31 වන පර්ච්ඡේදය
ඇල්මා ඇදහිල්ලෙන් වැටුනු සෝරම්වරුන්ව විනාශයෙන් බේරාගැනීමට ධර්මදූත මෙහෙයක් ප්‍රධානත්වයෙන් පටන් ගන්නේය – සෝරම්වරුන් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ අතර, නියමිත වූ යාච්ඤාවන් සමඟ නමස්කාර කර, තෝරාගැනීම පිළිබඳව අසත්‍ය සංකල්ප විශ්වාස කරති – ධර්මදූතයන් ශුද්ධාත්මයාණන්ගෙන් සම්පූර්ණ වී ඇත – ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙහි ඔවුන්ගේ පීඩාවන් ගිල දමන සේක. ක්‍රි.පූ. 74 පමණ.
1 දැන් එය මෙසේ සිදු විය, එනම් කොරිහෝර්ගේ අවසානයට පසුව, සෝරම්වරුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාමාර්ග මුළා කරන බවට ඇල්මා තොරතුරු ලබා ගත් අතර, තවද ඔවුන්ගේ ප්‍රධානියා වූ, එනම් සෝරම්, ගොළු දේව රූපයන්ට හිස නැමීම සඳහා ජනතාවගේ හදවත් මෙහෙයවූ හෙයින්, ජනතාවගේ අයුතුකම් හේතුවෙන් ඔහුගේ හදවත නැවතත් පිළිකුල උපදවන්නට පටන් ගත්තේය.
2 මක්නිසාද ඔහුගේ ජනතාව අතර අයුතුකම් පිළිබඳව දැනගැනීම එය ඇල්මාට මහත් කණගාටුවට හේතු විය; එසේහෙයින් නීෆායිවරුන්ගෙන් සෝරම්වරුන් වෙන්වීම නිසාවෙන් ඔහුගේ හදවත බොහෝසෙයින් කණගාටුවෙන් විය.
3 දැන් ඇන්ටෝනියම් යැයි ඔවුන් නම් තැබූ දේශයෙහි සෝරම්වරුන් ඔවුන්ව එකට එක්රැස් කළෝය, සරහෙම්ලා දේශයෙහි නැගෙනහිරෙන් තිබූ, එනම් මුහුදු වෙරළ අසබඩ ආසන්නව තිබූ, එනම් ජෙර්ශොන් දේශයෙහි දකුණෙහි තිබූ, එනම් වනාන්තරයේ දකුණෙහි ද අසබඩ, එනම් වනාන්තරය ලේමන්වරුන්ගෙන් පිරී තිබුනේය.
4 දැන් එනම් සෝරම්වරුන් ලේමන්වරුන් සමඟ ගනුදෙනුවකට ඇතුළු වනු ඇතැයි නීෆායිවරුන් මහත් සේ බිය වුනෝය, තවද එනම් ඒ නීෆායිවරුන්ගේ කොටසෙහි මහත් පාඩු වන විධි බැවින්ය.
5 තවද දැන්, වචනය දේශනා කිරීමෙහි යුක්ති සහගත දේ කිරීමට ජනතාව මෙහෙයවීමට මහත් ප්‍රවණතාවයක් තිබූ හෙයින් – එසේය, ඔවුන්ට සිදු වුනා වූ, කඩුවට ද, නොහොත් අන් කිසි දේකට වඩා, එයට ජනතාවගේ මනස් මත වඩාත් බලවත් බලපෑමක් තිබුනේය – එසේහෙයින් දෙවියන්වහන්සේගේ වචනයෙහි අනුභාවය ඔවුන් අත්හදා බැලිය යුතු බව ඇල්මා එය යෝග්‍ය ලෙස සිතුවේය.
6 එසේහෙයින් ඔහු ඇමොන් ද, ඒරන් ද, ඔම්නර් ද රැගෙන ගියේය; තවද ඔහු සරහෙම්ලා දේශයෙහි තිබූ සභාවෙහි හිම්නි තැබුවේය; එහෙත් පෙර කී තිදෙනා ද, තවද එසේම මෙලෙක්හි සිටි, ඇමියුලෙක් සහ සීස්රොම් ද, ඔහු සමඟ රැගෙන ගියේය; තවද ඔහු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙකු ද එසේම ගෙන ගියේය.
