30 වන පරිච්ඡේදය
ක්‍රිස්තු – විරෝධියෙකු වූ, කොරිහොර්, ක්‍රිස්තුස්වහන්සේව, වන්දිගෙවීම සහ අනාවැකියේ ආත්මය අවමන් කරයි – දෙවි කෙනෙකු නොමැති බවත්, මනුෂ්‍යයාගේ වැටීමක් නොමැති බවත්, පාපයට දඬුවම් දීමක් නොමැති බවත්, තවද ක්‍රිස්තුස්වහන්සේ නොමැති බවත් ඔහු උගන්වයි – ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන බවද, තවද එනම් සියලු දේවලින් දෙවියන්වහන්සේ සිටින බවට ද ඇල්මා සාක්ෂි දරයි – කොරිහොර් ලකුණක් ඉල්ලමින් බල කරන අතර ගොළු බවට පත් වෙයි – යක්ෂයා කොරිහොර් හට දේවදූතයෙකු මෙන් ප්‍රකාශ වී, තවද ඔහුට කුමක් කිව යුතු දැයි උගන්වයි – කොරිහොර් පාගා දමනු ලැබ මරණයට පත් වෙයි. ක්‍රි.පූ. 76–74 පමණ.
1 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමන්ගේ ජනතාව ජර්ෂෝන් දේශයේ තහවුරු කෙරුණු පසුව, එසේය, තවද ලේමන්වරුන් දේශයෙන් පලවා හැරීමෙන් පසුව ද, තවද ඔවුන්ගේ මළවුන් දේශයේ ජනතාව විසින් වළලනු ලැබුවෝය –
2 දැන් ඔවුන්ගේ මළවුන් ගණන් නොකරනුයේ මක්නිසාද ඔවුන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය නිසාය; නීෆායිවරුන්ගේ මළවුන්ද ගණනය නොකෙරුණි – එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ මළවුන් වැළලූ පසුව, තවද එසේම දින ගණනාවක් මුළුල්ලේ වුණු නිරාහාරයේ සිටීම ද, ශෝක වීම ද, යාච්ඤාවේ ද යෙදීමෙන් පසුව, (තවද එය නීෆායිගේ ජනතාව මත වූ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ දහසයවන අවුරුද්දේ විය), එහි සියලු දේශය මුළුල්ලෙහිම නිරන්තර සාමයක් පැවතීමට පටන් ගත්තේය.
3 එසේය, තවද ජනතාව ස්වාමීන්වහන්සේගේ අණපනත් පිළිපැදීමට උත්සාහ කළෝය; තවද ඔවුන් දෙවියන්වහන්සේගේ වත්පිළිවෙත් පිළිපැදීමේදී ඔවුහු දැඩි වූවෝය, එනම් මෝසෙස්ගේ නීතියට අනුවය; මක්නිසාද, එය සම්පූර්ණ වන තෙක් මෝසෙස්ගේ නීතිය පිළිපැදීමට ඔවුන්ට උගන්වා තිබුණු නිසාය.
4 තවද මෙසේ නීෆායි ගේ ජනතාවගේ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ දහසය වන වසර පුරාවටම ජනතාව අතර කිසිඳු කැළඹීමක් නොවීය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ දහ හත්වන වසරේ ආරම්භයේදී, එහි නිරන්තර සාමයක් පැවතුණි.
6 එහෙත් එය මෙසේ සිදු විය, එනම් දහ හත්වන වසර අවසාන භාගයේදී, සරහෙම්ලා දේශයට එක්තරා මනුෂ්‍යයෙකු පැමිණියේය, තවද ඔහු ක්‍රිස්තු – විරෝධියෙකු විය, මක්නිසාද ඔහු ජනතාවට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව අනාගතවක්තෘවරුන් විසින් පවසන ලද අනාවැකිවලට එරෙහිව දේශනා කිරීමට පටන් ගත්තේය.
7 දැන් එහි මනුෂ්‍යයෙකුගේ විශ්වාසයට එරෙහි වන නීතියක් නොතිබුණි; මක්නිසාද, එය මනුෂ්‍යයන් අසමාන පදනමකට ගෙන එන නීතියක් තිබීම දෙවියන්වහන්සේගේ අණ කිරීම්වලට තදින්ම පරස්පර වූ බැවින්ය.
