26 වන පරිච්ඡේදය
ඇමන් ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය – ඇදහිලිවන්තයින් ස්වාමීන්වහන්සේ විසින් ශක්තිමත් කරන අතර ඔවුන්ට දැනුම ලබා දෙන සේක – ඇදහිල්ල මඟින් මනුෂ්‍යයින් පසුතැවිලිවීම වෙත ප්‍රාණයන් දහස් ගණනක් ගෙනෙන්නෝය – දෙවියන්වහන්සේට බලය ඇති අතර සියළු දේ වටහා ගැනීමට හැකි වන සේක. ක්‍රි.පූ. 90–77 පමණ.
1 තවද දැන්, ඇමන් ඔහුගේ සහෝදරයන්ට පැවසූ වචන මේවා වේ, එනම් කියැවෙන්නේ මෙසේය: මාගේ සහෝදරයන් සහ මාගේ සහෝදරයනි, බලව මම නුඹලාට මෙසේ කියමි, ප්‍රීතිමත් වීමට අපට කෙතරම් හේතුවක් තිබේද; මක්නිසාද අප සරහෙම්ලා දේශයෙන් පටන් ගත් විට එනම් දෙවියන්වහන්සේ අප හට මෙවැනි මහත් ආශිර්වාද පිරිනමන බව අප සිතන්නට ඇතිදද?
2 තවද දැන්, මම අසන්නෙමි, උන්වහන්සේ අප මත පිරිනමා ඇති මහත් ආශිර්වාද මොනවාද? නුඹලාට කිව හැකිද?
3 බලව, මම නුඹ වෙනුවෙන් පිළිතුරු ලබා දෙන්නෙමි; මක්නිසාද අපගේ සහෝදරයන් වන, ලේමන්වරුන්, අන්ධකාරයේ සිටියෝය, එසේය, අඳුරුතම අගාධයේ පවා ද, එහෙත් බලව, දෙවියන්වහන්සේගේ විශ්මිත ආලෝකය කරා ඔවුන්ගෙන් කී දෙනෙකු ගෙනෙන ලද්දේද! තවද එනම් මේ මහත් කාර්යය ගෙන ඒමට දෙවියන්වහන්සේගේ හස්තයන්හි උපකරණ වීමට අපව සාදා ඇති බැවින්, අප මත පිරිනමා ඇති ආශිර්වාදය මෙය වේ.
4 බලව, ඔවුන්ගෙන් දහස් ගණනක් ප්‍රීතිමත් වන අතර, දෙවියන්වහන්සේගේ රැළ තුළට ගෙන එන ලදී.
5 බලව, ගොයම පැසී තිබුණි, තවද නුඹලා ආශිර්වාද ලද්දෝය, මක්නිසාද නුඹලා දෑකැත්ත යොමා, තවද නුඹලාගේ වික්‍රමයෙන් කැපුවෝය, එසේය, නුඹලා දවස මුළුල්ලෙහිම වෙභෙස වූවෝය; තවද නුඹලාගේ ගොයම් මිටිවල සංඛ්‍යාව බලව! තවද එනම් ඒවා අපතේ නොයන ලෙස, ඒව අටු තුළට එක් රැස් කරනු ලැබේ.
6 එසේය, අවසාන දවසේදී ඔවුන්ව කුණාටුවෙන් පහර නොලබන්නෝය; එසේය ඔවුන් සුළි සුළංවලින් ද විසුරුවනු නොලබන්නෝය; එහෙත් කුණාටුව පැමිණෙන විට ඔවුන් ඔවුන්ගේ ස්ථානයෙහි එක්රැස්ව සිටින්නෝය, එනම් කුණාටුව ඔවුන් පසාරු කරගෙන නොයන ලෙසය; එසේය, සතුරා ඔවුන්ව කොහාට නමුත් රැගෙන යාමට කැමති වූවත්, ඔවුන් රෞද්‍ර සුළංවලින් පලවා නොහරින්නේය.
7 එහෙත් බලව, අස්වැන්නෙහි ස්වාමීන්වහන්සේගේ හස්තයෙහි ඔවුන් සිටින්නෝය, තවද ඔවුන් උන්වහන්සේගේ වන්නේය; තවද උන්වහන්සේ ඔවුන්ව අවසාන දවසේදී ඔසවන ලබන සේක.
8 අපගේ දෙවියන්වහන්සේගේ නාමය ආශිර්වාද වේවා; අප උන්වහන්සේට ප්‍රශංසා ගයමුු, එසේය, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට අප තුති පුදමුු, මක්නිසාද උන්වහන්සේ සදාකාලයටම ධර්මිෂ්ඨකම ක්‍රියා කරවන සේක.
