62 වන පරිච්ඡේදය
මොරෝනායි ගිඩියොන් දේශයෙහි – රජු වන – පහෝරන්ගේ උපකාරය උදෙසා ගමන් කරයි – ඔවුන්ගේ රට ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්නාවූ මනුෂ්‍යයන් මරණයට පත් කරන ලදී – පහෝරන් සහ මොරෝනායි නෙෆීහා නැවත ගන්නෝය – ලේමන්වරුන් බොහෝදෙනෙකු ඇමන්ගේ ජනතාව සමඟ එක් වෙති – ටියෑන්කම් ඇමොරන් ඝාතනය කර ඔහුද ඝාතනය වන ලදී – ලේමන්වරුන් දේශයෙන් පලවා හරින ලදී, තවද සාමය පිහිටුවන ලදී – හීලමන් මෙහෙවරයට නැවත පැමිණ තවද සභාව ගොඩනඟයි. ක්‍රි.පූ. 62–57 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මෙම හසුන ලබාගත් විට ඔහුගේ හදවත ධෛර්යය ගත් අතර, තවද පහෝරන්ගේ ළැදිකම නිසාවෙන් අතිශයින් මහත් ප්‍රීතියෙන් පිරී ගියේය, එනම් ඔහුද නිදහසට ද්‍රෝහියෙකු නොවී තවද ඔහුගේ රටට හේතුවක් නොවූ බැවිනි.
2 එහෙත් විනිශ්ච-ආසනයෙන් පහෝරන්ව පලවා හැරවූ අයගේ අයුතුකම් නිසාවෙන් ද ඔහු අතිශයින් ශෝක වන්නට විය, එසේය, ඒ සමාප්තියෙන් ඔවුන්ගේ රටට සහ ඔවුන්ගේ දෙවියන්ට එරෙහිව ද කැරලි ගැසූ අය නිසාවෙන්ය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් පහෝරන්ගේ ආශාවට අනුව, මොරෝනායි මනුෂ්‍යයින් කිහිපදෙනෙකු රැගෙන, තවද ඔහුගේ සේනාවේ ඉතිරිවූවන් මත අධිපතිකම ලීහායිට සහ ටියෑන්කම්ට, තවද ඔහු ඔහුගේ පෙළපාළිය ගිඩියන්ගේ දේශය වෙත රැගෙන ගියේය.
4 තවද ඔහු කිනම් ස්ථානයකට ඇතුළු වුවද ඔහු නිදහසේ සම්මතය එසෙව්වේය, තවද ගිඩියන්ගේ දේශය වෙත ඔහුගේ ගමන් කිරීමෙහි යම්කිසි දුරකට වූ බලපෑමක් වුවද ලබාගත්තේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ සම්මතය වෙත දහස්ගණන් එක්රැස් වූ අතර, තවද එනම් ඔවුන් වහල්භාවයට නොපැමිණෙන සේ, ඔවුන්ගේ නිදහසේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ කඩු අතට ගත්තෝය.
6 තවද එසේම, මොරෝනායි ඔහුගේ පෙළපාළියට එක්රැස් කරගන්නට හැකි කුමක්නමුත් මනුෂ්‍යයින් එක්රැස් කළාවූ පසුවෙන්, ඔහු ගිඩියන්ගේ දේශය කරා ආවේය; තවද පහෝරන්ගේ අය සමඟ ඔහුගේ බලවේග එක්සත් කර ඔවුන් අතිශයින් ශක්තිමත් වූවෝය, දාසභාවයෙන් මිදුණු තැනැත්තන් සරහෙම්ලා දේශයෙන් පලවා හැර තවද දේශයේ හිමිකම ලබාගත් ඒ විරුද්ධවූවන්ගේ රජු වූ, පෑකස්ගේ මනුෂ්‍යයින්ට වඩා පවා ද ශක්තිමත් වූවෝය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි සහ පහෝරන් ඔවුන්ගේ සේනාවන් සමඟ සරහෙම්ලා දේශය තුළට ගිය අතර, තවද නගරයට එරෙහිව ගොස්, තවද පෑකස්ගේ මනුෂ්‍යයන් මුණගැසී, එනම් ඔවුන් සටන් වැදීමට පැමිණෙන පමණින් විය.
