ශුද්ධලියවිලි
ඇල්මා 21


ආරොන්, මුලෝකි සහ ඔවුන්ගේ සහෝදරයන් ලේමන්වරුන්ට කළ දේශනා කිරීම පිළිබඳ වාර්තාවකි.

පරිච්ඡේද 21 සිට 25 දක්වා සමන්විත වේ.

21 වන පරිච්ඡේදය

ආරොන් ඇමෙලකායිවරුන්ට ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව උගන්වයි – ආරොන් සහ ඔහුගේ සහෝදරයන් මිද්දෝනියේ සිරකර තබයි – ඔවුන්ගේ නිදහස් වීමෙන් පසු, ඔවුන් සිනගෝගවල උගන්වමින් බොහෝ අයව හරවනු ලබයි – ලැමෝනායි ඉෂ්මායෙල්ගේ දේශයේ මනුෂ්‍යයන්ට ආගමික නිදහස ලබා දෙයි. ක්‍රි.පූ. 90–77 පමණ.

1 දැන් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් ලේමන්වරුන්ගේ දේශයේ මායිම්වලදී ඔවුනොවුන්ගෙන් වෙන් වූ විට, ආරොන් ලේමන්වරුන් විසින් ජෙරුසලම ලෙස හැඳින්වූ දේශය දෙසට තම ගමන ආරම්භ කළ අතර, එය ඔවුන්ගේ පියවරුන්ගේ උපන් දේශය අනුව හඳුන්වනු ලැබුවෝය; තවද එය මොර්මන්ගේ දේශසීමාවලට සම්බන්ධ වෙමින් තිබුණි.

2 දැන් ලේමන්වරුන්ද, ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්හි ජනතාවද ජෙරුසලම ලෙස හැඳින්වූ, මහා නගරයක් ගොඩනඟා තිබුණේය.

3 දැන් ලේමන්වරුන් ප්‍රමාණවත් තරම් දැඩි වී සිටි නමුත්, ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්වරුන් තවමත් දැඩි විය; එසේහෙයින් ඔවුන් ලේමන්වරුන් කෙරෙහි ඔවුන්ගේ හදවත් දැඩි කර ගැනීමටත්, දුෂ්ඨකමෙන් සහ ඔවුන්ගේ පිළිකුල්සහගත ක්‍රියාවලින් ශක්තිමත් වීමටත් සැලැස්වීය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් ආරොන් ජෙරුසලම් නගරයට පැමිණ, පළමුවෙන්ම ඇමෙලකායිවරුන්ට දේශනා කිරීමට පටන් ගත්තේය. තවද ඔහු ඔවුන්ගේ සිනගෝගවලදී ඔවුන්ට දේශනා කිරීමට පටන් ගත්තේය, මක්නිසාද ඔවුන් නෙහෝර්වරුන්ගේ අනුපිළිවෙලට අනුව සිනගෝග ගොඩනඟා තිබුණෝය; මක්නිසාද බොහෝ ඇමෙලකායිවරුන් සහ ඇමියුලොන්වරුන් නෙහෝර්වරුන්ගේ අනුපිළිවෙලට අනුව සිටියෝය.

5 එසේහෙයින්, ආරොන් ඔවුන්ගේ සිනගෝගයකට ඇතුළු වී, ජනතාවට දේශනා කරන පිණිස, තවද ඔවුන්ට කථා කරමින් සිටියදී, ඇමෙලකායිවරයෙකු නැඟිට මෙසේ පවසමින්, ඔහු සමඟ වාද කිරීමට පටන් ගත්තේය: නුඹ සාක්ෂි දුන්නේ කුමක්ද? නුඹ දේවදූතයෙකු දුටුවෙහිද? අපට දේවදූතයන් නොපෙනෙන්නේ මන්ද? බලව, මේ ජනතාව නුඹගේ ජනතාව මෙන් යහපත් නැත්තෙහිද?

6 අප පසුතැවිලි නොවුණොත් අප විනාශ වෙන බව, නුඹත් එසේම කියන්නේය. අපගේ හදවත්වල සිතුවිලි සහ අභිප්‍රායන් නුඹ දන්නේ කෙසේද? අපට පසුතැවිලි වීමට හේතුවක් තිබෙන බව නුඹ දන්නේ කෙසේද? අප ධර්මිෂ්ඨ ජනතාවක් නොවන බව නුඹ දන්නේ කෙසේද? බලව, අප දේවස්ථානයන් ගොඩනඟා ඇත්තේය, තවද අප දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සඳහා එකට එක් රැස් වන්නෙමු. දෙවියන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ව ගලවා ගන්නා බව අප විශ්වාස කරන්නෙමු.

