ශුද්ධලියවිලි
ඇල්මා 53


53 වන පරිච්ඡේදය

ලේමන් ජාතික සිරකරුවන් යොදවා බෞන්ටිෆුල් නගරය ශක්තිමත් කෙරේ – නීෆායිවරුන් අතර වූ මතභේද ලේමන්වරුන්ගේ ජයග්‍රහණවලට මඟ පාදයි – හීලමන් ඇමන් ජනතාවගේ ගැටවර පුත්‍රයන් දෙදහසකගේ ආඥාපතිත්වය භාර ගනියි. ක්‍රි.පූ. 64–63 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම්, ඔවුන් ලේමන්වරුන්ගේ සිරකරුවන් කෙරෙහි මුරකරුවන් තැබුවෝය, තවද ඔවුන්ට ගොස් ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීමට බල කරන ලදී, එසේය, තවද මරා දමන ලද නීෆායිවරුන්ගේ මළවුන් ද; තවද මොරෝනායි ඔවුන්ගේ කටයුත්ත ඔවුන් ඉෂ්ඨ කරන අතරතුර ඔවුන් කෙරෙහි මුර කිරීමට මනුෂ්‍යයන්ව යොදවන ලදී.

2 තවද මොරෝනායිි ලීහායි සමඟ මියුලෙක් නගරයට ගියේය, තවද නගරයේ ආඥාපතිත්වය ගෙන එය ලීහායි හට දුන්නේය. දැන් බලව, මෙම ලීහායි මොරෝනායි යුධ වැදුණු අවස්ථා වල වැඩි කොටසකදී ඔහු සමඟ සිටියාවූ මනුෂ්‍යයෙකි; තවද ඔහු මොරෝනායි වැනි මනුෂ්‍යයෙක් වූ අයෙක් විය, තවද ඔවුන් එකිනෙකාගේ ආරක්‍ෂාව තුළ ප්‍රීති වූවෝය; එසේය, ඔවුන් එකිනෙකාට ප්‍රේම කළ අතර, තවද එසේම සියලුම නීෆායි ජනතාව විසින්ද ප්‍රේම කරනු ලැබුවෝය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ මළවුන් තවද එසේම නීෆාවරුන්ගේ මළවුන්ද භූමදානය කිරීම අවසන් කළ පසු, ඔවුන් නැවතත් බෞන්ටිෆුල් දේශය වෙතට ගමන් කරවන ලද්දේය; තවද ටියැන්කම්, මොරෝනායිගේ නියෝග අනුව, බෞන්ටිෆුල් දේශය නැතහොත් නගරය වටා අගලක් හෑරීම සඳහා ඔවුන්ට වෙහෙස විය යුතු බවට සැලසුවේය.

4 තවද ඔහු ඔවුන්ට අගලේ ඇතුළත කණ්ඩිය මත දැවවලින් බැම්මක් සෑදීමට සැලසුවේය; තවද ඔවුන් දැවවලින් සෑදූ බැම්මට විරුද්ධව අගලේ පිටතට පස් දමන ලදී; තවද මෙසේ ඔවුන් බෞන්ටිෆුල් නගරය විශාල උසකින් යුතු, දැව හා පස් වලින් සාදන ලද ශක්තිමත් පවුරකින්, අතිශයින් උසකට වට කරන තුරු ලේමන්වරුන්ව වෙහෙස වීමට සැළැස්වූවෝය.

