ශුද්ධලියවිලි
ඇල්මා 2


2 වන පරිච්ඡේදය

ඇම්ලිකායි රජ වීමට උත්සාහ කරන අතර ජනතාවගේ හඬින් ප්‍රතික්ෂේප කරනු ලබයි – ඔහුගේ අනුගාමිකයින් ඔහුව රජ බවට පත් කරයි – ඇම්ලිකායිවරුන් නීෆායිවරුන්ට එරෙහිව යුද්ධ කර පරාජයට පත් වෙති – ලේමන්වරුන් සහ ඇම්ලිකායිවරුන් එකතු වී පරාජයට පත් වෙති – ඇල්මා ඇම්ලිකායිව මරා දමයි. ක්‍රි.පූ. 87 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, ඔවුන්ගේ පාලනයේ පස් වන අවුරුද්දේ ආරම්භයේදී එහි ජනතාව අතර විවාදයක් ඇති වීමට පටන් ගත්තේය; මක්නිසාදයත් ඇම්ලිකායි ලෙස හඳුන්වනු ලැබූ, එක් මනුෂ්‍යයෙකු, ඔහු ඉතා කපටි මනුෂ්‍යයෙකු ව සිට, එසේය, ලෝකයේ ප්‍රඥාව සම්බන්ධයෙන් නුවණැති මනුෂ්‍යයෙකු වූ ද, නීතියට අනුකූලව සිදු වූ, ගිඩියොන්ව කඩුවෙන් මරා දැමූ මනුෂ්‍යයාගේ අණට අනුව ඔහු ක්‍රියා කළේය –

2 දැන් මෙම ඇම්ලිකායි, ඔහුගේ කපටිකමින්, බොහෝ ජනතාව ඔහු පසුපස පිටතට ඇදගත්තේය; එපමණක් නොව ඔවුන් ඉතා බලවත් වීමට ද පටන් ගත්තෝය; තවද ඔවුන් ඇම්ලිකායිව ජනතාව අතර රජෙකු ලෙස පිහිටුවීමට උත්සහා කිරීමට පටන් ගත්තෝය.

3 දැන් මෙය සභාවේ ජනතාවටත්, තවද ඇම්ලිකායිගේ ඒත්තු ගැන්වීම්වලින් පසුපස ඇද නොගත් සියල්ලන්ටත් තැතිගන්වනසුලු විය; මක්නිසාද, එනම් ඔවුන්ගේ නීතියට අනුව එවැනි දේ ජනතාවගේ හඬින් ස්ථාපිත කළ යුතු බව ඔවුන් දැන සිටි නිසාවෙන්ය.

4 එසේහෙයින්, ඇම්ලිකායිට ජනතාවගේ හඬ දිනා ගත හැකිවන්නේ නම්, එනම් ඔහු, දුෂ්ඨ මනුෂ්‍යයෙකු ව සිටි නිසා, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සභාවේ වරප්‍රසාද ඔවුන්ට අහිමි කරනු ඇත්තේය; මක්නිසාද දෙවියන්වහන්සේගේ සභාව විනාශ කිරීම ඔහුගේ අභිප්‍රාය විය.

5 තවද එය මෙසේ සිදු විය, එනම් මිනිසුන් එකිනෙකා සමඟ බොහෝ ආරවුල් සහ පුදුමාකාර ආරවුල් ඇති කරගනිමින්, ඇම්ලිකායි පක්ෂව හෝ විරුද්ධ වූවත්, එකිනෙකා තම තමාගේ මනසට අනුව, වෙන වෙනම සංවිධාන වලින් මුළු දේශය පුරාම තමන්වම එක්ව එකට රැස් වූවෝය.

6 තවද මෙසේ ඔවුන් මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ හඬ නැගීමට ඔවුන්වම එකට රැස් කරගත්තෝය; තවද ඔවුන්ව විනිශ්චයකරුවන් ඉදිරියෙහි තැබූවෝය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජනතාව කෙරෙහි රජකමට පත් නොකළ යුතු බවට, එනම් ඇම්ලිකායිට විරුද්ධව ජනතාවගේ හඬ නැගුණේය.

8 දැන් මෙය ඔහුට විරුද්ධ වූ අයගේ සිත් තුළ මහත් ප්‍රීතියක් ඇති කරවීමට සැලැස්විය; එහෙත් ඇම්ලිකායි තමාට පක්ෂව සිටි අයව තමාට පක්ෂ නොවන්නාවූ අයට විරුද්ධව කෝපයට පත් කළේය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් එකට එක්රැස් වී, ඇම්ලිකායිව ඔවුන්ගේ රජු ලෙස කැප කළෝය.