8 මක්නිසාද ශුද්ධ ලියවිල්ල මෙසේ කියන්නේය: නුඹලා සේවය කරන්නේ කවරෙකුටද යි, නුඹලා අද දින තෝරා ගනිල්ලා.
9 දැන් මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේට සේවය කිරීමට අශා වන්නේ නම්, එය ඔහුගේ වරප්‍රසාදයයි; නොඑසේ නම්, ඔහු දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේට සේවය කිරීම එය ඔහුගේ වරප්‍රසාදයයි; එහෙත් ඔහු උන්වහන්සේව විශ්වාස නොකරන්නේ නම් ඔහුට දඬුවම් කිරීමට නීතියක් නොතිබුණි.
10 එහෙත් ඔහු මිනීමැරුවේ නම් ඔහුට මරණ දඬුවම නියම වූයේය; තවද ඔහු කොල්ලකන්නේ නම් ඔහුට ද එසේම දඬුවම් ලැබුනේය; තවද ඔහු සොරකම් කරන්නේ නම් ඔහුව එසේම දඬුවම් කරනු ලැබුවේය; තවද ඔහු කාමමිත්‍යාචාරය කරන්නේ නම් ඔහුව එසේම දඬුවම් කරනු ලැබුවේය; එසේය, මක්නිසාද මෙම සියළු දුෂ්ටකම්වලට ඔවුන්ට දඬුවම් කරනු ලැබුවේය.
11 මක්නිසාද මනුෂ්‍යයින් ඔවුන්ගේ අපරාධ වලට අනුව විනිශ්චය කළ යුතු බවට නීතියක් තිබුණි. එසේනමුත්, මනුෂ්‍යයෙකුගේ විශ්වාසයට එරෙහිව නීතියක් නොතිබුණි; එසේහෙයින්, මනුෂ්‍යයෙකු හට දඬුවම් ලැබුණේ ඔහු කළ අපරාධ සඳහා පමණි; එසේහෙයින් සියළු මනුෂ්‍යයින් සමාන පදනමක සිටියෝය.
12 තවද ඔහුගේ නම කොරිහොර් නම් වූ, මෙම ක්‍රිස්තු – විරෝධියා, (තවද ඔහුව නීතියට පාලනය කළ නොහැකි වූවේය) ජනතාව අතර ක්‍රිස්තුස්වහන්සේ නොමැති බව දේශනා කිරීමට පටන් ගත්තේය. තවද මේ ආකාරයෙන් ඔහු දේශනා කළේය, එනම් මෙසේ කියමින්;
13 අහෝ නුඹලා අනුවණ වූ සහ නිෂ්ඵල වූ බලාපොරොත්තුවකින් යටපත් වී සිටින්නෙහුය, මෙවැනි අනුවණ දේවල් වලට නුඹලා වියගහකින් බැඳී සිටින්නේ මන්ද? නුඹලා ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකු සොයන්නේ මන්ද? මක්නිසාද පැමිණෙන්නට තිබෙන්නාවූ කිසිවක් මනුෂ්‍යයෙකුට දැනගැනීට නොහැකිය.
14 බලව, නුඹලා අනාවැකි ලෙස හඳුන්වන මෙම දේවල්, මෙසේ නුඹලා ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් අතින් අතට භාර දුන්නාවූ බව පවසන මේවා, බලව, ඒවා නුඹලාගේ පියවරුන්ගේ අණුවන සම්ප්‍රදායන්ය.
15 ඒවායේ නිශ්චිතභාවය පිළිබඳව නුඹලා දන්නේ කෙසේද? බලව, නුඹලාට නොපෙනෙන දේවල් පිළිබඳව නුඹලාට දැනගැනීමට නොහැකිය; එසේහෙයින් ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකු සිටීම පිළිබඳව නුඹලාට දැනගැනීමට නොහැකිය.
16 නුඹලා ඉදිරිය දෙස බලමින් තවද නුඹලාගේ පාපයන් සඳහා නුඹලා හට පව් කමාවක් පෙනෙන්නේ යයි කියන්නෝය, එහෙත් බලව, එය අවුල් මනසක බලපෑමක් වන්නේය; තවද නුඹලාගේ මනසට මෙම අවුල්භාවය පැමිණෙන්නේ නුඹලාගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් නිසාවෙනි, එමඟින් නුඹලාව එසේ නොවන දේවල් විශ්වාස කිරීමට මග පෙන්වන්නේය.
