ගිඩියොන් හි සිටින ජනතාවට ප්‍රකාශ කරන ලද ඇල්මාගේ වචන, ඔහුගේ ම වාර්තාවට අනුව.
7 වන පරිච්ඡේදය අඩංගුය.
7 වන පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ මරියතුමියගෙන් උපත ලබන සේක – උන්වහන්සේ මරණයේ බැමි ලිහා දමා තවද උන්වහන්සේගේ ජනතාවගේ පාපයන් උසුලන සේක – පසුතැවිලි වී, බෞතීස්මය ලබා, තවද අණ පනත් තබන්නන්ට සදාකාලික ජීවනය ලැබේ – අපවිත්‍රකමට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර ගත නොහැක – අවශ්‍ය වන්නේ නිහතමානීකම, ඇදහිල්ල, බලාපොරොත්තුව සහ දයාව. ක්‍රි.පූ. 83 පමණ.
1 බලව මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මට නුඹලා වෙත පැමිණීමට අවසර දී ඇති බව දැක, එබැවින් මම මාගේ භාෂාවෙන් නුඹලා ඇමතීමට උත්සාහ කරමි; එසේය, මාගේම මුඛයෙන්, මාගේ මුඛයේ වචනවලින් මම නුඹලාට කතා කළ පළමු අවස්ථාව මෙය බව දැක, මම විනිශ්ච-ආසනයට සම්පූර්ණයෙන් සීමා වී සිටයෙමි, බොහෝ කටයුතු තිබෙනු ලදුව එනම් මට නුඹලා වෙත පැමිණීමට නොහැකි විය.
2 තවද මා වෙනුවට රාජ්‍යකාලය කරන්නට, විනිශ්ච-ආසනය වෙනත් කෙනෙකුට දී නොතිබුනා නම් මේ අවස්ථාවේ දී ද මට පැමිණීමට නොහැකි වන්නේය; තවද ස්වාමීන්වහන්සේ මහත් කරුණාවෙන් නුඹලා වෙත පැමිණෙන්නට මා හට අවසර ලබා දුන් සේක.
3 3 තවද බලව, එනම් නුඹලා දෙවියන්වහන්සේ අභියස නුඹලා නුඹලාවම යටහත් කර ඇති බව මට සොයා ගැනීමට මම මහත් බලාපොරොත්තුවෙන් ද ඉතා ආශාවෙන් ද පැමිණියෙමි, තවද එනම් නුඹලා උන්වහන්සේගේ කරුණාව උදෙසා දිගටම කන්නලව් කරමින්, එනම් උන්වහන්සේ අභියස නුඹලා නිර්දෝෂී බව මට සොයා ගැනීමටය, එනම් සරහෙම්ලාහි සිටින අපගේ සහෝදරයන් මෙන් භායානක අවස්ථාවක නුඹලා නොසිටින බව මට සොයා ගැනීම පිණිසය.
4 එහෙත් දෙවියන්වහන්සේ යන නාමයට ආශීර්වාද වේවා, එනම් උන්වහන්සේ දැනගැනීම මට දි ඇති සේක, එසේය, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ මාර්ගයට ඒවා නැවත ස්ථාපිත කර ඇති බව දැනගැනීමේ අතිශයින් ඉමහත් ප්‍රීතිය මා වෙත දී ඇති සේක.
5 තවද, මා තුළ තිබෙනා වූ දෙවියන්වහන්සේගේ ආත්මයට අනුව, මම විශ්වාස කරමි, එනම් මා ද නුඹලා කෙරෙහි ප්‍රීතීය ලැබීම පිණිසය; එසේනමුත් නුඹලා කෙරෙහී මාගේ ප්‍රීතිය සරහෙම්ලාහි සහෝදරයන් උදෙසා මා වෙත පැමිණී බොහෝ පීඩාවන් හා ශෝකය හේතුකොටගෙන පැමිණේවායි මම ආශා නොකරමි, මක්නිසාද බලව, මාගේ ප්‍රීතිය බොහෝ පීඩාවන් හා ශෝකයන් තුළින් ඔවුන් කෙරෙහි පැමිණියේය.
