61 වන පරිච්ඡේදය
පහෝරන් ආණ්ඩුවට විරුද්ධව කැරැල්ල සහ විරෝධය පිළිබඳව මොරෝනායිට පවසයි – රාජ්‍ය-මනුෂ්‍යයන් සරහෙම්ලා අල්ලා ගනිති, තවද ලේමන්වරුන් සමඟ එක් වෙති – පහෝරන් කැරලිකරුවන්ට එරෙහිව හමුදා සහය පතයි. ක්‍රි.පූ. 62 දී පමණ.
1 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ඔහුගේ හසුන ප්‍රධාන ආණ්ඩුකාරයා වෙත යැවූ වහාම, ප්‍රධාන ආණ්ඩුකාරයා වන පහෝරන්ගෙන් ඔහුට හසුනක් ලැබුණි. තවද ඔහුට ලැබුණු වචන නම් මේවාය:
2 මම, පහෝරන්, මෙම දේශයේ ප්‍රධාන ආණ්ඩුකාරයාය, මෙම වචන හමුදාවේ ප්‍රධාන කපිතාන් වන, මොරෝනායි වෙත යවමි. බලව, මොරෝනායි, මම නුඹට කියමි, එනම් නුඹලාගේ මහත් පීඩාවන් පිළිබඳව මම ප්‍රීති නොවෙමි, එසේය, එය මාගේ ආත්මය ශෝකයට පත් කරන්නේය.
3 එහෙත් බලව, නුඹලාගේ පිඩාවන්හි දී ප්‍රීති වන්නෝ සිටිති, එසේය, එනම් ඔවුන් මට විරුද්ධව කැරැල්ලෙන් නැඟී සිටින තරමට, තවද එසේම මාගේ ජනතාවට විරුද්ධව නැඟී සිටිය නිදහස් මනුෂ්‍යයන් වූ අය, එසේය, තවද නැඟී සිටිය අයවලුන්ගේ සංඛාව බොහෝමයකි.
4 තවද මෙම මහත් අයුතුකමට හේතු වන්නේ විනිශ්චය-ආසනය මාගෙන් උඳුරා ගැනීමට උත්සහ කරන අයවලුන්ය; මක්නිසාද ඔවුන් මහත් ඉච්චා බස් භාවිතා කර, තවද ඔවුන් බොහෝ මනුෂ්‍යයින්ගේ හදවත් ඉවතට මඟපෙන්වනු ලැබුවෝය, එය අප අතරේ මහත් සේ පීඩාවන්ට හේතුව වන්නේය; ඔවුන් අපගේ කළමනා අත්හිටුවා, තවද අපගේ නිදහස් මනුෂ්‍යයින් බිය ගන්වා එනම් ඔවුන්ට නුඹලා වෙතට පැමිණීමට නොහැකි විය.
5 තවද බලව, ඔවුන් ඔවුහු ඉදිරියෙන් මා පලවා හැරියෝය, එනම් මා හට ලබා ගැනීමට හැකි වූ බොහෝ මනුෂ්‍යයින් පුළුවන් තරමක් සමඟ, තවද මම ගිඩියොන් දේශයට පලා ගියෙමි.
6 තවද බලව, මම දේශයේ මෙම කොටස පුරා ප්‍රකාශනයක් යවා ඇත්තෙමි; තවද බලව, ඔවුන්ගේ ආයුධවලට, ඔවුන්ගේ නිදහස සහ ඔවුන්ගේ රට ආරක්ෂා කිරීම සඳහා, තවද අපගේ හිංසාවලට පළිගැනීම සඳහා, ඔවුන් දිනපතා අප වෙත එක්වෙති.
7 තවද ඔවුන් අප වෙතට පැමිණ ඇත්තෝය, එපමණකින් එනම් අපට විරුද්ධව කැරැල්ලෙන් නැඟී සිටිය අයවලුන් පසු බසින ලදී, එසේය, එපමණකින් එනම් ඔවුන් අපට බිය වී තවද අපට විරුද්ධව සටනකට අභියෝග කරන්නට පැමිණියේ නැත.
8 ඔවුන් සරහෙම්ලා දේශය, නැතහොත් නගරය, අත්පත් කරගත්තෝය; ඔවුන් ඔවුන් කෙරෙහි රජෙකු පත්කර ගත්තෝය, තවද ඔහු ලේමන්වරුන්ගේ රජුට හසුනක් ලිව්වේය, එයින් ඔහු ඔහුත් සමඟ සම්මුතියකට එළඹීය; එම සම්මුතියෙන් ඔහු සරහෙම්ලා නගරය පාලනය කිරීමට එකඟ විය, එම පාලනයෙන් ලේමන්වරුන්ට දේශයේ ඉතිරි කොටස යටත් කරගැනීමට හැකි වනු ඇති බවත්, තවද ලේමන්වරුන් යටතේ ඔවුන් ජය ගත් විට මෙම ජනතාව කෙරෙහි ඔහුව රජු ලෙස පත් කරනු ඇතැයි ඔහු සිතුවේය.
9 තවද දැන්, නුඹගේ හසුනෙහි නුඹ මා විවේචනය කර ඇත, එහෙත් එය වැදගත් නොවේ; මම අමනාප නැත, එහෙත් නුඹගේ හදවතේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ප්‍රීති වන්නෙමි. මම පහෝරන්, බලය සොයන්නේ නැත, මාගේ ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් එනම් මාගේ විනිශ්චය-ආසනය රඳවා ගත්තේය. මාගේ ප්‍රාණය දෙවියන්වහන්සේ විසින් අපව ස්වාධීන කළ එම නිදහස තුළ ස්ථිරව සිටින්නේය.
