40 වන පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ සියලුම මනුෂ්‍යයෙකුගේම නැවත නැඟිටීම සිදු කරන සේක – ධර්මිෂ්ඨ වූ මළවුන් පාරාදීසයට සහ දුෂ්ඨයින් ඔවුන්ගේ නැවත නැඟිටීමේ දවස බලා සිටීම සඳහා පිටත අන්ධකාරයට වෙතට – නැවත නැඟිටීමේදී සියල්ලෝම ඔවුන්ගේ නිසි සහ පරිපූර්ණ රාමුවට නැවත පිහිටුවනු ඇත. ක්‍රි.පූ. 74 පමණ.
1 දැන් මාගේ පුත්‍රය, මා නුඹට කියන්නා වූ දේවලින් කොටසක් මෙය වන්නේය; මක්නිසාද මළවුන්ගේ නැවත නැඟිටීම පිළිබඳ නුඹගේ මනස කනස්සල්ලට පත්ව සිටින්නාවූ බව මට පෙනෙන්නේය.
2 බලව, මම නුඹට කියන්නෙමි, එනම් නැවත නැඟිටීමක් නැති බව – නැතහොත්, මම කියමි, වෙනත් වචනවලින් කිවහොත්, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම තෙක් – එනම් මෙම මරණීයභාවය අමරණීයභාවය නොපැළඳගන්නේය, මෙම දිරනභාවය නොදිරන බව නොපැළඳගන්නේය.
3 බලව, උන්වහන්සේ මළවුන්ගේ නැවත නැඟිටීම සිදු කරන සේක. එහෙත් බලව, මාගේ පුත්‍රය, නැවත නැඟිටීම තවමත් නොමැත්තේය. දැන්, මා නුඹට අභිරහසක් හෙළිදරව් කරන්නෙමි; එසේනමුත්, දෙවියන්වහන්සේ හැර අන් කිසිවෙක් නොදන්නා ලෙස, බොහෝ අභිරහස් තබා ඇත්තේය. එහෙත් එනම් මා දන්නා පිණිස දෙවියන්වහන්සේගෙන් උද්යෝගයෙන් විමසා සිටි එක් දෙයක් මම නුඹට පෙන්වන්නෙමි – එනම් එය නැවත නැඟිටීම සම්බන්ධයෙන් වන්නේය.
4 බලව, එනම් සියල්ලෝම මළවුන්ගෙන් නික්මෙන කාලයක් එහි නියම කර ඇත්තේය. දැන් මෙම කාලය කවදා පැමිණෙන බව කිසිවෙක් නොදන්නේය; එහෙත් එම කාලය නියම කරන ලද්දා වූ දෙවියන්වහන්සේ දන්නා සේක.
5 දැන්, පළමු වරට, නැතහොත් දෙවන වරට, නැතහොත් තුන්වන වරට, එනම් මනුෂ්‍යයන් මළවුන්ගෙන් නික්මෙන්නේද, එය වැදගත් නොවන්නේය; මක්නිසාද, දෙවියන්වහන්සේ මේ සියල්ල දන්නා සේක; තවද එනම් සියල්ලෝම මළවුන්ගෙන් නැගිටීමට නියමිත කාලයක් ඇති බව – එනම් මෙය එසේ බව දැන ගැනීම මට ප්‍රමාණවත් වන්නේය.
6 දැන් මරණයේ කාලය සහ නැවත නැඟිටීමේ කාලය අතර එහි අවකාශයක් තිබිය යුතු වන්නේය.
7 තවද දැන් මෙම මරණයේ මොහොතේ සිට නැවත නැඟිටීම සඳහා නියම කරන ලද කාලය දක්වා මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන්ට කුමක් සිදු වන්නේදැයි මා විමසා බලන්නෙමි?
8 දැන් මනුෂ්‍යයන් සඳහා නැඟිටීමට එක් වරකට වඩා නියම කර තිබේද යන්න වැදගත් නොවන්නේය; මක්නිසාද සියල්ලෝම එකවර මිය නොයන්නේය, තවද මෙය වැදගත් නොවන්නේය; සියල්ල දෙවියන්වහන්සේ සමඟ එක් දිනක් මෙන් වන්නේය, තවද කාලය මනුෂ්‍යයන් වෙතට පමණක් මනිනු ලබන්නේය.
9 එසේහෙයින්, එනම් මනුෂ්‍යයන් වෙතට මළවුන්ගෙන් නැඟිටීමට නියමිත කාලයක් ඔවුන්ට නියම කරනු ලබන්නෝය; තවද මරණයේ කාලය සහ නැවත නැඟිටීම අතර අවකාශයක් තිබෙන්නේය. තවද දැන්, මෙම කාල අවකාශය සම්බන්ධයෙන්, මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන් හට කුමක් වන්නේ දැයි දැන ගන්නා පිණිස මා විසින් ස්වාමීන්වහන්සේගෙන් උද්යෝගිමත්ව විමසා සිටියාවූ දෙය වන්නේය; තවද මම දන්නා දෙය මෙය වන්නේය.