6 මක්නිසාද බලව, නුඹලාගේ සහෝදරයන් මෙන් නුඹලා එතරම් අවිශ්වාසවන්ත තත්වයක නොසිටින බව මම විශ්වාස කරන්නෙමි; නුඹලා තම හදවත්වල උඩඟුකමින් උදම් වී නොමැති බව මම විශ්වාස කරමි; එසේය, නුඹ නුඹලාගේ හදවත් ධනය සහ ලෝකයේ නිෂ්ඵල දේ කෙරෙහි තබා නැති බව මම විශ්වාස කරමි; එසේය, නුඹලා රූප වන්දනා නොකරන බව විශ්වාස කරමි, එහෙත් එනම් නුඹලා සත්‍ය හා ජීවමාන දෙවියන්වහන්සේ හට නමස්කාර කරන බවත්, සදාකාලික ඇදහිල්ලකින්, පැමිණෙන්නට තිබෙන, තවද එනම් නුඹ නුඹලාගේ පව් සමාව බලාපොරොත්තුවෙන් සිටින බවත් මම විශ්වාස කරමි.
7 මක්නිසාද බලව, බොහෝ දේ පැමිණිමට ඇති බව මම නුඹලාට කියමි; තවද බලව, ඒ සියල්ලන්ට වඩා වැදගත් වන එක් දෙයක් ඇත්තේය – මක්නිසාද බලව, කාලය ඈතක නොවන්නේය එනම් ගැලවුම්කරුවාණන් ජීවත් වන්නේය, තවද උන්වහන්සේගේ ජනතාව අතරට පැමිණෙන සේක.
8 බලව, උන්වහන්සේගේ මරණීය මණ්ඩපයේ වාසය කරන අවස්ථාවේ දී උන්වහන්සේ අප අතරට පැමිණෙන බව මම නොකියමි; මක්නිසාද බලව, ආත්මයාණන්වහන්සේ මෙසේ විය යුතු වන්නේ යයි මා හට නොපැවසූ සේක. දැන් මෙම කාරණයට අනුව මම නොදන්නෙමි; එහෙත් මේ පමණක් දේ මම දනිමි, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ හට උන්වහන්සේගේ වචනයට අනුව සියලු දේ කිරීමට බලය ඇති සේක.
9 එහෙත් බලව, ආත්මයාණන්වහන්සේ මා හට මෙපමණක් දේ පැවසූ සේක, වදාළමින්: මෙම ජනතාව හට මෙසේ පවසමින්, මොරගසන්න – නුඹලා පසුතැවිලි වන්න, තවද ස්වාමීන්වන්සේගේ මාර්ගය සූදානම් කරව, තවද උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරව, ඒවා සෘජුය; මක්නිසාද බලව, ස්වර්ග රාජ්‍යය අත ළඟය, තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පොළෝ තලය මතට පැමිණෙන සේක.
10 තවද බලව, අප පියවරුන්ගේ දේශය වන ජෙරුසලමේ, උන්වහන්සේ මරියතුමියගෙන් උපත ලබන සේක, කන්‍යාවියක් වන ඇය, වටිනා තෝරාගත් බඳුනක් ව, ඇයව ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මුවා කරනු ලැබ සහ පිළිසිඳ ගනු ඇත, තවද පුත්‍රයෙකු බිහිකරන්නීය, එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පවා වන්නේය.
11 තවද උන්වහන්සේ සියලු ආකාරයේ වේදනාවන් ද පීඩාවන් ද පරීක්ෂාවන් ද විඳිමින්, ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේගේ ජනතාවගේ වේදනා ද ලෙඩ රෝගයන්ද උන්වහන්සේ මත ගන්නා බව උන්වහන්සේ පවසන ලද වචනය ඉටු වන පිණිසය.
12 තවද උන්වහන්සේ තමන්වහන්සේ මත මරණය ගන්නා සේක, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව බැඳ තබන මරණයේ බැමි ලිහා දමනු පිණිසය; තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලතා උන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ අභ්‍යන්තරය කරුණාවෙන් පිරී යනු පිණිසය, මාංශයට අනුව, එනම් මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලතාවලට අනුව ඔවුන්ට පිහිට වන ආකාරය උන්වහන්සේ දැන ගන්නා පිණිසය.
13 දැන් ආත්මයාණන්වහන්සේ සියල්ල දන්නා සේක. එසේනමුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තමන්වහන්සේගේ ජනතාවගේ පාපයන් තමන්වහන්සේ මත ගන්නා පිණිස මාංශයට අනුව වේදනා විඳින සේක, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ගැලවීමේ බලය අනුව ඔවුන්ගේ වැරදි මකා දමනු පිණිසය; තවද දැන් බලව, මා තුළ ඇත්තා වු සාක්ෂිය මෙයයි.