10 තවද දැන්, බලව, රුධිරය වැගිරීමකට පවා අප දුෂ්ටකමට විරුද්ධ වන්නෙමු. ඔවුන්ගේ දේශයේ ඔවුන් රැදී සිටිනවා නම් අප ලේමන්වරුන්ගේ රුධිරය වගුරවන්නේ නැත.
11 ඔවුන් කැරැල්ලෙන් නැඟී සිට තවද අපට විරුද්ධව කඩුව අතට නොගන්නේ නම් අප අපගේ සහෝදරයන්ගේ රුධිරය වගුරවන්නේ නැත.
12 දෙවියන්වහන්සේගේ යුක්තියට අනුව අවශ්‍ය වේ නම්, නැතහොත් උන්වහන්සේ එසේ කරන්නට අපට අණ කරන්නේ නම් අප වහල්කමේ වියගහට යටත් වන්නෙමු.
13 එහෙත් බලව එනම් අපගේ සතුරන්ට අප යටත් වන්නට උන්වහන්සේ අපට අණ නොකරන සේක, එහෙත් එනම් අපි අපගේ විශ්වාසය උන්වහන්සේ මත තැබිය යුතුය, තවද උන්වහන්සේ අපව ගලවා ගන්නා සේක.
14 එසේහෙයින්, මාගේ ප්‍රේමණීය සහෝදර, මොරෝනායි, අපි නපුරට විරුද්ධ වෙමු, තවද අපගේ වචනවලින් අපට විරුද්ධ විය නොහැකි ඕනෑම නපුරක් වූවත්, එසේය, කැරැල්ලන් සහ මතභේදයන් වැනි, අපගේ කඩුවලින් අපි ඒවාට විරුද්ධ වෙමු, එනම් අපට අපගේ නිදහස රඳවා තබා ගැනීමට, එනම් අපගේ සභාවේ ශ්‍රේෂ්ඨ වරප්‍රසාදය තුළ, තවද අපගේ දෙවියන්වහන්සේ සහ මිදුම්කරුවාණන්ගේ කාරණය තුළ අපි ප්‍රීති වන්නෙමු.
15 එසේහෙයින්, නුඹලාගේ මනුෂ්‍යයින් කිහිපදෙනෙකු සමඟ වේගයෙන් මා වෙත පැමිණෙන්න, තවද ඉතිරි පිරිස ලීහායි සහ ටියෑන්කම් භාරව තබන්න; දේශයේ එම කොටසෙහි යුද්ධය පැවැත්වීමට ඔවුන් වෙත බලය ලබා දෙන්න, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ට අනුව, එය ඔවුන් තුළ තිබෙන්නාවූ නිදහසේ ආත්මය ද වන්නේය.
16 බලව, එනම් නුඹලා මා වෙත පැමිණෙන්නට හැකි වන තුරු ඔවුන් විනාශ නොවන පිණිස, මම ඔවුන්ට කළමනා කිහිපයක් යැව්වෙමි.
17 නුඹලාගේ මෙතැන ගමනට නුඹලාට හැකි ඕනෑම හමුදාවක් එක්රැස් කරගන්න, තවද අප තුළ ඇත්තාවූ එම ඇදහිල්ලට අනුව අපගේ දෙවියන්වහන්සේ කෙරෙහි ශක්තියෙන්, එම විරුද්ධමතධාරීන්ට විරුද්ධව අපි වේගයෙන් යන්නෙමු.
18 තවද අපි සරහෙම්ලා නගරය අත්පත් කර ගන්නෙමු, එනම් ලීහායිට සහ ටියෑන්කම්ට පිටත් කර යැවීම සඳහා තවත් ආහාර ලබා ගන්නා පිණිස; එසේය, අපි ස්වාමීන්වහන්සේගේ ශක්තිය තුළින් ඔවුන්ට විරුද්ධව ඉදිරියට යන්නෙමු, තවද අපි මෙම මහත් අයුතුකමට අවසානයක් තබන්නෙමු.
19 තවද දැන්, මොරෝනායි, නුඹගේ හසුන ලැබීමෙන් මම ප්‍රීතියට පත් වුනෙමි, මක්නිසාද අප කුමක් කළ යුතුද යන්න, අපි අපගේ සහෝදරයන්ට විරුද්ධව යාම යුක්ති සහගතද යන්න පිළිබඳව මම තරමක් කනස්සල්ලට පත්ව සිටියෙමි.
20 එහෙත් නුඹලා පැවසුවේ, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් නුඹලා ඔවුන්ට විරුද්ධව යන්නට ස්වාමීන්වහන්සේ නුඹට අණ කළ බවයි.
21 නුඹලා ලීහායි හා ටියෑන්කම් ස්වාමීන්වහන්සේ තුළ ශක්තිමත් කිරීමට වග බලාගන්න; බිය නොවන ලෙස ඔවුන්ට පවසන්න, මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන් ගලවා ගන්නා සේක, එසේය, තවද එසේම එම නිදහස තුළ ස්ථීරව සිටින සියල්ලන්වම දෙවියන්වහන්සේ ස්වාධීන කර ඇති සේක. තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදරයා වන, මොරෝනායි හට, මම මාගේ හසුන අවසන් කරමි.