ශුද්ධලියවිලි
ඇල්මා 4


4 වන පරිච්ඡේදය

ඇල්මා හැරවූ වූවන් දහස් ගණනක් බෞතීස්ම කරයි – සභාවට අයුතුකම ඇතුළු වෙයි, සහ සභාවේ දියුණුවට බාධා වේ – නෙෆීහා ප්‍රධාන විනිශ්චයකරු ලෙස පත් කරයි – ඇල්මා, උත්තම පූජකයෙකු ලෙස, තමන්ව මෙහෙවරයට කැප කරයි. ක්‍රි.පූ. 86–83 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයෙහි සයවෙනි වසරෙහි, සරහෙම්ලා දේශයෙහි කිසිඳු මතභේද ද නොහොත් යුද්ධ ද නොතිබුණේය;

2 එහෙත් ජනතාව පීඩාවට පත්ව තිබුණි, එසේය, ඔවුන්ගේ සහෝදරයන්ගේ නැතිවීම හෙයින් මහත් සේ පීඩාවට පත්ව තිබුණි, තවද එසේම ඔවුන්ගේ බැටළු රැළවල් සහ ගව රැළවල් ද, එසේම ලේමන්වරුන් විසින් පාද යට පාගා දමා විනාශ කළ, ඔවුන්ගේ ධාන්‍ය කෙත් ද නැති වූ හෙයින්ය.

3 තවද ඔවුන්ගේ පීඩාවන් මහත් සේ විය එනම් සෑම ප්‍රාණයකටම ශෝක වීමට හේතු තිබූ බැවිනි; තවද දෙවියන්වහන්සේගේ විනිශ්චය ඔවුන් මත එවනු ලැබුවේ ඔවුන්ගේ දුෂ්ඨකම් සහ ඔවුන්ගේ පිළිකුල් සහගතවීම් නිසාවෙන් බව ඔවුන් විශ්වාස කළෝය; එසේහෙයින් ඔවුන්ගේ රාජකාරිය කෙරෙහි සිහිකිරීමක් පිණිස ඔවුන් අවදි වූවෝය.

4 තවද ඔවුන් සභාව තවත් සම්පූර්ණයෙන් පිහිටුවන්නට පටන් ගත්තෝය; එසේය, තවද බොහෝමයක් ශිදොන් ජලයන්හීදී බෞතීස්ම කරනු ලැබූ අතර ඔවුන් දෙවියන්වහන්සේගේ සභාවට සම්බන්ධ විය; එසේය, ඔහුගේ පියා වූ ඇල්මාගේ දෑතින්, සභාවේ ජනතාව මත උත්තම පූජකයෙකු ලෙස කැප කළ කෙනෙකු වූ, ඇල්මාගේ දෑතින් ඔවුන් බෞතීස්මය ලැබුවෝය.

5 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයෙහි සත්වෙනි වසරෙහි දෙවියන්වහන්සේගේ සභාවට ඔවුන් ඔවුන්වම එක්සත් කර බෞතීස්ම වූ ප්‍රාණ තුන්දහස් පන්සියයක් පමණ විය. තවද එසේම නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයෙහි සත්වෙනි වසර අවසන් විය; තවද එම කාලය මුළුල්ලෙහිම නිරන්තර සාමය තිබුණි.

6 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයෙහි අටවන වසරෙහි සභාවේ ජනතාව උඩඟුකමින් වැඩි වීමට පටන් ගත්තෝය, මක්නිසාද ඔවුන්ගේ අධික වස්තූන්, සහ ඔවුන්ගේ සිහින් සේද ද, ඔවුන්ගේ සිහින්ව ඇඹරූ හණ රෙදි ද, තවද ඔවුන්ගේ බැටළු රැළවල් සහ ගව රැළවල් බොහෝමයන් නිසාවෙන් ද, ඔවුන්ගේ රන් සහ රිදී ද, සහ ඔවුන්ගේ කර්මාන්තයෙන් ඔවුන් ලබාගත්, සියලු ආකාරයේ අගනා දේවල් නිසාවෙන්ද; තවද මේ සියලු දේවල් කෙරෙහි ඔවුන් ඔවුන්ගේ ඇස්වල ඇති උඩඟුකමින් උසස්බවට පත් විය, මක්නිසාද ඔවුන් ඉතාමත් මිල අධික වූ වස්ත්‍ර පැළඳීමට පටන් ගත්තෝය.

