ශුද්ධලියවිලි
ඇල්මා 58


58 වන පරිච්ඡේදය

හීලමන්, ගිඩ් සහ තියොම්නර් උපාය මාර්ගයකින් මැන්ටයි නගරය අල්ලා ගනී – ලේමන්වරුන් ඉවත් වෙති – ඇමන් ජනතාවගේ පුත්‍රයන්, ඔවුන්ගේ නිදහස සහ ඇදහිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා ස්ථිරව සිටින තෙක් ඔවුන්ව ආරක්ෂා කරනු ලබයි. ක්‍රි.පූ. 63–62 පමණ.

1 තවද බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් අපගේ ඊළඟ අරමුණ වූයේ මැන්ටයි නගරය අත්පත් කර ගැනීමයි; එහෙත් බලව, එනම් අපගේ වූ කුඩා කණ්ඩායම් මඟින් ඔවුන්ව නගරයෙන් පිටතට ගෙන යාමට අපට ක්‍රමයක් නොතිබුණේය. මක්නිසාද බලව, අප එනම් මෙතෙක් කළ දේ ඔවුන් සිහිපත් කළෝය; එසේහෙයින් අපට ඔවුන්ගේ බලකොටුවලින් ඔවුන්ව රවටා ඉවතට ගැනීමට නොහැකි විය.

2 තවද ඔවුන් අපගේ හමුදාවට වඩා බොහෝසෙයින් වැඩි වූ බැවින්, අප ඉදිරියට ගොස් එනම් ඔවුන්ට ඔවුන්ගේ බලකොටුවල තුලදී පහර දීමට තරම් එඩිතර නොවූයේය.

3 එසේය, තවද එනම් අපගේ හිමිකම නැවත ලබා ගත්තාවූ දේශයේ එම කොටස් නඩත්තු කිරීම සඳහා අපගේ මනුෂ්‍යයන් යෙදවීම යෝග්‍ය විය; එසේහෙයින් එනම් සරහෙම්ලා දේශයෙන් අපට වැඩි ශක්තියක් සහ නව ප්‍රතිපාධන සැපයුමක් ලැබෙන තෙක් අප බලා සිටීම යෝග්‍ය විය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ ජනතාවගේ කටයුතු පිළිබඳව ඔහුට දැනුම් දීම සඳහා, මම අපගේ දේශයේ ආණ්ඩුකාරවරයා වෙත රාජ්‍යදූත කණ්ඩායමක් යැවුවෙමි. තවද එය මෙසේ සිදු විය, එනම් සරහෙම්ලා දේශයෙන් ප්‍රතිපාධන සහ ශක්තිය ලබා ගැනීම සඳහා අප බලා සිටියෙමු.

5 එහෙත් බලව, මෙය අපට ඉතා සුළු ප්‍රයෝජනයක් විය; මක්නිසාද ලේමන්වරුන් ද එසේම දිනෙන් දින මහත් ශක්තියක් සහ බොහෝ ප්‍රතිපාධන ද එසේම ලබා ගනිමින් සිටියෝය; තවද මෙසේ මෙම කාල පරිච්ඡේදයේදී අපගේ තත්වයන්ද එලෙස විය.

6 තවද ලේමන්වරුන් වරින් වර අපට විරුද්ධව කඩා වැදෙමින්, අපව විනාශ කිරීමට උපාය මාර්ගයෙන් නිශ්චය කරමින් සිටියෝය; එසේනමුත්, ඔවුන්ගේ පසුබැසීම් සහ ඔවුන්ගේ බලකොටු නිසා, අපට ඔවුන් සමඟ සටන් කිරීම සඳහා පැමිණීමට නොහැකි විය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම දුෂ්කර තත්වයන් තුළ මාස ගණනාවක් පුරාවට, ආහාර හිඟය නිසා අප නැසී යාමට ආසන්න වනතෙක් පවා, අප බලා සිටියෙමු.