8 තවද බලව, පෑකස් මරා දමා තවද ඔහුගේ මනුෂ්‍යයින් සිරකරුවන් ලෙස රැගෙන ගියෝය, තවද පහෝරන් ඔහුගේ විනිශ්ච-ආසනය කරා නැවත පත් කරන ලදී.
9 තවද නීතියට අනුව, පෑකස්ගේ මනුෂ්‍යයින් ඔවුන්ගේ නඩු විභාගය ලබාගත්තෝය, තවද ඒ රැගෙන ගොස් තවද සිරගෙයට දමන ලද රජ-මනුෂ්‍යයන් ද; තවද ඔවුන් නීතියට අනුව මරණයට පමුණුවන ලද්දෝය; එසේය, ඒ පෑකස්ගේ මනුෂ්‍යයන් සහ එම රජ-මනුෂ්‍යයන්, ඔවුන්ගේ රටෙහි ආරක්ෂාව වෙනුවෙන් යුද ආයුධ නොගන්නා වූ, එහෙත් එයට එරෙහිව සටන් වදින කවුරුනමුත්, මරණයට පත් කරන ලදී.
10 තවද එසේ ඔවුන්ගේ රටෙහි ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිය දැඩි ලෙස පිළිපැදිය යුතු බව එය යෝග්‍ය විය; එසේය, තවද ඔවුන්ගේ නිදහස ප්‍රතික්ෂේප කරන්නාවූ කවුරුනමුත් නීතියට අනුව අප්‍රමාදීව මරණයට පමුණුවන ලදී.
11 තවද එසේම නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ තිස්වැනි වසර අවසන් විය; සරහෙම්ලාහිදී, ඔවුන්ගේ ජනතාව අතර, සාමය නැවත පිහිටුවීමෙන් මොරෝනායි සහ පහෝරන්, නිදහසේ හේතුවට සත්‍ය නොවූ සියළු දෙනා මත මරණය පමුණුවෝය.
12 තවද එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ තිස්වැනි වසරෙහි, දේශයේ එනම් කොටස ආරක්ෂා කිරීමට ඔහුට උපකාර වන සේ, මොරෝනායි එකෙණෙහිම සැපයුම් ද, තවද මනුෂ්‍යයින් හයදහසකින් යුක්ත වූ සේනාවක් ද හීලමන් වෙත යවන ලෙසට සැලැස්වූවේය.
13 තවද මනුෂ්‍යයින් හයදහසකින් යුක්ත වූ සේනාවක් ද, ප්‍රමාණවත් ගණනකින් වූ ආහාර සමඟ, ලීහායිගේ සහ ටියෑන්කම්ගේ සේනාවන් කරා යවන ලදී. තවද එය මෙසේ සිදු විය, එනම් මෙය ලේමන්වරුන්ට එරෙහිව දේශය බලවත් වීමට කරන ලදී.
14 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි සහ පහෝරන්, සරහෙම්ලා දේශයෙහි මනුෂ්‍යයින් විශාල කොටසක් තබා, එම නගරයේ සිටි ලේමන්වරුන් පරාජය කිරීමට අධිෂ්ඨාන වී, නෙෆීහා දේශය වෙත මනුෂ්‍යයින් විශාල පිරිසක් සමඟ ඔවුන්ගේ පෙළපාළිය පටන්ගත්තෝය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දේශය වෙතට පෙළපාළි යන විට, ඔවුන් ලේමන්වරුන්ගේ මනුෂ්‍යයින්ගේ විශාල පිරිසක් රැගෙන, තවද ඔවුන් බොහෝමයක් මරා දැමූ අතර, තවද ඔවුන්ගේ යුද ආයුධ සහ ඔවුන්ගේ සැපයුම් රැගෙන ගියෝය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ව රැගෙන ගිය පසුවෙන්, තවදුරටත් ඔවුන් නීෆායිවරුන්ට එරෙහිව ඔවුන්ගේ යුද ආයුධ නොගන්නා ලෙස එනම් ඔවුන් ගිවිසුමකට ඇතුළත් වන සේ සැලැස්වූවෝය.
