48 වන පරිච්ජේදය
ඇමලකායා ලේමන්වරුන්ව නීෆායිවරුන්ට විරුද්ධව අවුළුවයි – මොරෝනායි ක්‍රිස්තියානිවරුන්ගේ කාරණය උදෙසා ආරක්ෂා වීමට ඔහුගේ ජනතාව සුදානම් කරයි – ඔහු ස්වාධීනත්වය සහ නිදහස කෙරෙහි ප්‍රීති වන අතර දෙවියන්වහන්සේගේ බලවත් මනුෂ්‍යයෙක්ය. ක්‍රි. පු. 72 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා රාජධානිය ලබාගත් විගසම ඔහු නීෆායිවරුන්ගේ ජනතාවට විරුද්ධව ලේමන්වරුන්ගේ හදවත් පොළඹවනු ලැබුවේය; එසේය, නීෆායිවරුන්ට විරුද්ධව, ලේමන්වරුන්ට ඔවුන්ගේ කුළුණු මතින් කථා කිරීමට, ඔහු මනුෂ්‍යයන්ව පත් කළේය.
2 තවද මෙසේ ඔහු ඔවුන්ගේ හදවත් නීෆායිවරුන්ට විරුද්ධව පොළඹවනු ලැබුවේය, එපමණකින් එනම් විනිශ්චයකරුවන්ගේ පාලන කාලයේ දහනවවන වසරේ අවසන් කාලයේ, ඔහු ඔහුගේ සැලැසුම් එතෙක් දුරට සම්පුර්ණ කර, එසේය, ලේමන්වරුන් මත රජු ලෙස පත් කරනු ලැබ, එසේම ඔහු සියලුම දේශය මත එසේය, තවද එම දේශයේ සිටින්නා වූ සියලුම ජනතාව, එනම් නීෆායිවරුන් මෙන්ම ලේමන්වරුන්ද මත රාජ්‍යය පාලනය කිරීමට සෙවීය.
3 එසේහෙයින් ඔහු ලේමන්වරුන්ගේ හදවත් දැඩි කරමින් සහ ඔවුන්ගේ මනසවල් අන්ධ කරමින් ද, තවද ඔවුන්ව කෝපයෙන් අවුස්සනු ලැබු නිසාවෙන්, ඔහු ඔහුගේ සැලසුම් සම්පුර්ණ කරගත්තේය, එපමණකින් එනම් ඔහු බලවත් සේනාවක් නීෆායිවරුන්ට විරුද්ධව සටනට යාමට එක්රැස් කොටගත්තේය.
4 මක්නිසාද ඔහුගේ ජනතාවගේ බලවත් වූ සංඛ්‍යාව නිසා නීෆායිරුන්ව යටපත් කරමින් සහ ඔවුන්ව වහල්භාවයට ගෙන ඒමට, ඔහු අධිෂ්ඨාන කොටගෙන සිටියේය.
5 තවද මෙසේ ඔහු සෝරම්වරුන්ව සේනාංක ප්‍රධානීන් ලෙස පත් කළේය, මක්නිසාද ඔවුන් නීෆායිරුන්ගේ ශක්තිය සමග ද, තවද ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානයන්ද ඔවුන්ගේ නගරවල දුර්වල කොටස් ගැන ද වඩාත් පළපුරුද්දක් ඇති නිසාවෙන්ය; එසේහෙයින් ඔහු ඔවුන්ව ඔහුගේ හමුදාව මත සේනාංක ප්‍රධානීන් ලෙස පත් කළේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ කඳවුරු රැගෙන, තවද සරහෙම්ලා දේශය දෙසට වනාන්තරය තුළ පෙරට ගමන් කළෝය.
7 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා මෙසේ ප්‍රයෝගයෙන් සහ රැවටීමෙන් බලය ලබා ගනිමින් සිටියදි, මොරෝනායි, අනික් අතට, ජනතාවන්ගේ මනසවල් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහසේට ඇදහිලිවන්ත වීමට සුදානම් කළේය.
8 එසේය, ඔහු නීෆායිවරුන්ගේ හමුදාවන් ශක්තිමත් කරමින් සහ කුඩා බලකොටු නැතහොත් ආරක්ෂිත ස්ථානයන් ගොඩනැගීය; ඔහුගේ හමුදාවන් ඇතුළත් කිරීමට පස් කන්ඩි අවටින් ඔසවමින් ද, තවද එසේම ඔවුන්ගේ නගර අවටින් සහ ඔවුන්ගේ දේශයේ සීමාවෙහිද; එසේය, මුළු දේශය වටා ඔවුන්ව වට කිරීමට, ගල් බිත්ති ගොඩනැගීය.