7 දැන් ඔහු ඔහුගේ වැඩිමහල් පුත්‍රයාව රැගෙන නොගියේය; තවද ඔහුගේ නාමය හීලමන් වන්නේය; එහෙත් ඔහු ඔහු සමඟ රැගෙන ගිය අයගේ නම් වන්නේ ශිබ්ලොන් සහ කොරියැන්ටන් ය; තවද සෝරම්වරුන් හට වචනය දේශනා කිරීමට, ඔහු සමඟ ගිය අයගේ නාමයන් ය.
8 දැන් සෝරම්වරුන් නීෆායිවරුන්ගෙන් විපක්ෂ තැනැත්තන් වූවෝය; එසේහෙයින් දෙවියන්වහන්සේ වචනය ඔවුන් හට දේශනා කොට තිබුණේය.
9 එහෙත් ඔවුන් මහත් වැරදිවලට වැටී තිබුනෝය, මක්නිසාද මෝසේගේ නීතියට අනුව, ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් සහ ව්‍යවස්ථාවන් පිළිපැදීමට උත්සාහ නොගත් හෙයිනි.
10 එනම් ඔවුන් පරීක්ෂාවට ඇතුළු නොවන බැවින්, ඔවුන් සභාවේ ඉටු කිරීම් පිළිපැදීමට ද, දිනපතා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමට සහ කන්නලව් කිරීමට උත්සාහ නොකළෝය.
11 එසේය, සාරාංශයෙන්, බොහෝ අවස්ථාවන්හි ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාමාර්ග මුළා කළෝය; එසේහෙයින්, මෙම හේතුව නිසාවෙන්, ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් ඔවුන් හට වචනය දේශනා කිරීම පිණිස දේශය තුළට ගියෝය.
12 දැන්, බලව, ඔවුන් දේශය තුළට පැමිණි විට, ඔවුන්ගේ මවිතයට සෝරම්වරුන් සිනගෝග සදා ඇති බව ඔවුන් දැනගත්තෝය, තවද ස්වාමීන්වහන්සේගේ දවස යැයි කියන දිනයේදී, ඔවුන් සතියෙහි එක් දවසක දී එක් රැස් වන්නෝය; තවද ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් කිසිදිනෙක නොදුටු අයුරින් ඔවුන් නමස්කාර කළෝය.
13 මක්නිසාද ඔවුන් සිටගැනීමට ස්ථානයක්, ඔවුන්ගේ සිනගෝගය මධ්‍යයෙහි ස්ථානයක්, එනම් හිසට ඉහළින් සාදා ඇත්තෝය; තවද එයින් මුදුනට ඇතුල් කරන්නේ එක් අයෙකු පමණි.
14 එසේහෙයින්, නමස්කාර කිරීමට ආශා කළ කවුරුනමුත් ඉදිරියට ගොස් එයින් මුදුනෙහි සිටගෙන, තවද ස්වර්ගය දෙසට ඔහුගේ දෑත් දිගු කොට, තවද මහ හඬින් මොරගසිමින්, මෙසේ පැවසිය යුතුය:
15 ශුද්ධ වූ, ශුද්ධ වූ දෙවියන්වහන්ස; ඔබවහන්සේ දෙවියන්වහන්සේ වන බව අප විශ්වාස කරමු, තවද ඔබවහන්සේ ශුද්ධ බැවින්, ඔබවහන්සේ ආත්මයක් වූ බව ද, ඔබවහන්සේ ආත්මයක් වන බව ද, තවද ඔබවහන්සේ සදාකාලයටම ආත්මයක් වන බවට අප විශ්වාස කරමු.
