ශුද්ධලියවිලි
ඇල්මා 19


19 වන පරිච්ඡේදය

ලැමෝනායි සදාකාල ජීවනයේ ආලෝකය ලබන අතර මිදුම්කරුවාණන්ව දකියි – ඔහුගේ නිවැසියන් සිහිමුළා බවකට වැටේ, බොහෝ දෙනෙක් දේවදූතයන් දකිති – ඇමන් ආශ්චර්යමත් ලෙස ආරක්ෂා කරනු ලබයි – ඔහු බොහෝ අය බෞතීස්ම කර ඔවුන් අතර සභාවක් ස්ථාපිත කරයි. ක්‍රි.පූ. 90 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් දින දෙකකුත් රාත්‍රී දෙකකුත් ගත වූ පසු, ඔවුන් ඔහුගේ ශරීරය ගෙන ගොස්, ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීම සඳහා සාදන ලද සොහොන් ගෙයක, තැබීමට සූදානම් වූවෝය.

2 දැන් රැජින ඇමන්ගේ ප්‍රසිද්ධිය අසා ඇති නිසා, එසේහෙයින් ඔහු තමා වෙතට එන ලෙස ඇය යවා ඉල්ලා සිටියාය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් තමාට අණ කළ ලෙසම කර, රැජින වෙතට ගොස්, තවද ඇය තමා කළ යුත්තේ කුමක්දැයි දැනගන්නට කැමති විය.

4 තවද ඇය ඔහු හට මෙසේ කීවේය: නුඹ ශුද්ධ වූ දෙවියන් කෙනෙකුගේ අනාගතවක්තෘවරයෙකු බවත්, උන්වහන්සේගේ නාමයෙන් බොහෝ බලවත් ක්‍රියා කිරීමට නුඹට බලය තිබෙන බවත්, මාගේ ස්වාමිපුරුෂයාගේ සේවකයෝ මට දන්වා සිටියෝය.

5 එසේහෙයින්, මෙය එසේ නම්, නුඹ ඇතුළට ගොස් මගේ ස්වාමිපුරුෂයා බලනවාට මම කැමැත්තෙමි, මක්නිසාද, ඔහු දින දෙකක් සහ රාත්‍රී දෙකක් ඔහුගේ ඇඳ මත තබා ඇත්තේය; තවද සමහරු ඔහු මිය ගොස් නැතැයි කියති, නමුත් තවත් සමහරු ඔහු මිය ගොස් ඇති බවත්, ඔහු ගඳ ගසන බවත්, තවද එනම් ඔහු සොහොන් ගෙය තුළ තැබිය යුතු බවත් පවසති; නමුත් මා කෙරෙහි නම්, ඔහු මට ගඳ ගසන්නේ නැත.

6 දැන්, ඇමන්ට අවශ්‍ය වූයේ මෙයයි, මක්නිසාද ලැමෝනායි රජු දෙවියන්වහන්සේගේ බලයට යටත් වී සිටින බව ඔහු දැන සිටියේය; අවිශ්වාසයේ අඳුරු වැස්ම ඔහුගේ මනසින් ඉවතට විසි වී යන බවත්, ඔහුගේ යහපත්කමේ විස්මිත ආලෝකය වූ, දෙවියන්වහන්සේගේ මහිමයේ ආලෝකය, ඔහුගේ මනස ආලෝකමත් කළ ආලෝකය බවත්, ඔහු දැන සිටියේය – එසේය, මෙම ආලෝකය ඔහුගේ ආත්මය තුළට එවැනි ප්‍රීතියක් ලබා දී ඇති අතර, අන්ධකාරයේ වලාකුළ පහව ගොස් ඇති අතර, තවද සදාකාල ජීවනයේ ආලෝකය ඔහුගේ ප්‍රාණය තුළ දැල්වී ඇති බවත්, එසේය, මෙය ඔහුගේ ස්වභාවික රාමුව අභිබවා ගොස් ඇති බවත්, ඔහුව දෙවියන්වහන්සේ තුළ ඉවතට රැගෙන ගිය බවත් ඔහු දැන සිටියේය.

