10 වන පරිච්ඡේදය
ලීහායි මනස්සේගෙන් පැවත එන්නේය – එනම් ඇල්මා පිළිබඳව සැලකිලිමත් වන බවට ඇමියුලෙක් දේවදූත ආඥාව විස්තර කරයි – ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤා ජනතාව විනාශ නොකිරීමට සලස්වයි – අධර්මිෂ්ඨ නීතිඥයන් සහ විනිශ්චයකරුවන් ජනතාවගේ විනාශයට අඩිතාලම දමති. ක්‍රි.පූ. 82 පමණ.
1 දැන් මෙසේ කියමින්, ඇමෝනිහා දේශයේ සිටි ජනතාවට ඇමියුලෙක් දේශනා කළ වචන මේවා වන්නේය:
2 මම ඇමියුලෙක් වෙමි; මම ගිඩෝනාගේ පුත්‍රයා වෙමි, ඔහු අමිනඩායිගෙන් පැවත එන, ඉෂ්මායෙල්ගේ පුත්‍රයාය. තවද එනම් ඔහු දේවමාළිගාවේ පවුර මත දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියා තිබූ ලියවිල්ල අර්ථකථනය කළේද එම අමිනඩායිමය.
3 තවද අමිනඩායි ජෙරුසලම් දේශයෙන් පිටතට පැමිණි, ලීහායිගේ පුත්‍රයා වූ නීෆායිගෙන් පැවත එන්නෙකි, මනස්සේගෙන් පැවත එන්නෙකි, ඔහුගේ සහෝදරයන්ගේ දෑතින් මිසරයට විකුණනු ලැබූ යෝසෙප්ගේ පුත්‍රයා වන්නේය.
4 තවද බලව, එසේම මා දන්නා සියලු අයවලුන් අතර මම සුළු කීර්තියක් ඇති මනුෂ්‍යයෙකු නොවන්නෙමි; එසේය, තවද බලව, මා හට බොහෝ ඥාතීන් සහ මිතුරන්ද සිටින අතර, තවද එසේම මාගේ කර්මාන්තයේ දෑතින් මම බොහෝ ධනය අත්කර ගත්තෙමි.
5 එසේනමුත්, මේ සියල්ලට පසුව, මා කිසි විටෙකත් ස්වාමීන්වහන්සේගේ මාර්ගයන්, තවද උන්වහන්සේගේ අභිරහස් සහ විශිෂ්ඨ බලය පිළිබඳව වැඩි යමක් දැන නොසිටියෙමි. මම කීවේ, මම මේ දේවල් පිළිබඳව වැඩි යමක් දැන නොසිටියෙමි; එහෙත් බලව, මම වැරදි වන්නෙමි, මක්නිසාද මම උන්වහන්සේගේ බොහෝ අභිරහස් සහ උන්වහන්සේගේ විශිෂ්ඨ බලය දැක ඇත්තෙමි; එසේය, මෙම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේදී පවා විය.
6 එසේනමුත්, මම මාගේ හදවත දැඩි කරගත්තෙමි, මක්නිසාද මා බොහෝ වාරයක් කැඳවනු ලැබුවද තවද මම ඇහුකම් නොදුන්නේමි; එසේහෙයින්, මම මෙම දේවල් පිළිබඳ දැන සිටියද, එහෙත් මම නොදනිමි; එසේහෙයින් එය විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ දස වන අවුරුද්දේ, මෙම හත් වන මාසයේ හතර වන දින දක්වා වුවත්, මා මාගේ හදවතේ දුෂ්ඨකමින් දෙවියන්වහන්සේ හට විරුද්ධව කැරලි ගසමින් ගියෙමිි.
7 මම ඉතා සමීප ඥාතියෙකු බැලීමට ගමන් කරමින් සිටියදී, බලව ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙකු මට දර්ශනය වී තවද මෙසේ කීවේය; ඇමියුලෙක්, නුඹගේ නිවසට ආපසු යන්න, මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු පෝෂණය කරන්නෙහිය; එසේය, ශුද්ධ වූ මනුෂ්‍යයෙක්ය, ඔහු දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබු මනුෂ්‍යයෙක්ය; මක්නිසාද ඔහු මෙම ජනතාවගේගේ පාපයන් නිසා බොහෝ දවස් නිරාහාරව සිටියේය, තවද ඔහු කුසගින්නේ සිටියි, තවද නුඹ ඔහුව නුඹගේ නිවසට පිළිගෙන තවද ඔහුව පෝෂණය කළ යුතුය, තවද ඔහු නුඹටද නුඹගේ නිවසටද ආශීර්වාද කරන්නේය; තවද ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය නුඹ සහ නුඹගේ පවුල කෙරෙහි පවතින්නේය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් මම දේවදූතයාගේ හඬට කීකරු වූවෙමි, තවද මාගේ නිවස වෙතට ආපසු ගියෙමි. තවද මම එතනට යන විට දේවදූතයා මා හට පැවසූ මනුෂ්‍යයා මට සම්බ විය: නුඹගේ නිවස වෙත නුඹ පිළිගන්නේය – තවද බලව ඒ ඔහුය දෙවියන්වහන්සේගේ දේවල් ගැන නුඹලාට කී එම මනුෂ්‍යයාමය.
