ශුද්ධලියවිලි
ඇල්මා 36


ඇල්මාගේ පුත්‍ර හීලමන්ට ඔහුගේ අණ පනත්.

36 සහ 37 පරිචඡෙද අඩංගු වේ.

36 වන පරිචඡෙදය

දේවදූතයෙකු දැකීමෙන් පසු ඇල්මා ඔහුගේ හැරීම ගැන හීලමන්ට සාක්ෂි දරයි – ඔහු විනාශයට පත්වුන ආත්මයක වේදනාවන් විඳී; ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු යාඤා කරයි, තවද එවිට දෙවියන්වහන්සේගෙන් උපත ලබයි – මිහිරි ප්‍රීතියකින් ඔහුගේ ආත්මය පිිිරී යයි – දෙවියන්වහන්සේ හට ප්‍රශංසා කරන දේවදූතයන් සමූහයක් ඔහු දකියි – ඔහු අත්දුටුව හා දුටු ආකාරයෙන්ම බොහෝ හැරුණු අය අත්දකින අතර දකියි. ක්‍රි.පූ. 74 දී පමණ.

1 මාගේ පුත්‍රය, මාගේ වචනවලට කන් දෙන්න, මක්නිසාද මම නුඹට පොරොන්දු වෙමි, එනම් නුඹ දෙවියන්වහන්සේගේ අණ පනත් තබන තාක් කල් නුඹ දේශයේ සමෘද්ධිමත් වන්නෙහිය.

2 අපගේ පියවරුන්ගේ වහල්භාවය සිහිපත් කිරීමේ දී, මා කළ පරිදි නුඹලා කරනවා නම් මම කැමැත්තෙමි; මක්නිසාද ඔවුන් වහල්භාවයේ සිටියෝය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද, තවද ඊසාක්ගේ දෙවියන්වහන්සේ, තවද ජාකොබ්ගේ දෙවියන්වහන්සේ, මිස කිසිවෙකුට ඔවුන්ව ගලවාගැනීමට නොහැකි විය, තවද උන්වහන්සේ නිසැකවම ඔවුන්ගේ පීඩාවලදී ඔවුන්ව ගලවා ගත් සේක.

3 තවද දැන්, අහෝ මාගේ පුත්‍ර හීලමන්, බලව, නුඹ නුඹගේ තරුණභාවයේ සිටින බැවින්, තවද එසේහෙයින්, නුඹ මාගේ වචන අසා තවද මාගෙන් ඉගෙන ගන්නා ලෙස මම නුඹෙන් ඉල්ලා සිටිමි; මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ විශ්වාසය තබන්නේද ඔවුන්ගේ පරික්ෂා තුළ දී, තවද ඔවුන්ගේ කරදරවලදී, තවද ඔවුන්ගේ පීඩාවන්වලදී, උපකාරය ලබන බව මම දන්නෙමි, තවද අවසාන දවසේදී ඔසවනු ලබන්නෝය.

4 තවද මම මා ගැන දන්නවා යැයි නුඹ සිතනවායයි මම නොසිතමි – තාවකාලික නොව නමුත් ආත්මික වශයෙන්, මාංශීය මනසින් නොව එහෙත් දෙවියන්වහන්සේ තුළින්ය.

5 දැන්, බලව, මම නුඹට කියමි, මම දෙවියන්වහන්සේගෙන් උපත නොලැබුවේ නම්, මම මේ දේවල් නොදැන සිටිය යුතුය; එහෙත් දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ ශුද්ධ දේවදූතයාගේ මුඛයෙන්, මාගේ කිසිඳු සුදුසුකමක් නිසා නොව, මේ දේවල් මට දැනගන්නට සලස්වා ඇති සේක;

6 මක්නිසාද මම මොසායාගේ පුත්‍රයන් සමඟ දෙවියන්වහන්සේගේ සභාව විනාශ කිරීමට උත්සාහ කරමින් ගමන් කළෙමි. එහෙත් බලව, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ දේවදූතයා අපව මාර්ගයේ නවත්වන පිණිස එවූ සේක.

7 තවද බලව, ඔහු අපට කතා කළේය, එය ගිගුරුම් හඬක් මෙන් විය, තවද මුළු පොළොවම අපගේ පාදවලට යටින් වෙව්ලන්නට විය; තවද ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය අප මත පැමිණි බැවින් අපි සියල්ලෝම පොළොවට ඇද වැටුණෙමු.

8 තවද බලව, හඬ මට මෙසේ පැවසුවේය: නැඟිටින්න. තවද මම නැඟිට තවද සිට ගතිමි. තවද මම දේවදූතයා දුටුවෙමි.

9 තවද ඔහු මට මෙසේ කීවේය: නුඹ විසින් නුඹවම විනාශ කරනු ලබන්නේ නම්, දෙවියන්වහන්සේගේ සභාව තව දුරටත් විනාශ කිරීමට නොසොයන්න.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මම පොළොවට ඇද වැටුණෙමි; තවද ඒ දින තුනක් සහ රාත්‍රී තුනක කාල පරාසයක් පුරාවට එනම් මාගේ මුඛය විවර කිරීමට නොහැකි විය, එලෙසම මට මාගේ අත් පා භාවිතයද නොවීය.