16 ශුද්ධ වූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ අපව අපගේ සහෝදරයන්ගෙන් වෙන් කර ඇති බව අප විශ්වාස කරමු; තවද ඔවුන්ගේ පියවරුන්ගේ බොළඳභාවයෙන් ඔවුන්ට උරුම කරවූ, අපගේ සහෝදරයන්ගේ සම්ප්‍රදායයන් අප විශ්වාස නොකරන්නෙමු; එහෙත් ඔබවහන්සේ අපව ඔබවහන්සේගේ ශුද්ධ වූ දරුවන් වීමට අප තෝරාගත් බව අප විශ්වාස කරන්නමු; තවද එනම් ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකුන් නොවන්නා වූ බව ද ඔබවහන්සේ අපට දන්වා දුන් සේක.
17 එහෙත් ඔබවහන්සේ ඊයේත්, අදත්, සදාකාලයටම එසේම වන සේක; තවද අප වටා සිටිනවුන් නිරය දක්වා පහතට ඔබවහන්සේගේ උදහසින් බැහැර කරන අතර, අප ගලවනු ලබන පිණිස ඔබවහන්සේ අපව තෝරාගත් සේක; මක්නිසාද ශුද්ධභාවය නිසාවෙන්, අහෝ දෙවියන්වහන්ස, අප ඔබවහන්සේට තුති පුදමු; තවද එනම් ඔබවහන්සේ අපව තෝරාගත් හෙයින් අප ඔබවහන්සේට තුති පුදමු, එනම් අපගේ දෙවියන්වහන්සේ, වන ඔබවහන්සේගෙන් දුරස්ව ඔවුන්ගේ හදවත් මංමුළා වීමට දක්වන, එනම් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් දක්වා ඔවුන්ව බඳින්නාවූ, එනම් අපගේ සහෝදරයන්ගේ අනුවණ සම්ප්‍රදායයන්ගේ පසුපස අප නොමඟ යන පිණිසය.
18 තවද නැවතත් අප ඔබවහන්සේට තුති පුදමු, අහෝ දෙවියන්වහන්ස, එනම් අප තෝරාගත් සහ ශුද්ධ වූ ජනතාවක් හෙයින්ය. ආමෙන්.
19 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් සහ ඔහුගේ පුත්‍රයන් මේ යාච්ඤා ඇසූ පසු, ඔවුන් සියලු නියමයෙන් ඔබ්බට පුදුම විය.
20 මක්නිසාද බලව, සෑම මනුෂ්‍යයෙකුම ඉදිරියට ගොස් තවද මේ යාච්ඤාවන් එසේම පිදුවේය.
21 දැන් ඔවුන් එම ස්ථානයට රෙමියුම්ටොම් යැයි නම් කළෝය, එනම්, එය අර්ථකථනය කිරීමෙන්, ශුද්ධ වූ පිහිටීම වන්නේය.
22 දැන්, මෙම පිහිටීමෙන් ඔවුන්, සෑම මනුෂ්‍යයෙකුම, එම යාච්ඤාව දෙවියන්වහන්සේ වෙත පිදුවෝය, උන්වහන්සේගෙන් තේරූ බවට ඔවුන්ගේ දෙවියන්වහන්සේට ස්තූති කරමින්, තවද එනම් උන්වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ සහෝදරයන්ගේ සම්ප්‍රදායයන් පසුපස මඟ පෙන්වූ නැති හෙයින්, තවද එනම් ඔවුන් කිසිඳු දෙයක් නොදැන සිටි බැවින්, පැමිණෙන්නට තිබෙන්නා වූ දේවල් විශ්වාස කිරීමට, ඔවුන්ගේ හදවත් සොරකම් වූයේ නැත.
23 දැන්, මේ ආකාරයෙන් සියලු ජනතාව තුති පිදීමෙන් පසුව, ඔවුන්ගේ නිවෙස් කරා නැවතත් ගිය අතර, ඔවුන්ගේ ආකාරයෙන් තුති පිදීමට, නැවතත් ශුද්ධ වූ පිහිටීමෙහි ඔවුන් ඔවුන්ව එකට රැස් වනතුරු කිසිදිනෙක ඔවුන්ගේ දෙවියන්වහන්සේ පිළිබඳව කථා නොකළෝය.