5 තවද මෙලෙස මෙම නගරය එතැන් පටන් ඉමහත් බලකොටුවක් විය; තවද මෙම නගරය තුළ ඔවුන් ලේමන්වරුන්ගේ සිරකරුවන් මුර කෙරුවෝය; එසේය, ඔවුන් ඔවුන්ගේම දෑතින් ගොඩනඟා ගැනීමට සැලැස්වූ පවුරක් තුළ පවා විය. දැන් මොරෝනායි ලේමන්වරුන්ව වෙහෙසීමට බල කෙරුණේ, මක්නිසාද ඔවුන් වෙහෙසෙන අතරතුරේදී ඔවුන්ව මුරකිරීමට පහසු වූ බැවිනි; තවද ලේමන්වරුන්ට පහර දෙන විටදී ඔහුගේ සියලු හමුදාවන් සිටීම ඔහු ආශා කළේය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි මෙලෙස ලේමන්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම හමුදා වලින් එකකින් ජයග්‍රහණය කළේය, තවද මියුලෙක් නගරයේ අයිතිය ලබා ගත්තේය, එය නීෆායිගේ දේශයේ ලේමන්වරුන්ගේ ශක්තිමත්ම බලකොටුවලින් එකක් විය; තවද මෙලෙස ඔහු තම සිරකරුවන් රඳවා තබා ගැනීමට බලකොටුවක් ද ගොඩනඟනු ලැබුවේය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් එම වසරේදී ඔහු ලේමන්වරුන් සමඟ යුද්ධ කිරීමට තවදුරටත් උත්සාහ නොකළේය, එහෙත් ඔහු යුද්ධයට සූදානම් වීම සඳහා ඔහුගේ මනුෂ්‍යයන්ව යෙදෙව්වේය, එසේය, තවද ලේමන්වරුන්ට විරුද්ධව ආරක්ෂා වීමට බලකොටු සෑදීමේදී, එසේය, තවද ඔවුන්ගේ හමුදාවන්ට ආහාර ලබා දෙමින්, තවද ඔවුන්ගේ කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් සාගතයෙන් හා පීඩාවෙන් මුදා ගනු ලැබුවෝය.

8 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් බටහිර මුහුදේ ද, දකුණේ ද, සිටි ලේමන්වරුන්ගේ හමුදාවන්, මොරෝනායි නොමැති විට නීෆායිවරුන් අතර ඇති වූ යම් කුමන්ත්‍රණය හේතුවෙන්, ඔවුන් අතර ඇති වූ මතභේද ඇති කළ අතර, නීෆායිවරුන් කෙරෙහි යම් බලප්‍රදේශයක් අත් කරගන්නා ලදී, එසේය, එපමණකින් එනම් ඔවුන් ඔවුන්ගේ දේශයේ එම කොටසෙහි ඔවුන්ගේ නගර ගණනාවක් අයිති කර ගත්තෝය.

9 තවද මෙසේ ඔවුන් අතර පැවති අයුතුකම් නිසා, එසේය, ඔවුන් අතර පැවති මතභේද සහ කුමන්ත්‍රණ නිසා, ඔවුන් ඉතාමත් භයානක තත්ත්වයන්ට පත් වී සිටියෝය.

10 තවද දැන් බලව, එනම් ඔවුන්, ආරම්භයේදී, ලේමන්වරුන් වූ, ඇමන්ගේ ජනතාව පිළිබඳව යමක් කියන්නට මට ඇත; එහෙත් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් මඟින්, නැතහොත් වෙනත් අතට දෙවියන්වහන්සේගේ බලය සහ වචනය මඟින්, ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබුවෝය; තවද ඔවුන්ව සරහෙම්ලා දේශයට රැගෙන එනු ලැබුවෝය, තවද එතැන් සිට නීෆායිවරුන් විසින් ආරක්ෂා කරන ලදී.

11 තවද ඔවුන්ගේ දිවුරුම නිසා ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ආයුධ අතට ගැනීමෙන් ඔවුන්ව වළක්වනු ලැබීය; මක්නිසාද ඔවුන් නැවත කිසිදිනකවත් රුධිරය තවත් වගුරවන්නේ නැති බවට දිවුරුම් දී තිබුණි; තවද ඔවුන්ගේ දිවුරුමට අනුව ඔවුන් විනාශ වන්නට තිබුණි; එසේය, ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ගේ අත්වලට හසු වීමට ඉඩ තිබුණි, එය එසේ නොවූයේ ඇමන් සහ ඔහුගේ සහෝදරයන් ඔවුන් කෙරෙහි දැක්වූ අනුකම්පාව සහ අධික ප්‍රේමය නිසාය.

12 තවද මෙම කාරණය නිසා ඔවුන්ව සරහෙම්ලා දේශය වෙතට ගෙන එන ලදී; තවද ඔවුන්ව සැමවිටම නීෆායිවරුන් විසින් ආරක්ෂා කරන ලදී.

13 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අනතුර ද, තවද ඔවුන් වෙනුවෙන් නීෆායිවරුන් දැරූ බොහෝ පීඩාවන් සහ දුක්ගැහැට දුටු විට, ඔවුන් අනුකම්පාවෙන් සැලී තවද තම රට ආරක්ෂා කිරීම සඳහා ආයුධ අතට ගැනීමට ආශා වූවෝය.