8 එහෙත් එය මෙසේ සිදු විය, එනම් අපට ආහාර ලැබුණි, එය අපගේ සහාය සඳහා මනුෂ්‍යයන් දෙදහසක හමුදාවක් විසින් අපට ආරක්ෂා කර දෙන ලදී; තවද මෙය අපගේ සතුරන්ගේ අතට පත්වීමෙන් අපව සහ අපගේ රට ආරක්ෂා කර ගැනීමට, එසේය, ගණන් කළ නොහැකි වූ සතුරෙකු සමඟ සටන් කිරීමට අපට ලැබුණාවූ සියලු සහාය මෙය විය.

9 තවද දැන් අපගේ මෙම අපහසුතාවන්ට හේතුව, හෝ ඔවුන් අපට වැඩි ශක්තියක් එවා නොමැති හේතුව, අප දැන නොසිටියෙමු; එසේහෙයින් අප ශෝක වූ අතර එසේම බියෙන් ද පිරී සිටියෙමු, මක්නිසාද දෙවියන්වහන්සේගේ විනිශ්චයන් අපගේ දේශයට, අපගේ පෙරලා දැමීමට සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කෙසේ හෝ පැමිණේ යැයි අප බිය වුණෙමු.

10 එසේහෙයින් අප දෙවියන්වහන්සේ හට යාච්ඤාවෙන් අපගේ ප්‍රාණයන් වැගිරුවෙමු, එනම් උන්වහන්සේ අපව ශක්තිමත් කර අපගේ සතුරන්ගේ අත්වලින් අපව ගලවා ගන්නා පිණිසත්, එසේය, තවද එසේම අපගේ නගර, අපගේ දේශයන් සහ අපගේ දේපළ අපගේ ජනතාවගේ සහාය සඳහා රඳවා ගැනීමට අපට ශක්තිය දෙනු ලබන පිණිසත්ය.

11 එසේය, තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ අපව ගළවන බවට සහතික සමඟින් අපව බැහැදුටුව සේක; එසේය, එපමණකින් උන්වහන්සේ එනම් අපගේ ප්‍රාණයන්ට සාමය කථා කොට, තවද අපට මහත් ඇදහිල්ලක් ලබා දුන්නාවූ අතර, තවද එනම් අප උන්වහන්සේ තුළ අපගේ ගැළවීම බලාපොරොත්තුවෙන් සිටීමට අපට සැලැස්වූ සේක.

12 තවද අපට ලැබුණාවූ අපගේ කුඩා හමුදාව සමඟ අප ධෛර්යය උපදවා ගත්තෙමු, තවද අපගේ සතුරන් පරාජය කිරීමටත්, තවද අපගේ දේශයන් ද, තවද අපගේ දේපළ ද, අපගේ භාර්යාවන් සහ අපගේ දරුවන් නඩත්තු කිරීමටත්, අපගේ නිදහසේ අරමුණ ඉටු කිරීමටත් අප අධිෂ්ඨානයකින් ස්ථාවර වී සිටියෙමු.

13 තවද මෙසේ අප මැන්ටයි නගරයේ සිටින්නාවූ ලේමන්වරුන්ට එරෙහිව, අපගේ සියලු ශක්තියෙන් ඉදිරියට ගියෙමු; තවද නගරයට ආසන්නව පිහිටි, වනාන්තරය පැත්තෙහි අපගේ කූඩාරම් පිහිටුවා ගත්තෙමු.

14 තවද එය මෙසේ සිදු විය, එනම් පසුදා, නගරය අසල පිහිටි වනාන්තරයේ සිමාවන් වල අප සිටින බව ලේමන්වරු දුටු විට, එනම් අපගේ හමුදාවේ සංඛ්‍යාව සහ ශක්තිය සොයා ගන්නා පිණිස ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් අප වටා යැව්වෝය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ සංඛ්‍යාවට අනුව, අප ශක්තිමත් නොවන බව ඔවුන් දුටු විට, තවද එනම් ඔවුන් අපට විරුද්ධව සටන් කිරීමට පැමිණ අපව මරා නොදමන්නේ නම්, අප ඔවුන්ට තිබූ සහයෝගයෙන් ඔවුන් කපා හරිනු ඇතැයි බිය වී, තවද එසේම ඔවුන්ගේ බොහෝ සේනා සමඟ අපව පහසුවෙන් විනාශ කළ හැකි යැයි සිතූවේය, එසේහෙයින් ඔවුන් අපට විරුද්ධව සටන් කිරීමට පැමිණීමට සූදානම් වීම් පටන් ගත්තෝය.