9 තවද දේවදූතයා මට මෙසේ කීවේය ඔහු ශුද්ධ වූ මනුෂ්‍යයෙකි; එසේහෙයින් දෙවියන්වහන්සේගේ දූතයෙකු විසින් එය පැවසූ බැවින්, ඔහු ශුද්ධ වූ මනුෂ්‍යයෙකු බව මම දන්නෙමි.
10 තවද නැවතත්, එනම් ඔහු එහි සාක්ෂි දැරූවාවූ දේවල් සත්‍ය බව මම දන්නෙමි; මක්නිසාද බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් ස්වාමීන්වහන්සේ ජීවමාන වන්නාක් මෙන්, එසේම උන්වහන්සේ මේ දේවල් මා හට ප්‍රකාශ කිරීම සඳහා උන්වහන්සේගේ දේවදූතයාව එවූ සේක; තවද ඇල්මා මාගේ නිවසෙහි වාසය කරන අතරතුර උන්වහන්සේ මෙය කළ සේක.
11 මක්නිසාද බලව, ඔහු මාගේ නිවසට ආශීර්වාද කළේය, ඔහු මටද, තවද මාගේ ස්ත්‍රීන්ටද, තවද මාගේ දරුවන්ටද, තවද මාගේ පියාට සහ මාගේ නෑදෑයින්ටද ආශීර්වාද කළේය; එසේය, ඔහු මාගේ සියලු ඥාතීන්ට පවා ආශීර්වාද කළේය, තවද ඔහු පැවසූ වචනවලට අනුව ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය අප මත රැඳුනු සේක.
12 තවද දැන්, ඇමියුලෙක් මෙම වචන පැවසූ විට, ඔවුන් තුළ ඇත්තාවූ අනාවැකියේ ආත්මයට අනුව, ඔවුන්ට චෝදනා එල්ල වූ දේවල් සහ එසේම ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් පිළිබඳව එහි සාක්ෂි දෑරු එක් සාක්ෂිකරුවෙකුට වඩා සිටින බව දැක, ජනතාව මවිතයට පත් වීමට පටන් ගත්තෝය.
13 එසේනමුත්, ඔවුන් අතර සිටි සමහරෙක් ඔවුන්ව ප්‍රශ්න කිරීමට සිතුවෝය, එනම් ඔවුන් ඔවුන්ට විරුද්ධව සාක්ෂී සොයා ගන්නා පිණිස, එනම් ඔවුන්ගේ කපටි උපක්‍රම මඟින් ඔවුන්ගේ වචනවලින් ඔවුන් අල්ලා ගන්නා පිණිස, එනම් ඔවුන් ඔවුන්ගේ නීතියට අනුව විනිශ්චය කිරීම සඳහා ඔවුන්ව එනම් ඔවුන්ගේ විනිශ්චයකරුවන්ට භාර දෙන පිණිස, තවද එනම් වරදට අනුව ඔවුන්ව පෙනෙන්නට සැලැස්වීමට හෝ ඔවුන්ට විරුද්ධව සාක්ෂි දරා, ඔවුන්ව මරා දැමීමට හෝ සිරගෙයි දැමීමටය.
14 දැන් ඔවුන්ව විනාශ කිරීමට සෙවුවාවූ එම මනුෂ්‍යයන්, ඔවුන් නීතිඥයන් වූවෝය, එනම් ඔවුන්ගේ නඩු විභාග වලදී හෝ විනිශ්චයකරුවන් ඉදිරියේ ජනතාවගේ අපරාධ නඩු විභාගවලදී නීතිය ඉෂ්ඨ කිරීම සඳහා ජනතාව විසින් සේවය ලබාගැනීමට හෝ පත්කරනු ලැබුවාවු අය වූවෝය.