10 තවද සියල්ලෝම නැඟිටින කාලය පැමිණි විට, එවිට එනම් මනුෂ්‍යයාට නියම කරන ලද සියලු කාලය දෙවියන්වහන්සේ දන්නා බව එවිට ඔවුන් දැනගන්නෝය.
11 දැන්, මරණය සහ නැවත නැඟිටීම අතර ප්‍රාණයේ තත්වය සම්බන්ධයෙන් – බලව, එනම් සියලු මනුෂ්‍යයන්ගේ ආත්මයන්, ඔවුන් මෙම මරණීය ශරීරයෙන් ඉවත් වූ වහාම, එසේය, සියලු මනුෂ්‍යයන්ගේ ආත්මයන්, ඔවුන් යහපත් හෝ අයහපත් හෝ වේවා, ඔවුන්ට ජීවිතය ලබා දුන්නාවූ එම දෙවියන්වහන්සේ වෙතට ගෙන යන බව දේවදූතයෙකු විසින් මට දන්වනු ලැබුවේය.
12 තවද එවිට එය මෙසේ සිදු වන්නේය, එනම් ධර්මිෂ්ඨ අයගේ ආත්මයන්, විවේක තත්වයකට, සාමයේ තත්වයකට, පාරාදීසය ලෙස හඳුන්වනු ලබන සතුටට පත්වන තත්වයකට ලබාගන්නා බවත්, එහිදී ඔවුන් තමන්ගේ සියලු කරදරවලින් සහ සියලු සැලකිල්ලෙන් සහ ශෝකයෙන් විවේක ගනු ලබන්නෝය.
13 තවද එවිට එය මෙසේ සිදු වන්නේය, එනම් දුෂ්ඨයන්ගේ ආත්ම, එසේය, නපුරු අයවලුන් – මක්නිසාද බලව, ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් කොටසක් හෝ තැනක් නොලැබෙන්නේය; මක්නිසාද ඔවුන් යහපතට වඩා අයහපත් ක්‍රියාවන් තෝරා ගත්තෝය; එසේහෙයින් යක්ෂයාගේ ආත්මය ඔවුන් තුළට ඇතුළු වී, තවද ඔවුන්ගේ නිවසෙහි අයිතිය ගත්තේය – තවද මොවුන්ව පිටත අන්ධකාරයට හෙළනු ඇත්තේය; එහි හැඬීමද, විලාපයද, දත්මිටි කෑමද සිදුවනු ඇත්තේය, තවද මෙය ඔවුන්ගේම අයුතුකම් නිසා, යක්ෂයාගේ කැමැත්තෙන් වහල්භාවයට ගෙන යනු ලබන නිසාවෙන්ය.
14 දැන් දුෂ්ඨයන්ගේ ප්‍රාණයන්ගේ තත්වය මෙය වන්නේය, එසේය, අන්ධකාරයෙහි, සහ භයානක ස්වභාවයක, දෙවියන්වහන්සේගේ කෝපයේ ඇවිලෙන උදහස ගිනිමය කෝපය ඔවුන් මත භයංකාරව බලා සිටීමය; මෙසේ ඔවුන් නැවත නැඟිටීමේ කාලය දක්වා, මෙම තත්වයේ මෙන්ම පාරාදීසයේ ධර්මිෂ්ඨයන්ද එසේම සිටින්නෝය.
15 දැන්, මෙම සතුටේ තත්වය සහ ප්‍රාණයේ මෙම දුක්ඛිත තත්වය, නැවත නැඟිටීමට පෙර, පළමු නැවත නැඟිටීමක් බව තේරුම් ගත්තාවූ සමහරු සිටින්නේය. එසේය, ආත්මයේ නැඟිටීම නැතහොත් ප්‍රාණයේ සහ ඒවා සතුටට හෝ දුක්ඛිත තත්ත්වයට පත් කිරීම, කථා කරනු ලැබුවාවූ වචනවලට අනුව, එය නැවත නැඟිටීමක් ලෙස හැඳින්විය හැකි බව මම පිළිගන්නෙමි.
16 තවද බලව, නැවත එය කථාකරනු ලැබ ඇති අතර, එනම් එහි පළමු නැවත නැඟිටීමය, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම දක්වා සිටියාවූ අයද, නැතහොත් එසේ සිටින, නැත්හොත් සිටින්නාවූ සියල්ලන්ගේ නැවත නැඟිටීමක් වන්නේය.