16 තවද එනම් ඔවුන් අපට විරුද්ධව පැමිණීමට සූදානම් කිරීම් කරන බව අප දුටු විට, බලව, ගිඩ් හට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ, වනාන්තරයේ සැඟවී සිටීමටත්, තවද එසේම තියොම්නර් සහ මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ඔවුන්වම වනාන්තරයේ සැඟවී සිටීමටත් මම සැලැස්වූවෙමි.

17 දැන් ගිඩ් සහ ඔහුගේ මනුෂ්‍යයන් දකුණු පසින්ද අනෙක් අය වම් පසින්ද සිටියෝය; තවද ඔවුන් මෙසේ ඔවුන්වම සඟවා ගෙන සිටි පසු, බලව, ලේමන්වරුන් පිටතට පැමිණ සටනට පැමිණෙන කාලයට එරෙහිව අප මුලින්ම අපගේ කූඩාරම් පිහිටුවාගත් ස්ථානයේම, මම, මාගේ හමුදාවේ ඉතිරි අය සමඟ රැඳී සිටියෙමි.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ බොහෝ වූ හමුදාව සමඟ අපට විරුද්ධව පිටතට පැමිණියෝය. තවද ඔවුන් පැමිණ කඩුවෙන් අප මතට වැටීමට සූදානම් වූ විට, මා සමඟ සිටියාවු, එනම් මාගේ මනුෂ්‍යයන්, වනාන්තරයට පසුබැසිය යුතු ලෙසට මම සැලැස්වූවෙමි.

19 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් අප පසුපස මහත් වේගයෙන් ලුහුබැඳ පැමිණියෝය, මක්නිසාද එනම් ඔවුන් අපව මරා දමනු පිණිස අපව අල්ලා ගැනීමට අතිශයින් ආශා විය; එසේහෙයින් ඔවුන් වනාන්තරය තුළට අපව ලුහුබඳින ලදී; තවද අප ගිඩ් සහ තියොම්නර් පසු කර මැදින් ගියෙමු, එපණකින් එනම් ඔවුන්ව ලේමන්වරුන් විසින් සොයාගැනීමට නොහැකි විය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් පසුකර ගිය විට, හෝ හමුදාව පසුකර ගිය විට, ගිඩ් සහ තියොම්නර් ඔවුන්ගේ රහස් ස්ථානවලින් නැඟිට, ලේමන්වරුන්ගේ ඔත්තුකරුවන් නගරයට ආපසු නොයන ලෙස ඔවුන්ව කපා දැමුවෝය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ව කපා දැමූ විට, ඔවුන් නගරයට දිව ගොස් නගරය ආරක්ෂා කිරීමට ඉතිරිව සිටියාවූ ආරක්ෂකයින් මත වැටුණෝය, එපණකින් එනම් ඔවුන් ඔවුන්ව විනාශ කර තවද නගරය අත්පත් කර ගත්තෝය.

22 දැන් මෙය සිදු වූයේ ආරක්ෂකයින් කිහිප දෙනෙකු පමණක් හැර, ලේමන්වරුන් ඔවුන්ගේ සියලුම හමුදාව, වනාන්තරය තුළට ගෙන ගිය බැවින්ය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් ගිඩ් සහ තියොම්නර් මේ ආකාරයෙන් ඔවුන්ගේ බලකොටු අත්පත් කර ගත්තෝය. තවද එය මෙසේ සිදු විය, එනම් වනාන්තරයේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් පසු අප සරහෙම්ලා දේශය දෙසට අපගේ ගමන ගියෙමු.

