ශුද්ධලියවිලි
ඇල්මා 34


34 වන පරිච්ඡේදය

ගැලවීම උදෙසා වචනය ක්‍රිස්තුස්වහන්සේ තුළ බව ඇමියුලෙක් සාක්ෂි දරයි – වන්දිගෙවීමක් සිදු කළහොත් මිස, සියලු මනුෂ්‍ය වර්ගයා මිය යා යුතුය – සම්පූර්ණ මෝසෙස්ගේ නීතිය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පූජාව දෙසට යොමු කරයි – සදාකාලික මිදීමේ සැලැස්ම ඇදහිල්ල හා පසුතැවීම මත පදනම් වේ – ලෞකික සහ ආත්මික ආශිර්වාද සඳහා යාච්ඤා කරන්න – මෙම ජීවිතය දෙවියන්වහන්සේ හමුවීම සඳහා මනුෂ්‍යයන් හට සූදානම් වීමට කාලයයි – දෙවියන්වහන්සේ ඉදිරියේ බියෙන් නුඹගේ ගැලවීම සඳහා ක්‍රියා කරව. ක්‍රි.පූ. 74 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇල්මා මේ වචන ඔවුන් හට පැවසූ පසු ඔහු බිම හිඳගත්තේය, තවද ඇමියුලෙක් නැගිට මෙසේ පවසමින්, ඔවුන්ට ඉගැන්වීමට පටන් ගත්තේය:

2 මාගේ සහෝදරයෙනි, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන බවට අප විසින් උගන්වනු ලබන, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන කතා කළ නුඹලා නොදැනුවත් වීම විය නොහැකි යැයි මම සිතමි; එසේය, අප හා නුඹ අතර මතභේද ඇතිවීමට පෙර මේ දේවල් නුඹලාට බෙහෙවින් උගන්වා ඇති බව මම දනිමි.

3 තවද නුඹලාගේ පීඩාවන් නිසා, නුඹලා මාගේ දයාබර සහෝදරයාගෙන් ඔහු නුඹලා කළ යුතු දේ නුඹලාට දන්වන ලෙස නුඹලා අපේක්ෂා කළ පරිදි; තවද නුඹලාගේ මනස පිළියෙල කරන පිණිස, ඔහු යම් දෙයක් නුඹලාට කියා ඇත; එසේය, තවද ඔහු නුඹලාව ඇදහිල්ල සහ ඉවසීම කරා දිරිමත් කළේය –

4 එසේය, නුඹලාගේ හදවත් තුළ වචනය රෝපණය කිරීමට පවා නුඹලාට එතරම් ඇදහිල්ල තිබෙන ලෙස පවා, එනම් නුඹලා එහි යහපත්කම අත්හදා බැලීමට උත්සාහ කරනු පිණිසය.

5 තවද නුඹලාගේ මනස් තුළ තිබෙන්නාවූ මහත් ප්‍රශ්නය නම් වචනය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගෙන් ද, නැතහොත් ක්‍රිස්තුස්වහන්සේ නොසිටිනු ඇත්දැයි බව අපි දුටුවෙමු.

6 තවද මාගේ සහෝදරයා නුඹලාට ඔප්පු කර ඇත, බොහෝ අවස්ථාවල දී, එනම් ගැලවීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ තුළ වචනය ඇති බව නුඹලා දැක ඇත.

7 මාගේ සහෝදරයා සීනොස්ගේ වචන උපුටා ඇත, එනම් මිදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළින් පැමිණෙයි, තවද එසේම සීනොක්ගේ වචන මත ද වන්නේය; තවද එසේම ඔහු මෝසෙසට ආයාචනා කර ඇත, මේ දේවල් සත්‍ය බව ඔප්පු කරනු පිණිසය.

8 තවද දැන්, බලව, මම නුඹලාට මා විසින්ම මේ දේවල් සත්‍ය බවට සාක්ෂි දරන්නෙමි. බලව, උන්වහන්සේගේ ජනතාවගේ වැරදි උන්වහන්සේ මත ගැනීමටත්, තවද උන්වහන්සේ ලෝකයේ පාපයන් උදෙසා වන්දි ගෙවනු පිණිසත්, ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරට පැමිණෙන බවත් මම දන්නා බව, මම නුඹලාට කියමි; මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ එය වදාළ සේක.