7 දැන් මෙය ඇල්මාට මහත් පීඩාවට හේතු විය, එසේය, ඇල්මා විසින් කැප කළ ගුරුවරුන්, සහ පූජකවරුන්, සහ සභාව මත සිටි වැඩිහිටියන් බොහෝමයක් කරා ද විය; එසේය, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ ජනතාව අතර පටන් ගත් දුෂ්ඨකම් දැක මහත් සේ ශෝක වූවෝය.

8 මක්නිසාද ඔවුන් මහත් ශෝකයෙන් දුටුවේ එනම් සභාවේ ජනතාව ඔවුන්ගේ ඇස්වල උඩඟුකමින් උසස්බවට පත්වූ අතර, වස්තූන් මත සහ ලෝකයේ නිෂ්එල දේවල් මත ද ඔවුන්ගේ හදවත් තබා, එනම් ඔවුන් එකිනෙකාට, අවමන් කිරීමට පටන් ගෙන, තවද ඔවුන්ගේම සියකැමැත්ත සහ සතුට විශ්වාස නොකෙරූ අයට හිංසා කිරීමට පටන් ගත්තෝය.

9 තවද එසේම, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයෙහි මෙම අටවන වසරෙහි, සභාවේ ජනතාව අතර මහත් මතභේද හට ගන්නට පටන් ගත්තේය; එසේය, ඊර්ෂ්‍යාවන් ද, සහ කෝලහාල ද, ද්වේෂය ද, පීඩා කිරීම් ද, උඩඟුකම ද, දෙවියන්වහන්සේගේ සභාවට අයත් නොවූ අයගේ උඩඟුකම පවා ද ඉක්මවා ගියේය.

10 තවද එසේම විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයෙහි මෙම අටවන වසර අවසන් විය; තවද සභාවට අයත් නොවූ අයට සභාවේ දුෂ්ඨකම මහත් බාධාවක් වූ අතර; තවද එසේම සභාව එහි දියුණුවෙහි අසමත් වීමට පටන් ගත්තේය.

11 තවද එය මෙසේ සිදු විය, නවවෙනි වසරෙහි පටන්ගැන්මේ දී, ඇල්මා සභාවේ දුෂ්ඨකම දුටුවේය, තවද ඔහු එසේම සභාවේ ආදර්ශය මිථ්‍යාදෘෂ්ටිකයන් අයුතුකමෙහි එක් කොටසකින් තවත් කොටසකට මඟ පෙන්වීමට පටන් ගත් බව ද, එසේම ජනතාවගේ විනාශය කරා ගෙන එන බවද දුටුවේය.

12 එසේය, ජනතාව අතර ඇති මහත් අසමානතාවය ඔහු දුටුවේය, සමහරෙක් ඔවුන්ගේ උඩඟුකමින් උසස්භාවයට පත් වී, අන් අය නීච කොට සලකා, අසරණ වූවන්ට ද, නිරුවත් වූවන්ට සහ කුසගින්නෙන් පෙළෙන අයට ද, පිපාසව සිටි අයට ද, සහ රෝගී වූ සහ පීඩාවට පත්වූවන් කෙරෙහි ඔවුන් පිටුපා ගියෝය.