11 තවද දේවදූතයා මා හට බොහෝ දේවල් කතා කළේය, එහෙත් මට ඒවා නොඇසුනේය, මාගේ සහෝදරයන් විසින් ඒවා අසන ලදී; මක්නිසාද මම වචන ඇසූ විට – නුඹ විසින් නුඹවම විනාශ කරනු ලබන්නේ නම්, දෙවියන්වහන්සේගේ සභාව තව දුරටත් විනාශ කිරීමට නොසොයන්න – මා විනාශ වෙතැයි මහත් බියෙන් සහ විස්මයෙන් මම කම්පනයට පත් වුනෙමි, එනම් මම පොළොවට ඇද වැටුණෙමි තවද තවදුරටත් මා හට නොඇසුනේය.

12 එහෙත් මම සදාකාලික වධ වේදනාව සමඟින් වද වින්දෙමි, මක්නිසාද මාගේ ආත්මය ඉමහත් කම්පා මට්ටමකට වී තවද මාගේ සියලු පාපයන් සමඟ වධ වේදනාවෙන් පිරිණි.

13 එසේය, මට මාගේ සියලු පාපයන් හා අයුතුකම් සිහි වුනේය, මක්නිසාද ඒ සඳහා මම නිරයේ වඳ වේදනාවන් වින්දෙමි; එසේය, මම මගේ දෙවියන්වහන්සේ හට විරුද්ධව කැරලි ගැසූවෙමි, තවද එනම් මා උන්වහන්සේගේ ශුද්ධ අණ පනත් පිළිනොපැද්ද බවත් මම දුටුවෙමි.

14 එසේය, තවද මම උන්වහන්සේගේ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් මරා දැමුවෙමි, නැතහොත් ඔවුන් විනාශය කරා ගෙන ගියෙමි; එසේය, තවද කොටින්ම මාගේ අයුතුකම් ඉතා මහත් විය, එනම් මාගේ දෙවියන්වහන්සේ අභියසට පැමිණීමේ සිතුවිල්ල මගේ ආත්මය වචනයෙන් කිව නොහැකි තරම් භීතියෙන් වධ වේදනා වින්දේය.

15 අහෝ, මම සිතුවෙමි, එනම් මා පිටුවහල් කරනු ලැබ තවද ආත්මය හා ශරීරය යන දෙකම අභාවයට යා හැකි නම්, එනම් මාගේ ක්‍රියාවන් විනිශ්චය කරනු ලබන පිණිස, මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පමුුුුුුුණුවනු නොලබන්නේය.

16 තවද දැන්, මක්නිසාද දින තුනක් සහ රාත්‍රී තුනක්, විනාශ වූ ආත්මයක වේදනාවන් සමඟින් පවා මම වධ වින්දෙමි.

17 තවද එය මෙසේ සිදු විය, එනම් මම මෙසේ වධ විදිමින් සිටියදී, මම මාගේ බොහෝ පාපයන්ගේ මතකයෙන් කම්පාවෙමින් සිටියදී, බලව, ලෝකයේ පාපයන් උදෙසා වන්දිගෙවන්නට, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙනෙකු, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන කෙනෙකුගේ පැමිණීම ගැන මාගේ පියා ජනතාවට අනාවැකි කියනු මට ඇසුන බව ද මට සිහිපත් විය.

18 දැන්, මාගේ මනස මේ සිතිවිල්ල මත රඳවා සිටින විට, මම මාගේ හදවත තුළ මොරගැසුවෙමි: අහෝ ජේසුස්වහන්ස, ඔබවහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය, මා කෙරෙහි දයාවන්ත වුව මැනව, තිත්තකමේ පිතේ සිටින මා, තවද මා මරණයේ සදාතනික යදම් වලින් වටවී ඇත්තේය.

19 තවද දැන්, බලව, මෙය මා සිතූ විට, මට මාගේ වේදනාවන් තව දුරටත් සිහිපත් නොවීය; එසේය, මාගේ පාපයන්ගේ මතකයෙන් තව දුරටත් කම්පා නොවීය.

20 තවද අහෝ, කෙතරම් ප්‍රීතියක් ද, තවද කෙතරම් ආශ්චර්යමත් ආලෝකයක් මම දුටුවෙමි ද; එසේය, මාගේ වේදනාවන් බොහෝසෙයින් වූවාක් මෙන්ම මාගේ ආත්මය ප්‍රීතියෙන් පුර්ණ විය!

21 එසේය, මාගේ පුත්‍රය, මම නුඹට කියන්නෙමි, එනම් මාගේ වේදනාවන් තරම් තදබල හා කටුක කිසිවක් තිබිය නොහැකිය. එසේය, තවද නැවතත් මම නුඹට කියන්නෙමි, මාගේ පුත්‍රය, එනම් අනෙක් අතට, මගේ ප්‍රීතිය තරම් තදබල හා මිහිරි කිසිවක් තිබිය නොහැකිය.