17 තවද ඔහු මෙවැනි බොහෝ දේවල් ඔවුන් හට කීවේය, එනම් මනුෂ්‍යයන්ගේ පාපයන් සඳහා වන්දිගෙවීමක් කළ නොහැකි බවද, එහෙත් සියලු මනුෂ්‍යයෙකුම මෙම ජීවිතයේ කටයුතු කළේ ප්‍රාණියාගේ කළමනාකරණයට අනුව ය; එසේහෙයින් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ බුද්ධිප්‍රභාවයට අනුව සමෘද්ධිමත් වන බවත්, තවද එනම් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ ශක්තියට අනුව ජයග්‍රහණය කරන බවත්ය; තවද මනුෂ්‍යයෙකු කළ කවරදෙයක් වූවත් එය අපරාධයක් නොවන්නේය.
18 තවද මෙසේ ඔහු ඔවුන්ට දේශනා කළේය, එනම් බොහෝ දෙනෙකුගේ හදවත් ඉවතට ගෙන යමින්, ඔවුන් දුෂ්ටකමින් තම සිත් එසවීමට සළස්වමින්, එසේය, බොහෝ ස්ත්‍රීන් ද, තවද බොහෝ පුරුෂයින් ද, වේශ්‍යාකම් සිදු කිරීමට සළස්වමින් – එනම් මනුෂ්‍යයකු මැරුණු විට, එය එහි අවසානය වන්නේ යයි ඔවුන්ට පවසමිනි.
19 දැන් මෙම මනුෂ්‍යයා එසේම ජර්ෂෝන් දේශයට ද ගියේය, එනම් මෙම දේවල් කලින් ලේමන්වරුන්ගේ ජනතාව ලෙස සිටි, ඇමන් ගේ ජනතාව හට දේශනා කිරීමටය.
20 එහෙත් බලව, ඔවුන් බොහෝ නීෆායිවරුන්ට වඩා බොහෝ සෙයින් ප්‍රඥාවන්ත වූවෝය; මක්නිසාද ඔවුන් ඔහු අල්ලාගෙන, තවද ඔහුව බැඳ, ඔහුව එම ජනතාවගේ උත්තම පූජකයෙකු වූ ඇමන් ඉදිරියට ගෙන ගියෝය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔහුව දේශයෙන් පිටතට ගෙන යාමට යුතුයයි සැලැස්වුවේය. තවද ඔහු ගිඩියොන් දේශයට පැමිණියේය, තවද ඔහු ඔවුන්ට එලෙසම දේශනා කිරීමට පටන් ගත්තේය; තවද ඔහුට මෙහිදී වඩා සාර්ථකත්වයක් නොවීය, මක්නිසාද ඔහුව අල්ලාගෙන බැඳ තබා තවද උත්තම පූජකයා ඉදිරියට, තවද එසේම දේශයේ ප්‍රධාන විනිශ්චයකරු වෙතට උසුලා ගෙන එන ලදී.
22 තවද එය මෙසේ සිදු විය, එනම් උත්තම පූජකයා ඔහුට මෙසේ කීවේය: නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ගයන් මුළා කරමින් යන්නේ මන්ද? මෙම ජනතාවට ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකු නොමැති බව උගන්වා, ඔවුන්ගේ ප්‍රීතිකම්වලට අවහිර කරන්නේ මන්ද? ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ සියලු අනාවැකිවලට විරුද්ධව නුඹ කතා කරන්නේ මන්ද?
23 දැන් එම උත්තම පූජකයාගේ නම ගිඩෝනා විය. තවද කොරිහොර් ඔහුට මෙසේ කීවේය: ඒ මක්නිසාද මම නුඹේ පියවරුන්ගේ අණුවන සම්ප්‍රදායන් උගන්වන්නේ නැති නිසාය, තවද මම මේ ජනතාවට පුරාණ පූජකයින් විසින් නියම කරන ලද අණුවන වත්පිළිවෙත් සහ ක්‍රියාකාරිත්වයන් යටතේ බැඳී සිටීමට, එනම් එමඟින් ඔවුන් මත බලය හා අධිකාරීත්වය පැහැර අරගෙන, ඔවුන්ව නොදැනුවත්කමින් තබමින්, ඔවුන් ඔවුන්ගේ හිස් ඔසවනු නොහැකිව, නුඹලාගේ වචනයන්ට අනුකූලව ඔවුන්ව පහතට ගෙන තබන්නට මම මෙම ජනතාවට උගන්වන්නේ නැති නිසාය.