9 මක්නිසාද වන්දිගෙවීමක් කළ යුතු බව යෝග්‍ය වන්නේය; මක්නිසාද සදාතනික දෙවියන්වහන්සේගේ මහත් සැලැස්මට අනුව වන්දිගෙවීමක් කළ යුතුය, එසේ නොමැති නම් සියලු මනුෂ්‍ය වර්ගයා නොවැළැක්විය යුතු ලෙස විනාශ වන්නේය; එසේය, සියල්ලන් දැඩි වී ඇත; එසේය, සියල්ලන් වැටී සහ මංමුළා වී ඇත්තේය, තවද එය කළ යුතු බවට යෝග්‍ය වන්දිගෙවීමක් තුළින් මිස විනාශ විය යුතු වන්නේය.

10 මක්නිසාද මහත් වූ තවද අවසාන වූ පූජාවක් තිබිය යුතු බව යෝග්‍ය වන්නේය; එසේය, මනුෂ්‍යාගේ පූජාවක් නොවන්නේය, මෘගයාගේ ද නොවන්නේය, කිසිඳු වර්ගයක පක්ෂියකුගේ ද නොවන්නේය; මක්නිසාද එය මනුෂ්‍ය පූජාවක් නොවන්නේය; නමුත් එය අනන්ත වූ තවද සදාකාලික පූජාවක් විය යුත්තේය.

11 දැන් වෙනත් අයෙකුගේ පව්වලට වන්දිගෙවන ලෙස තමාගේ රුධිරය පූජා කළ හැකි කිසිඳු මනුෂ්‍යයෙකු නැත. දැන්, මනුෂ්‍යයෙකු මිනීමැරුමක් කළහොත්, බලව යුක්ති සහගත, අපගේ නීතිය, ඔහුගේ සහෝදරයාගේ ජීවිතය උදුරා ගනීවි ද? මම නුඹලාට කියමි, නැත.

12 එහෙත් නීතියට මරණය සිදු කළ තැනැත්තාගේ ජීවිතය අවශ්‍ය වන්නේය; එසේහෙයින් ලෝකයේ පාපයන් සඳහා ප්‍රමාණවත් වන අනන්ත වූ වන්දිගෙවීමකට වඩා අඩු කිසිවක් තිබිය නොහැකි වන්නේය.

13 එසේහෙයින්, මහත් වූ තවද අවසාන පූජාවක් තිබීම යෝග්‍ය වන්නේය, තවද එවිට එය තිබිය යුතුය, රුධිරය වැගිරීමට නැවැත්වීමක් තිබිය යුතුය, නැතහොත් එය යෝග්‍ය වන්නේය; එවිට මෝසෙස්ගේ නීතිය ඉටු වනු ඇත; එසේය, ඒ සියල්ල ඉටු වනු ඇත, සෑම බින්දුවක්ම සහ අකුරක්ම, තවද කිසිවක් පහව නොයන්නේය.

14 තවද බලව, නීතියේ සම්පූර්ණ අර්ථය මෙයයි, එනම් එම මහත් හා අවසාන පූජාව වෙත යොමු වන ඉතා කුඩා සියලු කොටසක්ම වන්නේය; තවද එම මහත් හා අවසාන පූජාව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන්නේය: එසේය, අනන්ත හා සදාකාලික ය.

15 තවද මෙසේ උන්වහන්සේගේ නාමය මත විශ්වාසය තබන සියල්ලන්ට උන්වහන්සේ ගැලවීම ගෙනෙන සේක; මෙය අවසන් පූජාවේ අරමුණ ය, යුක්තිය අභිබවා යන, දයාවේ අභ්‍යන්තරය ගෙන ඒම, තවද එනම් පසුතැවිලි වීමට ඇදහිල්ල ඇති වන පිණිස මනුෂ්‍යයන් වෙතට මාර්ග ගෙන ඒමටයි.