17 තවද ඔවුන් මෙම ගිවිසුමට ඇතුළත් වූ විට ඔවුන් ඔවුන්ව ඇමන්ගේ ජනතාව සමඟ වාසය කිරීමට යවන ලදී, තවද ඔවුන් මරා නොදමන්නාවූ අය ගණනින් හාරදහසක් පමණ විය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ව යැවූ විට ඔවුන් නෙෆීහා දේශය වෙත ඔවුන්ගේ පෙළපාළිය නොනැවතී කරගෙන ගියෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නෙෆීහා දේශය වෙත පැමිණි විට, ඔවුන් ඔවුන්ගේ කූඩාරම්, නෙෆීහා නගරය අසළින් වූ, නෙෆීහා සමභූමිවල පිහිටුවෝය.
19 දැන් සමභූමි මත, එනම් ඔවුන්ට එරෙහිව ලේමන්වරුන් සටන් වැදීමට පැමිණිය යුතු යැයි මොරෝනායි ආශා කළේය; එහෙත් ලේමන්වරුන්, ඔවුන්ගේ මහත් වූ ධෛර්යය පිළිබඳව දැන, තවද ඔවුන්ගේ පිරිස් හි විශාලත්වය දැක, එසේහෙයින් ඔවුන් ඔවුන්ට එරෙහිව පැමිණීමට තැත් නොකළෝය; එසේහෙයින් එම දිනයෙහි ඔවුන් සටන් වැදීමට නොපැමිණියෝය.
20 තවද රාත්‍රිය පැමිණි විට, මොරෝනායි රාත්‍රියේ අන්ධකාරයෙහි ගමන් ගත්තේය, තවද ලේමන්වරුන් ඔවුන්ගේ සේනාවත් සමඟ නගරයෙහි කුමන කොටසෙහි කඳවුරු බැඳ ඇත්දැයි ඔත්තු බැලීමට තාප්පයෙහි මුදුනට නැග්ගේය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඇතුල්වීමෙහි, නැගෙනහිර දිශාවෙන් සිටියෝය; තවද ඔවුන් සියළුදෙනා නින්දෙන් විය. තවද දැන් මොරෝනායි ඔහුගේ සේනාව වෙත නැවත පැමිණ, තවද තාප්පයෙහි මුදුනෙන් තාප්පයේ ඇතුළ් කොටසට වැටීමට, ලණු සහ ඉණිමං කඩිනමින් ඔවුන් සූදානම් කරන ලෙස සැලැස්වූවේය.
22 තවද එය මෙසේ සිදු විය, ඔහුගේ මනුෂ්‍යයින් පෙළපාළි ගොස් තවද තාප්පය මුදුනට පැමිණ, එනම් නගරයෙහි එම කොටස තුළට ඔවුන් ඔවුන්ව පහතට ගෙන යන සේ මොරෝනායි සැලැස්වූවේය, එසේය, බස්නාහිර දිශාවෙන් ද, ලේමන්වරුන් ඔවුන්ගේ සේනාවන් සමඟ කඳවුරු බැඳ නොසිටි තැන්වල පවා විය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ ශක්තිමත් වූ ලණු සහ ඉණිමංවල උපායෙන් ඔවුන් සියළුදෙනාම රාත්‍රිය වූ විට නගරය තුළට පහතට ගියෝය; එසේම උදෑසන වූ විට ඔවුන් සියළුදෙනාම නගරයෙහි බැමි ඇතුළෙහි සිටියෝය.
24 තවද දැන්, එනම් ලේමන්වරුන් අවදි වී තවද බැමි ඇතුළත මොරෝනායිගේ සේනාවන් දුටු විට, ඔවුන් අතිශයින් බිය වුණෝය, එනම් ඔවුන් කපොල්ලෙන් පමණින් පලා ගියෝය.
25 තවද දැන් එනම් ඔහුගේ ඉදිරියෙහි ඔවුන් පලා යන බව දුටු මොරෝනායි, ඔහුගේ මනුෂ්‍යයින් ඔවුන්ට එරෙහිව පෙළපාළි ගොස්, මරා දමන ලෙස සැලැස්වූයේය, තවද තවත් බොහෝදෙනෙකු වට කර, තවද ඔවුන්ව සිරභාරයට ගත්තේය; තවද ඔවුන්ගෙන් ඉතිරිවූවන්, මුහුදු වෙරළ අසබඩ තිබූ, මොරෝනායි දේශය තුළට පලා ගියෝය.
26 එසේම එක් ප්‍රාණයක්වත් පාඩු නොකර මොරෝනායි සහ පහෝරන් නෙෆීහා නගරයෙහි හිමිකම අත්කර ගත්තෝය; තවද මරා දැමුවාවූ ලේමන්වරුන් බොහෝදෙනෙකු සිටියෝය.