14 දැන් මම නුඹලාට කියමි, එනම් නුඹලාට පසුතැවිලි විය යුතුය, තවද නැවත ඉපදිය යුතුය; මක්නිසාද නුඹලා නැවත ඉපදෙන්නේ නැත්නම් නුඹලාට ස්වර්ග රාජ්‍යය උරුම කරගත නොහැකි බව ආත්මයාණන් පවසන සේක; එසේහෙයින් පැමිණ තවද පසුතැවීම වෙතට බෞතීස්ම වන්න, එනම් නුඹලාගේ පව්වලින් නුඹලාව සෝදා ගන්නා පිණිසය, එනම් ලෝකයේ පාපයන් ඉවත් කරනා, දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් මත නුඹලාගේ ඇදහිල්ල ඇති කර ගන්නා පිණිස, සියලු අධර්මිෂ්ඨකමෙන් ගැලවීමට හා පවිත්‍ර කිරීමටත් උන්වහන්සේ බලවත් වූ සේක.
15 එසේය, මම නුඹලාට කියමි පැමිණ තවද බිය නොවන්න, තවද නුඹලාව පහසුවෙන් හිරිහැරයට ලක් කරන, පහසුවෙන් නුඹලාව විනාශයට බැඳ තබන, සෑම පාපයක්ම පසෙක දමන්න, එසේය, පැමිණ ඉදිරියට යන්න, තවද නුඹලාගේ දෙවියන්වහන්සේ හට පෙන්වන්න එනම් නුඔලා පාපයන්ට පසුතැවිලි වී තවද උන්වහන්සේ සමඟ ගිවිසුමකට ඇතුල්වීමට උන්වහන්සේගේ අණ පනත් තැබීමට කැමති බව, තවද බෞතීස්මයේ ජලය තුළට ගොස් අද දවසේ උන්වහන්සේ හට එය සාක්ෂියක් වන්න.
16 තවද යමෙකු එසේ කරන්නේ ද, තවද මෙතැන් පටන් දෙවියන්වහන්සේගේ අණ පනත් තබන්නේ ද, එවැන්නෙකු මා ඔහුට පැවසූ දේ සිහි තබා ගනු ඇත, එසේය, මා ඔහුට පැවසූ බව ඔහු සිහි තබා ගනු ඇත, මා තුළ සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂියට අනුුව, ඔහුට සදාකාලික ජීවනය ලැබෙනු ඇත.
17 තවද දැන් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, නුඹලා මේ දේවල් විශ්වාස කරන්නෙහි ද? බලව, මම නුඹලාට කියමි, එසේය, නුඹලා ඒවා විශ්වාස කරන බව මම දනිමි; තවද නුඹලා විශ්වාස කරන බව මා දන්නා මාර්ගය නම් මා තුළ තිබෙන්නා වූ ආත්මයාණන්ගේ ප්‍රකාශ වීම විසිනි. තවද දැන් නුඹලාගේ ඇදහිල්ල ඒ පිළිබඳව ශක්තිමත් බැවින්, එසේය, මා කී දේ ගැන, මාගේ ප්‍රීතිය මහත්ය.
18 මක්නිසාද පටන්ගැන්මේ සිට මා නුඹලාට පැවසූ පරිදී, එනම් නුඹලා නුඹලාගේ සහෝදරයන් මෙන් අර්බුදකාරී තත්වයක නොසිටීමට මා හට මහත් ආශාවක් විය, එසේ වූව ද මාගේ ආශාවන් තෘප්තිමත් වී ඇති බව මම සොයා ගත්තෙමි.
19 මක්නිසාද නුඹලා ධර්මිෂ්ඨකමේ මාර්ගවල සිටින බව මම වටහාගතිමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යයට යන මාර්ගයේ නුඹලා සිටින බව මම වටහාගතිමි; එසේය, එනම් නුඹලා උන්වහන්සේගේ මාර්ගයන් කෙළින් කරන බව මම වටහාගතිමි.
20 උන්වහන්සේගේ වචනයේ සාක්ෂියෙන්, එය නුඹලාට ප්‍රකාශ කර ඇති බව මම වටහාගතිමි, එනම් උන්වහන්සේ හට වක්‍ර මාර්ගවල ගමන් කළ නොහැක; නැතහොත් උන්වහන්සේ ප්‍රකාශ කරන දෙයකින් වෙනස් නොවන සේක; උන්වහන්සේ හට දකුණේ සිට වමට හැරීමේ ජායාවක්වත් නොමැත්තේය, නැතහොත් හරි දෙයින් වැරදි දෙයට හැරවීම වත් නොමැත; එසේහෙයින්, උන්වහන්සේගේ මාර්ගය එක් සදාකාලික චක්‍රයකි.