24 නුඹලා මෙම ජනතාව නිදහස් ජනතාවක් යැයි පවසන්නේය. බලව, මොවුන් වහල්භාවයේ සිටින්නේ යයි මම කියන්නෙමි. නුඹලා එම පැරණි අනාවැකි සත්‍ය බව පවසති. බලව, මේවා සත්‍ය බව නුඹලා නොදන්නා බව මා පවසන්නෙමි.
25 නුඹලා මෙම ජනතාව දෙමව්පියෙකුගේ වරද නිසා, වැරදිකාර සහ වැටුණු ජනතාවක් යයි කියන්නෙහිය. බලව, මම කියන්නේ දරුවෙකු තම දෙමාපියන් නිසා වරදකරුවෙකු නොවන බවයි.
26 තවද නුඹලා එසේම එනම් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන බව කියන්නෙහුය. එහෙත් බලව, ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකුන් සිටින්නේ දැයි කියා නුඹලා නොදන්නා බව මා පවසන්නෙමි. තවද එසේම එනම් උන්වහන්සේ ලෝකයේ පාපයන් උදෙසා මරා දමන බව නුඹලා කියන්නෙහුය.
27 තවද මෙලෙස නුඹලා මෙම ජනතාව නුඹලාගේ පියවරුන්ගේ අනුවණ සම්ප්‍රදායන්ට අනුව නොමඟ යවන්නෝය, තවද එය නුඹලාගේ ස්වකීය ආශාවන්ට අනුවය; තවද නුඹලා ඔවුන්ව වහල්භාවයෙන් සිටිනවා මෙන්, යටපත් කරන්නෝය, එනම් නුඹලා ඔවුන්ගේ දෑත්වල ශ්‍රමයෙන් අධික ලෙස ගොඩනඟා ගැනීමටත්, එනම් ඔවුන් නිර්භීතව දෑස් ඔසවා නොබලන ලෙසත්, තවද එනම් ඔවුන් තම අයිතිවාසිකම් සහ වරප්‍රසාද භුක්ති නොවිඳන ලෙසත් ය.
28 එසේය, මොවුන්ගේ ආශාවන් වලට අනුව ඔවුන් වියගස් බඳින, ඔවුන්ගේ පූජකයින් සමඟ අමනාප නොවීමට ඔවුන්ගේම දේ භාවිතා නොකරති, තවද ඔවුන්ගේ සම්ප්‍රදායන් සහ ඔවුන්ගේ සිහින, තවද ඔවුන්ගේ අභිලාෂයන් සහ දර්ශන තවද ඔවුන්ගේ මවාපෑ අභිරහස් මගින් ඔවුන්ව විශ්වාස කිරීමට පමුණුවයි, එනම් ඔවුන් ඔවුන්ගේ වචනවලට අනුව නොකරන්නේ නම්, ඔවුන් දෙවියන්වහන්සේ යැයි කියන්නාවූ, නොදන්නා යම් ජීවියෙකුව අමනාප කර ගනු ඇත – එනම් කිසිවිටකත් නොදුටු හෝ දැන නොසිටි, කිසිදා නොවූ හෝ කිසිදා නොපවතින්නාවූ ජීවියෙකි.
