46 වන පරිච්ඡේදය
ඇමලකායා රජ වීමට කුමන්ත්‍රණය කරයි – මොරෝනායි නිදහසේ ධජය ඔසවනු ලබයි – ඔහු ඔවුන්ගේ ආගම ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව පෙළගස්වයි – සැබෑ ඇදහිලිවන්තයන් ක්‍රිස්තියානින් ලෙස හඳුන්වයි – යෝසෙප්ගේ ඉතිරිවූවන් ආරක්ෂා කරනු ලබයි – ඇමලකායා සහ විරුද්ධවාදීන් නීෆායිගේ දේශයට පලා යති – නිදහසේ අභිප්‍රායට උපකාර නොකරන අය මරණයට පත් කරනු ලබයි. ක්‍රි.පූ. 73–72 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් හීලමන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ වචනවලට ඇහුම්කන් නොදුන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව එක්රැස් වූවෝය.
2 තවද දැන් බලව, ඔවුන් අතිශයින් උදහසට පත් වී, එපමණින් එනම් ඔවුන් ඔවුන්ව මරා දැමීමට අධිෂ්ඨාන කළෝය.
3 දැන් ඔහුගේ සහෝදරයන්ට විරුද්ධව උදහස් වූ අයගේ නායකයා විශාල සහ ශක්තිමත් මනුෂ්‍යයෙකු විය; ඔහුගේ නම ඇමලකායා ය.
4 තවද ඇමලකායා රජෙකු වීමට ආශා විය; තවද එසේම එම උදහස් වූ ජනතාව ද එනම් ඔහු ඔවුන්ගේ රජ වීම ආශා වූවෝය; තවද ඔවුන් ඔවුන්ගෙන් වැඩි කොටසක් දේශයේ පහළ විනිශ්චයකරුවන් වූ අතර, තවද ඔවුන් බලය සොයමින් සිටියෝය.
5 තවද එනම් ඔවුන් ඔහුට සහාය දී ඔහුව ඔවුන්ගේ රජු ලෙස තහවුරු කළෝයොත්, ඔහු ඔවුන්ව ජනතාව මත පාලකයන් බවට පත් කරනු ලබන්නේ යැයි කියා, ඔවුන්ව ඇමලකායාගේ චාටු බස් මගින් මෙහෙයවනු ලැබුවේය.
6 මෙසේ, හීලමන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ දේශනා නොතකා, ඇමලකායා විසින් ඔවුන් මතභේද වීමට මගපෙන්වනු ලැබීය, එසේය, මක්නිසාද ඔවුන් සභාව මත උත්තම පූජකයන් වූවෝය, එසේ සිටියදීත් ඔවුන් බලවත් සැලකිල්ලක් සභාව මත දැක්වූවෝය.
7 තවද ඇමලකායාගේ චාටු බස් විශ්වාස කළාවු බොහෝ දෙනෙක් සභාවේ සිටියෝය, එසේහෙයින් ඔවුන් සභාවෙන් වෙතින් වුවත් විරුද්ධවාදීන් වූවෝය; තවද මෙසේ, ලේමන්වරුන් වෙතින් ඔවුන් ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය, තවද ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් ඔවුන් ලැබූ ගැලවීම නිසා ඔවුන් ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රීතිය එසේතිබියදිත්, තවද නීෆායි ජනතාවගේ කටයුතු අතිශයින් අස්ථිර සහ භයානක විය.
8 මෙසේ, මනුෂ්‍ය පුත්‍රයන් දෙවි වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේව කොතරම් ඉක්මනින් අමතක කරන්නේද, එසේය, අයුතුකම් කිරීමට කොතරම් ඉක්මන්ද යත්, දුෂ්ට තැනැත්තා විසින් ඉවතට ගෙන යනු ලැබීම අපට පෙනෙන්නේය.
9 එසේය, තවද මනුෂ්‍ය දරුවන් අතර එක් ඉතා දුෂ්ට මනුෂ්‍යයෙකුට බලවත් දුෂ්ටකම් කිරීමට සැලැස්විය හැකි බව අප දකින්නෙමු.
