55 වන පරිච්ඡේදය
මොරෝනායි සිරකරුවන් හුවමාරු කරගැනීම ප්‍රතික්ෂේප කරයි – ලේමන්වර ආරක්ෂකයින් බීමත්ව සිටීමට පෙළඹ වෙන අතර නීෆායිවර සිරකරුවන් නිදහස් කරනු ලබයි – ගිඩ් නගරය ලේ වැගිරීමකින් තොරව ලබා ගනියි. ක්‍රි.පූ. 63–62 පමණ.
1 දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනි මෙම ලිපිය ලැබුණු විට ඔහු වඩාත් කෝපයට පත් විය, මක්නිසාදයත් ඇමොරන්ට ඔහුගේ වංචාව පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇති බව ඔහු දැන සිටියේය; එසේය, එනම් නීෆායිගේ ජනතාවට එරෙහිව යුද්ධයක් කිරීමට හේතු වූයේ සාධාරණ හේතුවක් නොවන බව, අම්මොරොන් දැන සිටි බව ඔහු දැන සිටියේය.
2 තවද ඔහු මෙසේ කීවේය: බලව, මම මාගේ ලිපියේ සඳහන් කර ඇති පරිදි, ඔහු තම අරමුණ ඉවත් කර ගන්නවා නම් මිස, මම ඇමොරන් සමඟ සිරකරුවන් හුවමාරු නොකරමි; මක්නිසාද ඔහු සතුවූ දෙයට වඩා, වැඩි බලයක් ඔහුට ලබා ගැනීමට මම ඔහු ඉඩ නොදෙමි.
3 බලව, ඔවුන් සිරකරුවන් ලෙස රැගෙන ගිය මාගේ ජනතාව ලේමන්වරුන් රැකවල් කරන ස්ථානය මම දනිමි; තවද ඇමොරන් මට මාගේ ලිපියට අනුව අවසර ලබා නොදෙන නිසාවෙන්, බලව, මම මාගේ වචනවලට අනුව ඔහුට කරන්නෙමි; එසේය, ඔවුන් සාමය උදෙසා අයදින තුරු මම ඔවුන් අතර මරණය සොයන්නෙමි.
4 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මේ වචන පැවසූ විට, එනම් ඔහු තම මනුෂ්‍යයන් අතරේ ලේමන්ගේ පරම්පරාවෙන් පැවත එන මනුෂ්‍යයෙක් සොයා ගැනීමට හැකි වන පිණිස, ඔවුන් අතර සෝදිසියක් කිරීමට සැලැස්සුවේය.
5 තවද, එය මෙසේ සිදු විය. ඔහු ඔහුගේ නම ලේමන් වු, එක් මනුෂ්‍යයෙක් සොයා ගත්තේය; තවද ඔහු ඇමලකායා විසින් ඝාතනය කරන ලද රජුගේ සේවකයන්ගෙන් කෙනෙකු විය.
6 දැන් මොරෝනායි ලේමන් සහ ඔහුගේ මනුෂ්‍යයන්ගෙන් සුළු පිරිසක් නීෆායිවරුන්ගේ රැකවලුන් වෙත ඉදිරියට යාමට සැලස්විය.
7 දැන් නීෆායිවරුන්ව ගිඩ් නගරයේ රැකවල් කර සිටියහ; එසේහෙයින් මොරෝනායි ලේමන් පත් කර එම මනුෂ්‍යයන් කුඩා පිරිස ඔහු සමග යා යුතු ලෙසට සැලැස්සුවේය.