10 දැන් ඇම්ලිකායි ඔවුන් කෙරෙහි රජ වූ පසු, එනම් ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ආයුධ අතට ගන්නා ලෙස ඔහු ඔවුන්ට අණ කළෝය; තවද ඔවුන් ඔහුට යටත් වන පිණිස ඔහු එය කළෝය.

11 දැන් ඇම්ලිකායිගේ ජනතාව ඇම්ලිකායිගේ නමින් හදුන්වා දුන්නේ, ඇම්ලිකායිවරුන් යන නාමයෙනි; තවද ඉතිරි අයව හැඳින්වූයේ නීෆායිවරුන් හෙවත් දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස ය.

12 එසේහෙයින් නීෆායිවරුන්ගේ ජනතාව ඇම්ලිකායිවරුන්ගේ අභිප්‍රාය පිළිබඳව දැන සිටි අතර, එසේහෙයින් ඔවුන් ඔවුන්ව මුණගැසීමට සූදානම් වූවෝය; එසේය, ඔවුන් තමන්ව කඩුවලින් ද, කිණිසි වලින් ද, දුනුවලින් ද, ඊතලවලින් ද, ගල්වලින් ද, ගල්පටිවලින් ද, තවද සියලු ආකාරයේ යුද්ධ ආයුධවලින් ද, සන්නද්ධ වූවෝය.

13 තවද ඔවුන් මෙසේ ඇම්ලිකායිවරුන් පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ව හමුවීමට සූදානම් විය. තවද ඔවුන්ගේ සංඛ්‍යාවට අනුව අධිපතිවරුන්ද, තවද උසස් ප්‍රධානීන්ද, තවද ප්‍රධාන නායකයන්ද එහි පත් කරන ලදී.

14 තවද එය මෙසේ සිදු විය, එනම් ඇම්ලිකායි ඔහුගේ මනුෂ්‍යයන්ව සෑම ආකාරයකම යුධ ආයුධවලින් සන්නද්ධ කරවීය; තවද ඔවුන්ගේ සහෝදරයන්ට එරෙහිව යුද්ධ කිරීමට ඔවුන්ව මඟ පෙන්වීමට, ඔහු තම ජනතාව කෙරෙහි පාලකයන් සහ නායකයන් පත් කළේය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඇම්ලිකායිවරුන් සරහෙම්ලා දේශය අසලින් ගලා බැස ගිය, ශිදොන් ගංඟාවට නැඟෙනහිරෙන් පිහිටි, ඇම්නිහු කන්දට පැමිණ, තවද එහි නීෆායිවරුන් සමඟ යුද්ධ කිරීමට පටන්ගත්තෝය.

16 දැන් ඇල්මා, නීෆායිහි ජනතාවගේ ප්‍රධාන විනිශ්චයකාරයා සහ ආණ්ඩුකාරයා වූ බැවින්, ඔහු තම ජනතාව සමඟ, එසේය, ඔහුගේ ප්‍රධානීන් සහ ප්‍රධාන නායකයන් සමඟ ද, එසේය, ඔහුගේ සේනාවල ප්‍රධානියා ලෙස, ඇම්ලිකායිවරුන්ට විරුද්ධව සටනට ගියේය.

17 තවද ඔවුන් ශිදොන්හි නැඟෙනහිර දෙසින් පිහිටි කඳුකරය මත ඇම්ලිකායිවරුන්ව මරාදැමීමට පටන්ගත්තෝය. තවද ඇම්ලිකායිවරුන් නීෆායිවරුන් සමඟ මහත් ශක්තියකින් සටන් කළෝය, මක්නිසාද, බොහෝ නීෆායිවරුන් ඇම්ලිකායිවරුන් ඉදිරියෙහි වැටුණෝය.