10 එසේය, එනම් ඇමලකායා, මක්නිසාද ඔහු කපටි උපක්‍රම භාවිතා කළ මනුෂ්‍යයෙකු සහ බොහෝ චාටු බස් කියන මනුෂ්‍යයෙකු වූ නිසා, එනම් ඔහු බොහෝ මනුෂ්‍යයන්ගේ හදවත් නපුරුකම් කිරීමට ඉවතට ගෙන යන බව අප දකින්නෙමුු; එසේය, තවද දෙවියන්වහන්සේගේ සභාව විනාශ කිරීමටත්, දෙවියන්වහන්සේ ඔවුන්ට දී තිබූ නිදහසේ අත්තිවාරම විනාශ කිරීමටත්, නැතහොත් ධර්මිෂ්ඨයන් උදෙසා දෙවියන්වහන්සේ පොළෝ තලය මත එවූ ආශීර්වාද විනාශ කිරීමට සෙවීය.
11 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන්ගේ හමුදාවන්හි ප්‍රධාන ආඥාපති වූ මොරෝනායි, මෙම මතභේද පිළිබඳ ඇසූ විට, ඔහු ඇමලකායා සමඟ කෝප විය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු තම සළුව ඉරා දැමුවේය; තවද ඔහු එයින් කැබැල්ලක් ගෙන, තවද එහි මත මෙසේ ලිවීය – අපගේ දෙවියන්වහන්සේද, අපගේ ආගමද, තවද අපගේ නිදහසද, තවද අපගේ සාමයද, අපගේ භාර්යාවන්, තවද අපගේ දරුවන් සිහි කිරීම පිණිස – තවද ඔහු එය රිටක කෙළවරක සවි කළේය.
13 තවද ඔහුගේ ළය වැස්මද, තවද ඔහුගේ පලියෙහිද පැළඳ, තවද ඔහුගේ ඉඟෙහිද යුද ආයුධ බැඳගෙන, ඔහු ඔහුගේ හිස් වැස්ම මත සවි කළේය; තවද ඔහු රිට රැගෙන, ඔහුගේ ඉරණ ලද කබායේ කෙළවර ගෙන, (තවද ඔහු එය නිදහසේ ධජය ලෙස හැඳින්වීය) තවද ඔහුගේ සහෝදරයන් මත නිදහසේ ආශිර්වාදයන් රැඳී තිබෙනු සඳහා, එනම් දේශය අයිතිකර ගැනීමට ක්‍රිස්තියානුවරුන් කණ්ඩායමක් එහි ඉතිරිව සිටින්නා වූ පිණිස, තවද ඔහු බිමට නැමෙමින්, තවද ඔහුගේ දෙවියන්වහන්සේ හට ඔහු බලවත් ලෙස යාච්ඤා කළේය –
14 මක්නිසාද සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ඇදහිලිවන්තයන්ය, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අයත් වූ, සභාවට අයත් නොවන අය විසින් හඳුන්වනු ලැබුවේ එලෙසිනි.
15 තවද මෙසේ සභාවට අයත් වූවන් ඇදහිලිවන්ත වූවෝය; එසේය, සැබවින්ම ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කරන සියල්ලන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත සතුටින් භාර ගත්තෝය, නැතහොත් පැමිණීමට නියමිත ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය කරණකොටගෙන, ක්‍රිස්තියානුවරුන් ලෙස ඔවුන් හඳුන්වනු ලැබූහ.
16 තවද එසේහෙයින්, මෙම අවස්ථාවේදී, ක්‍රිස්තියානිවරුන්ගේ කාරණය උදෙසා, තවද දේශයට නිදහස ලැබෙන පිණිස මොරෝනායි යාච්ඤා කළේය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔහුගේ ප්‍රාණය දෙවියන්වහන්සේට වැගිරූ පසු, ඔහු පාළු දේශයට දකුණින් පිහිටි මුළු දේශයේ නම් තැබීය, එසේය, කෙටියෙන්ම සියලු දේශයන්, උතුරේ සහ දකුණේ ඇති දෙකේම – තෝරාගත් දේශය, තවද නිදහසේ දේශයයි.
18 තවද ඔහු මෙසේ කීවේය: ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීම නිසා අපව අවමන් කරනු ලැබීමට, පාගා දමා තවද විනාශ කරනු ලැබීමට, අප මතම අපගේ ස්වකීය වරද ගෙන එන තුරු, සැබවින්ම දෙවියන්වහන්සේ ඉඩ නොදෙන සේක.