22 එසේය, අපගේ පියා වන ලීහායි දුටුවාක් මෙන්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සිංහාසනය මත වැඩ සිටිමින්, ගණන් කළ නොහැකි තරම් දේවදූතයන්ගේ සමූහයන්ගෙන් වටවී, ඔවුන්ගේ දෙවියන්වහන්සේ හට ගායනා කිරීමේ හා ප්‍රසංශා කිරීමේ ඉරියව්වෙන් සිටිනවා, මම දුටුවා යැයි මම සිතුවෙම; එසේය, තවද මගේ ආත්මය එහි සිටීමට ආශා කළේය.

23 එහෙත් බලව, මාගේ අත් පාවලට නැවත එවායේ ශක්තිය ලැබ, තවද මම මාගේ දෙපයින් නැඟී සිටියෙමි, තවද මා දෙවියන්වහන්සේගෙන් ඉපදී ඇති බව එනම් මම ජනතාවට ප්‍රකාශ කළෙමි.

24 එසේය, තවද එම කාලයේ සිට මේ දක්වා, මම නොනවත්වා වෙහෙසුනෙමි, එනම් පසුතැවිලි වීම සඳහා ආත්මයන් ගෙනඑන පිණිසය; එනම් මා රස විඳි ඉමහත් ප්‍රීතියේ රස බැලීමට මම ඔවුන් කැඳවාගෙන එන පිණිස ය; එනම් ඔවුන් ද දෙවියන්වහන්සේගෙන් ඉපදී, තවද ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව සිටිනු පිණිස ය.

25 එසේය, තවද දැන් බලව, අහෝ මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ මාගේ වෙහෙස වීමේ ඵලයන් හී ඉමහත් ප්‍රීතිය මා හට ලබා දෙන සේක.

26 මක්නිසාද උන්වහන්සේ මා හට ලබා දුන් වචනය නිසා, බලව, බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගෙන් ඉපදී, තවද මා රස බැලූ පරිදි රස විඳ, තවද මා දුටු පරිදි ඇසට ඇස දැක ඇත; එසේහෙයින් මා දන්නා පරිදි, මා කතා කළ මේ දේවල් ගැන ඔවුන් දනිති, තවද මා සතුව තිබෙන දැනුම දෙවියන්වහන්සේගෙන් වන්නේය.

27 තවද සෑම ආකාරයකම පරීක්ෂාවන් සහ කරදරවලදී මට උපකාර වී ඇති සේක, එසේය, තවද සියලු ආකාරයේ පීඩාවන්වලදී වන්නේය; එසේය, දෙවියන්වහන්සේ මා සිරගෙයින් ද, තවද බැමිවලින් ද, තවද මරණයෙන් ද ගලවා ගත් සේක; එසේය, තවද මම උන්වහන්සේ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි, තවද උන්වහන්සේ තවමත් මා ගළවා ගන්නා සේක.

28 තවද උන්වහන්සේ සමඟ මහිමයෙන් වාසය කරන පිණිස, අවසාන දවසේ දී උන්වහන්සේ මා ඔසවන බව මම දනිමි; එසේය, තව මම උන්වහන්සේ හට සදාකාලයටම ප්‍රශංසා කරන්නෙමි, මක්නිසාද උන්වහන්සේ අපේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනැවිත්, තවද උන්වහන්සේ රතු මුහුදේ මිසරවරුන් ගිල දැමුවේය; තවද උන්වහන්සේ තමන්වහන්සේගේ බලයෙන් පොරොන්දු දේශයට ඔවුන්ව ගෙන ගියේය, ඒසේය, තවද උන්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් පිටතට තවද කාලයෙන් කාලයට සිරගත වීමෙන් ද ගත් සේක.

29 එසේය, තවද උන්වහන්සේ එසේම අපගේ පියවරුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ සේක; තවද උන්වහන්සේ එසේම, උන්වහන්සේගේ සදාතනික බලයෙන්, වහල්භාවයෙන් පිටතට තවද කාලයෙන් කාලයට සිරගත වීමෙන් අද දක්වා පවා ඔවුන්ව ගළවාගත් සේක; තවද මා සෑම විටම ඔවුන්ගේ වහල්භාවය සිහියේ තබා ගත්තෙමි; එසේය, තවද නුඹලාත් ඔවුන්ගේ වහල්භාවය, මා කළාක් මෙන්ම, සිහියේ තබාගත යුතු වේ.

30 එහෙත්, බලව, මාගේ පුත්‍රය, මේ සියල්ලක් නොවේ; මක්නිසාද නුඹලා මා දන්නා පරිදි දැනගත යුතු වන්නේය, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපදිනතාක් නුඹලා දේශයෙහි සමෘද්ධිමත් වන්නෙහිය; තවද නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් නොපිළිපදිනතාක් නුඹලා උන්වහන්සේගේ අභිමුඛයෙන් කපා දමනු ලබන බව ද දැන ගත යුතුය. දැන් මෙය උන්වහන්සේගේ වචනයට අනුවය.