17 දැන්, මෙම ආකාරයෙන් කථා කරනු ලැබුවාවූ, මෙම පළමු උත්ථානය ප්‍රාණයන්ගේ උත්ථානය සහ ඔවුන්ගේ සතුට හෝ දුක්ඛිත තත්වයට පත් කිරීම යැයි අප නොසිතන්නෙමු. එනම් එහි අර්ථය මෙය යැයි නුඹලාට සිතිය නොහැකිය.
18 බලව, මම නුඹට කියන්නෙමි, නැත; එහෙත් එයින් අදහස් කරනු ලබන්නේ ආදම්ගේ දවස්වල සිට ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය දක්වා සිටියා වූ අයගේ ප්‍රාණය ශරීරය සමඟ නැවත එකතු වීමය.
19 දැන්, කථා කරනු ලැබුවාවූ දුෂ්ඨයන් මෙන්ම ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාණයන් සහ ශරීරයන් සියල්ලෝම, එක වරම නැවත එකතු වන්නේයැයි, මම නොකියන්නෙමි; එනම් මම, ඔවුන් සියල්ලන්ම පෙරට පැමිණෙන්නාවූ බව කීම ප්‍රමණවත් වන්නේය; නැතහොත් වෙනත් වචනයෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයෙන් පසු මරණයට පත් වන්නාවූ අයගේ නැවත නැඟිටීමට පෙර ඔවුන්ගේ නැවත නැඟිටීම සිදු වන්නෝය.
20 දැන්, මාගේ පුත්‍රය, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයේදී ඔවුන්ගේ නැවත නැඟිටීම පැමිණෙන බව මම නොකියන්නෙමි; එහෙත් බලව, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයේදී, සහ උන්වහන්සේගේ ස්වර්ගාරෝහනය වීමේදී, එනම් ධර්මිෂ්ඨයන්ගේ, ප්‍රාණයන් සහ ශරීරයන් නැවත එකතු වන බව මම මාගේ මතය ලෙස ප්‍රකාශ කරන්නෙමි.
21 එහෙත් එය උන්වහන්සේගේ උත්ථානයේදී නැතහොත් පසුව දැයි, මම නොකියන්නෙමි; එහෙත් මෙය පමණක් මම කියන්නෙමි, එනම් මරණය සහ ශරීරය අතර නැවත නැඟිටීමේ කාලයක්, සහ දෙවියන්වහන්සේ විසින් එනම් මළවුන් නැවත නැඟිටීමට නියම කරනු ලැබුවාවූ කාලය දක්වා, ප්‍රාණය සතුටෙහි හෝ දුක්ඛිත තත්වයක තිබෙන්නාවූ අතර, තවද ප්‍රාණය සහ ශරීරය යන දෙකම නැවත එකතු වී, තවද ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කිරීමට, තවද දෙවියන්වහන්සේ අභිමුඛයෙහි පෙනී සිටීමට ගෙන එනු ලබන්නෝය.
22 එසේය, මෙය අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කථා කරනු ලැබුවාවූ එම දේවල් නැවත පිහිටුවීම ගෙනු එනු ලබන්නේය.
23 තවද ප්‍රාණය ශරීරයට ද, ශරීරය ප්‍රාණයට ද නැවත පිහිටුවනු ලබන්නේය; එසේය, තවද එහිවූ සෑම අවයවයක්ම සහ සන්ධියක්ම ශරීරයට නැවත පිහිටුවනු ලබන්නේය; එසේය, හිසෙහි කෙස් ගසක් වුවද නැති නොවන්නේය; එහෙත් සියලුම දේවල් එහි නිසි සහ පරිපූර්ණ රාමුවට නැවත පිහිටවනු ලබන්නේය.
24 තවද දැන්, මාගේ පුත්‍රය, අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කථා කරනු ලැබුවාවූ එම නැවත පිහිවුවීම මෙය වන්නේය –
25 තවද එවිට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි ධර්මිෂ්ඨයන් බබළන්නෝය.
26 එහෙත් බලව, දුෂ්ඨයන් මතට භයානක මරණයක් පැමිණන්නේය; මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ දේවල් සම්බන්ධයෙන් මරණයට පත්වන්නේය; මක්නිසාද ඔවුන් අපවිත්‍රය, තවද කිසිදු අපවිත්‍රවූ දෙයකට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නොහැක; එහෙත් ඔවුන් පලවා හරිනු ලබන අතර, තවද ඔවුන්ගේ වෙහෙසවීම් හෝ ඔවුන්ගේ නපුරු වූ, දුෂ්ඨ ක්‍රියාවන්වල ඵලවලින් පංගුකාරයන් බවට පත් කරනු ලබන්නෝය; තවද ඔවුන් තිත්ත කුසලානයේ මන්ඩි බොන්නෝය.