19 තවද මොරෝනායි මෙම වචන පැවසු පසු, ඔහු ඔහුගේ සළුවේ ඉරා දැමූ කොටස අහසට වනමින්, එනම් ඉරන ලද කොටසෙහි ඔහු ලියා තිබූ ලියවිල්ල සියල්ලන්ටම පෙනෙන පිණිස, තවද මහත් හඬින් මොර ගසමින් මෙසේ කියමින්, ජනතාව අතරට ගියේය:
20 බලව, දේශයේ මත මෙම ධජය පවත්වන්නාවූ කවරෙකුවුවදු ස්වාමීන්වහන්සේගේ ශක්තියෙන් ඉදිරියට පැමිණ, තවද එනම් ඔවුන් ඔවුන්ගේ අයිතීන් ද, තවද ඔවුන්ගේ ආගමද, පවත්වා ගන්නා බවට ගිවිසුමකට එළඹෙත්වා, එවිට දෙවියන් වූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරනු ඇත්තේය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මෙම වචන ප්‍රකාශ කළ විට, බලව, ජනතාව ඔවුන්ගේ සන්නාහ බඳෙහි බැඳ ගනිමින්, ඔවුන්ගේ වස්ත්‍ර සංකේතයක් ලෙස ඉරාගනිමින්, නැතහොත් ගිවිසුමක් සේ, එනම් දෙවියන් වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේව අත් නොහරින බවට දිව ආවෝය; නැතහොත්, වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් කඩ කළයුතු වන්නේ නම්, නැතහොත් පාපයන් තුළට වැටුනහොත්, තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත ගැනීමට ලැජ්ජා වුවහොත්, ඔවුන් ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දැමුවාක් මෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ව ඉරා දැමිය යුතු වන්නේය.
22 දැන් ඔවුන් කළාවූ ගිවිසුම මෙය වන්නෝය, තවද ඔවුන් ඔවුන්ගේ වස්ත්‍ර මොරෝනායිගේ පාමුල තබමින්, මෙසේ කීවෝය: අප අපගේ දෙවියන්වහන්සේ සමඟ ගිවිස ගන්නෙමු, එනම් අප පාපයට වැටුනහොත් උතුරු දෙසින් පිහිටි දේශයේ සිටින්නාවු අපගේ සහෝදරයන් මෙන්, අපත් විනාශ වන්නෙමු; එසේය, අප පාපයට වැටුනහොත්, අපගේ වස්ත්‍ර නුඹගේ පාමුල දැමුවාක් මෙන් පාගා දමනු ලැබීමට, උන්වහන්සේ අපව ඔවුන්ගේ පාමුලට දමනු ඇත්තේය.
23 මොරෝනායි ඔවුන් හට මෙසේ කීවේය: බලව, අප යාකොබ්ගේ වංශයේ ඉතිරිවූවන් වන්නෙමු; එසේය, ඔහුගේ සහෝදරයන් විසින් ඔහුගේ කබාය බොහෝ කැබලිවලට ඉරා දමන ලද, අප යෝසප්ගේ වංශයේ ඉතිරිවූවන් වන්නෙමු; එසේය, තවද දැන් බලව, දෙවියන්වහන්සේ අණ පනත් පිළිපැදීමට අප මතක තබා ගනිමු, නැතහොත් අපගේ සහෝදරයන් විසින් අපගේ වස්ත්‍ර ඉරා දමනු ඇත්තේය, තවද අපව සිරගෙට දමනු ලැබ, නැතහොත් විකුණනු ලැබ, නැතහොත් මරා දමනු ලබන්නේය.