29 දැන් උත්තම පූජකයා සහ ප්‍රධාන විනිශ්චයකරු ද මොහුගේ හදවතේ දැඩිකම දුටු කල, එසේය, ඔහු දෙවියන්වහන්සේට පවා අපහාස කරන බව ඔවුන් දුටු විට, ඔවුහු ඔහුගේ වචනවලට කිසිඳු පිළිතුරක් නොදුන්නෝය; එහෙත් ඔවුහු ඔහුව බැඳ තැබීමට සැලැස්වූවෝය; තවද ඔවුන් ඔහුව නිලධාරීන්ගේ අතට භාර දුන්නෝය, තවද ඔහුව සරහෙම්ලා දේශය වෙතට යවනු ලැබුවේය, එනම් ඔහුව ඇල්මා ද, තවද ද මුළු දේශයේම ආණ්ඩුකාර වූ ප්‍රධාන විනිශ්චයකරු ඉදිරියටත් පමුණුවනු ලබන පිණිසය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුව ඇල්මා සහ ප්‍රධාන විනිශ්චයකරු ඉදිරියට ගෙන ආ විට, ඔහු ගිඩියොන් දේශයේ කළාක් මෙන් එම ආකාරයටම කළේය; එසේය, ඔහු එතැන් සිටද දේව අපහාසයේ යෙදුනේය.
31 තවද ඔහු ඇල්මා ඉදිරියේ මහත් උද්දච්ච වචන කියමින් නැඟී සිටි අතර, තවද පූජකයන්ට සහ ගුරුවරුන්ටද විරුද්ධව අපහාස කළේය, එනම් මොවුන්, ඔවුන්ගේ පියවරුන්ගේ අනුවණ සම්ප්‍රදායන් වලට අනුව ජනතාව නොමඟ යවන බවට ඔවුන්ට චෝදනා කරමින්, ජනතාවගේ ශ්‍රමයෙන් අධික ලෙස ගොඩනඟා ගැනීම වෙනුවෙන් ය.
32 දැන් ඇල්මා ඔහු හට මෙසේ කීවේය: අප මෙම ජනතාවගේ ශ්‍රමයෙන් අධික ලෙස ගොඩනඟා ගැනීම නොකරන බව නුඹ දන්නේය; මක්නිසාද බලව විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ ආරම්භයේ පටන් අද දක්වාම මාගේ යැපීම සඳහා, මාගේම දෑතින් මම වෙහෙස වී ඇත්තෙමි, එනම් මාගේ ජනතාවට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට දේශය පුරාවට මා කළා වූ බොහෝ වූ ගමන් නොසළකාය.
33 තවද එසේ තිබිය දීත් සභාව තුළ මා ඉෂ්ඨ කළ ශ්‍රමය සඳහා, සීනයින් එකක්වත් මම කිසිවිටෙක මාගේ ශ්‍රමයට ලබා නොගත්තෙමි; විනිශ්ච – ආසනයේදී හැරුණු කොට, මාගේ සහෝදරයන්ගෙන් කිසිවෙක් වූවත් එසේය; තවද අප ලබාගත්තේ එකල නීතියට අනුව අපගේ කාලයේ සඳහා පමණි.
34 තවද දැන්, සභාවේ අපගේ ශ්‍රමය සඳහා අපට කිසිවක් නොලැබුණේ නම්, අපගේ සහෝදරයන්ගේ ප්‍රීතිය තුළ අපටද ප්‍රීතිවීමට සත්‍යය ප්‍රකාශ කිරීම හැර, සභාව තුළ වෙහෙසීමෙන් අපට ඇති ලාභය කුමක්ද?
35 එසේනම් නුඹ, නුඹ විසින්ම, අප හට කිසිඳු ප්‍රතිලාභයක් නොලබන බව දැන සිටියදීත්, අප මෙම ජනතාවට දේශනා කරන්නේ ප්‍රයෝජන ලබා ගැනීමට බව නුඹ කියන්නේ මන්ද? තවද දැන්, අප ඔවුන්ගේ හදවත් තුළ මෙවැනි ප්‍රීතියක් ඇති කරන්නට, අප මෙම ජනතාව මුළා කරන බව නුඹ විශ්වාස කරන්නෙහිද?
36 තවද කොරිහොර් ඔහුට පිළිතුරු දුන්නේය, එසේය.
37 තවද එවිට ඇල්මා ඔහුට මෙසේ කීවේය: නුඹ දෙවි කෙනෙක් සිටින බවට විශ්වාස කරන්නෙහිද?
38 තවද ඔහු පිළිතුරු දුන්නේය, නැත.
39 දැන් ඇල්මා ඔහුට මෙසේ කීවේය: නුඹලා දෙවි කෙනෙකු සිටින බව නැවතත් ප්‍රතික්ෂේප කර, තවද එසේම ක්‍රිස්තුස්වහන්සේව ද ප්‍රතික්ෂේප කරන්නෙහිද? මක්නිසාද බලව, මම නුඹට කියන්නෙමි, දෙවි කෙනෙකු සිටින බවත්, තවද ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන බවත් මම දනිමි.