15 දැන් මේ නීතිඥවරයන් ජනතාවගේ සියලු උපායන්ද ශිල්ප සහ කපටිකම් පිළිබඳ උගතුන් වූවෝය; තවද මෙසේ වූයේ එනම් ඔවුන් හට තම වෘත්තියෙහි උපායශීලී වීමට හැකි වන පිණිසය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඇමියුලෙක්ව ප්‍රශ්න කිරීමට පටන් ගත්තෝය, එනම් එමඟින් ඔහුගේ වචන හරස් කිරීමට, හෝ ඔහු කතා කළ යුතු වචනවලට ප්‍රතිවිරුද්ධව කතා කිරීමටය.
17 දැන් එනම් ඔවුන් ඇමියුලෙක්ට ඔවුන්ගේ සැලසුම් පිළිබඳව දැනගත හැකි බව දැන නොසිටියෝය. එහෙත් එය මෙසේ සිදු විය, ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් විට, ඔහු ඔවුන්ගේ සිතුවිලි තේරුම් ගත් අතර, තවද ඔවුන්ට මෙසේ කීවේය; අහෝ නුඹලා දුෂ්ඨ හා මුරණ්ඩු පරම්පරාව, නුඹලා නීතිඥයන් සහ කෛරාටිකයන්ය, මක්නිසාද නුඹලා යක්ෂයාගේ අත්තිවාරම් දමන්නහුය; මක්නිසාද නුඹලා දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් අල්ලා ගැනීමට උගුල් සහ මලපත් අටවන්නෝය.
18 නුඹලා ධර්මිෂ්ඨයන්ගේ මාර්ග මුළා කිරීමට සැළසුම් යොදන්නේය, තවද මෙම ජනතාවගේ සම්පූර්ණ විනාශයට දක්වා වූවත්, දෙවියන්වහන්සේගේ උදහස නුඹලාගේ හිස මතට පමුණුවා ගන්නෝය.
19 එසේය, අපගේ අවසාන රජු වූ මොසායා කියා සිටියේ, ඔහු රාජධානිය භාර දීමට ආසන්න වූ විට, එය ප්‍රධානය කිරීමට කිසිවෙකු පත් කිරීමට නොහැකිව, එනම් මෙම ජනතාව ඔවුන්ගේම හඬින් පාලනය වීමට සළසවමින්ය – එසේය, මෙම ජනයාගේ හඬ අයුතුකම තෝරා ගැනීමට කාලය පැමිණිය යුතු වන්නේ නම්, එනම් එය, මෙම ජනතාව වරදට වැටීමේ කාලයද පැමිණිය යුතු වන්නේ නම්, එය ඔවුන් විනාශය සඳහා මෝරා ඇති විට යැයිි ඔහු කීය.
20 තවද දැන් මා නුඹලාට කියන්නෙමි, එනම් ස්වාමීන්වහන්සේ නුඹලාගේ අයුතුකම් හොඳින් විනිශ්චය කරන්නේද; එවිට උන්වහන්සේ තමන්වහන්සේගේ දේවදූතයන්ගේ හඬින් මෙම ජනතාවට මොරගසන්නේය: නුඹලා පසුතැවිලි වෙයල්ලා, පසුතැවිලි වෙයල්ලා, මක්නිසාද ස්වර්ග රාජ්‍යය අත ළඟය.
21 එසේය, උන්වහන්සේගේ දේවදූතයන්ගේ හඬ තුළින්, උන්වහන්සේ බොහෝ සේ මොරගස්සන්නේය: එනම් මම මාගේ ජනතාව අතරට මාගේ හස්තයේ සමානාත්මතාවය සහ යුක්තිය ඇතිව බැස එන්නෙමි.
22 එසේය, මම නුඹට කියන්නෙමි, එනම් දැන් දේශයේ සිටින ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවන් නොවන්නේ නම්, නුඹලා දැන් වූවත් සම්පූර්ණ විනාශයකින් බැහැ දකිනු ලබන්නේය; එහෙත් නෝවාගේ දවස් වලදී සිටි ජනතාවට මෙන් ජල ගැල්මකින් නොවන්නේය, එහෙත් සාගතයෙන්, වසංගතයෙන් සහ කඩුවෙන් එය සිදු වන්නේය.
