35 වන පරිච්ඡේදය
වචනය දේශනා කිරීම සෝරම්වරුන්ගේ ශිල්ප විනාශ කරයි – පසුව ජර්ෂෝන්හි ඇමන්ගේ ජනතාව සමඟ එකතු වූ, හැරුනාවූ අයව ඔවුන් නෙරපනු ලබති – ජනතාවගේ දුෂ්ටකම නිසා ඇල්මා කම්පාවෙයි. ක්‍රි.පූ. 74 පමණ.
1 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමියුලෙක් මේ වචන අවසන් කළ පසු, ඔවුන් තමන්ව සමූහයාගෙන් ඉවත් කොට ගෙන තවද ජර්ෂෝන් දේශයට පැමිණියෝය.
2 එසේය, තවද සෙසු සහෝදරයන් ද, ඔවුන් සොරම්වරුන්ට වචනය දේශනා කළ පසු, එසේම ජර්ෂෝන් දේශයට පැමිණියෝය.
3 තවද එය මෙසේ සිදු විය, එනම් සොරම්වරුන්ගේ වඩාත් පොදු කොටස ඔවුන්ට දේශනා කරන ලද වචන ගැන සාකච්ඡා කළ පසු, එය ඔවුන්ගේ ශිල්ප විනාශ කළ බැවින් ඔවුන් වචනය නිසා කෝපයට පත් වූවෝය; එසේහෙයින් ඔවුන් වචනවලට සවන් නොදුන්නෝය.
4 තවද ඔවුන් යවා තවද මුළු දේශය පුරාම සියලු ජනතාව එකට එක්රැස් කර, තවද පවසා ඇති වචන පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කළෝය.
5 දැන් ඔවුන්ගේ පාලකයෝද, ඔවුන්ගේ පූජකයන් සහ ඔවුන්ගේ ගුරුවරුන්ද ඔවුන්ගේ ආශාවන් පිළිබඳව ජනතාවට නොදැන්වූවේය; එසේහෙයින් ඔවුන් සියලු ජනතාවගේ සිත් රහසිගතව සොයා ගත්තේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියලු ජනතාවගේ සිත් දැනගත් පසු, ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් විසින් පැවසූ වචනවලට පක්ෂව සිටියාවූ අය, දේශයෙන් නෙරපා හරිනු ලැබුවෝය; තවද ඔවුන් බොහෝමයක් විය; තවද එසේම ඔවුන් ජර්ෂෝන් දේශයට ද පැමිණියෝය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් ඔවුන්ට උපස්ථාන කළෝය.
8 දැන් සෝරම්වරුන්ගේ ජනතාව ජර්ෂෝන්හි සිටින්නාවූ ඇමන්ගේ ජනතාව සමඟ උදහස් වූවෝය, තවද සෝරම්වරුන්ගේ ප්‍රධාන පාලකයා ඉතා දුෂ්ඨ මනුෂ්‍යයෙකු වූ බැවින්, ඔවුන්ගෙන් පැමිණ, ඔවුන්ගේ දේශයට පැමිණි සියල්ලන් ඔවුන්ගේ දේශයෙන් නෙරපා හැරිමට ආශා වී, එනම් ඔවුන්ව ඇමන්ගේ ජනතාව වෙත යවනු ලැබුවෝය.
9 තවද ඔහු ඔවුන්ට විරුද්ධව බොහෝ තර්ජන එල්ල කළෝය. තවද දැන් ඇමන්ගේ ජනතාව ඔවුන්ගේ වචනවලට බිය නොවූවෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ව පිටතට පලවා හැරියේ නැත, එහෙත් එනම් ඔවුන් වෙත පැමිණියාවූ සෝරම්වරුන්ගේ සියලුම දුප්පතුන් ඔවුන් පිළිගත්තෝය; තවද ඔවුන් ඔවුන්ව පෝෂණය කළෝය, තවද ඔවුන්ට වස්ත්‍ර පැළඳුවෝය, තවද ඔවුන්ගේ උරුමය සඳහා ඔවුන්ට දේශයන් ලබාදුන්නෝය; තවද ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ඔවුන්ට උපස්ථාන කළෝය.