9 මක්නිසාද අප සරහෙම්ලා දේශයෙන් පිටතට නොපැමිණියේ නම්, අපගේ මෙම ප්‍රියාදර සහෝදරයන්, අපට බෙහෙවින් ප්‍රේම කරන ඔවුන්, තවමත් අපට එරෙහිව වෛරයෙන් වඳ විඳ සිටින්නට තිබුණි, එසේය, තවද ඔවුන් දෙවියන්වහන්සේට ද අමුත්තන් වන්නට තිබුණි.
10 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් මෙම වචන පැවසූ විට, ඔහුගේ සහෝදරය වන ආරොන් ඔහුට මෙසේ පවසමින් තරවටු කළේය; එනම් ඇමන්, නුඹගේ ප්‍රීතිය නුඹව ආත්මවර්ණනාව වෙත රැගෙන යන බවට මම බිය වන්නෙමි.
11 එහෙත් ඇමන් ඔහු හට මෙසේ පැවසුවේය: මම මාගේම ශක්තියෙහි ආත්මවර්ණනා නොකරන්නෙමි, නැතහොත් මාගේම ප්‍රඥාවේ ද නොවේය; එහෙත් බලව, මාගේ ප්‍රීතිය සම්පූර්ණය, එසේය, මාගේ හදවත ප්‍රීතියෙන් පිරී යන්නේය, තවද මම මාගේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.
12 එසේය, මම ශූන්‍යය බව මම දනිමි; මාගේ ශක්තියට අනුව මම දුර්වලය; එසේහෙයින් මම කෙරෙහි මම ආත්මවර්ණනා නොකරන්නෙමි, එහෙත් මම මාගේ දෙවියන්වහන්සේ කෙරෙහි ආත්මවර්ණනා කරන්නෙමි, මක්නිසාද උන්වහන්සේගේ ශක්තිය තුළ මට සියලු දේ කළ හැකි වේ; එසේය, බලව, මෙම දේශයෙහි බොහෝ ඉතා බලවත් හාස්කම් අප තනා ඇත, මක්නිසාද එයට අප සදාකාලයටම උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්නෙමු.
13 බලව, නිරයේ වේදනාවලින් අපගේ සහෝදරයන් කී දහස් දෙනෙකු උන්වහන්සේ නිදහස් කර ඇත්තෙහිද; තවද ඔවුන් මිදීමේ ප්‍රේමය ගායනා කිරීමට ගෙන එනු ලබන්නෝය, තවද මෙය අප තුළ ඇති උන්වහන්සේගේ වචනයේ බලය කරණකොටගෙනය, එසේහෙයින් ප්‍රීති වීමට අපට මහත් කාරණයක් නැත්තෙහිද?
14 එසේය, උන්වහන්සේට සදාකාලයටම ප්‍රශංසා කිරීමට අපට හේතු ඇත, මක්නිසාද උන්වහන්සේ මහෝත්තම දෙවියන්වහන්සේ වන සේක, තවද අපගේ සහෝදරයන් නිරයේ දම්වැල්වලින් නිදහස් කළ ඇති සේක.
15 එසේය, ඔවුන්ව සදාතනික අන්ධකාරයෙන් සහ විනාශයෙන් වටකර තිබුණි; එහෙත් බලව, උන්වහන්සේ ඔවුන්ව උන්වහන්සේගේ සදාතනික ආලෝකය තුළට ගෙන ආ සේක, එසේය, සදාතනික ගැලවීම තුළට ය; තවද උන්වහන්සේගේ ප්‍රේමයේ අසමසම තිළිණයෙන් ඔවුන්ව වටකර තිබුණි; එසේය, තවද මෙම විශිෂ්ඨ සහ ආශ්චර්යමත් කාර්යය කිරීමට අප උන්වහන්සේගේ හස්තයන්හි උපකරණ වී ඇත.