24 එසේය, අප යෝසෙප්ගේ ඉතිරිවූවන් ලෙස අපගේ නිදහස රැක ගනිමු; එසේය, ඔහුගේ මරණයට පෙර යාකොබ්ගේ වචන අප මතක තබා ගනිමු, මක්නිසාද බලව, යෝසෙප්ගේ කබායේ ඉතිරිවූ කොටසක් ආරක්ෂා වී ඇති බවත් තවද එය දිරාපත් වී නොමැති බවත් ඔහු දුටුවේය. තවද ඔහු මෙසේ කීවේය – මාගේ පුත්‍රයාගේ මෙම වස්ත්‍රයේ ඉතිරි කොටස රැකුනාක් මෙන්, එමෙන්ම මාගේ පුත්‍රයාගේ වංශයෙහි ඉතිරි කොටස දෙවියන්වහන්සේගේ හස්තයෙන් රැකෙනු ඇත, තවද උන්වහන්සේ වෙතට ගෙන, ඒ අතරතුර යෝසෙප්ගේ වංශයේ ඉතිරි කොටස, ඔහුගේ වස්ත්‍රයේ ඉතිරි කොටස මෙන් විනාශ වන්නේය.
25 දැන් බලව, මෙය මාගේ ප්‍රාණයට ශෝකය ගෙන දෙන්නේය; එසේවූවත්, මාගේ ප්‍රාණය මාගේ පුත්‍රයා කෙරෙහි ප්‍රීතිමත් වන්නේය, මක්නිසාද එනම් ඔහුගේ වංශයේ එම කොටස දෙවියන්වහන්සේ වෙතට ගෙන යනු ලබන්නේය.
26 දැන් බලව, මෙය යාකොබ්ගේ භාෂාව වූයේය.
27 දැන් යෝසෙප්ගේ වංශයේ ඉතිරි කොටස, ඔහුගේ වස්ත්‍රය මෙන් විනාශ වන අය, අපෙන් කැඩී වෙන් වූ අයද කියා කවරෙක් දන්නෙහිද? එසේය, තවද අප ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල තුළ ස්ථිරව නොසිටින්නේ නම්, එය අප වූවත් එසේ වන්නෙමු.
28 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මෙම වචන කී විට ඔහු පෙරට ගොස්, තවද එසේම මතභේද පැවති දේශයේ සියලු ප්‍රදේශවලටද පිටත් කර යැව්වේය, තවද ඔවුන්ගේ නිදහස පවත්වා ගැනීමට ආශා වූ ඇමලකායාට සහ ඇමලකායාවරුන් ලෙස හැඳින්වූ විරුද්ධවාදීන්ට එරෙහිව නැගී සිටීමට, සියලු ජනතාව එක්රැස් කළේය.
29 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායිගේ ජනතාව එනම් ඇමලකායා ජනතාවට වඩා ඇමලකායාවරුන් බොහෝ බව දුටු විට – තවද ඔහු එසේම ඔහුගේ ජනතාව ඔවුන් භාර ගනු ලැබූ කාරණයේ යුක්තිය පිළිබඳව සැකයෙන් සිටින බව දුටුවේය – එසේහෙයින්, ඔහු කාරණය තේරුම් නොගනු ඇතැයි බියෙන්, ඔහුගේ ජනතාවගෙන් එසේ කිරීමට කැමති වූවන් රැගෙන නීෆායිගේ දේශය වෙතට පිටත්ව ගියේය.
30 දැන් ලේමන්වරුන්ට තවත් ශක්තියක් තිබීම යෝග්‍ය නොවන බව මොරෝනායි සිතුවේය; එසේහෙයින් ඇමලකායාගේ ජනතාව වෙන් කිරීමට නැතහොත් ඔවුන් රැගෙන ගොස් තවද ඔවුන්ව ආපසු ගෙන ඒමට, තවද ඇමලකායාව මරණයට පත් කිරීමට සිතුවේය; එසේය, මක්නිසාද ඔහු ලේමන්වරුන්ව ඔවුන්ට විරුද්ධව කෝපයට කළඹන බවත්, තවද ඔවුන්ට විරුද්ධව සටනට ඔවුන්ව පොළඹවන බවත් ඔහු දැන සිටියේය.
31 එසේහෙයින්, ඔවුන් එක්රැස් කරගත් ඔවුන්ගේ හමුදාවන් රැගෙන, තවද ඔවුන්ම සන්නද්ධ වී, තවද සාමය පවත්වා ගැනීම සඳහා ගිවිසුමකට ඇතුළත් වීම සුදුසු යැයි මොරෝනායි සිතුවේය – තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු වනාන්තරයේ ඇමලකායාගේ ගමන අවහිර කිරීම පිණිස, ඔහුගේ හමුදාව රැගෙන තවද ඔහුගේ කූඩාරම් සමඟ වනාන්තරය තුළට ගමන් කළේය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔහුගේ ආශාවන්ට අනුව ක්‍රියා කළේය, තවද වනාන්තරය තුළට ගමන් කරමින්, තවද ඇමලකායාගේ හමුදාවන්ට නායකත්වය දුන්නේය.