10 දැන් මෙය ඇමන්ගේ ජනතාවට විරුද්ධව සෝරම්වරුන් කෝපයට පත් කළ අතර, තවද ඔවුන් ලේමන්වරුන් සමඟ සම්බන්ධ වෙමින් තවද එසේම ඔවුන්ට එරෙහිව ඔවුන්වද කෝපයට එසේම කැළඹ වීමට පටන් ගත්තෝය.
11 තවද මෙසේ, සෝරම්වරුන් සහ ලේමන්වරුන්, ඇමන්ගේ ජනතාවට විරුද්ධව සහ එසේම නීෆායිවරුන්ට විරුද්ධව යුද්ධයට සූදානම් වීමට පටන් ගත්තෝය.
12 තවද මෙසේ නීෆායිගේ ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ දහහත්වන වසර අවසන් විය.
13 තවද ඇමන්ගේ ජනතාව ජර්ෂෝන් දේශයෙන් පිටතට පිටව ගොස්, තවද මෙලෙක් දේශය වෙත පැමිණ, එනම් ලේමන්වරුන්ගේ හමුදාවන් සහ සෝරම්වරුන්ගේ හමුදාවන් සමඟ සටන් කිරීමට හැකි වන්නාවූ පරිදි, තවද නීෆායිවරුන්ගේ හමුදාවන්ට ජර්ෂෝන් දේශය තුළ ස්ථානයක් ලබා දුන්නේය; තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ දහඅටවන වසරේදී ලේමන්වරුන් සහ නීෆායිවරුන් අතර යුද්ධයක් ආරම්භ විය; තවද ඔවුන්ගේ යුද්ධ පිළිබඳ වාර්තාවක් මින් පසුව දෙනු ලබන්නෝය.
14 තවද ඇල්මාද, ඇමන් සහ ඔවුන්ගේ සහෝදරයන්ද, තවද එසේම ඇල්මාගේ පුත්‍රයන් දෙදෙනා ද, ඔවුන් බොහෝ සෝරම්වරුන් පසුතැවිල්ලට ගෙන ඒම සඳහා දෙවියන්වහන්සේගේ හස්තයෙහි උපකරණයක් වූ පසු, සරහෙම්ලා දේශයට ආපසු පැමිණියෝය; තවද පසුතැවිල්ලට ගෙන එන ලැබුවාවූ සියලු දෙනාම ඔවුන්ගේ දේශයෙන් පිටතට පලවා හරින ලැබුවෝය; එහෙත් ඔවුන්ට ජර්ෂෝන් දේශයෙහි උරුමයක් ලෙස දේශයන් තිබු අතර, තවද ඔවුන් තමන්වමද, ඔවුන්ගේ භාර්යාවන්ද, දරුවන් සහ ඔවුන්ගේ දේශයන්ද, ආරක්ෂා කර ගන්නා පිණිස ආයුධ අතට ගත්තෝය.
15 දැන් ඇල්මා, ඔහුගේ ජනතාවගේ අයුතුකම් ගැන, එසේය යුද්ධ පිළිබඳ, තවද ලේ වැගිරීම්, සහ ඔවුන් අතර පැවති මතභේද ගැන ශෝකයට පත්වූවෝය; තවද ඒ නුවර සියලු ජනතාව අතරේ වචනය ප්‍රකාශ කරන පිණිස, නැතහොත් ඒ වචනය ප්‍රකාශ කිරීමට යවනු ලැබ; තවද එනම් ජනතාවගේ හදවත් දැඩි වන බවත්, තවද එනම් වචනයේ දැඩිකම නිසාවෙන් ඔවුන් අමනාප වීමට පටන් ගන්නා බවත් දුටු විට, ඔහුගේ හදවත අතිශයින් කම්පා වූයේය.
16 එසේහෙයින්, එනම් ධර්මිෂ්ඨකමට අදාළ දේවල් සම්බන්ධයෙන්, ඔහුගේ පුත්‍රයන් සියලු දෙනාටම ඔවුන්ගේ වගකීම වෙන් වෙන්ව, පැවරීම සඳහා එකට එක්රැස් වීමට ඔහු සැලැස්වූවේය. තවද අපට ඔහුගේ අණ පිළිබඳ වාර්තාවක් තිබෙන්නේය, එය ඔහුගේම වාර්තාවට අනුව ඔහු ඔවුන්ට දුන්නේය.