16 තවද මෙලෙස දයාවට යුක්තියේ ඉල්ලීම් තෘප්තිමත් කළ හැකිය, තවද ඔවුන්ව ආරක්ෂාවේ අත්වලින් වට කර ඇති අතර, එනම් පසුතැවිලි වීමට කිසිඳු ඇදහිල්ලක් නොතබන තැනැත්තා යුක්තියේ ඉල්ලීම්වල මුළු නීතියට නිරාවරණය වේ; එසේහෙයින් පසුතැවීම කෙරෙහි එනම් ඇදහිල්ල ඇති තැනැත්තාට පමණක් උතුම් සදාකාලික මිදීමේ සැලැස්ම ගෙන එනු ලබන්නේය.

17 එසේහෙයින් මාගේ සහෝදරයෙනි, එනම් නුඹලා නුඹලාගේ ඇදහිල්ල පසුතැවීම කෙරෙහි ක්‍රියා කිරීමට පටන් ගන්නා පිණිස, එනම් නුඹලා උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය අමතන්න පටන් ගන්නා පිණිස, එනම් උන්වහන්සේ නුඹලාට අනුකම්පා කරනු පිණිස, දෙවියන්වහන්සේ නුඹලාට අවසර දෙන සේක්වා;

18 එසේය, දයාව උදෙසා උන්වහන්සේ හට මොරගසන්න; මක්නිසාද උන්වහන්සේ ගැලවීමට බලවත් වන සේක.

19 එසේය, තමන්ව නිහතමානී කරගන්න, තවද උන්වහන්සේ හට නොකඩවා යාච්ඤා කරන්න.

20 නුඹලා නුඹලාගේ කෙත්වල සිටින විට, එසේය, නුඹලාගේ සියලු රැලවල් උදෙසා උන්වහන්සේ හට මොරගසන්න.

21 නුඹලාගේ සියලු නිවැසියන් උදෙසා නුඹලා නිවෙස්වල සිට, එසේය, උදය, දහවල්, සහ සවස යන දෙකෙහිම, උන්වහන්සේ හට මොරගසන්න.

22 එසේය, නුඹලාගේ සතුරන්ගේ බලයට විරුද්ධව උන්වහන්සේ හට මොරගසන්න.

23 එසේය, සියලු ධර්මිෂ්ඨකම්වලට සතුරෙකු වන, යක්ෂයාට විරුද්ධව උන්වහන්සේ හට මොරගසන්න.

24 නුඹලාගේ කෙත්වතුවල භෝග ඒවායෙහි සමෘද්ධිමත් වන පිණිස, උන්වහන්සේ හට මොරගසන්න.

25 ඔවුන් වැඩි වන පිණිස, නුඹලාගේ කෙත්වතුවල රැලවල් කෙරෙහි මොරගසන්න.

26 එහෙත් මෙපමණක් නොව; නුඹලා නුඹලාගේ කුටීරවල, තවද නුඹලාගේ රහස් ස්ථානවල ද, තවද නුඹලාගේ වනාන්තරවල නුඹලාගේ ආත්ම පිටතට වැගිරවිය යුතුය.

27 එසේය, තවද නුඹලා ස්වාමීන්වහන්සේ හට මොර ගසන්නේ නැති විට, නුඹලාගේ හදවත් පිරෙන්නට ඉඩ දෙන්න, නුඹගේ ශුභසිද්ධිය සඳහා, තවද එසේම නුඹලා අවට පිරිසගේ ශුභසිද්ධිය සඳහා, උන්වහන්සේ හට නිරන්තරයෙන් නොකඩවා යාච්ඤා කරන්න.

28 තවද දැන් බලව, මාගේ දයාබර සහෝදරයෙනි, මම නුඹලා හට කියමි, එනම් මෙපමණක් බව නොසිතන්න; මක්නිසාද නුඹලා මේ සියල්ල කළ පසු, නුඹලා අවශ්‍යතාවයන් ඇති අයවලුන් ද, තවද වස්ත්‍ර නැති අයවලුන් ද හරවා යවන්නේ නම්, රෝගාතුර සහ පීඩාවට පත් අයවලුන් ද බැහැ නොදකින්නේ නම්, තවද නුඹලාට තිබේ නම්, නුඹගේ ධනයෙන් කොටසක්, අවශ්‍යව සිටිනා අයට, නුඹගේ ධනයෙන් බෙදා දෙන්න – මම නුඹලාට කියමි, නුඹලා මේ කිසිවක් නොකරන්නේ නම්, බලව, නුඹලාගේ යාච්ඤාව නිෂ්ඵල වේ, තවද නුඹලාට ප්‍රයෝජනයක් නොවේ, තවද නුඹලා ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන කෛරාටිකයන් මෙන් වන්නෙහිය.