24 දැන් ඇල්මා මෙය දුටු විට ඔහුගේ හදවත ශෝක වූයේය; මක්නිසාද එනම් ඔවුන් දුෂ්ට සහ හිතුවක්කාර ජනතාවක් වන බව ඔහු දුටුවේය; එසේය, ඔවුන්ගේ සිත් රන් මත, රිදී මත, සහ සියලු ආකාරයේ ශෝභන භාණ්ඩ මත, පිහිටා ඇති බව දුටුවේය.
25 එසේය, තවද ඔවුන්ගේ මානයෙහි, මහත් ආත්මවර්ණනාව වෙත ඔවුන්ගේ සිත් ඔසවනු ලැබූ බව ද ඔහු දුටුවේය.
26 තවද ඔහු ස්වර්ගය දෙස ඔහුගේ හඬ ඔසවා, මොරගසමින්, මෙසේ කීවේය, අහෝ, තව කෙතරම් කාලයක්, අහෝ දෙවියන්වහන්සේ, මනුෂ්‍ය දරුවන්ගේ මෙවැනි දුෂ්ටකම් දැකීමට, ඔබවහන්සේගේ මෙහෙකරුවන් මේ මාංශයෙහි වෙසෙන බවට ඔබවහන්සේ විඳින සේක්ද?
27 බලව, අහෝ දෙවියන්වහන්ස, ඔවුන් ඔබවහන්සේ හට මොරගසා හඬති, තවද එහෙත් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ උඩඟුකමෙහි ගිලී ඇත. බලව, අහෝ දෙවියන්වහන්ස, ඔවුන් ඔවුන්ගේ මුඛයන්වලින් ඔබවහන්සේ හට මොරගසන්නේ, ශ්‍රේෂ්ඨභාවය කරා ඔවුන් උඩඟු වී ඇති අතර, ලෝකයෙහි නිෂ්එල දේවල් සමඟය.
28 බලව, අහෝ මාගේ දෙවියන්වහන්ස, ඔවුන්ගේ බොහෝ අගනා වස්ත්‍ර, සහ ඔවුන්ගේ කුඩා මුදු, සහ ඔවුන්ගේ වළලු, සහ ඔවුන්ගේ රත්‍රන් ආභරණ ද, තවද ඔවුන්ව සරසන ලද ඔවුන්ගේ සියලු අගනා දේවල්ද; තවද බලව, ඒවා මත ඔවුන්ගේ හදවත් තබා ඇත, තවද එසේ වුවත් ඔවුන් ඔබවහන්සේ හට මොරගසා මෙසේ පවසති – අහෝ දෙවියන්වහන්ස, අප ඔබට තුති පුදමු, මක්නිසාද අන් අය නැසෙන විට දී, අප ඔබවහන්සේ වෙත තෝරාගත් ජනතාවකි.
29 එසේය, තවද එනම් ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකුන් නොසිටින්නාවූ බවට එනම් ඔබවහන්සේ ඔවුන්ට හඳුන්වා දුන් බව ඔවුන් කියන්නෝය.
30 අහෝ දෙවි වූ ස්වාමීන්වහන්ස, මෙම ජනතාව අතර ඇති දුෂ්ඨභාවය සහ ද්‍රෝහීකම ඔබවහන්සේ කෙතරම් විඳින්නෙහි ද? අහෝ දෙවියන්වහන්ස, එනම් මම මාගේ දුර්වලතාවයන් දරගන්නා බැවින්, ඔබවහන්සේ මට ශක්තිය දෙන්නෙහි ද. මක්නිසාද මම දුර්වලය, තවද මෙම ජනතාව අතර එවැනි දුෂ්ඨභාවය මාගේ ප්‍රාණය වේදනා විඳින්නෙහිය.