8 තවද එය සන්ධ්‍යාව වු විට ලේමන් නීෆායිවරයන් මත වූ රැකවලුන් වෙත ගියේය, තවද බලව, ඔවුන් ඔහු පැමිණෙනවා දැක තවද ඔවුහු ඔහුට හඬ නඟා කථා කළහ; එහෙත් ඔහු ඔවුන්ට මෙසේ කීහ: බිය නොවෙල්ලා, බලව, මම ලේමන්වරයෙක් වෙමි. බලව, අපි නීෆායිවරුන් වෙතින් ගැලවී ආවෙමු, තවද ඔවුන් නින්දේය; තවද බලව අපි ඔවුන්ගේ මුද්‍රිකපානයෙන් රැගෙන තවද අප සමඟ ගෙන ආවෙමු.
9 දැන් මෙම වචන ලේමන්වරු ඇසුවිට ඔවුහු ඔහුව ප්‍රීතියෙන් පිළිගත්තෝය; තවද ඔවුන් ඔහුට මෙසේ කීහ: එනම් අප පානය කරන පිණිස, අපට නුඹේ මුද්‍රිකපානයෙන් ලබා දෙන්න; එනම් නුඹ සමඟ මුද්‍රිකපානය මෙසේ නුඹ ගෙන එම ගැන සතුටු වන්නෙමු, මක්නිසාද අප විඩාවට පත් වී සිටින්නෙමු.
10 එහෙත් ලේමන් ඔවුන්ට මෙසේ කීවේය: අපි නීෆායිවරුන්ට විරුද්ධව සටනට යන තෙක් අපට අපගේ මුද්‍රිකපානය තබා ගැනීමට ඉඩ දෙන්න. නමුත් මෙම කියමන ඔවුන් තුළ මුද්‍රිකපානයෙන් පානය කිරීමට තවත් ආශා ඇති කළා පමණි;
11 මක්නිසාද ඔවුහු මෙසේ කීහ: අපි විඩාවට පත්ව සිටින්නෙමු, එසේහෙයින් අපට මුද්‍රිකපානයෙන් මදක් ගැනීමට ඉඩ දෙන්න, එවිට ටිකෙන් ටික අපගේ සලාකය සඳහා මුද්‍රිකපානය ලැබෙනු ඇත්තේය, එය අපව නීෆායිවරුන්ට විරුද්ධව යාමට ශක්තිමත් කරනු ඇත්තේය.
12 තවද ලේමන් ඔවුන්ට මෙසේ කීවේය: නුඹලා නුඹලා ගේ ආශාවන් පරිදි සිදු කරන්න.
13 තවද එය මෙසේ සිදු විය ඔවුහු නිදහසේ මුද්‍රිකපානයෙන් ලබා ගත්තෝය; තවද එය ඔවුන්ගේ රසයට ප්‍රසන්න වූවේය, එසේහෙයින් ඔවුන් එය වඩාත් නිදහසේ ලබා ගත්හ; තවද එය එහි ශක්තියෙන් සූදානම් කර තිබූ බැවින්, එය සැරවුයේය.
14 තවද එය මෙසේ සිදු විය එනම් ඔවුහු බී තවද ප්‍රීති වූ අතර, ටික වෙලාවකින් ඔවුන් සියල්ලෝ ම බීමත් වුහ.
15 තවද දැන් ලේමන්, සහ ඔහුගේ මනුෂ්‍යයන් එනම් ඔවුන් සියල්ලෝම බීමත්ව තද නින්දේ සිටින බව දුටුවිට, ඔවුහු මොරෝනායි වෙත හැරී ගොස්, තවද සිදු වූ සියල්ල ඔහුට කීවෝය.
16 දැන් මෙය මොරෝනායි ගේ සැලසුමට අනුව විය. තවද, මොරෝනායි තම මනුෂ්‍යයන්ව යුද ආයුධවලින් සූදානම් කොට සිටියේය; තවද ලේමන්වරු දැඩි නින්දක සහ බීමතින් සිටින අතර, ඔහු ගිඩ් නගරයට ගියේය, තවද සිරකරුවන්ට යුද ආයුධ ලබා දුන්නේය, එපමණකින් එනම් ඔවුන් සියල්ලෝ ම සන්නද්ධ වුහ;
17 එසේය, මොරෝනායි ඒ සියලු සිරකරුවන් සන්නද්ධ කළ විට, ඔවුන්ගේ කාන්තාවන්ට සහ ඔවුන්ගේ සියලු දරුවන්ට ද, යුද ආයුධයක් භාවිතා කිරීමට හැකි වූ සියල්ලන්ට පවා ලබා දුන්නේය; තවද දැඩි නිහඬතාවයකින් යුක්තව ඒ සියල්ල සිදු වූවේය.
