සහ මිදීම, තවද එසේම ඔවුන්ගේ විනාශය සහ දුක්ඛිතභාවය පැමිණෙන්නේය.

27 එසේහෙයින්, අහෝ මාගේ පුත්‍රය, පැමිණෙන ඕනෑම කෙනෙකුට පැමිණ ජීවනයේ ජලය නිදහස්ව භුක්ති විඳිමට හැක්කේය; තවද කවරෙක් හෝ නොපැමිණෙන්නේද, එවැන්නාට පැමිණීමට බලකිරීමක් නොමැත්තේය; එහෙත් අන්තිම දවසේදී ඔහුගේ ක්‍රියාවන්ට අනුව ඔහුට එය නැවත පිහිටුවා දෙනු ලබන්නේය.

28 ඔහු නපුර කිරීමට ආශාවන්නේ නම්, තවද ඔහුගේ දවස්වලදී පසුතැවිලි වී නොමැති නම්, බලව, දෙවියන්වහන්සේගේ නැවත පිහිටුවීමට අනුව ඔහුට නපුර සිදුකරනු ලබන්නේය.

29 තවද දැන්, මාගේ පුත්‍රය, මෙම දේවල් පිළිබඳ නුඹ තවදුරටත් කරදර විය යුතු නැති බවට මම ආශා වන්නෙමි, තවද නුඹගේ පාපයන් ගැන පමණක් කරදර වන්න, එම කරදරය නුඹව පසුතැවිල්ල වෙතට ගෙන එනු ලබන්නේය.

30 අහෝ මාගේ පුත්‍රය, එනම් නුඹ තවදුරටත් දෙවියන්වහන්සේගේ යුක්තිය ප්‍රතික්ෂේප නොකරන්නේ යයි මම ආශාවන්නෙමි. දෙවියන්වහන්සේගේ යුක්තිය ප්‍රතික්ෂේප කිරීමෙන්, නුඹේ පාපයන් නිසා සුළුවෙන් සමාව ගැනීමට උත්සාහ නොකරන්න; එහෙත් නුඹ දෙවියන්වහන්සේගේ යුක්තියටත්, තවද උන්වහන්සේගේ දයාවටත් ඉඩ දෙන්න, තවද උන්වහන්සේගේ බොහෝ ඉවසිලිවන්තකම නුඹගේ හදවතෙහි සම්පූර්ණයෙන්ම බලපැවැත්වීමට ඉඩ දෙන්න; තවද එය නුඹව දුහුවිල්ල මෙන් නිහතමානී වීමට ඉඩ දෙන්න.

31 තවද දැන්, මාගේ පුත්‍රය, නුඹලා දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබුවේ මෙම ජනතාවට වචනය දේශනා කිරීමටය. තවද දැන්, මාගේ පුත්‍රය, නුඹගේ මාර්ගයේ ගොස්, සත්‍යයෙන් සහ සන්සුන්කමින් වචනය ප්‍රකාශ කරන්න, එනම් නුඹ ප්‍රාණයන් පසුතැවිල්ල වෙත ගෙන එනු පිණිසද, එනම් ශ්‍රේෂ්ඨ දයාවේ සැලැස්ම ඔවුන් මත හිමිකම් කියනු පිණිසය. තවද මාගේ වචනවලට අනුව දෙවියන්වහන්සේ නුඹට දෙන සේක්වා. ආමෙන්.