21 තවද උන්වහන්සේ අශුද්ධ දේවමාළිවන්හි වාසය නොකරන සේක; එලෙසම අපවිත්‍රකම හෝ අපිරිසිදු කිසිවක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ලබා ගනු නොලබන්නේය; එසේහෙයින් මම නුඹලාට කියමි කාලය පැමිණෙනු ඇත, එසේය, තවද එය අවසාන දවසේ වනු ඇත, එනම් අපවිත්‍ර තැනැත්තා ඔහුගේ අපවිත්‍ර හාවයෙන්ම පවතිනු ඇත.
22 තවද දැන් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, දෙවියන්වහන්සේ කෙරෙහි නුඹලාගේ යුතුකම පිළිබඳ හැගීමකට නුඹලා අවදි කරනු පිනිස මම නුඹලාට මේ දේවල් කිවෙමි, ඒනම් නුඹලා උන්වහන්සේ අභියස නිදොස්ව ගමන් කරනු පිණිසය, එනම් නුඹලාට ලැබී ඇති ආකාරයට අනුව, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ සංවිධානයට අනුව ගමන් කරනු පිණිසය.
23 තවද දැන් නුඹලා නිහතමානී විය යුතු බවටත්, තවද යටහත් සහ මෘදු විය යුතු බවටත් මම කැමැත්තෙමි; ආයාචනා කිරීමට පහසු; ඉවසීමෙන් පිරී ඇතිව සහ බොහෝ ඉවසිලිවන්තව; සියලු දේවල් කෙරෙහි මධ්‍යස්ථව; සෑම අවස්ථාවකදීම දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට උද්‍යයෝගීමත්ව; අධ්‍යාත්මික සහ ලෞකීක දෙකෙහිම, නුඹලාට අවශ්‍ය කවරාකාර දෙයක් වූවත් අයැද සිට; නුඹලාට ලැබෙන ඕනෑම දෙයක් කෙරෙහී දෙවියන්වහන්සේ වෙත සැමවිටම ස්තුති ප්‍රසංසා කරන්න.
24 තවද නුඹලාට ඇදහිල්ල, බලාපොරොත්තුව, තවද දයාව, තිබෙන බවට වග බලා ගන්න, තවද එවිට නුඹලා සැමවිටම යහපත් ක්‍රියාවන්වල බහුලව නිරත වන්නහුය.
25 තවද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාද කරණ සේක්වා. තවද නුඹලාගේ වස්ත්‍ර නොකැළැල්ව තබාගන්න, එනම් නුඹලා ලෝකය පටන්ගැන්මේ සිට සිටිය ශුද්ධ අනාගතවක්තෘවරුන් වන ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ් සමඟ වාඩි වීම සඳහා අවසානයේ නුඹලාව ගෙන එනු පිණිස, ඔවුන්ගේ වස්ත්‍ර නොකැළැල් බැවින්, නුඹලාගේ වස්ත්‍ර ද නොකැළැල් වනු පිණිස, ස්වර්ග රාජ්‍යය තුලදී තවත් පිටතට නොයන පිණිස.
26 තවද දැන් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මම මේ වචන නුඹලාට කථා කරනුයේ මා තුළ සාක්ෂි දරන ආත්මයාණන්වහන්සේට අනුවය; නුඹලා මාගේ වචනයට දුන් ඉමහත් උද්‍යෝගය හා අවධානය නිසා, තවද මාගේ ආත්මය බොහෝ සෙයින් ප්‍රීති වෙයි.
27 තවද දැන්, දෙවියන්වහන්සේගේ සමාදානය නුඹලා කෙරෙහි ද, තවද නුඹලාගේ නිවෙස්වල ද දේශයන්වල ද, තවද නුඹලාගේ බැටළු රැළවල් ද ගව පට්ටිවල ද, තවද නුඹලා සතු සියලු දේ කෙරෙහි ද, නුඹලාගේ ඇදහිල්ල හා යහපත් ක්‍රියාවන්ට අනුව නුඹලාගේ ස්ත්‍රීන් ද නුඹලාගේ දරුවන් ද, මේම කාලයේ පටන් ඉදිරියට සහ සදාකාලයටම රැදේවා. තවද මෙසේ මම කතා කළෙමි. ආමෙන්.