7 එසේහෙයින්, රැජින ඔහුගෙන් බලාපොරොත්තු වූ දෙය ඔහුගේ එකම ආශාව විය. එසේහෙයින්, රැජිනගේ කැමැත්ත පරිදි ඔහු රජු බැලීමට ගියේය; තවද ඔහු රජු දැක, ඔහු මිය ගොස් නැති බව දැන සිටියේය.

8 තවද ඔහු රැජිනට මෙසේ කීවේය: ඔහු මිය ගොස් නැත, එහෙත් ඔහු දෙවියන්වහන්සේ තුළ නිදා සිටින අතර, පසු දින ඔහු නැවත අවදි වනු ඇත්තේය; එසේහෙයින් ඔහුව භූමදාන නොකරන්න.

9 තවද ඇමන් ඇයට මෙසේ කීවේය: නුඹ මෙය විශ්වාස කරන්නේද? තවද ඇය ඔහුට කථා කොට, කීවේය: නුඹගේ වචනයත්, අපගේ සේවකයන්ගේ වචනයත් හැර මට කිසිම සාක්ෂියක් නැත්තේය; එසේනමුත් නුඹ කී පරිදි එය සිදුවනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි.

10 තවද ඇමන් ඇයට මෙසේ කීවේය: නුඹගේ මහත් ඇදහිල්ල නිසා නුඹ ආශිර්වාදමත් වන්නේය; ස්ත්‍රිය, මම නුඹට කියන්නෙමි, නීෆායිවරුන්ගේ සියලු ජනයා අතර වුවද මෙතරම් විශාල ඇදහිල්ලක් නොතිබුණේය.

11 තවද එය මෙසේ සිදු විය, එනම් ඇය තම ස්වාමිපුරුෂයා අවදි විය යුතු ලෙසට ඇමන් නියම කළ ඒ මොහොතේ සිට පසු දින තෙක් ඔහුගේ ඇඳ දෙස බලා සිටියාය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන්ගේ වචනවලට අනුව ඔහු නැඟිට සිටියේය; ඔහු නැඟිට, ස්ත්‍රිය දෙසට අත දිගු කර, දෙවියන්වහන්සේගේ නාමයට ආශීර්වාද වේවා, නුඹ ආශීර්වාද ලද්දෙහි යැයි කීවේය.

13 මක්නිසාද නුඹ ජීවමානව සිටින ලෙසත්, බලව, මම මාගේ මිදුම්කරුවාණන්ව දුටුවෙමි; තවද ස්ත්‍රියකගෙන් උපත ලැබ, උන්වහන්සේ ඉදිරියට නික්මෙන්නේය, උන්වහන්සේගේ නාමය විශ්වාස කරන සියලු මනුෂ්‍ය වර්ගයා උන්වහන්සේ මුදවාගන්නේය. දැන්, ඔහු මේ වචන පැවසූ විට, ඔහුගේ හදවත ඔහු තුළ විහිදී, ඔහු නැවතත් ප්‍රීතියෙන් ඉපිලී ගියේය; ආත්මයාණන් විසින් යටපත් කරනු ලැබ, රැජිනද එසේම යටපත් වී ගිලී ගියේය.

14 දැන් නීෆායිවරුන් අතරේ හෝ දෙවියන්වහන්සේගේ සියලු ජනතාව අතරේ ඔවුන්ගේ අයුතුකම් සහ සම්ප්‍රදායන් නිසා බොහෝ වැලපීමට හේතුව වූ තම සහෝදරයන් වන, ලේමන්වරුන් කෙරෙහි, තම යාච්ඤාවලට අනුකූලව ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් වැගිරෙන බව ඇමන් දුටු විට, ඔහු ඔහුගේ දණින් වැටී, ඔහු තම සහෝදරයන් වෙනුවෙන් කළ දේ සඳහා දෙවියන්වහන්සේට යාච්ඤාවෙන් සහ ස්තුති කරමින් ඔහුගේ ආත්මය වත් කිරීමට පටන් ගත්තේය; තවද එසේම ඔහු ප්‍රීතියෙන් ද බලවත් විය; තවද මෙසේ ඔවුන් තිදෙනාම පොළොවට වැටී බැස ඇත්තේය.