40 තවද දැන් නුඹට දෙවි කෙනෙකු නොමැති බවටත්, ක්‍රිස්තුස්වහන්සේ නොපැමිණෙන බවටත් කුමන සාක්ෂියක් ඇත්තේද? මා නුඹට කියන්නෙමි නුඹේ වචනය හැර, නුඹට කිසිවක් නොමැත්තේය.
41 එහෙත්, බලව, මෙම දේවල් සත්‍ය බවට මට සියලු දේවල් සාක්ෂියක්ව ඇත්තේය; තවද එසේම නුඹටත් මෙම සියලු දේවල් සත්‍ය බවට සාක්ෂියක්ව ඇත්තේය; තවද නුඹලා මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නෙහිද? එනම් මෙම දේවල් සත්‍ය බවට නුඹ විශ්වාස කරන්නෙහිද?
42 බලව, නුඹ විශ්වාස කරන්නේ යැයි මම දන්නෙමි, එහෙත් නුඹ බොරු කීමේ ආත්මයකින් ආවේශ වී ඇත්තේය, තවද නුඹ දෙවියන්වහන්සේගේ ආත්මය ඉවත දමා ඇත්තේය එනම් එයට නුඹ තුළ තැනක් නොමැත; එහෙත් යක්ෂයාට නුඹ මත බලය ඇත්තේය, තවද ඔහු උපායන් යොදමින් නුඹව තැනින් තැනට රැගෙන යන්නේය, එනම් ඔහු දෙවියන්වහන්සේගේ දරුවන් විනාශ කිරීම උදෙසාය.
43 තවද දැන් කොරිහොර් ඇල්මාට මෙසේ කීවේය: නුඹ මට සලකුණක් පෙන්වන්නේ නම්, එනම් දෙවියන්වහන්සේ සිටින බව මට ඒත්තු ගැන්වීමට හැකි වන පිණිසය, එසේය, උන්වහන්සේට බලය ඇති බව මා හට පෙන්වන්න, තවද එවිට නුඹගේ වචනවල සත්‍යතාවය මා ඒත්තු ගනු ඇත.
44 එහෙත් ඇල්මා ඔහුට මෙසේ කීවේය: නුඹට ප්‍රමාණවත් තරම් සළකුණු ලැබී ඇත; නුඹ නුඹගේ දෙවියන්වහන්සේව පරීක්ෂා කරන්නෙහිද? නුඹගේ මෙම සියලු සහෝදරයන්ගේද, තවද එසේම සියලුම ශුද්ධ අනාගතවක්තෘවරුන්ගේද සාක්ෂිය නුඹට තිබියදීත්, මට සළකුණක් පෙන්වන්න, යැයි නුඹ කියන්නෙහිද? ශුද්ධ ලියවිලි නුඹ ඉදිරියෙහි තබා ඇත්තේය, එසේය, තවද සියලු දේවල්වලින් දෙවි කෙනෙකු සිටින බවට හඟවයි; එසේය, පොළොව සහ එහි මත ඇති සියලු දේවල් පවා ද, එසේය, තවද එහි චලනය පවා, එසේය, තවද එසේම සියලුම ග්‍රහලෝක ඔවුන්ගේ නියත ආකාරයෙන් ගමන් කරන බැවින් එහි ශ්‍රේෂ්ඨ මැවුම්කරුවෙකු සිටින බව සාක්ෂි දරයි.
45 තවද එසේ තිබියදීත් නුඹ තැනින් තැනට ගොස්, ජනතාවගේ හදවත් නොමඟ යවමින්, දෙවි කෙනෙකු නොමැති බවට ඔවුන් හට සාක්ෂි දරන්නෙහිද? තවද එසේ තිබියදීත් මේ සියලු සාක්ෂිවලට විරුද්ධව නුඹ ප්‍රතික්ෂේප කරන්නේද? තවද ඔහු මෙසේ කීවේය: එසේය, නුඹ මට සළකුණක් පෙන්වනු මිස, මම ප්‍රතික්ෂේප කරන්නෙමි.