13 දැන් ජනතාව අතර විලාප ගී නඟන්නට මෙය මහත් කාරණයක් විය, අනෙක් අය තමන්වම අවමානයට පමුණුවන විට, ඔවුන්ගේ පිහිට පතා නැඟිට සිටි අයට පිහිට වීමෙන්, දුප්පත් සහ අසරණ වූවන්ට ඔවුන්ගේ ධනයෙන් බෙදා හැර, කුසගින්නෙන් පෙළෙන අය පෝෂණය කර, අනාවැකියේ ආත්මයට අනුව පැමිණිය යුතු කෙනෙකු වන, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා, සියලු ආකාරයේ පීඩාවන් විඳ;

14 එම දවස එළඹෙන තෙක් බලා සිට, එසේම ඔවුන්ගේ පාපයන් සඳහා පව් කමාව ලබාගෙන; මරණයේ බැමි වලින් ගැලවීමලත් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සියකැමැත්ත සහ බලය අනුව, මැරුණු අයගේ උත්ථානය කරණකොටගෙන මහත් ප්‍රීතියෙන් පූර්ණව සිටිති.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා, දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්ගේ පීඩාවන් ද, උන්වහන්සේගේ ජනතාවගේ ඉතිරිවූවන් ඔවුන් මත පීඩා ගොඩගසනු දැක, තවද ඔවුන්ගේ අසමානත්වය දැක, මහත් ශෝකයට පත්වන්නට පටන් ගත්තේය; එසේනමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහුව අසමත් නොකළ සේක.

16 තවද ඔහු සභාවේ වැඩිහිටියන් අතර සිටි ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු තෝරා ගෙන, ජනතාවගේ හඬ අනුව ඔහුට බලය ලබා දුන්නේ, එනම් ලබා දී ඇති නීතිවලට අනුව නීති ක්‍රියා කිරීමට බලය ඔහු සතුව තිබෙන බැවින් ද, තවද ඒවා ජනතාවගේ දුෂ්ඨකම සහ අපරාධ අනුවට ක්‍රියාවට නැංවීමටය.

17 දැන් මෙම මනුෂ්‍යයාගේ නාමය වූයේ නෙෆීහා ය, තවද ඔහු ප්‍රධාන විනිශ්චයකරු ලෙස පත් කරනු ලැබුවේය; තවද ජනතාව විනිශ්චය කිරිමට සහ පාලනය කිරීමට ඔහු විනිශ්චාසනයෙහි හිඳගත්තේය.

18 දැන් ඇල්මා සභාව මත ඔහුට උත්තම පූජකයා වන තනතුර ප්‍රදානය නොකළ අතර, එම උත්තම පූජකයාගේ තනතුර තමන්ටම රඳවා ගත්තේය; එහෙත් ඔහු නෙෆීහා හට විනිශ්චාසනය ලබා දුන්නේය.

19 තවද ඔහු මෙය සිදු කළේ තමන් විසින්ම ඔහුගේ ජනතාව අතරට, නැතහොත් නීෆායිගේ ජනතාව අතරට යා හැකි බැවින්ය, එනම් ඔහු දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් හට දේශනා කරන්නට හැකි බැවින්ය, ඔවුන්ගේ රාජකාරිය කෙරෙහි සිහිකිරීමක් පිණිස ඔවුන්ව කළඹා, තවද එනම් ඔහු දෙවියන්වහන්සේගේ වචනයෙන්, උන්වහන්සේගේ ජනතාව අතර වූ සියලු උඩඟුකම් සහ කවටකම් සහ සියලු මතභේද, පහතට ඇද දැමීමට හැකිව, ඔවුන්ව විනාශයෙන් බේරාගැනීමට පවිත්‍ර සාක්ෂියකින් තෙරපීම මිස වෙන කිසි මාර්ගයක් ඔහු දුටුවේ නැත.

20 තවද එසේම නීෆායිගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයෙහි නවවෙනි වසරෙහි පටන්ගැන්මේ දී, ඇල්මා නෙෆීහාට විනිශ්චාසනය ලබා දුන් අතර, එළිදරව් කිරීමේ සහ අනාවැකි කීමේ ආත්මයට අනුව, වචනයෙහි සාක්ෂියට, තමන්ව දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ සංවිධානයේ උත්තම පූජකවරයට සම්පූර්ණයෙන්ම සීමා කරගත්තේය.