29 එසේහෙයින්, නුඹ දයානුකම්පිත වන්නට සිහි තබා නොගන්නේ නම්, නුඹලා පිරිපහදුකරුවන් විසින් ඉවත දමන ලද, රොඩු මෙන් වන්නේය, (එහි වටිනාකමක් නොමැත) තවද මනුෂ්‍යයන්ගේ පාදවලට යට වී පෑගී යනු ඇත.

30 තවද දැන්, මාගේ සහෝදරයෙනි, ශුද්ධ ලියවිලි මේ දේවල් ගැන සාක්ෂි දරන බව දැක, නුඹලා බොහෝ සාක්ෂි ලැබීමෙන් පසු, නුඹලා ඉදිරියට පැමිණ පසුතැවීම කෙරෙහි ඵල ගෙන එනවාට මම කැමැත්තෙමි.

31 එසේය, එනම් නුඹලා ඉදිරියට පැමිණ තවදුරටත් නුඹලාගේ හදවත් දැඩි නොකරන්නේ නම් මම කැමැත්තෙමි; මක්නිසාද බලව, නුඹලාගේ ගැලවීමේ කාලයත් හා දවසත් දැන්ය; තවද එසේහෙයින්, නුඹලා පසුතැවිලි වී නුඹලාගේ හදවත් දැඩි නොකරන්නේ නම්, සැණෙකින් උතුම් මිදීමේ සැලැස්ම නුඹලා වෙත ගෙන එන ලද්දේය.

32 මක්නිසාද බලව, මෙම ජීවිතය මනුෂ්‍යයින්ට දෙවියන්වහන්සේ හමුවීමට සූදානම් වීමට ඇති කාලයයි; එසේය, බලව, මේ ජීවිතයේ දවස මනුෂ්‍යයින්ට ඔවුන්ගේ වෙහෙසවීම් ඉටු කරන්නාවූ දිනයයි.

33 තවද දැන්, මම නුඹලාට පෙර කී පරිදි, නුඹලාට බොහෝ සාක්ෂි සිටි බැවින්, එසේහෙයින්, අවසානය දක්වා නුඹලා නුඹලාගේ පසුතැවීමේ දවස අතපසු නොකරන බව මම නුඹලාගෙන් ඉල්ලමි; මක්නිසාද සදාකාලයට සූදානම් වීමට අපට ලබා දී ඇති ජීවිතයේ මේ දවසෙන් පසු, බලව, අපි මේ ජීවිතයේ සිටිය දී අපගේ කාලය වැඩි දියුණු නොකරන්නේ නම්, එවිට වෙහෙස වී ක්‍රියා කළ නොහැකි අන්ධකාරයේ රාත්‍රිය පැමිණෙනු ඇත.

34 නුඹලා ඒ බිහිසුණු අර්බුදයට ගෙන ආ විට, එනම් මම පසුතැවිලි වන්නෙමි, එනම් මාගේ දෙවියන්වහන්සේ වෙතට ආපසු යන්නෙමි නුඹලාට කිව නොහැක. නැත, නුඹලාට මෙය කිව නොහැක; මක්නිසාද නුඹලා මේ ජීවිතයෙන් නික්ම යන අවස්ථාවේ දී නුඹලාගේ ශරීරවලට හිමිකම් කියන ඒ ආත්මයම, එනම් එම සදාකාලික ලෝකයෙහි නුඹලාගේ ශරීරය අයිතිකර ගැනීමට ඒ ආත්මයටම බලය ලැබෙනු ඇත්තේය.