31 අහෝ දෙවියන්වහන්ස, මාගේ හදවත බොහෝසෙයින් ශෝකජනක වන්නේය; ඔබවහන්සේ ස්වාමීන්වහන්සේ කෙරෙහි මාගේ ප්‍රාණය සනසන්නේද. අහෝ දෙවියන්වහන්ස, මම ශක්තිය ලබාගන්නා පිණිස ඔබවහන්සේ මා හට පිරිනමන්නේද, එනම් මා මත පැමිණෙන්නාවූ මෙම පීඩාවන් ඉවසීමෙන් විඳිනා බවට, මෙම ජනතාවගේ අපරාධ හේතුකොටගෙනය.
32 අහෝ දෙවියන්වහන්ස, තවද මා සමඟ සිටින මාගේ සහකාර සේවකයන්ටද, මා හට සමෘද්ධිය ලබා දී, ඔබවහන්සේ මාගේ ප්‍රාණයට සනසන්නේද – එසේය, ඇමන්, සහ ආරොන්, සහ ඔම්නර්, සහ ඇමියුලෙක් සහ සීස්රොම් ද, තවද මාගේ පුත්‍රයන් දෙදෙනා ද – එසේය, අහෝ දෙවියන්වහන්ස, මේ සියලු දෙනා ඔබවහන්සේ සනසන්නෙහිද. එසේය, ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ප්‍රාණයන් ඔබවහන්සේ සනසන්නෙහිද.
33 ඔවුන්ට ශක්තිය ඇති පිණිස ඔබවහන්සේ ඔවුන් හට පිරිනමන්නේ ද, එනම් මෙම ජනතාවගේ අයුතුකම් කරණකොටගෙන ඔවුන් මත පැමිණෙන්නාවූ ඔවුන්ගේ පීඩාවන් ඔවුන් දරාගන්නා පිණිසය.
34 අහෝ දෙවියන්වහන්ස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබවහන්සේ වෙතට ඔවුන්ව නැවතත් ගෙන ඒමට එනම් අපට සාර්ථකත්වය තිබෙන හෙයින් ඔබවහන්සේ අපට පිරිනමන්නෙහි ද.
35 බලව, අහෝ දෙවියන්වහන්ස, ඔවුන්ගේ ප්‍රාණයන් අගනා ය, තවද ඔවුන් බොහෝමයක් අපගේ සහෝදරයන් ය; එසේහෙයින්, අහෝ දෙවියන්වහන්ස, අපගේ සහෝදරයන්, නැවතත් ඔබ වෙතට, ගෙන ඒමට එනම් අපට බලය සහ ප්‍රඥාව, දුන මැනව.
36 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මෙම වචන පැවසූ පසු, එනම් ඔහු සමඟ සිටි සියලු දෙනා මත ඔහු ඔහුගේ දෑත් ගෙන එකිනෙකට යෙදවීය. තවද බලව, ඔවුන් මත ඔහුගේ දෑත් යෙදවූ විට, ශුද්ධාත්මයාණන්ගෙන් ඔවුන් පිරී සිටියේය.
37 තවද එයින් පසුව එකිනෙකාගෙන් ඔවුන් ඔවුන්ව වෙන් කරන ලද්දේ, ඔවුන් ඔවුන්ට අනුභව කළ යුත්තේ කුමක්දැයි, නොහොත් ඔවුන් පානය කළ යුත්තේ කුමක්දැයි, නොහොත් ඔවුන් පැළඳිය යුත්තේ කුමක්දැයි, කිසිඳු සිතුවිල්ලක් නොගෙනය.
38 තවද එනම් ඔවුන් කුසගින්නේ නොසිටිය යුතු බවත්, දෙකින් එකක්වත් නොවන ඔවුන් පිපාසිත නොවන්නාවූ බවට ද ස්වාමීන්වහන්සේ ඔවුන්ට සැපයූ සේක; තවද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ප්‍රීතියෙහි ගිලිහෙන්නාවූ මිස, එනම් ඔවුන් කිසි ආකාරයක පීඩාවන් නොවිඳිය බැවින් ද, උන්වහන්සේ ඔවුන්ට ශක්තිය දුන් සේක. තවද මෙය ඔහු ඇදහිල්ලෙන් යාච්ඤා කළ බැවින්, දැන් ඇල්මාගේ යාච්ඤාවට අනුව විය.