46 තවද එය මෙසේ සිදු විය, දැන් ඇල්මා ඔහුට මෙසේ කීවේය. බලව, නුඹගේ හදවතේ දැඩිකම නිසා මම ශෝක වෙමි, එසේය, එනම් ඒ නුඹ සත්‍යයේ ආත්මයට තවමත් විරුද්ධ වන නිසාය, එනම් එමගින් නුඹගේ ප්‍රාණය විනාශ වන්නේය.
47 එහෙත් බලව, නුඹගේ මුසාව තවද නුඹගේ චාටු බස් වලින්, නුඹ බොහෝ ප්‍රාණයන් විනාශයට ගෙන යාමේ මාර්ගයක් වීම වෙනුවට, නුඹගේ ප්‍රාණය නැති වී යාම වඩා හොඳය; එසේහෙයින් නුඹ නැවතත් ප්‍රතික්ෂේප කරන්නේ නම්, බලව, දෙවියන්වහන්සේ නුඹට පහර දෙන සේක, එනම් එයින් නුඹ ගොළු වන්නේය, එනම් නුඹ මෙම ජනතාව තවත් රවටා නොගන්නා පිණිස, එනම් නුඹ තවදුරටත් නුඹේ මුඛය විවෘත නොකරන්නේය.
48 දැන් කොරිහොර් ඔහුට මෙසේ කීවේය: මම දෙවි කෙනෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන්නෙමි, එහෙත් දෙවි කෙනෙකු සිටින බවට මම විශ්වාස නොකරමි; තවද එසේම මම කියන්නෙමි, එනම් දෙවි කෙනෙකු සිටින බව නුඹ නොදන්නෙහිය; තවද නුඹ මා හට සළකුණක් පෙන්වනු මිස, මම විශ්වාස නොකරන්නෙමි.
49 දැන් ඇල්මා ඔහුට මෙසේ කීවේය: මම නුඹට සළකුණක් ලෙස මෙය දෙන්නෙමි, එනම් නුඹ ගොළු වන්නේය, මාගේ වචනවලට අනුව; තවද මම කියන්නෙමි, දෙවියන්වහන්සේගේ නාමයෙන්, නුඹ ගොළු වන්නේය, එනම් නුඹට තවත් තෙපලීමට නොහැකි වනන්නේය.
50 දැන් ඇල්මා මෙම වචන පැවසූ විට, කොරිහොර් ගොළු බවට පත් වුණේය, ඇල්මාගේ වචනවලට අනුව, ඔහුට තෙපලීමට නොහැකි විය.
51 දැන් ප්‍රධාන විනිශ්චයකරු මෙය දුටු විට, ඔහු තම අත දිගු කර, මෙසේ කියමින්, කොරිහොර්ට ලිවීය: නුඹට දෙවියන්වහන්සේගේ බලය පිළිබඳව තහවුරුයිද? කවරකු තුළින් ඇල්මා ඔහුගේ සළකුණ පෙන්වීමට නුඹ ආශා කළේද? එනම් ඔහු අන් අයට පීඩා කර, නුඹට සළකුණක් පෙන්වීමට නුඹ කැමති වන්නේද? බලව, ඔහු නුඹට සළකුණක් පෙන්වා ඇත්තේය; තවද දැන් නුඹ තවත් වාද කරන්නෙහිද?
52 තවද කොරිහොර් ඔහුගේ අත දිගු කර මෙසේ ලිවීය, එනම්: මා ගොළු බව මම දන්නෙමි, මක්නිසාද මට කතා කළ නොහැකිය; තවද දෙවියන්වහන්සේගේ බලය හැර අන් කිසිදෙයකට මා හට මෙය ගෙන ඒමට නොහැකි බව මම දන්නෙමි; එසේය, තවද දෙවි කෙනෙකු සිටින බව මම සැමවිටම දැන සිටියෙමි.