9 තවද ඔවුන්ගේ දුර්වලම බලකොටුව තුළ ඔහු විශාලතර මනුෂ්‍යයන් සංඛ්‍යාවක් ස්ථානගත කළේය; තවද මෙසේ නීෆායිවරුන් විසින් අයත් කර තිබූ එම දේශය ආරක්ෂා කරමින් ශක්තිමත් කළේය.
10 තවද මෙසේ ඔහු ඔවුන්ගේ ස්වාධීනත්වය, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ භාර්යාවන්ද, ඔවුන්ගේ දරුවන්ද, ඔවුන්ගේ සාමයද, තවද එනම් ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙතට ජීවත්වීමටද, තවද එනම් ඔවුන්ගේ සතුරන් විසින් නම්කරනු ලැබුවා වූ ක්‍රිස්තියානිවරුන්ගේ කාරණය ඔවුන් පවත්වා ගන්නා පිණිස උපකාර කිරීමට සූදානම් වූවේය.
11 තවද මොරෝනායි ශක්තිමත් සහ බලසම්පන්න මනුෂ්‍යයෙකු විය, ඔහු පරිපූර්ණ අවබෝධයක් ඇති මනුෂ්‍යයෙකු විය; එසේය, එනම් රුධිරය වැගිරීමෙහි ප්‍රිය නොවූ මනුෂ්‍යයෙකු විය; ඔහුගේ රටෙහී වූ ස්වාධීනත්වය සහ තවද ඔහුගේ සහෝදරයන් බන්ධනයෙන් සහ වහල්භාවයෙන් වූ නිදහස තුළ ප්‍රීති වන්නාවූ ප්‍රාණයක් ඇති මනුෂ්‍යයෙකු වූවේය;
12 එසේය, ඔහුගේ දෙවියන්වහන්සේ උදෙසා තුති දීමෙන් පිරී ගියාවූ සිතක් ඇති මනුෂ්‍යයෙකු විය, මක්නිසාද බොහෝ වරප්‍රසාද සහ ආශීර්වාද උන්වහන්සේ ඔහුගේ ජනතාව වෙත වැගිරූ බැවින්ය; ඔහුගේ ජනතාවගේ සුභසිද්දිය සහ සුරක්ෂිතතාවය උදෙසා අතිශයින් වෙහෙස වන්නා වූ මනුෂ්‍යයෙකි.
13 එසේය, තවද ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල තුළ ස්ථිරව සිටියාවූ මනුෂ්‍යයෙකු විය, තවද ඔහු ඔහුගේ රුධිරය අහිමි වන තුරු පවා ඔහුගේ ජනතාව ද, ඔහුගේ අයිතිවාසිකම් ද, තවද ඔහුගේ රටද, තවද ඔහුගේ ආගම ද ආරක්ෂා කරන බවට දිවුරිමකින් පොරොන්දු විය.
14 දැන් නීෆායිවරුන්ට තමන්වම ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට උගන්වනු ලැබීය, එය අවශ්‍ය වුවහොත් රුධිරය වැගිරීමට වුවත්, එසේය නැතහොත් ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට මිස තවද සතුරෙකුට මිස කිසි විටෙකත් කඩුව එසවීමට ද, ඔවුන්ට එසේම කිසි විටෙකත් වරදක් නොකරිමට ද ඉගැන්වීය.
15 තවද මෙය ඔවුන්ගේ ඇදහිල්ල වූයේය, එනම් එය කිරීම කරණකොට ගෙන දෙවියන්වහන්සේ ඔවුන්ව දේශය තුළ සමෘද්ධිමත් කරන සේක. නැතහොත් වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් පැවැත්වීමෙන් ඇදහිලිවන්තවී සිටියේ නම්, එනම් උන්වහන්සේ ඔවුන්ගේ දේශයේහීදී ඔවුන් සමෘද්ධිමත් කරන සේක. එසේය, ඔවුන්ගේ පලා යාමට අනතුරු අඟවන සේක, නැතහොත් ඔවුන්ගේ අනතුරට අනුව යුද්ධයට සූදානම් වීමටය.
16 තවද එසේම එනම් දෙවියන්වහන්සේ ඔවුන්වම ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව ආරක්ෂා කිරීමට කොහේ යා යුතු දැයි එය ඔවුන් හට දන්වා දෙනු ලබන සේක. තවද එසේ කිරීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ව ගලවා ගන්නා සේක; තවද මෙය මොරෝනායිගේ ඇදහිල්ල විය, ඔහුගේ හදවත එය තුළ මහිමවත් විය; රුධිරය වැගිරීමෙන් නොව එහෙත් යහපත කිරීමෙන්ය, ඔහුගේ ජනතාව ආරක්ෂා කිරීමෙන්ය. එසේය, දෙවියන්වහන්සේගේ අණ පනත් පැවැත්වීමෙන්ය, එසේය, අයුතුකමට විරුද්ධව සිටීමෙන්ය.