27 දැන් එය මෙසේ සිදු විය, එනම් සිරකරුවන් වූ ලේමන්වරුන්ගෙන් බොහෝදෙනෙකු ඇමන්ගේ ජනතාව සමඟ එකතු වී තවද නිදහස් ජනතාවක් වීමට ආශා කළෝය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් ආශා වන්නාවූ එම ගණනම, ඔවුන්ගේ ආශාවන් අනුවට එය ඔවුන් වෙත දීමනා කරන ලදී.
29 එසේහෙයින්, ලේමන්වරුන්ගේ සිරකරුවන් සියළුදෙනාම ඇමන්ගේ ජනතාව සමඟ එක් වී, තවද අධික ලෙස ශ්‍රමය දරන්නට පටන් ගත්තෝය, පොළොව සී සාමින්, සියළු ආකාරයේ ධාන්‍ය බෝ කර, තවද සියළු ආකාරයේ සතුන් රැළවල් ද රංචු ද; තවද එසේම නීෆායිවරුන් මහත් පීඩනයකින් සහනය ලද්දෝය; එසේය, එනම් ඔවුන් ලේමන්වරුන්ගේ සිරකරුවන් සියළුදෙනාගෙන්ම පමණනින් සහනය ලැබුවෝය.
30 දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි, ඔහු නෙෆීහා නගරයෙහි හිමිකම අත්කරගත් පසු, බොහෝ සිරකරුවන් ගෙන, එයින් ලේමන්වරුන්ගේ සේනාවන් මහත් සේ අඩු වුන අතර, තවද සිරකරුවන් ලෙස ගෙන ගියාවූ නීෆායිවරුන් බොහෝදෙනෙකු නැවත ලබාගෙන, එයින් මොරෝනායිගේ සේනාව අතිශයින් බලවත් විය; එසේහෙයින් මොරෝනායි නෙෆීහා දේශයෙන් ලීහායි දේශය වෙත ගියේය.
31 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ඔවුන්ට එරෙහිව පැමිණෙන බව දුටු විට ලේමන්වරුන්, නැවතත් බිය වී තවද ඔවුන් මොරෝනායිගේ සේනාව ඉදිරියෙහි පලා ගියෝය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ලීහායී සහ ටියෑන්කම් සමඟ මුණගැසෙන තුරු, මොරෝනායි සහ ඔහුගේ සේනාව ඔවුන්ව නගරයෙන් නගරයට ලුහුබැන්දෝය; තවද ඔවුන් මොරෝනායිගේ දේශය වෙත පැමිණෙනන තෙක්, මුහුදු වෙරළ අසබඩ මත පවා ද, ලේමන්වරුන් ලීහායි සහ ටියෑන්කම්ගෙන් පලා ගියෝය.
33 තවද ලේමන්වරුන්ගේ සියළු සේනාවන් එක්රැස් වී සිටියෝය, එනම් ඔවුන් සියළුදෙනාම මොරෝනායි දේශයේ එක් පිරිසක් වූ පමණින්ය. දැන් ලේමන්වරුන්ගේ රජු වූ, ඇමොරන් ද, ඔවුන් සමඟ සිටියේය.
34 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි සහ ලීහායි සහ ටියෑන්කම් ඔවුන්ගේ සේනාවන් සමඟ මොරෝනායි දේශයේ මායිම් වටාහි කඳවුරු බැන්දෝය, එනම් එපමණින් දකුණු දිශාවේ වනාන්තරයෙහි මායිම්වල ද, තවද නැගෙනහිර දිශාවේ වනාන්තරයෙහි මායිම්වල ද ලේමන්වරුන් වට කරන ලදී.
35 තවද එසේම ඔවුන් රාත්‍රිය සඳහා කඳවුරු බැන්දෝය. මක්නිසාද බලව, නීෆායිවරුන් සහ ලේමන්වරුන් ද පෙළපාළියෙහි මහත්භාවය නිසාවෙන් වෙභෙසට පත්ව සිටියෝය; එසේහෙයින් ටියෑන්කම් හැර, ඔවුන් රාත්‍රී කාලයෙදී කිසිදු උපක්‍රමයක් මත සම්මත නොවූවෝය; මක්නිසාද ඔහු ඇමොරන් සමඟ අතිශයින් කෝප වී සිටියේය, එනම් තවද බොහෝ යුද්ධ සහ ලේ වැගිරීමට ද හේතු වී, එසේය, තවද බොහෝ සාගතයට, එපමණින් ඔහු ඇමොරන් ද, ඔහුගේ සහෝදර වූ ඇමලකායා ද, ඔවුන් සහ ලේමන්වරුන් අතර ඇති මෙම මහත් සහ අවසානයක් නොමැතිව පවතින මෙම යුද්ධය ඔවුන් නිසාවෙන් බව සමාලෝචනය කළේය.