53 එහෙත් බලව, යක්ෂයා මාව රවටා ඇත්තේය; මක්නිසාද ඔහු මට දේවදූතයෙකුගේ ස්වරූපයෙන් දර්ශනය වී, තවද මෙසේ කීවේය. මෙම ජනතාව නැවත බේරාගන්න, මක්නිසාද ඔවුන් සියල්ලෝම නොදන්නා දෙවි කෙනෙකු පසුපස මුළාවී ගොස්ය. තවද ඔහු මට මෙසේ කීවේය: දෙවි කෙනෙකු නොමැත්තේය; එසේය, තවද මා කිව යුතු එම දේ ඔහු මට ඉගැන්වූයේය. තවද මම ඔහුගේ වචන ඉගැන්වූයෙමි; තවද මම ඒවා මාංශික මනසට ප්‍රසන්න වූ නිසා ඉගැන්වූයෙමි; තවද මම බොහෝ සාර්ථකත්වයක් ලබන තුරු පවා, එනම් ඒවා සත්‍ය බව මම සැබවින්ම විශ්වාස කරන තරමට, මම ඔවුන්ට ඉගැන්වූයෙමි; තවද මෙම හේතුව නිසා, මෙම බලවත් ශාපය මා වෙත ගෙනෙන තුරු, මම සත්‍යයට විරුද්ධව සිටියෙමි.
54 දැන් ඔහු මෙය කී විට, ඔහුගෙන් ශාපය ඉවත් කරන පිණිස, එනම් ඇල්මා දෙවියන්වහන්සේට යාච්ඤා කරන ලෙසට ඔහු අයැද සිටියේය.
55 එහෙත් ඇල්මා ඔහුට මෙසේ කීවේය: මෙම ශාපය නුඹ වෙතින් ඉවත් කළහොත් නුඹ නැවතත් මෙම ජනතාවගේ හදවත් මුළා කරන්නේය; එසේහෙයින්, ස්වාමීන්වහන්සේ කැමත්ත පරිදි එය නුඹ හට සිදුවන්නේය.
56 තවද එය මෙසේ සිදු විය, එනම් කොරිහොර්ගෙන් ශාපය ඉවතට ගනු නොලැබුවේය; එහෙත් ඔහුව පලවා හරිනු ලැබුවේය, තවද ඔහුගේ ආහාර ඉල්ලා ගෙයින් ගෙට සිඟමන් ගියේය.
57 දැන් කොරිහොර් හට සිදු වූ දේ පිළිබඳ දැනුම වහාම මුළු දේශය මුළුල්ලේම ප්‍රසිද්ධ කරනු ලැබුවේය; එසේය, එනම් කොරිහොර්ගේ වචන විශ්වාස කළාවූ අයට එම විනිශ්චයන් ඔවුන් හටද නොපමුණුවන පිණිස එනම් ඔවුන් ඉක්මනින් පසුතැවිලි විය යුතු බවට, ප්‍රධාන විනිශ්චයකරු විසින් දේශයේ සියලු ජනතාවට ප්‍රකාශනයක් යවනු ලැබුවේය.
58 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලන්ම කොරිහොර්ගේ දුෂ්ටකම පිළිබඳව ඒත්තු ගැන්වී සිටියෝය; එසේහෙයින් ඔවුන් සියල්ලෝම නැවතත් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණ ලදී; තවද මෙය කොරිහොර්ගේ පිළිවෙතේ අනුව වූ අයුතුකම අවසන් කෙරුණු ලදී. තවද කොරිහොර් නිවසින් නිවසට ගොස් ඔහුගේ ආධාරය සඳහා ආහාර යදින ලදී.
59 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජනතාව අතරට ගිය විට, එසේය, ඔවුන් නීෆායිවරුන්ගෙන් වෙන් වී ඔවුන්ව සෝරම්වරුන් ලෙස හැඳින්වූ ජනතාවක්, සෝරම් නම් මනුෂ්‍යයෙකු විසින් මගපෙන්වනු ලැබීය – තවද ඔහු ඔවුන් අතරට ගිය විට, බලව, ඔහුව මිය යන තුරුම, ඔහුව පාගා දමනු ලැබීය.
60 තවද මෙසේ අපි ස්වාමීන්වහන්සේගේ මාර්ග මුළා කළාවූ ඔහුගේ අවසානය දකින්නෙමු; මේ අනුව, තවද මෙසේ යක්ෂයා අන්තිම දවසේදී ඔහුගේ දරුවන්ට උපකාර නොකරන බවත්, එහෙත් ඔවුන්ව ඉක්මනින් නිරයට ඇද දමන බවත් අපට පෙනෙන්නේය.