16 එසේහෙයින් අපි මහිමයට පත් කරමුු, එසේය, අි ස්වාමීන්වහන්සේ තුළ මහිමවත් වන්නෙමු; එසේය, අප ප්‍රීති වන්නෙමු, මක්නිසාද අපගේ ප්‍රීතිය සම්පූර්ණ වී ඇත; එසේය, අප අපගේ දෙවියන්වහන්සේ සදාකාලයටම ප්‍රශංසා කරන්නෙමු. බලව, ස්වාමීන්වහන්සේ තුළ ඉතා වැඩියෙන් මහිමවත් වන්නට හැක්කේ කවරෙකුටද? එසේය, උන්වහන්සේගේ බලය පිළිබඳවඉතා වැඩියෙන් කථා කිරීමට ද, උන්වහන්සේගේ දයාව පිළිබඳව ද, තවද මනුෂ්‍ය දරුවන් උදෙසා උන්වහන්සේගේ බොහෝ ඉවසිලිවන්තකම, කළ හැක්කේ කවරෙකුටද? බලව, මම නුඹට පවසන්නෙමි, මට දැනෙනා කුඩා හෝ දේ මට පවසන්නට නොහැකිය.
17 අපව අපගේ භයානක, දුෂ්ඨ, සහ අපවිත්‍ර වූ තත්වයෙන් ඩැහැගැනීමට දෙවියන්වහන්සේ කෙතරම්නම් මහිමාන්විත වන බව කවරෙකු සිතන්නට ඇත්ද?
18 බලව, උන්වහන්සේගේ සභාව විනාශ කිරීමට මහත් තර්ජනයන් සමඟ, අපි උදහසින් පවා ද ඉදිරියට ගියෙමු.
19 අහෝ එසේනම්, භයානක විනාශයකට උන්වහන්සේ අපව බාර නොකළේ මන්ද, එසේය, උන්වහන්සේගේ යුක්තියේ කඩුව අප මත වැටී, සදාකාලික බලාපොරොත්තුවක් නොමැති විනාශයට අපව උන්වහන්සේ පත් නොකළේ මන්ද?
20 අහෝ මගේ ප්‍රාණය, එම සිතුවිල්ලෙහි, මුළුමනින් පාහේ පලා යන සේය. බලව, උන්වහන්සේ උන්වහන්සේගේ යුක්තිය අප මත ක්‍රියා නොකළ සේක, එහෙත් අපගේ ප්‍රාණයන්හි ගැලවීම කරා පවා ද, උන්වහන්සේගේ මහත් දයාවෙහි අපව ඒ මරණයේ සහ දුක්ඛිතකමෙහි සදාතනික අගාධය උඩින් ගෙන ආ සේක.
21 තවද දැන් බලව, මාගේ සහෝදරයනි, මේ දේවල් දන්නා ස්වාභාවික මනුෂ්‍යයෙකු සිටින්නේද? පසුතැලිවන්නා මිස, මේ දේවල් දන්නා වෙන කිසිවෙකු නොමැත්තේය.
22 එසේය, පසුතැවිලි වී සහ ඇදහිල්ල ක්‍රියා කර, යහපත් ක්‍රියා ගෙන එන ද, නොනවත්වා නිරන්තරව යාච්ඤා කරන තැනැත්තා – දෙවියන්වහන්සේගේ අභිරහස් දැනගැනීම පිණිස එවැනි තැනැත්තෙකුට ලබා දෙන ලදී; එසේය, කිසි විටෙක අනාවරණය නොකළ දේවල් ද එවැනි අයෙකුට අනාවරණය වන්නේය; එසේය අපගේ මෙම සහෝදරයන් පසුතැවිලි වීම කරා ගෙන ඒමට අපට ලබා දුන්නාක් මෙන්, තවද පසුතැවිලි වීම කරා ප්‍රාණයන් දහස්ගණනක් ගෙන ඒමට එවැනි අයෙකුට ලබා දෙන ලදී.
23 මාගේ සහෝදරයනි, දැන් නුඹලාට සිහි වන්නේද, එනම් සරහෙම්ලා දේශයෙහි අප අපගේ සහෝදරයන් හට, අපගේ සහෝදරයන් වන, ලේමන්වරුන්, හට දේශනා කිරීමට, අප නීෆායි දේශය වෙත ඉහළට යන බව පැවසූ අතර, ඔවුන් අපට අවමන් කරන ලෙසින් සිනාසුනෝය.
24 මක්නිසාද ඔවුන් අපට මෙසේ පැවසුවෝය: සත්‍යයෙහි දැනුම කරා ලේමන්වරුන් ගෙන ඒමට හැකි වන බව නුඹලා සිතන්නෙහිද? පටන්ගැන්මේ සිට අපරාධකරුවෙකුගේ ක්‍රියාමාර්ග වූ අයගේ; අශික්ෂිත අයුතුකම්වල ඔවුන්ගේ දවස් ගෙවෙන්නාවූ අය; ලේ වැගිරීම් තුළ ඔවුන්ගේ හදවත් අතිශයින් සතුටු වන අය; ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්හි සදොස්භාවය, මුරණ්ඩු වූ ජනතාවක් වන ඔවුන්ව, ඒත්තු ගැන්වීමට පුළුවන් බව නුඹ සිතන්නෙහිද? දැන් මාගේ සහෝදරයනි, මෙය ඔවුන්ගේ භාශාව වන බව නුඹලා සිහියේ තබා ගත යුතුය.