18 එහෙත්, ඔවුන් ලේවන්වරුන් අවදි කළෝ නම්, බලව ඔවුන් බීමත්ව සිටිනු දැක, නීෆායිවරුන් ඔවුන්ව මරා දමන්නට ඉඩ තිබිණි.
19 එහෙත් බලව, මෙය මොරෝනායිගේ ආශාව නොවිය; ඔහු මිනීමැරීමට හෝ රුධිරය වැගිරීමට ප්‍රිය නොකලේය, එහෙත් ඔහු තම ජනතාව විනාශය කෙරෙන් ගලවා ගැනීම පිළිබඳ සතුටු විය; තවද මෙම කාරණය නිසා ඔහුට අසාධාරණයක් සිදු නොවනු ඇත, ඔහු ලේමන්වරුන්ට පහර දී තවද ඔවුන්ගේ බීමත්කමෙදී විනාශ කිරීමට කැමති නොවිය.
20 එහෙත් ඔහු ඔහුගේ ආශාවන් ලබාගෙන සිටියේය. මක්නිසාද ඔහු නගරයේ පවුර තුළ සිටි නීෆායිවරුන්ගේ සිරකරුවන්ව සන්නද්ධ කර, පවුරු තුළ තිබූ එම කොටස් අයිති කර ගැනීමට බලය ලබා දුන්නේය.
21 තවද ඉන්පසු ඔහු තමන් සමඟ සිටියාවු මනුෂ්‍යයන් ඔවුන් වෙතින් දුරක් පසුබැසිමට, සහ ලේමන්වරුන්ගේ හමුදාවන් වට කිරීමට සැලැස්විය.
22 දැන් බලව මෙය රාත්‍රි කාලයේ කරන ලද්දේය, එනම් එවිට ලේමනන්වරුන් උදෑසන අවදි වූ විට එනම් ඔවුන් පිටත නීෆායිවරුන් විසින් වට කර, තවද එනම් ඔවුන්ගේ සිරකරුවන් ඇතුළතින් සන්නද්ධව සිටින බව දුටුවෝය.
23 තවද මෙසේ එනම් නීෆායිවරුන්ට ඔවුන් කෙරෙහි බලය ඇති බව ඔවුන් දුටුවෝය; තවද මෙම තත්වයන් යටතේ එනම් ඔවුන් නීෆායිවරුන් සමඟ සටන් කිරීම සුදුසු නොවන බව ඔවුන් සොයා ගත්හ; එසේහෙයින් ඔවුන්ගේ ප්‍රධාන කපිතාන්වරු ඔවුන්ගෙන් යුද්ධායුධ ඉල්ලා සිටි අතර, තවද ඔවුන් ඒවා පෙරට ගෙනවිත්, තවද කරුණාව අයදමින් නීෆායිවරුන්ගේ දෙපාළග දමනු ලැබුවෝය.
24 දැන් බලව, මෙය මොරෝනායිගේ කැමැත්ත විය. ඔහු ඔවුන්ව යුද්ධ සිරකරුවන් ලෙස ගෙන, තවද නගරයේ අයිතිය අල්ලාගෙන, තවද එනම් නීෆායිවරුන් වූ සියලු සිරකරුවන්ව නිදහස් කිරීමට සැලැස්සුවේය; තවද ඔවුන් මොරෝනායිගේ හමුදාවට බැඳුණු අතර, තවද ඔහුගේ හමුදාවට බලවත් ශක්තියක් විය.