36 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ කෝපයෙන් ටියෑන්කම් ලේමන්වරුන්ගේ කඳවුර වෙත ගමන් ගත්තේය, තවද ඔහු තමන්ව නගරයෙහි බැමිවලින් පහතට දැමුවේය. තවද ඔහු ලණුවක් සමඟින් තැනින් තැනට, ගමන් ගත්තේය, එනම් ඔහු රජුව සොයාගන්නා පිණිසය; තවද ඔහු හෙල්ලයක් ඔහු වෙත විසි කළේය, එනම් එය ඔහුගේ හදවත අසළින් පසාරු කර ගියේය. එහෙත් බලව, ඔහු මිය යාමට පෙර රජු ඔහුගේ දාසයන් අවදි කළේය, එනම් එපමණින්ඔ වුන් ටියෑන්කම් ලුහුබැඳ, තවද ඔහුව මරා දැමුවෝය.
37 දැන් එය මෙසේ සිදු විය, එනම් ටියෑන්කම් මිය ගොස් ඇති බව දැනගත් විට ලීහායි සහ මොරෝනායි බොහෝසෙයින් ශෝකවන්නට විය; මක්නිසාද බලව, ඔහු ඔහුගේ රට වෙනුවෙන් වික්‍රමාන්විතව සටන් වැදුනු මනුෂ්‍යයෙකු වූ බැවිනි, එසේය, නිදහස කරා සත්‍ය මිත්‍රයෙකු විය; තවද ඔහු වේදනා සහිත පීඩාවන් බොහෝමයක් වින්දේය. එහෙත් බලව, ඔහු මිය ගොස් ඇත, තවද මුළු පොළොවෙන්ම සමුගෙන ඇත.
38 දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි පසුදිනම පෙළපාළි ගොස්, තවද ලේමන්වරුන් මත පැමිණියේය, එනම් එපමණින්ම දරුණු ලෙසට ඔවුන්ව මරා දැමුවෝය; තවද ඔවුන් ඔවුන්ව දේශයෙන් පිටතට පලවා හැරියෝය; තවද ඔවුන් පලා ගියෝය, එනම් ඔවුන් නීෆායිවරුන්ට එරෙහිව එම කාලයේදී නැවත නොපැමිණීමට පවා ද විය.
39 තවද එසේම නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ තිස් එක්වැනි වසර අවසන් විය; තවද වසර ගණනාවක කාල පරාසයක් පුරාවට, එසේම ඔවුන්ට යුද්ධ, සහ ලේ වැගිරීම් ද, සහ සාගත ද, තවද පීඩාවන් ද තිබුනේය.
40 තවද ඝාතන ද, තවද මතභේද ද, තවද විරුද්ධවාදීන්, තවද සියළු ආකාරයේ අයුතුකම් නීෆායි ජනතාව අතර තිබුනේය; එසේනමුත් ධර්මිෂ්ඨ වූවන්ගේ නිමිත්තෙන්, එසේය, ධර්මිෂ්ඨ වූවන්ගේ යාච්ඤා නිසාවෙන්, ඔවුන් ඉතිරි වී වළකන ලද්දෝය.
41 එහෙත් බලව, නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර තිබූ අතිශයින් මහත් දිගු යුද්ධය නිසාවෙන් බොහෝදෙනෙකු දැඩි විය, අතිශයින් මහත් දිගු යුද්ධය නිසාවෙන් ය; තවද ඔවුන්ගේ පීඩාවන් නිසාවෙන් බොහෝ දෙනෙකු මෘදු විය, එපමණකින් එනම් නිහතමානීත්වයේ ගැඹුරටම පවා ද, ඔවුන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි ඔවුන්ව නිහතමානී කරගත්තෝය.