15 දැන්, රජුගේ සේවකයෝ ඔවුන් වැටී සිටින බව දුටු විට, ඔවුන් ද එසේම දෙවියන්වහන්සේට මොරගැසීමට පටන් ගත්හ, මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය ඔවුන් කෙරෙහිද එසේම පැමිණි බැවින්, රජු ඉදිරියෙහි සිට ඇමන්ගේ මහා බලය පිළිබඳව ඔහුට සාක්ෂි දුන්නේ ද මොවුන් වූ නිසාය.

16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලෝම පොළොවට වැටෙන තුරුම, ඔවුන්ගේ ශක්තියෙන්, ලේමන්ටිෂ් කාන්තාවන්ගෙන් එක් අයෙක් හැර, ඔවුන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කළෝය, ඇගේ නම අබිෂ් විය, ඇගේ පියාගේ අපූර්ව දර්ශනයක් පිළිබඳ වූ වාර්තාවට අනුව, ඇය වසර ගණනාවක් මුළුල්ලෙහි ස්වාමීන්වහන්සේ වෙතට හැරී තිබුණේය.

17 මෙසේ, ස්වාමීන්වහන්සේ වෙතට හැරී, කිසි විටෙකත් එය ප්‍රකාශ නොකළ බැවින්, එසේහෙයින් ලැමෝනායිගේ සියලුම සේවකයින් පොළොවට වැටී ඇති බව ද ඇගේ ස්වාමිදුව වූ, රැජින සහ රජු සහ ඇමන් ද පොළොව මත වැතිර වී සිටිනු දුටු ඇය, එය දෙවියන්වහන්සේගේ බලය බව ඇය දැන සිටියාය; මෙම අවස්ථාව ඔවුන් අතර සිදු වූ දේ ජනතාවට ප්‍රකාශ කිරීමෙන්, මෙම දර්ශනය දැකීමෙන් ඔවුන් දෙවියන්වහන්සේගේ බලය විශ්වාස කිරීමට හේතු වනු ඇතැයි සිතූ ඇය, ගෙයින් ගෙට ඉදිරියට දිව ගොස්, එය ජනතාවට ප්‍රකාශ කළාය.

18 තවද ඔවුන් රජුගේ නිවස වෙතට එකට එක්රැස් වන්නට පටන්ගත්තෝය. තවද විශාල ජනසමුහයක් එහි පැමිණි අතර, තවද ඔවුන්ගේ පුදුමයට, රජුද, රැජිනද, සහ ඔවුන්ගේ සේවකයන්ද බිම වැතිරි සිටිනු දුටු අතර, තවද ඔවුන් සියල්ලෝම එහි මරණයට පත්ව මෙන් වැතිර සිටියෝය; තවද ඔවුන් එසේම ඇමන්ව දුටුවෝය, තවද බලන්න, ඔහු නීෆායිවරයෙකු විය.

19 තවද දැන් ජනතාව ඔවුන් අතරේම මැසිවිලි දෙඩවීමට පටන්ගත්තෝය; එනම් නීෆායිවරුන්ට දේශයේ රැඳී සිටීමට ඉඩ දුන් නිසා, එනම් ඔවුන් මත නැතහොත් රජු සහ ඔහුගේ නිවස මතට මහත් නපුරක් පැමිණි බව සමහරු පැවසුවෝය.

20 එහෙත් තවත් සමහරුන් ඔවුන්ට බැණ වැදී, මෙසේ කීවේය: සීබස්හි ජලයන් අසල රැළවල් විසුරුවා හරිනු ලැබුවාවු ඔහුගේ සේවකයන්ව මරා දැමූ බැවින්, රජු ඔහුගේම නිවස මත මෙම නපුර ගෙන ආවෝය.

21 තවද සීබස්හි ජලයන් අසල සිට රජුට අයත් රැළවල් විසුරුවා හැරියාවූ අය විසින් එසේම ඔවුන් හට ද තරවටු කරන ලදී, මක්නිසාද සීබස්හි ජලයන් අසල රජුගේ රැළවල් ආරක්ෂා කරන අතරතුර, ඔවුන්ගේ සහෝදරයන් ගණනාවක් මරා දැමූ නිසා ඇමන් සමඟ ඔවුන් කෝපව සිටියෝය.

