ශුද්ධලියවිලි
ඇල්මා 45


හීලමන්ගේ කාලයේ දී, නීෆායි ජනතාව සහ ඔවුන්ගේ යුද්ධ සහ මතභේද පිළිබඳ වාර්තාව, ඔහු ඔහුගේ කාලයේ තබාගත්, හීලමන්ගේ වාර්තාවට අනුව.

පරිච්ඡේද 45 සිට 62 දක්වා ඇතුළත් වේ.

45 වන පරිච්ඡේදය

හීලමන් ඇල්මාගේ වචන විශ්වාස කරයි – ඇල්මා නීෆායිවරුන්ගේ විනාශය ගැන අනාවැකි කියයි – ඔහු දේශයට ආශිර්වාද සහ ශාප කරයි – ඇල්මා ද මෝසෙස් මෙන්, ආත්මයාණන් විසින් ඔසවාගනු ලබන්නට ඇත – සභාව තුළ මතභේද වර්ධනය වෙයි. ක්‍රි.පූ. 73 පමණ.

1 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම්, නීෆායිගේ ජනතාව බොහෝසෙයින් ප්‍රීතිමත් විය, මක්නිසාද ස්වාමීන්වහන්සේ නැවතත් ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔවුන්ව ගලවා ගත් සේක; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට ස්තුති කළෝය; එසේය, ඔවුන් බොහෝසෙයින් නිරාහාරව තවද බොහෝසෙයින් යාච්ඤා කළ අතර, ඔවුන් බොහෝ සේ ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ හට නමස්කාර කළෝය.

2 තවද එය මෙසේ සිදු විය, එනම්, නීෆායිගේ ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ දහනව වන අවුරුද්දේ දී, එනම් ඇල්මා ඔහුගේ පුත්‍රයාවූ හීලමන් වෙතට පැමිණ තවද ඔහුට මෙසේ කීවේය; තබා තිබෙන්නාවූ එම වාර්තා පිළිබඳව මා නුඹට කී වචන නුඹ විශ්වාස කරන්නෙහිද?

3 තවද හීලමන් ඔහුට මෙසේ කීවේය: එසේය, මම විශ්වාස කරමි.

4 තවද ඇල්මා නැවතත් මෙසේ කීවේය: නුඹ පැමිණෙන්නාවූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි, විශ්වාස කරන්නෙහිද?

5 තවද ඔහු මෙසේ කීවේය: එසේය, නුඹ විසින් පැවසූ සියලු වචන මම විශ්වාස කරමි.

6 තවද ඇල්මා නැවතත් ඔහුට මෙසේ කීවේය: නුඹ මාගේ අණ පනත් පිළිපදින්නෙහිද?

7 තවද ඔහු මෙසේ කීවේය: එසේය, මම මාගේ මුළු හදවතින්ම නුඹගේ අණ පනත් පිළිපදින්නෙමි.

8 එවිට ඇල්මා ඔහුට මෙසේ කීවේය: නුඹ ආශිර්වාදලත් වේ; තවද ස්වාමීන්වහන්සේ මෙම දේශයෙහි නුඹව සමෘධිමත් කරන සේක.

9 එහෙත් බලව, මට නුඹට යමක් අනාවැකි කීමට ඇත්තේය; එහෙත් මා නුඹ හට කියන අනාවැකි නුඹ නොදැන්විය යුතුය; එසේය, මා නුඹ හට කියන අනාවැකි, එම අනාවැකි සම්පූර්ණ වන තෙක් නොදන්වන්න; එසේහෙයින් මා කියන්නාවූ එම වචන ලියන්න.

10 තවද එම වචන නම් මේවාය: බලව, මා තුළ ඇති එළිදරව් කිරීමේ ආත්මයට අනුව, එනම් මේ නීෆායිවරුන් වන මෙම ජනතාවම බව මට වැටහේ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට උන්වහන්සේව ප්‍රකාශිත වන්නාවූ කාලයේ සිට අවුරුදු හාර සියයකින්, ඔවුන් විශ්වාසයෙන් පිරිහී යන බවය.

11 එසේය, තවද එවිට ඔවුන් යුද්ධයන් සහ වසංගතයන්, එසේය, සාගත සහ ලේ වැගිරීම් ද, නීෆායිගේ ජනතාව නැති වී යන තුරු දක්වාම පවා දකින්නෙහිය –

12 එසේය, තවද මෙය ඔවුන් විශ්වාසයෙන් පිරිහී යන බව තවද අන්ධකාරයේ ක්‍රියාවලට, තවද සල්ලාලකමට, තවද විවිධාකාරයේ අයුතුකම්වලට වැටෙන බැවිනි; එසේය, මම නුඹට කියන්නෙමි, එනම් මෙතරම් මහත් ආලෝකයට සහ දැනුමට විරුද්ධව ඔවුන්ගේ පාපය නිසා, එසේය, මම නුඹට කියන්නෙමි, ඒ දවසේ සිට, මෙම මහත් අයුතුකම පැමිණීමට පෙර සතරවන පරම්පරාව පවා සියල්ලන්ම පහව නොයන්නේය.

13 තවද එම මහා දවස පැමිණෙන විට, බලව, කාලය ඉක්මනින් පැමිණෙන්නේය, එනම් දැන් සිටින අයද, නැතහොත් නීෆායිගේ ජනතාව අතර දැන් ගණන් කරනු ලැබූ අයගේ වංශය, නීෆායිගේ ජනතාව අතරේ තවදුරටත් ගණන් ගනු නොලබන්නේය.