42 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ට වඩාත් නිරාවරණය වූ එම කොටස්, ඒවා ප්‍රමාණවත්ව ශක්තිමත් වන තෙක්, මොරෝනායි ශක්තිමත් කළ පසු, ඔහු සරහෙම්ලා දේශයට නැවතත් පැමිණියේය; තවද ඔහුගේ උරුම වූ ස්ථානයට හීලමන් ද නැවත පැමිණියේය; තවද නීෆායි ජනතාව අතර නැවතත් සාමය වැඩියෙන් පිහිටුවන ලදී.
43 තවද මොරෝනිහා යන නාමය තිබූ, ඔහුගේ පුත්‍රයාගේ දෑත් තුළට ඔහුගේ සේනාවන්ගේ අධිපතිකම පවරා දුන්නේය; තවද එනම් ඔහුගේ ඉතිරි දවස් සාමයෙන් ගෙවන මෙන් ඔහු ඔහුගේම නිවස වෙත විවේකය සොයා ගියේය.
44 තවද පහෝරන් ඔහුගේ විනිශ්ච-ආසනයට නැවත පැමිණියේය; තවද හීලමන් නැවතත් ජනතාව හට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට ඔහු මත ගත්තේය; මක්නිසාද බොහෝ වූ යුද්ධ සහ මතභේද නිසාවෙන් සභාවේ නැවතත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ලෙස යෝග්‍ය විය.
45 එසේහෙයින්, හීලමන් සහ ඔහුගේ සහෝදරයින් ගොස්, තවද ඔවුන්ගේ දුෂ්ටකම පිළිබඳව ඒත්තු ගන්වා දෙවියන්වහන්සේගේ වචනය මහත් බලයෙන් ප්‍රකාශ කළෝය, එයින් ඔවුන් ඔවුන්ගේ පාපයන්වලට පසුතැවිලි වී තවද ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙත බෞතීස්ම වීමට ඔවුන්ට සැලැස්වූවෝය.
46 තවද එය මෙසේ සිදු විය, එනම් මුළු දේශය පුරාවටම, ඔවුන් දෙවියන්වහන්සේගේ සභාව නැවතත් පිහිටුවූවෝය.
47 එසේය, තවද නීතිය පිළිබඳව ව්‍යවස්ථා සාදන ලදී. තවද ඔවුන්ගේ විනිශ්චයකරුවන් ද තවද ඔවුන්ගේ ප්‍රධාන විනිශ්චයකරුවන් ද තෝර ගන්නා ලදී.
48 තවද නීෆායි ජනතාව නැවතත් දේශයේ සමෘද්ධිමත් වීමට පටන් ගත් අතර, තවද බෝ වී තවද දේශයේ නැවතත් ශක්තිමත්ව වර්ධනය වන්නට විය. තවද ඔවුන් මහත් සේ ධනවත් වී වැඩෙන්නට විය.
49 එහෙත් ඔවුන්ගේ ධනයන් ද, නැතහොත් ඔවුන්ගේ ශක්තිය ද, නැතහොත් ඔවුන්ගේ සමෘද්ධිමත්භාවය එසේ තිබිය දීත්, ඔවුන් ඔවුන්ගේ දෑස්වල උඩඟුකමින් එසවුනේ නැත; නොහොත් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ සිහි කිරීමට ද ඔවුන් මන්දගාමී නොවීය; එහෙත් උන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔවුන්ව නිහතමානී කරගත්තෝය.
50 එසේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට කළාවූ මහත් දේවල් ඔවුන්ට සිහි විය, එනම් උන්වහන්සේ ඔවුන්ව මරණයෙන් ගලවා, තවද වහල්කමින් ද, තවද සිරගෙවල්වලින් ද, තවද සියලු ආකාරයේ පීඩාවන්වලින් ද, ඔවුන්ගේ සතුරන්ගේ දෑත්වලින් ද උන්වහන්සේ ඔවුන්ව ගලවා ඇති බැවින් ය.
51 තවද ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ හට නිරතුරුවම යාච්ඤා කළෝය, එනම් එපමණින් උන්වහන්සේගේ වචනයට අනුව, ඔවුන් දේශයේ ශක්තිමත්ව වර්ධනය වී සහ සමෘද්ධි වන ලෙස, ස්වාමීන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ සේක.
52 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම සියළු දේ අවසන් විය. තවද නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ තිස් පස්වැනි වසරෙහි, හීලමන් මිය ගියේය.