25 තවද ඔවුන් තවදුරටත් මෙසේ පැවසුවෝය: ඔවුන්ට එරෙහිව අප සන්නාහ ගමු, එනම් අපව ඉක්මවා ගොස් අපව විනාශ කිරීමට යමක් නොකරන පිණිස, ඔවුන්ව සහ දේශයේ ඔවුන්ගේ අයුතුකම් විනාශ කිරීම පිණිසය.
26 එහෙත් බලව, මාගේ දයාබර සහෝදරයනි, අප වනාන්තරය තුළට පැමිණියේ අපගේ සහෝදරයන් විනාශ කිරීමේ අරමුණින් නොවේය, එහෙත් ඔවුන් ඒ ප්‍රාණයන්ගෙන් සමහරක් මුදවා ගැනීමට අපට හැකි වන අරමුණින්ය.
27 දැන් අපගේ හදවත් අධෛර්ය්‍යමත් වූ විට, තවද අප නැවත හැරෙන්නට සිටි අතර, බලව, ස්වාමීන්වහන්සේ අපව මෙසේ පවසමින්, සැනසූ සේක: ලේමන්වරුන් වන, නුඹගේ සහෝදරවරුන් අතර ගොස්, තවද නුඹගේ පීඩාවන් ඉවසීමෙන් දරාගන්න, තවද මම නුඹ හට ජයග්‍රහණය ලබා දෙන්නෙමි.
28 තවද දැන් බලව, අප පැමිණ ඇති අතර, ඔවුන් අතර සිටී ඇත්තෝය; තවද අප අපගේ වේදනාවන්හි ඉවසිලිවන්තව සිටියෝය, තවද අප සෑම අගහිඟකමක්ම විඳ ඇත්තෝය, එසේය, ලෝකයෙහි දයාවන් මත – ලෝකයෙහි දයාවන්හි පමණක් නිව එහෙත් දෙවියන්වහන්සේගේ දයාවන් මත විශ්වාසය තබා, අප නිවසින් නිවසට ගමන් කර ඇත්තේය.
29 තවද අප ඔවුන්ගේ නිවෙස් තුළට ගොස් ඔවුන්ට උගන්වා ඇත, තවද අප ඔවුන්ට වීදිවල උගන්වා ඇත; එසේය, තවද අප ඔවුන්ට ඔවුන්ගේ කඳු මත උගන්වා ඇත; තවද අප ඔවුන්ගේ දේවමාළිගාවන් සහ ඔවුන්ගේ සිනගෝග තුළට ද ඇතුළු වී ඔවුන්ට උගන්වා ඇත; තවද අපව පලවා හැර, සහ අවමන් කර, සහ කෙළ ගසනු ලැබ, සහ අපගේ කම්මුල්වලට පහර දී; තවද අපට ගල් ගසා, අපව රැගෙන සවිමත් ලණුවලින් බැඳ, සිර ගෙදරට දැමූ අතර, දෙවියන්වහන්සේගේ බලය සහ ප්‍රඥාව මඟින් අප නැවතත් ගලවාගන්නා සේක.
30 තවද අප සෑම ආකාරයේම පීඩාවන් වේදනා විඳ ඇත්තේය, තවද මේ සියළු දේ, එනම් සමහරවිට කිසියම් ප්‍රාණයක් ගලවාගැනීමේ විධියන් අප වීමට හැකි බැවිනි; තවද සමහරවිට යම්කිසිවෙක් ගලවාගැනීමට අපට හැකි වුවහොත් අපගේ ප්‍රීතිය සම්පූර්ණ වනු ඇතැයි අප සිතුවෙමුු.
31 දැන් බලව, අපට ඉදිරිය දෙස බලා සහ අපගේ ශ්‍රමයන්හි ඵල දැකීමට පුළුවනි; තවද කිහිපයක් වන්නේද? මම නුඹට පවසන්නෙමි, නැත, ඒ බොහෝ අය ඇත; එසේය, තවද ඔවුන්ගේ අවංකභාවය පිළිබඳව සාක්ෂි දැරීමට අපට පුළුවනි, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවරුන් සහ අප උදෙසා ද ඇති ප්‍රේමය නිසාවෙන්ය.