23 එහෙත් ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤා නිසා එනම් නුඹලා ගැළවී ඇත්තේය; දැන් එසේහෙයින්, නුඹලා ධර්මිෂ්ඨයන් නුඹලා අතරින් පළවා හරිනු ලබන්නේ නම්, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ හස්තය වළක්වා නොගන්නා සේක; එහෙත් උන්වහන්සේගේ දරුණු කෝපයෙන් උන්වහන්සේ නුඹට විරුද්ධව පැමිණෙන සේක; එවිට නුඹලාට සාගතයෙන්ද, තවද වසංගතයෙන් ද, කඩුවෙන් ද පහර දෙනු ලබන්නේය; තවද නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, කාලය ඉතා ඉක්මනින් අත ළඟය.
24 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ජනතාව ඇමියුලෙක් සමඟ බොහෝසේ කෝප වූහ, තවද ඔවුන් මොරගසමින්, මෙසේ කීවෝය; මෙම මනුෂ්‍යයා අපගේ යුක්තිසහගත නීතිවලට සහ, අප විසින් තෝරාගනු ලැබූ අපගේ බුද්ධිමත් නීතිඥයින්ට එරෙහිව අපහාස කරන්නේය.
25 එහෙත් ඇමියුලෙක් ඔහුගේ දෑත දිගු කරමින්, තවද බලවත් ලෙස ඔවුන් හට මොරගසමින් මෙසේ කීවේය; අහෝ නුඹලා දුෂ්ඨ සහ හිතුවක්කාර පරම්පරාව, නුඹලාගේ හදවත් මත සාතන් එතරම් බලවත් ග්‍රහනයක් ගත්තේ කෙසේද? නුඹලා කෙරෙහි එනම් ඔහුට බලය තිබෙන පිණිස නුඹලා ඔහුට යටත් වී, සත්‍යතාවයට අනුව කථා කරන වචන නුඹලාට නොතේරෙන පිණිස, එනම් නුඹලාගේ ඇස් අන්ධ කරගන්නේ මන්ද?
26 මක්නිසාද බලව, නුඹලාගේ නීතිවලට විරුද්ධව මම සාක්ෂි දරා ඇත්ද? නුඹලාට තේරුම්ගත නොහැක; නුඹලාගේ නීතියට විරුද්ධව මම කතා කළේ යැයි නුඹලා කියන්නෝය; එහෙත් මා එසේ නොකළෙමි, එහෙත් නුඹලාගේ හෙළා දැකීම පිණිස, මම නුඹලාගේ නීතියට පක්ෂව කථා කළෙමි.
27 තවද දැන් බලව, මම නුඹලාට කියන්නෙමි, එනම් මෙම ජනතාවගේ විනාශයේ අත්තිවාරම දැමීම නුඹලාගේ නීතිඥයින්ගේ සහ නුඹලාගේ විනිසුරුවරුන්ගේ අධර්මිෂ්ඨකම මඟින් පටන් ගන්නේය.
28 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමියුලෙක් මෙම වචන පැවසූ විට, ජනතාව ඔහුට විරුද්ධව මෙසේ කියමින්, මොර ගැසුවෝය: එනම් දැන් මෙම මනුෂ්‍යයා යක්ෂයාගේ දරුවෙක් කියා අප දන්නෙමු, මක්නිසාද ඔහු අපට බොරු කියා ඇත්තේය; මක්නිසාද ඔහු අපගේ නීතියට විරුද්ධව කතා කළේය. තවද එනම් දැන් ඔහු එයට විරුද්ධව කථා නොකළේ යැයි ඔහු කියන්නේය.
29 තවද නැවත, ඔහු අපගේ නීතිඥයින්ට සහ අපගේ විනිශ්චයකරුවන්ට එරෙහිව අපහාස කළේය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට විරුද්ධව මෙම දේවල් මතක තබා ගත යුතු යැයි නීතිඥවරුන් ඔවුන්ගේ හදවත් තුළට එය දැමූවෝය.
31 තවද එහි ඔවුන් අතර සීස්රොම් නම් වූ එක් අයෙක් විය. දැන් ඔහු ඇමියුලෙක් සහ ඇල්මාට චෝදනා කළ පළමුවැන්නා විය, ඔහු ඔවුන් අතර වඩාත්ම දක්ෂයෙකු වූ අතර, ඔහු ජනතාව අතර බොහෝ කාර්යයන් කර වූයේය.
32 දැන් මෙම නීතිඥයින්ගේ අරමුණ වුයේ ලාභ ලබාගැනීමය; තවද ඔවුන්ගේ සේවය අනුව ලාභ ලබාගත්තෝය.