35 මක්නිසාද බලව, නුඹලා නුඹලාගේ පසුතැවීමේ දිනය නුඹලාගේ මරණය පවා වන තුරු කල් දමා ඇත්නම්, බලව, නුඹලා යක්ෂයාගේ ආත්මයට යටත් වී, තවද ඔහු නුඹලාව ඔහුගේ යැයි මුද්‍රා තබන්නේය; එසේහෙයින්, ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹලාගෙන් ඉවත් වී ඇත, තවද නුඹලා තුළ එයට කිසිඳු ස්ථානයක් නැත, තවද යක්ෂයාට නුඹ කෙරෙහි සියලු බලය ඇත්තේය; තවද මෙය දුෂ්ටයන්ගේ අවසාන තත්වයයි.

36 තවද මෙය මම දනිමි, මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්වහන්සේ අශුද්ධ දේවමාළිගාවල වාසය නොකරන බව කියූ සේක, එහෙත් ධර්මිෂ්ඨයන්ගේ හදවත් තුළ උන්වහන්සේ වාසය කරන සේක; එසේය, තවද ධර්මිෂ්ඨයන් තවදුරටත් පිටත නොයන ලෙස, උන්වහන්සේගේ රාජ්‍යයේ හිඳගන්නා බව ද උන්වහන්සේ වදාළ සේක; එහෙත් ඔවුන්ගේ වස්ත්‍ර බැටළු පැටවාණන්ගේ රුධිරය තුළින් සුදු කළ යුතු වන්නේය.

37 තවද දැන්, මාගේ දයාබර සහෝදරයෙනි, මෙම දේවල් නුඹලා මතක තබා ගත යුතු බවත්, තවද එනම් නුඹලා දෙවියන්වහන්සේ අබියස බියෙන් නුඹගේ ගැලවීම සඳහා ක්‍රියා කරන ලෙසත්, තවද නුඹලා තවදුරටත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ප්‍රතික්ෂේප නොකරන බවටත් මම කැමැත්තෙමි.

38 එනම් නුඹලා ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව මතභේද නොකරන පිණිසත්, එහෙත් නුඹලා එය පිළිගන්නා ලෙස, තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා මතට ගැනීමටත්; නුඹලා දූවිල්ලට පවා තමන්වම නිහතමානී කරගන්නා ලෙසත්, තවද ආත්මයෙන් ද සත්‍යයෙන් ද, නුඹලා කුමන ස්ථානයක සිටියත්, දෙවියන්වහන්සේ හට නමස්කාර කරන ලෙසත්ය; තවද නුඹලා දිනපතා ස්තූති පිදීමෙන් ජීවත් වන බවත්ය, මක්නිසාද උන්වහන්සේ නුඹලා මතට ලබා දෙන දයාවන් සහ ආශිර්වාද බොහෝමය.

39 එසේය, තවද එසේම මාගේ සහෝදරයෙනි, එනම් යක්ෂයාගේ පරීක්ෂාවන් විසින් ඉවත රැගෙන නොවන පිණිසත්, එනම් ඔහු නුඹලාව අභිබවා නොයන පිණිසත්, එනම් නුඹලා අවසාන දවසේ දී ඔහුගේ යටත් වැසියන් බවට පත් නොවන පිණිසත්, නුඹලා නිරතුරුවම යාච්ඤාවට විමසිලිමත් වන ලෙසට මම නුඹලාව දිරිමත් කරමි; මක්නිසාද බලව, ඔහු නුඹලාට කිසිඳු යහපත් දෙයකට විපාක නොදෙන්නේය.

40 තවද දැන් මාගේ දයාබර සහෝදරයෙනි, ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, සියලු ආකාර දුක් පීඩා දරා ගන්නා ලෙසත් මම නුඹලාට අනුශාසනා කරමි; තවද නුඹලාගේ ඉතා දුප්පත්කම හේතුවෙන් නුඹලාව පිටතට දැමූ අයට එරෙහිව නුඹලා නින්දා නොකරන ලෙසටත්ය, නැතහොත් නුඹලා ද ඔවුන් මෙන් පවුකාරයෝ වනු ඇත්තෝය;

41 එහෙත් එනම් නුඹලාට ඉවසීම තිබෙන පිණිස, තවද ඒ පීඩාවන් දරන ලෙසත්, ස්ථිර බලාපොරොත්තුව ඇතිව නුඹලාගේ සියලු දුක්පීඩාවලින් නුඹලා යම් දිනක සැනසෙනු ඇතැයිද වන්නේය.