24 තවද එනම් ලේමන්වරුන් ඔවුන් සරහෙම්ලා දේශය දෙසට ගමන් කරන්නාවූ බව දුටු විට, ඔවුන්ව විනාශය කරා ගෙන යාමට එහි සැලැස්මක් සකස් කර ඇතැයි, ඔවුන් අතිශයින් බිය වූවෝය; එසේහෙයින් ඔවුන් නැවතත් වනාන්තරය තුළට පසුබැසීමට පටන් ගත්හ, එසේය, ඔවුන් පැමිණියාවූ මාර්ගයෙන්ම ආපසු ගියෝය.

25 තවද බලව, එය රාත්‍රිය විය තවද ඔවුන් ඔවුන්ගේ කූඩාරම් ගසා ගත්තෝය, මක්නිසාද එනම් නීෆායිවරුන් ඔවුන්ගේ ගමන නිසා වෙහෙසට පත්ව සිටිනු ඇතැයි ලේමන්වරුන්ගේ ප්‍රධාන කපිතාන්වරුන් සිතුවෝය; තවද එනම් ඔවුන්, ඔවුන්ගේ සියලුම හමුදාව පලවා හැර ඇතැයි සිතමින්, එසේහෙයින් ඔවුන් මැන්ටයි නගරය පිළිබඳ කිසිවක් නොසිතුවෝය.

26 දැන් එය මෙසේ සිදු විය, එනම් එය රාත්‍රිය වූ විට, එනම් මාගේ මනුෂ්‍යයන් නිදා නොගෙන, එහෙත් එනම් වෙනත් මාර්ගයකින් මැන්ටයි දේශය දෙසට ඉදිරියට ගමන් කිරීමට මම සැලැස්වූවෙමි.

27 තවද අපගේ මෙම ගමන රාත්‍රී කාලයේ නිසා, බලව, පසුදා අප ලේමන්වරුන්ගෙන් ඔබ්බට ගියෙමු, එපමණකින් එනම් අප ඔවුන්ට පෙර මැන්ටයි නගරය වෙත පැමිණියෙමු.

28 තවද මෙසේ එය සිදු විය, එනම් මෙම උපක්‍රමයෙන් ලේ වැගිරීමකින් තොරව අප මැන්ටයි නගරය අත්පත් කර ගත්තෙමු.

29 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ හමුදාවන් නගරය අසලට පැමිණ, තවද එනම් අප ඔවුන් හමුවීමට සූදානම්ව සිටින්නාවූ බව දුටු විට, ඔවුන් අතිශයින් මවිතයට සහ මහත් බියට පත්ව, එපමණකින් එනම් ඔවුන් වනාන්තරය තුළට පලා ගියෝය.

30 එසේය, තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ හමුදාවන් දේශයේ මෙම සියලුම කොටස් වලින් පලා ගියෝය. එහෙත් බලව, ඔවුන් බොහෝ කාන්තාවන් සහ දරුවන් දේශයෙන් පිටතට ඔවුන් සමඟ රැගෙන ගියෝය.

31 තවද ලේමන්වරුන් විසින් අල්ලා ගන්නා ලද එම නගර සියල්ලම, මේ කාල පරිච්ඡේදය වන විට අප සතුව තිබුණේය; තවද ලේමන්වරුන් විසින් සිරකරුවන් ලෙස රැගෙන ගොස් ඇති අයවලුන් හැර, අපගේ පියවරුන්ද, අපගේ කාන්තාවන් සහ අපගේ දරුවන් සියල්ලෝම ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යමින් සිටියෝය.

32 එහෙත් බලව, එතරම් විශාල නගර සංඛ්‍යාවක් සහ එතරම් විශාල දේපළ නඩත්තු කිරීමට තරම් අපගේ හමුදාවන් කුඩා විය.

33 එහෙත් බලව, එපමණකින් එනම් අපට අයිති වූ, එම නගර සහ එම දේශයන් අප ලබාගත්තෙමු, එම දේශයන් කෙරෙහි අපට ජයග්‍රහණය ලබා දුන් අපගේ දෙවියන්වහන්සේ තුළ අප විශ්වාස කරන්නෙමු.