32 මක්නිසාද බලව, ඔවුන්ගේ සතුරාගේ ජීවිතය ගැනීමට වඩා ඔවුන් ඔවුන්ගේ ජීවිත වඩා කැමැත්තෙන් පූජා කළෝය; තවද ඔවුන් ඔවුන්ගේ යුද්ධායුධ පොළොවේ ගැඹුරෙහි මිහිදන් කර ඇත්තෝය, මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් උදෙසා ඇති ඔවුන්ගේ ප්‍රේමය නිසාවෙන්ය.
33 තවද දැන් බලව මම නුඹට පවසන්නෙමි, දේශයේ එතරම් මහත් ප්‍රේමයක් තිබී ඇත් ද? බලව, මම නුඹට පවසන්නෙමි, නැත, එපමණක් නොව නීෆායිවරුන් අතර ද, එසේ තිබී නැත.
34 මක්නිසාද බලව, ඔවුන් ඔවුන්ගේ සහෝදරවරුන්ට එරෙහිව සන්නාහ ගන්නෝය; ඔවුන් ඔවුන්ව මරා දැමීමට නොවිඳිති. එහෙත් බලව මොවුන්ගෙන් කොපමණක් ඔවුන්ගේ ජීවිත පූජා කළේද; තවද ඔවුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත ගොස් ඇති බව අපි දන්නෙමු, මක්නිසාද ඔවුන්ගේ ප්‍රේමය සහ පාප කිරීමට ඇති වෛරය නිසාවෙන්ය.
35 දැන් අපට ප්‍රීතිමත් වීමට කාරණා නැත්ද? එසේය, මම නුඹට පවසන්නෙමි, ලෝකයේ පටගැන්මේ සිට, අප තරම් ප්‍රීතිමත් වීමට මහත් කාරණා ඇති මනුෂ්‍යයන් කවදත් නොසිටියෝය; එසේය, එපමණක් නොව මාගේ දෙවියන්වහන්සේ තුළ ආත්මවර්ණනා කර, තවද මාගේ ප්‍රීතිය රැගෙන යන්නේය, මක්නිසාද උන්වහන්සේට සියලු බලය ද, සියලු ප්‍රඥාව ද, සියලු අවබෝධය ඇති සේක; උන්වහන්සේ සියලු දේ වටහා ගන්නා අතර, එපමණක් නොව ගැලවීම කරා ද, පසුතැවිලි වී උන්වහන්සේගේ නාමය විශ්වාස කරන අයට, දයාන්විත අයෙකි.
36 දැන් මෙය ආත්මවර්ණනාව වන්නේනම්, එසේ ද වුවත් මම ආත්මවර්ණනා කරන්නෙමි; මක්නිසාද මේ මාගේ ජීවිතය සහ මාගේ ආලෝකය වේ, මාගේ ප්‍රීතිය ද මාගේ ගැලවීම ද, සදාතනික ඛේදයෙන් මාගේ මිදීම වේ. එසේය, ඊශ්‍රායලයේ ගසෙහි අත්තක් වන ඔවුන්, තවද නුපුරුදු දේශයක ඒ කයෙන් මුළා වූ අය උදෙසා, මෙම ජනතාව පිළිබඳව සැලකිලි සහිත සිටි, මාගේ දෙවියන්වහන්සේගේ නාමය ආශිර්වාදලත් ය; එසේය, මම පවසන්නෙමි, නුපුරුදු දේශයක සැරිසරන්නන් වන, අප පිළිබඳව සැලකිලි සහිත සිටින්නාවූ, මාගේ දෙවියන්වහන්සේගේ නාමය ආශිර්වාදලත් ය.
37 දැන් මාගේ සහෝදරයනි, කුමක් නමුත් දේශයක ඔවුන් සිටින්නාවූද, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සෑම දෙනෙකුම පිළිබඳව සැලකිලි සහිත බව අපි දකින්නෙමු; එසේය, උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ගණන් කරන අතර, උන්වහන්සේගේ දයාවේ අභ්‍යන්තරයන් මුළු පොළොව පුරාවටම ඇති සේක. දැන් මේ මාගේ ප්‍රීතිය ද, මගේ මහත් ස්තූති පිදීම වේ; එසේය, තවද මම මාගේ දෙවියන්වහන්සේ හට සදාකාලයටම තුති පුදන්නෙමි. ආමෙන්.