14 එහෙත් ඒ මහා භයානක දවසේදී විනාශ නොවී ඉතිරි වන්නේ කවරෙක්ද, ඔවුන් ලේමන්වරුන් අතරේ ගණන් ගනු ලබන්නේය, ස්වාමීන්වහන්සේගේ ගෝලයන් යැයි නම් කරනු ලැබූ කිහිප දෙනෙකු හැර, සියල්ලෝම, තවද ඔවුන්ට සමාන වන්නෝය; තවද ඔවුන් විනාශයට පැමිණෙන තුරු පවා ලේමන්වරු ඔවුන්ව ලුහුබඳින්නෝය. තවද දැන්, අයුතුකම නිසා, මෙම අනාවැකිය සම්පූර්ණ වන්නේය.

15 තවද දැන් එය මෙසේ සිදු විය, එනම්, ඇල්මා හීලමන් හට මෙම දේවල් කී පසු, ඔහු ඔහුටත්, තවද එසේම ඔහුගේ අනිත් පුත්‍රයන්ටත්, ආශීර්වාද කළේය; තවද ඔහු එසේම ධර්මිෂ්ඨයන් උදෙසා පොළොව ආශිර්වාද කළේය.

16 තවද ඔහු මෙසේ කීවේය: දෙවියන් වූ ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක – මෙම දේශය ශාප ලද්දේය, එසේය, මෙම දේශය, සියලු ජාතීන්, ඥාතීන්, භාෂාවන් සහ ජනතාවන්ට, දුෂ්ටකම් කරන්නාවුන් සම්පූර්ණයෙන්ම මේරු විට, විනාශය වෙතට වන්නේය; තවද මා කීවාක් මෙන් එය එසේම වන්නේය; මක්නිසාද මෙය දේශයට දෙවියන්වහන්සේගේ ශාපය ද තවද ආශිර්වාදය ද වන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේට අවම පිළිගැනීමකින්වත් පාපය දෙස බැලිය නොහැකිය.

17 තවද දැන්, ඇල්මා මෙම වචන පැවසූ විට ඔහු සභාවට ද එසේය, එම කාලයේ සිට ඇදහිල්ලේ ස්ථිරව සිටින සියල්ලන් හටද ආශිර්වාද කළේය.

18 තවද ඇල්මා මෙය කළ පසු, මෙලෙක් දේශයට යන මෙන්, ඔහු සරහෙම්ලා දේශයෙන් පිටත්ව ගියේය. තවද එය මෙසේ සිදු විය, එනම්, ඉන් ඉදිරියට ඔහු ගැන අසන්නට නොලැබුනේය; ඔහුගේ මරණය හෝ භූමදානය ගැන අපි නොදනිමු.

19 බලව, එනම් ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ බව, මෙය අපි දනිමු; එනම් ඔහු ආත්මයාණන් විසින් ඔසවනු ලැබූ බව සභාව තුළ කියමනක් පැතිර ගියේය, නැතහොත් මෝසෙස්ට වූවාක් මෙන් ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් භූමදානය ලැබීය. එහෙත් බලව, ශුද්ධ ලියවිලිවල පවසන්නේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ව උන්වහන්සේ වෙතට ගත් බවය; තවද එනම් උන්වහන්සේ එසේම ඇල්මාව ද ආත්මයෙන් උන්වහන්සේ වෙතට ලබාගත් බව අපි සිතමු; එසේහෙයින්, මේ හේතුව නිසා ඔහුගේ මරණය සහ භූමදානය පිළිබඳව අපි කිසිවක් නොදනිමු.

20 තවද දැන් එය මෙසේ සිදු විය, එනම්, නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ දහනව වන අවුරුද්ද ආරම්භයේදී, එනම් හීලමන් ජනතාව අතර පෙරට යමින් ඔවුන්ට වචනය ප්‍රකාශ කළේය.

21 මක්නිසාද බලව, ලේමන්වරුන් සමඟ වූ ඔවුන්ගේ යුද්ධයන් සහ බොහෝ කුඩා මතභේදයන්ද තවද ජනතාව අතර පැවති කැළඹීම් නිසා, දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් අතර ප්‍රකාශ කිරීම යෝග්‍ය විය, එසේය, තවද එනම් සභාව මුළුල්ලෙහිම නියමයක් පැවැත්විය යුතු බව.

22 එසේහෙයින්, එසේය, නීෆායිගේ ජනතාව විසින් අයත් කරගෙන සිටි මුළු දේශයේ සෑම නගරයකම, හීලමන් සහ ඔහුගේ සහෝදරයන් මුළු දේශයේ මුළුල්ලෙහිම නැවත සභාව පිහිටුවීමට ඉදිරියට ගියෝය. තවද එය මෙසේ සිදු විය, එනම්, ඔවුන් මුළු දේශයන් පුරාවටම, සියලු සභා මත පූජකවරුන් සහ ගුරුවරුන් පත් කළෝය.

23 තවද දැන් එය එය මෙසේ සිදු විය, එනම්, හීලමන් සහ ඔහුගේ සහෝදරයන් සභාව මත පූජකවරුන් සහ ගුරුවරුන් පත් කළ පසු, ඔවුන් අතර මතභේදයක් හට ගත් අතර, ඔවුන් හීලමන් සහ ඔහුගේ සහෝදරයන්ගේ වචනවලට ඇහුම්කන් නොදුන්නෝය.

24 එහෙත් ඔවුන් ඔවුන්ගේ බොහෝසෙයින් බලවත් වූ ධනය නිසා, ඔවුන්ගේ හදවත් උඩඟුකමෙන් එසවිය; එසේහෙයින්, ඔවුන් ඔවුන්ගේ දෑස් හමුවේ ධනවත් වූ අතර, තවද දෙවියන්වහන්සේ අබියස ඍජුව ගමන් කිරීම පිණිස වූ, ඔවුන්ගේ වචනවලට සවන් නොදුන්නෝය.