22 දැන්, ඇමන්ගේ කඩුවෙන් ඔහුගේ සහෝදරයා මරණයට පත් වු ඔවුන්ගෙන් එක් අයෙකු, ඇමන් සමඟ බෙහෙවින් කෝපයට පත් වී, ඔහුගේ කඩුව ඇද තවද එය ඇමන් මතට පමුණුවා, ඔහුව මරා දැමීමට පෙරට ගියේය; තවද ඔහු ඔහුට පහර දීමට කඩුව එසවූ විට, බලව, ඔහුව මැරී වැටුණේය.

23 දැන් එනම් ඇමන්ව මරා දැමිය නොහැකි බව අපට පෙනෙන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුගේ පියා වන මොසායා හට, මෙසේ පවසා තිබුණේය: මම ඔහුව ආරාක්ෂා කරන්නෙමි, තවද එය නුඹගේ ඇදහිල්ලට අනුව ඔහුට සිදු වන්නේය – එසේහෙයින්, මොසායා ඔහුව ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කළේය.

24 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන්ව මරණයට පත් කිරීමට කඩුව එසවූ මනුෂ්‍යයා මරණයට පත්ව වැටි සිටින බව ජනසමූහයා දුටු විට, ඔවුන් සියල්ලන් මත බිය පැමිණියේය, තවද ඔහුට අත තැබීමට හෝ වැටි සිටියාවූ කිසිවෙකුට ඔවුන්ගේ දෑත් දිගු කිරීමට ඔවුන් හට ධෛර්යයක් නොවීය; තවද මෙම මහා බලයේ කාරණය හෝ මෙම සියලු දෙයකෙහිම තේරුම කුමක් විය හැකිද යන්න ගැන, ඔවුන් නැවතත් ඔවුන් අතරේම පුදුම වීමට පටන් ගත්තෝය.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් යනු ශ්‍රේෂ්ඨ ආත්මයාණන් බව පැවසූ බොහෝ දෙනෙකු ඔවුන් අතර සිටියාවු අතර, තවද තවත් සමහරුන් ඔහු ශ්‍රේෂ්ඨ ආත්මයාණන් විසින් එවන ලදැයි පැවසූවෝය;

26 එහෙත් තවත් සමහරුන් ඔවුන් සියල්ලන්ටම බැණ වදිමින්, ඔහු නීෆායිවරුන් වෙතින් එනම් ඔවුන්ට වධ වේදනාව කිරීම පිණිස එවන ලද රකුසෙකු යැයි පැවසූවෝයය.

27 තවද ඔවුන්ගේ අයුතුකම් නිසා ශ්‍රේෂ්ඨ ආත්මයාණන් විසින් ඔවුන්ට පීඩා කරනු පිණිස ඇමන්ව එවන ලද බව පැවසූ සමහරුන් සිටියහ; තවද ඔවුන්ගේ දෑත් වලින් පිටතට ඔවුන්ව ගලවා ගනු ලැබු, එනම් නීෆායිවරුන්ව සැමවිටම ආරක්ෂා කළාවු එම ශ්‍රේෂ්ඨ ආත්මයාණන් විය; තවද එනම් ඔවුන්ගේ සහෝදරයන් වන ලේමන්වරුන්, බොහෝ දෙනෙකු විනාශ කළේ මෙම ශ්‍රේෂ්ඨ ආත්මයාණන් බව ඔවුන් පැවසූවෝය.

28 තවද මෙසේ ඔවුන් අතර මතභේද බෙහෙවින් තියුණු වීමට පටන් ගත්තෝය. තවද ඔවුන් මෙසේ වාද කරමින් සිටින්නාවු විට, ජනසමූහයා එකට එක්රැස් වීමට සැලැස්වු සේවිකා ස්ත්‍රිය පැමිණි අතර, තවද ඇය ජනසමූහයා අතර ඇති වූ මතභේද දුටු විට, කඳුළු වැගිරීමට පවා, බෙහෙවින් ශෝකයට පත් වූවාය.