17 එසේය, සැබවක්, සැබවක් මම නුඹලාට කියමි, සියලුම මනුෂ්‍යයන් මොරෝනායි මෙන්ව සිටියේද, සිටින්නේද සෑමදා සිටින්නේද, බලව, එම නිරයේ බලය සදාකාලයට සොලවනු ලබන්නේය; එසේය, යක්ෂයාට කිසිදා මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත බලය නොලැබෙන්නේය.
18 බලව, ඔහු මොසායාගේ පුත්‍ර වූ ඇමන් හා සමාන මනුෂ්‍යයෙකි, එසේය, තවද මොසායාගේ අනෙක් පුත්‍රයන් මෙන්, එසේය, අල්මා සහ ඔහුගේ පුත්‍රයන් මෙන්ය, එසේය තවද එසේම ඇල්මා සහ ඔහුගේ පුත්‍රයන් මෙන්ය. මක්නිසාද ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් වූවෝය.
19 දැන් බලව, හීලමන් සහ ඔහුගේ සහෝදරයන් මොරෝනායිට වඩා ජනතාවට වැඩදායක නොවූවා නොවේ. මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළ අතර, තවද ඔවුන් ඔවුන්ගේ වචනවලට සවන් දෙන කවරෙකු වුවද ඔවුන් පසුතැවිලි වෙතට සෑම මනුෂ්‍යයෙකුවම බෞතීස්ම කළෝය.
20 තවද මෙසේ ඔවුන් පෙරට ගියෝය, තවද ජනතාව ඔවුන්ගේ වචන නිසා ඔවුන්ගේ හදවත් යටහත් කරගත්තෝය. එපමණකින් එනම් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතින් උසස් ප්‍රසාදයක් ලැබුවෝය. එසේය වසර සතරක කාල පරිච්ඡේදයක් වුවත්, තවද මෙසේ ඔවුන් ඔවුන් අතරම යුද්ධවලින් සහ විවාදයන්ගෙන් නිදහස්ව සිටියෝය.
21 එහෙත්, මා කී පරිදි, දහනව වන වසරේ අග භාගයේ දී, එසේය ඔවුනොවුන් අතර ඔවුන්ගේ සමාදානය තිබියදී වුවත්, ඔවුන්ගේ සහෝදරයන් වූ ලේමන්වරුන් සමඟ පොරබදින්නට අකමැත්තෙන් වුවත් ඔවුන් පොළඹවනු ලැබුවෝය.
22 එසේය තවද කෙටියෙන් ඔවුන්ගේ යුද්ධ ලේමන්වරු සමග බොහෝ වසර ගණනාවක් පුරා ඔවුන්ගේ අකමැත්ත තිබියදීත් යුද්ධ කිසිදාක අවසානයක් නොවිය.
23 දැන් ඔවුන් ලේමන්වරුන්ට විරුද්ධව ආයුධ අතට ගැනීම ගැන කණගාටු වූවෝය. මක්නිසාද රුධිරය වැගිරීමට ඔවුහන් ප්‍රසන්න නොවූ බැවින්, එසේය තවද මෙය පමණක් නොවීය. ඔවුන්ගේ බොහෝ සහෝදරයන්ව ඔවුන්ගේ දෙවියන්වහන්සේව මුණගැසීමට සුදානමක් නැතිව මෙම ලෝකයෙන් පිටතට සදාතන ලෝකයට යැවීමට කාරණයක් වීම පිළිබඳ ඔවුන් දුක් වූවෝය.
24 එසේවුවත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත මරණයට පත්වීමට ඉඩදීමට නොහැකි විය, ඒ කරණකොටගෙන ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් වරක් ඔවුන්ගේ සහෝදරයන් වූ එම අයව වරින් වර කෘර සංහාරයට නතුවන්නෝය. එසේය ඔවුන්ගේ සභාව වෙතින් විරුද්ධව ගිය අයය, තවද ඔවුන්ව අත්හැර යමින් ඔවුන්ව විනාශ කිරීමට ලේමන්වරුන් එකතු වන්නෝය.
25 එසේය, ඔවුන්ට ඔවුන්ගේ සහෝදරයන් නීෆායිවරුන්ගේ රුධිරයන් මත ප්‍රීති විය යුතු වීම දෙවියන්වහන්සේගේ අණ පනත් එහි පැවැත් විය යුතු කිසිවෙකුට ඉවසිය නොහැකි විය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ අණ පනත් එහි පැවැත් වවිය යුතු කිසිවෙකුට ඉවසිය නොහැකි වුයේ මක්නිසාද ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව වූයේ, ඔවුන් උන්වහන්සේගේ අණ පනත් පවත්වන්නේ නම් ඔවුන් දේශය තුළ සමෘද්ධිමත් වන්නෝය.