25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු විසින් සිරකරුවන් ලෙස ලබාගත්තාවූ ලේමන්වරුන්, එනම් ගිඩ් නගරය වටා ඇති බලකොටු ශක්තිමත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලෙස ඔහු සැලැස්සුවේය.
26 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ගිඩ් නගරය ඔවුගේ කැමැත්තට අනුව ආරක්ෂා කළ පසු, එනම් ඔහුගේ සිරකරුවන් බෞන්ටිෆුල් නගරය වෙතට ගෙන යන ලෙස සැලැස්සුවේය. තවද එසේම ඔහු ඉතා බලවත් හමුදාවක් සමඟ එම නගරය රැකවල් කළේය.
27 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ලේමන්වරුන්ගේ සියලු කුමන්ත්‍රණ එසේතිබියදිත් ඔවුන් විසින් ලබාගත්තාවූ සියලුම සිරකරුවන් රඳවා තවද ආරක්ෂා කළ අතර, තවද එසේම ඔවුන් නැවත ලබාගත්තාවූ සියලු භූමිය සහ වාසි නඩත්තු කළේය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරු නැවතත් ජයග්‍රාහී වීමටත්, තවද ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ වරප්‍රසාද නැවත ලබාගැනීමටත් පටන් ගත්තේය.
29 බොහෝ අවස්ථාවන්හිදී ලේමන්වරුන් රාත්‍රියේදී ඔවුන් වටකර ගැනීමට උත්සාහ කළෝය, එහෙත් එම උත්සාහයන්හිදී ඔවුන්ට බොහෝ සිරකරුවන් අහිමි විය.
30 තවද එනම් ඔවුන් වස සමඟ නැතහොත් බීමත්කම සමඟ ඔවුන්ව විනාශ කරන පිණිස, බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් ඔවුන්ගේ මිදියුෂ නීෆායිවරුන්ට දීමට උත්සාහ කළෝය.
31 එහෙත් බලව, නීෆායිවරුන් ඔවුන්ගේ මෙම පීඩා කාලයේදී ස්වාමීන් වු ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිහිපත් කිරීමට ප්‍රමාද නොවූහ. ඔවුන්ගේ උගුල්වලට හසු කරගැනීමට නොහැකි විය; එසේය, ඔවුන් ප්‍රථමයෙන් ලේමන්වරුන්ගේ සිරකරුවන් කිහිප දෙනෙකුට දිමෙන් මිස, ඔවුන්ගේ මිදීයුෂ ඔවුන් පානය නොකළෝය.
32 තවද එනම් ඔවුන් අතරෙහි වස බෙදා නොයන පිණිස ඔවුන් මෙසේ ප්‍රවේශම් වූහ; මක්නිසාද ඔවුන්ගේ මිදියුෂ ලේමන්වරයෙකුට විෂ වුවහොත් එය එසේම නීෆායිවරයෙකුට ද විෂ වන්නේය; තවද මෙසේ ඔවුන්, ඔවුන්ගේ සියලු මද්‍යසාරය සෝදිසි කළහ.
33 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මොරියැන්ටන් නගරයට පහර දීමට සූදානම් වීම මොරෝනායි හට අවශ්‍යය විය; මක්නිසාද බලව, ලේමන්වරුන් ඔවුන්ගේ වෙහෙසම් මඟින් මොරියැන්ටන් නගරය ඉතා බලවත් බලකොටුවක් වන තෙක් එය ශක්තිමත් කළහ.
34 තවද ඔවුන් එම නගරය තුළට නව හමුදාවන්, තවද එසේම නව කළමනා සැපයුම් ද නිතරම ගෙන ආවෝය.
35 තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකාරයන්ගේ රාජ්‍යය පාලන සමයේ විසි නව වන වසර අවසන් විය.