18 එසේනමුත් ස්වාමීන්වහන්සේ නීෆායිවරුන්ගේ හස්තය ශක්තිමත් කළ සේක, එනම් ඔවුන් ඇම්ලිකායිවරුන්ගෙන් මහත් සංහාරයකින් මරා දමා, එනම් ඔවුන් ඔවුන් ඉදිරියෙන් පලා යාමට පටන් ගත්තෝය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් එම දවස මුළුල්ලේහිම නීෆායිවරුන් ඇම්ලිකායිවරුන් ලුහුබැඳ ගොස්, තවද මහත් දරුණු ලෙස ඔවුන්ව මරා දැමුවෝය, එපමණකින්, එනම් එහි ඇම්ලිකායිවරුන්ගෙන් ප්‍රාණයන් දොළොස් දහස් පන්සිය තිස් දෙකක් මරා දමන ලදී; තවද එහි මරණයට පත් වූ නීෆායිවරුන්ගේ ප්‍රාණයන් හය දහස් පන්සිය හැට දෙකක් විය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා හට තවදුරටත් ඇම්ලිකායිවරුන් ලුහුබැඳ යාමට නොහැකි වූ විට, කඩුවෙන් නිහොර් අතින් මරණයට පත් වූ එම ගිඩියොන්ගේ නමින් හඳුන්වනු ලැබූ මිටියාවතේ, එනම් ගිඩියොන් මිටියාවතේ ඔහු තමන්ගේ ජනතාවට කූඩාරම් ගසාගැනීමට සැලැස්වූවේය; තවද මෙම මිටියාවතෙහි නීෆායිවරුන් රාත්‍රිය සඳහා ඔවුන්ගේ කූඩාරම් ගැසුවෝය.

21 තවද ඇල්මා ඇම්ලිකායිවරුන්ගේ ඉතිරි වූවන් පසුපස යෑමට ඔත්තුකරුවන් යැවීය, එනම් ඔහු ඔවුන්ගේ සැලසුම් සහ ඔවුන්ගේ උපක්‍රම පිළිබඳව දැන ගන්නා පිණිසත්, ඒ මඟින් ඔහු ඔවුන්ගෙන් ආරක්ෂා වීමටත්, එනම් ඔහු තමන්ගේ ජනතාව විනාශ වීමෙන් ආරක්ෂා කරගන්නා පිණිසත්ය.

22 දැන් ඔහු ඇම්ලිකායිවරුන්ගේ කඳවුර බැලීමට පිටත් කර හැරියා වූ අය සීරම්, ඇම්නෝර්, මැන්ටයි සහ ලිම්හර් නමින් හැඳින්වියිය; ඔවුන් ඔවුන්ගේ මනුෂ්‍යයන් සමඟ ඇම්ලිකායිවරුන්ගේ කඳවුර බැලීමට පිටතට ගියාවු අය වූවෝය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් පසුවදා ඔවුන් මහත් විස්මයට පත් වී, තවද බියෙන් මහත් පහර ලැබ, මෙසේ කියමින්, ඉතා ඉක්මනින් නීෆායිවරුන්ගේ කඳවුර වෙතට හැරි ආවෝය:

24 බලව, අපි ඇම්ලිකායිවරුන්ගේ කඳවුර ලුහුබැඳ ගියෙමු, තවද අපගේ බලවත් විමතියට, සරහෙම්ලා දේශයට ඉහළින්, මීනෝන් දේශය තුළ, නීෆායිවරුන්ගේ දේශය තුළට ගමන් ගන්නා මාර්ගයෙහි, අප බොහෝ ලේමන්වරුන්ගේ සේනාවන් සමූහයක් දුටුවෙමු; තවද බලව, ඇම්ලිකායිවරුන් ඔවුන් සමඟ සම්බන්ධ වුනෝය;

25 තවද ඔවුන් එම දේශයේ සිටින අපගේ සහෝදරයන් මත වුහ; තවද ඔවුන් ඔවුන් ඉදිරියෙන් ඔවුන්ගේ රැළවල් ද, සහ ඔවුන්ගේ භාර්යාවන් ද, සහ ඔවුන්ගේ දරුවන් ද සමඟ අපගේ නගරය දෙසට පලා යන්නෝය; තවද අප ඉක්මන් නොවන්නේනම් ඔවුන් අපට අයත් නගරය යටත් කරගන්නා අතර, අපගේ පියවරුන් ද, අපගේ භාර්යාවන් ද, සහ අපගේ දරුවන්ව මරා දමනු ලබන්නෝය.

26 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජනතාව ඔවුන්ගේ කූඩාරම් රැගෙන ගිඩියොන් මිටියාවතෙන් නික්ම, සරහෙම්ලා නගරය වූ, තම නගරය දෙසට පිටතට පිටත්ව ගියෝය.

27 තවද බලව, ඔවුන් ශිදොන් ගංගාව තරණය කරන වන විට, ලේමන්වරුන් සහ ඇම්ලිකායිවරුන්, සංඛ්‍යාවෙන් සම්පුර්ණයෙන්ම, මුහුදේ වැලි මෙන්ව බොහෝ ලෙස, ඔවුන්ව විනාශ කරන පිණිස ඔවුන් වෙතට පැමිණියෝය.