29 තවද එය මෙසේ සිදු විය, එනම් සමහරවිට පොළොවෙන් නැගිටුවා ලිමට, එනම් ඇය ගොස් තවද රැජිනව අතින් අල්ලා ගත්තේය; තවද ඇය ඇයගේ අත ස්පර්ශ කළ විගසම ඇය නැඟිට තවද ඇයගේ දෙපය මත සිටගෙන, තවද මහත් හඬකින් මොරගසමින්, මෙසේ කීවේය: භයන්කාර නිරයකින් මා ගලවා ගත් තැනැත්තා වූ, අහෝ භාග්‍යවන්ත ජේසුස්වහන්ස! අහෝ භාග්‍යවන්ත දෙවියන්වහන්ස, මෙම ජනතාව කෙරෙහි කරුණාවන්තවුව මැනව!

30 තවද ඇය මෙය පැවසූ පසු, ඇය ප්‍රීතියෙන් පුර්ණ වී, තේරුම් ගැනීමට නොහැකිවු බොහෝ වචන පවසමින්, ඇයගේ දෑත් වලින් වැළඳ ගත්තේය; තවද ඇය මෙය කළ විට, ඇය රජු වන, ලැමෝනායිගේ අතින් අල්ලා ගත් අතර, තවද ඔහු නැඟිට ඔහුගේ දෙපයින් සිට ගත්තේය.

31 තවද ඔහු, එසැනින්ම, ඔහුගේ ජනතාව අතර ඇති වූ මතභේදය දැක, ඉදිරියට ගොස් ඔවුන්ට බැණ වැදීමට පටන් ගත් අතර, තවද ඔහු ඇමන්ගේ මුඛයෙන් ඇසුවාවූ වචන ඔවුන් හට ඉගැන්විය; තවද ඔහුගේ වචන ඇසුවාවූ සියල්ලෝම විශ්වාස කල අතර, තවද ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබුවේය.

32 එහෙත් ඔහුගේ වචන ඇසිමට අකමැති වූ බොහෝ දෙනෙකු ඔවුන් අතර සිටියෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ ගියෝය.

33 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් නැගිටි විට ඔහුද එසේම ඔවුන්ට උපස්ථාන කළේය, තවද ලැමෝනායිගේ සියලු සේවකයන්ද එසේම කළේය; තවද ඔවුන් සියල්ලෝම ජනතාව හට එනම් ඔවුන්ගේ හදවත් වෙනස් වී ඇති බව – එම දෙයම ප්‍රකාශ කළේය; එනම් ඔවුන්ට දුෂ්ඨ දේ කිරීමට තවත් ආශාවක් නොවීය.

34 තවද බලන්න, එනම් බොහෝ දෙනෙකු ඔවුන් දේවදූතයන් දුටු බවත් තවද ඔවුන් සමඟ කථා කළ බවත් ජනතාවට ප්‍රකාශ කළේය; තවද මෙසේ ඔවුන් දෙවියන්වහන්සේගේ දේවල් ගැනත්, තවද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැනත් ඔවුන්ට කීවෝය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ වචන විශ්වාස කළා වූ බොහෝ දෙනෙකු සිටියෝය; තවද විශ්වාස කළා වූ බොහෝ අයව බෞතීස්ම කරනු ලැබුවෝය; තවද ඔවුන් ධර්මිෂ්ඨ ජනතාවක් බවට පත් වූ අතර, තවද ඔවුන් ඔවුන් අතර සභාවක් පිහිටුවෝය.

36 තවද මෙසේ ස්වාමීන්වහන්සේගේ කාර්යය ලේමන්වරුන් අතර ආරම්භ විය; ස්වාමීන්වහන්සේ ඔවුන් මත මෙසේ උන්වහන්සේගේ ආත්මය වැගිරවීමට පටන් ගත්තේය; තවද උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කර තවද පසුතැවිලි වන්නාවු සියලු ජනයා කෙරෙහි උන්වහන්සේගේ හස්තය දිගු කර ඇති බව අප දකින්නෙමු.