14 එහෙත් බලව, ඔවුන් තම යුද්ධායුද ගැනීමට සූදානම් වූ විට, හීලමන් සහ ඔහුගේ සහෝදරයින්ගේ පෙළඹවීම්වලට මැඩපැවැත්වණු ලැබුවෝය, මක්නිසාද ඔවුන් ඇතිකරගත් දිවුරුම කඩ කිරීමට ආසන්නව සිටියෝය.

15 තවද එසේ කළහොත් ඔවුන්ට ඔවුන්ගේ ප්‍රාණයන් අහිමි වනු ඇතැයි හීලමන් බිය වුණේය; එසේහෙයින් මෙම ගිවිසුමට ඇතුළත්වූ ඔවුන් සියලු දෙනාටම මෙම අවස්ථාවන්හිදී ඔවුන්ගේ කාලයේ වූ භයානක තත්ත්වයන් යටතේ, ඔවුන්ගේ සහෝදරයින් ඔවුන්ගේ පීඩා තුළින් ගමන් කරනු දැකීමට බල කෙරුණු ලදී.

16 එහෙත් බලව, එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව ඔවුන්වම ආරක්ෂා කිරීමට ඔවුන්ගේ යුද්ධායුද රැගෙන නොයන බවට, ගිවිසුමකට එළඹ නොතිබුණා වූ, බොහෝ පුත්‍රයන් ඔවුන්ට සිටියෝය; එසේහෙයින් ඔවුන් මෙම කාලයේදී ආයුධ ගැනීමට හැකි වූ සියලු දෙනාම එකට එක්රැස් වූවෝය, තවද නීෆායිවරුන් ලෙස ඔවුන් තමන්ව හැඳින්වූවෝය.

17 තවද ඔවුන් නීෆායිවරුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ගිවිසුමකට එළඹුණෝය, එසේය, එනම් තම ජීවිත පරදුවට තබා දේශය ආරක්ෂා කිරීමටය; එසේය, ඔවුන් කිසිදා ඔවුන්ගේ නිදහස අත් නොහරින්නට පවා ද, එහෙත් එනම් ඔවුන් නීෆායිවරුන්වද තමන්වද වහල්භාවයෙන් ආරක්ෂා කරගැනීමට සෑම අවස්ථාවකදීම සටන් වදින බවට ඔවුන් ගිවිසුම්ගත වූවෝය.

18 දැන් බලව, තම දේශය රැකගැනීමට තම යුද්ධායුධ ගෙන තවද මෙම ගිවිසුමට එළඹුණ, එම තරුණ පුරුෂයින් ගණනින් දෙදහසක් විය.

19 තවද දැන් බලව, ඔවුන් කිසිදා මෙතෙක් නීෆායිවරුන්ට අවාසියක් වී නොතිබූ බැවින්, මෙම කාලයේ දී එසේම ඔවුන් මහත් සහයෝගයක් ද විය; මක්නිසාද ඔවුන් ඔවුන්ගේ යුද්ධායුද ගත් අතර, තවද හීලමන් ඔවුන්ගේ නායකයා වීම ඔවුන්ට අවශ්‍ය විය.

20 තවද ඔවුන් සියල්ලෝම තරුණ පුරුෂයින් වූවෝය, තවද එසේම ඔවුන් අතිශයින් නිර්භීතව ධෛර්යවන්ත වූවෝය, තවද එසේම ශක්තිමත් සහ කඩිසරකමින්ද එසේමය; නමුත් බලව, එපමණක් නොව – ඔවුන්ට භාර දුන් ඕනෑම දෙයකදී සෑම විටම සත්‍යවාදී මනුෂ්‍යයන් වූවෝය.

21 එසේය, ඔවුන් සත්‍යවාදී සහ සන්සුන්කම ඇති පුරුෂයින් වූවෝය, මක්නිසාද ඔවුන් හට දෙවියන්වහන්සේගේ අණ පනත් රකින්නටත් තවද උන්වහන්සේ ඉදිරියේ ඍජුව ගමන් කිරීමටත් උගන්වා තිබුණ නිසාය.

22 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් හීලමන් ඔහුගේ ගැටවර සොල්දාදුවන් දෙදහසගේ නායකත්වයෙන් පෙරමුණෙන් බටහිර මුහුදෙන් දකුණේ දේශයේ මායිම්වල ජනතාවගේ සහයෝගයට ගමන් කළේය.

23 තවද මෙසේ නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විසිඅටවන වසර අවසන් විය.