33 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමලකායා ඔහුගේ මනුෂ්‍යයන්ගෙන් සුළු පිරිසක් සමඟ පලා ගියේය, තවද ඉතිරිවූවන් මොරෝනායි අතට භාර වූ අතර තවද නැවත සරහෙම්ලා දේශය තුළට රැගෙන ගෙන යන ලදී.
34 දැන්, මොරෝනායි ප්‍රධාන විනිශ්චයකරුවන් සහ ජනතාවගේ හඬින් පත් කරන ලද මනුෂ්‍යයෙකු විය, එසේහෙයින් නීෆායිවරුන්ගේ හමුදාවන් සමඟ ඔහුගේ කැමැත්ත අනුව ඔවුන් මත අධිකාරීත්වය තහවුරු කර සහ ක්‍රියාත්මක කිරීමට ඔහුට බලය තිබුණේය.
35 තවද එය මෙසේ සිදු විය, එනම් කවරෙකු වූවත් ඇමලකායාවරුන්ගෙන් නිදහසේ කාරණයට සහාය දැක්වීම සඳහා ගිවිසුමකට එළඹෙන්නේ නැති, එනම් නිදහස් රජයක් පවත්වා ගැනීම සඳහා, කවරෙකු වූවත් ඔහු මරණයට පත් කිරීමට සැලැස්විය; තවද එහි නිදහසේ ගිවිසුම ප්‍රතික්ෂේප කළාවූ අය සිටියේ ස්වල්පයක් පමණි.
36 තවද එය මෙසේ සිදු විය, එසේම එනම් නීෆායිවරුන් විසින් හිමිකරගෙන සිටි මුළු දේශයේම, තිබූ සෑම කුළුණක් මතම නිදහසේ ධජය එසවීමට ඔහු සැලැස්විය; තවද මෙසේ මොරෝනායි නීෆායිවරුන් අතර නිදහසේ ධජය සිටුවන ලැබීය.
37 තවද ඔවුන්ගේ දේශය තුළ නැවතත් සාමය ඇති කර ගැනීමට පටන් ගත්තෝය; තවද ඔවුන් මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ දහනව වන වසරේ අවසානය දක්වාම දේශය තුළළ සාමය පවත්වා ගත්තෝය.
38 තවද හීලමන් සහ උත්තම පූජකවරු එසේම සභාවේ පිළිවෙල පවත්වා ගත්තෝය; එසේය, අවුරුදු හතරක් ඇතුළත පවා ඔවුන්ට සභාව තුළ බොහෝ සාමය සහ ප්‍රීතිය තිබුණේය.
39 තවද එය මෙසේ සිදු විය, එනම් එහි මරණයට පත්වූ බොහෝ දෙනෙක් විය, ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් තම ප්‍රාණයන් මුදවා ගන්නා බව ස්ථිර ලෙස විශ්වාස කර වූවන්; මෙසේ ඔවුන් ප්‍රීතියෙන් ලෝකයෙන් පිටතට ගියෝය.
40 තවද එහි උණ රෝගයෙන් මරණයට පත්වූ සමහරක් අයද සිටියෝය, එය වසරේ සමහර කාලවලදී දේශයේ බහුල විය. එහෙත් උණ සම්බන්ධයෙන් එතරම් නොවීය, මක්නිසාද ස්වභාවික දේශගුණ මගින් රෝග ඇති කරන කාරකය දෙවියන්වහන්සේ විසින් සුදානම් කරන ලද බොහෝ ශාක සහ මුල්වල විශිෂ්ට ගුණාංගය නිසාය.
41 එහෙත් එහි මහළුවිය නිසා මරණයට පත්වූ බොහෝ දෙනෙක් සිටියෝය; තවද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මරණයට පත් වූවන් උන්වහන්සේ තුළ සතුටු වූවෝය, අප එලෙස සිතීම අවශ්‍ය වන්නේය.