34 දැන් එනම් රාජ්‍යය අපට වඩාත් ශක්තියක් ලබා නොදෙන්නේ මන්දැයි අප නොදන්නෙමු; නැතහොත් අප වෙත පැමිණි එම මනුෂ්‍යයන්ද අපට බලවත් ශක්තියක් නොලැබුනේ මන්දැයි දැන නොසිටියෝය.

35 බලව, එහෙත් නුඹලා අසාර්ථක වන්නේ මන්දැයි අප නොදන්නෙමු, තවද නුඹලා හමුදාවන් දේශයේ එම කොටස තුළට ඇදගෙන ගොස් ඇත්තේය; එසේ නම්, අප මැසිවිලි නැඟීමට කැමති නොවන්නෙමු.

36 තවද එය එසේ නොවන්නේනම්, බලව, එනම් රාජ්‍යයේ යම් කොටසක් සිටින බවත්, එනම් ඔවුන් අපගේ සහායට තවත් මනුෂ්‍යයන් නොඑවන්නේ යැයි අප බිය වන්නෙමු; මක්නිසාද එනම් ඔවුන් එවූ ප්‍රමාණයට වඩා ඔවුන් බොහෝ සංඛ්‍යාවක් ඇතැයි අප දනිමු.

37 එහෙත්, බලව, එය වැදගත් නොවන්නේය – දෙවියන්වහන්සේ අපව ගලවාගන්නා බවට අප විශ්වාස කරන්නෙමු, අපගේ හමුදාවන්ගේ දුර්වලතාවය තිබියදීත්, එසේය, තවද අපගේ සතුරන්ගේ දෑත්වලින් අපව ගලවා ගන්නා සේක.

38 බලව, මෙය විසි නවවන වසරේ අවසානය විය, අවසාන භාගයේදී, තවද අප අපගේ දේශයන් හිමිකරගෙන සිටින්නෙමු; තවද ලේමන්වරුන් නීෆායිගේ දේශයට පලා ගොස් ඇත්තේය.

39 තවද මා ඉතා උසස්ව කථා කළාවූ, එම ඇමන් ජනතාවගේ පුත්‍රයන්, මා සමඟ මැන්ටයි නගරයේ සිටින්නෝය; තවද ස්වාමීන්වහන්සේ ඔවුන් හට උපකාර කළ සේක, එසේය, තවද ඔවුන්ව කඩුවෙන් වැටීම වළක්වා ඇති අතර, එපමණකින් එනම් එක ප්‍රාණයක්වත් මරණයට පත් නොවීය.

40 එහෙත් බලව, ඔවුන් බොහෝ තුවාල ලැබුවෝය; එසේනමුත් ඔවුන් දෙවියන්වහන්සේ ඔවුන්ව නිදහස් කළාවූ එම ස්වාධීනත්වය තුළ ස්ථිරව සිටින්නෝය; තවද ඔවුන් දිනෙන් දින දෙවි වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේව සිහිපත් කිරීමට දැඩි වන්නෝය; එසේය, ඔවුන් උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් ද, තවද උන්වහන්සේගේ විනිශ්චයන් සහ උන්වහන්සේගේ අණ පනත් ද නිරන්තරයෙන් පිළිපැදීමට වග බලාගන්නෝය; තවද එනම් පැමිණීමට නියමිත දේ පිළිබඳ අනාවැකි තුළ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත.

41 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයා වන මොරෝනායි, අපව මුදවා තවද අපව නිදහස් කළාවූ දෙවියන් වූ අපගේ ස්වාමීන්වහන්සේව නුඹව උන්වහන්සේගේ අභිමුඛයේ නිරන්තරයෙන් තබා ගන්නා සේක්වා; එසේය, තවද එනම් ලේමන්වරුන් අපෙන් ලබාගත් සියලු දේ අත්පත් කර ගැනීමේදී නුඹලා හට සාර්ථකත්වය ලැබෙන පිණිස, අපගේ උපකාරය සඳහා වූ, මෙම ජනතාව හට උන්වහන්සේ ප්‍රසාද වන සේක්වා. තවද දැන්, බලව, මම මාගේ ලිපිය අවසන් කරන්නෙමි. ඇල්මාගේ පුත්‍රයා වන, මම හීලමන් වන්නෙමි.