28 එසේනමුත්, නීෆායිවරුන් ස්වාමීන්වහන්සේගේ හස්තය මඟින් ශක්තිමත් කරනු ලැබ, එනම් උන්වහන්සේ ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන්ව ගලවා ගන්නා පිණිස උන්වහන්සේ හට බලවත් ලෙස යාච්ඤා කළෝය, එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම් අසා, තවද ඔවුන්ව ශක්තිමත් කළ සේක, තවද ලේමන්වරු සහ ඇම්ලිකායිවරු ඔවුන් ඉදිරියෙහි වැටුණෝය.

29 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ඇම්ලිකායි සමඟ කඩුවෙන්, මුහුණට මුහුණ සටන් කළේය; තවද ඔවුන් එකිනෙකා සමඟ, බලවත් ලෙස සටන් කළෝය.

30 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකුව මහත් ඇදහිල්ලෙන් ක්‍රියා කරනු ලැබ, මෙසේ කියමින්, මොරගැසුවේය: අහෝ ස්වාමීන්වහන්ස, මෙම ජනතාව ගැලවීමට සහ ආරක්ෂා කිරීම පිණිස එනම් මා ඔබවහන්සේගේ හස්තයෙහි මෙවලමක් වන පිණිස, කරුණාවන්තව මාගේ ජීවිතය ඉතිරි කළ මැනව.

31 දැන් ඇල්මා මෙම වචන පැවසූ විට ඔහු ඇම්ලිකායි සමඟ නැවතත් සටන් කළේය; එපමණකින් එනම් ඇම්ලිකායිව කඩුවෙන් මරණ තරමට, තවද ඔහු ශක්තිමත් විය.

32 තවද ඔහු ලේමන්වරුන්ගේ රජු සමඟද සටන් කළේය; එහෙත් ලේමන්වරුන්ගේ රජු ඇල්මා ඉදිරියෙන් පසුපසට පලා ගොස් ඇල්මා සමඟ සටන් කරන පිණිස ඔහුගේ රැකවලුන් යැවීය.

33 එහෙත් ඇල්මා, ඔහුගේ රැකවලුන් සමඟ, ඔහු ඔවුන්ව මරා දමා, පසු පසට පලවා හරින තෙක් ලේමන්වරුන්ගේ රජුගේ රැකවලුන් සමඟ සටන් කළෝය.

34 තවද මෙසේ ඔහු ශිදොන් ගංගාවට බටහිර දෙසින් පිහිටි භූමිය, හෝ ඉවුර පිරිසිදු කර, මරා දමනු ලැබු ලේමන්වරුන්ගේ සිරුරු ශිදොන් ජලය තුළට විසි කළේය, එනම් එමගින් ඔහුගේ ජනතාවට ශිදොන් ගංඟාවේ බටහිර පැත්තේ ලේමන්වරු සහ ඇම්ලිකායිවරු සමඟ සටන් කිරීමට සහ තරණය කිරීමට ඉඩ තිබෙන පිණිසය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලෝම ශිදොන් ගංගාව හරහා එතෙර වූ පසු, එනම් ලේමන්වරුන් සහ ඇම්ලිකායිවරුන් ගණන් කළ නොහැකි තරම් විශාල පිරිසක් සිටියද, එසේ වුවත් තවද ඔවුන් ඉදිරියෙන් පලා යන්නට පටන් ගත්තෝය.

36 තවද ඔවුන් නීෆායිවරුන් ඉදිරියෙන් බටහිරින් සහ උතුරෙහි වූ දේශ සීමාවෙන් ඔබ්බට වූ වනාන්තරය දෙසට පලා ගියෝය; තවද නීෆායිවරුන් ඔවුන්ගේ බලයෙන් ඔවුන් ලුහුබැඳ ගොස්, තවද ඔවුන්ව මරා දැමූවෝය.

37 එසේය, ඔවුන් සෑම අතකින්ම හමු වූ අතර, ඔවුන් බටහිරින් සහ උතුරින් විසුරුවා හරින තෙක්, හර්මෞන්ට්ස් වශයෙන් හැඳින්වු, වනාන්තරයට ඔවුන් ළඟා වනතුරු, මරා දමා පලවා හරින ලදී; තවද එය වනාහි තෘෂ්ණාවෙන් පිරුණු සහ මෘගයන්ගෙන් ගහණ වූ වනාන්තරයේ කොටස විය.

38 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ දෙනෙකු ඔවුන්ගේ තුවාල නිසා වනාන්තරයේදී මරණයට පත් වූ අතර, තවද ඒවා මෘගයන් විසින්ද එසේම අහසේ ගිජු ලිහිණියන් විසින්ද ගිල දැමුවෝය; තවද ඔවුන්ගේ ඇටකටු සොයාගත් අතර, තවද පොළොව මත ගොඩගසා ඇත්තෝය.