7 දැන් ආරොන් ඔහුට මෙසේ කීවේය: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ පාපවලින් මුදවා ගැනීමට පැමිණෙන බව නුඹ විශ්වාස කරන්නේද?

8 තවද එම මනුෂ්‍යයා ඔහුට මෙසේ කීවේය: නුඹ එවැනි දෙයක් දන්නා බව අප විශ්වාස නොකරන්නෙමු. අප මෙම අනුවණ සම්ප්‍රදායන් තුළ විශ්වාස නොකරන්නෙමු. ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් ගැන නුඹ දන්නා බව අප විශ්වාස නොකරන්නෙමු, තවද නුඹගේ පියවරුන් සහ අපගේ පියවරුන් ඉදිරියේදී පැමිණීමට නියමිත දේවල් ගැන ඔවුන් පැවසූ දේ පිළිබඳ දැන සිටි බව ද අප විශ්වාස නොකරන්නෙමු.

9 දැන් ආරොන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳවත්, මළවුන්ගේ නැවත නැඟිටීම පිළිබඳවත්, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ දුක් විඳීම තුළින් සහ උන්වහන්සේගේ රුධිරයේ පව් කමාව තුළින් මිස මනුෂ්‍ය වර්ගයාට මිදීමක් නොමැති බවටත් වන ශුද්ධ ලියවිලි ඔවුන්ට පැහැදිලි කිරීමට පටන් ගත්තෝය.

10 තවද එය මෙසේ සිදු විය, ඔහු මේ දේවල් ඔවුන්ට පැහැදිලි කිරීමට පටන් ගත් විට, ඔවුන් ඔහු කෙරෙහි කෝප වී, ඔහුට සමච්චල් කිරීමට පටන් ගත්තෝය; තවද එහෙත් ඔහු පැවසූ වචන ඔවුන් ඇසුවේ නැත.

11 එසේහෙයින්, ඔවුන් ඔහුගේ වචන නොඅසන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ගේ සිනගෝගයෙන් පිටතට ගොස්, ආනි-ඇන්ටි නම් ගමකට පැමිණියේය, තවද එහිදී ඔහුට මුලෝකි සහ එසේම ඈම්මා සහ ඔහුගේ සහෝදරයන් ද ඔවුන්ට වචනය දේශනා කරනු දක්නට ලැබුණි; ඔවුන් වචනය ගැන බොහෝ දෙනෙකු සමඟ වාද කළෝය.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කර ගන්නා බව ඔවුන් දුටුවෝය, එසේහෙයින් ඔවුන් පිටත්ව ගොස් මිද්දෝනි දේශයට පැමිණියෝය. තවද ඔවුන් බොහෝ දෙනෙකුට වචනය දේශනා කළ අතර, තවද ඔවුන් ඉගැන්වූ වචන ස්වල්ප දෙනෙක් පමණක් විශ්වාස කළෝය.

13 එසේනමුත්, ආරොන් සහ ඔහුගේ සහෝදරයන් කිහිප දෙනෙකුව රැගෙන සිරගෙය තුළට දමන ලද අතර, තවද ඔවුන්ගෙන් ඉතිරි අය මිද්දෝනි දේශයෙන් අවට පිටත පලාත් වලට පලා ගියෝය.

14 තවද සිරගෙය තුළට දමන ලැබුවාවූ අයවලුන් බොහෝ දේවල් විඳදරාගත් අතර, තවද ඔවුන්ව ලැමෝනායි සහ ඇමන්ගේ දෑතෙන් ගලවනු ලැබ, තවද ඔවුන්ව පෝෂණය කරනු ලැබ වස්ත්‍ර අන්දවනු ලැබුවෝය.

15 තවද ඔවුන් නැවතත් වචනය ප්‍රකාශ කරන පිණිස පිටතට ගියෝය, තවද මෙසේ ඔවුන් පළමු වරට සිරගෙයින් පිටතට ගලවා ගනු ලැබුවෝය; තවද මෙසේ ඔවුන් දුක් වින්දෝය.

16 තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් විසින් කවර ස්ථානයකටම මගපෙන්වනු ලැබ, ඇමෙලකායිවරුන්ගේ සෑම සිනගෝගයකම නැතහොත් ඔවුන්ට ඇතුළු වීමට හැකිවූ ලේමන්වරුන්ගේ සෑම රැස්වීමකම ඉදිරියට ගොස් දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළෝය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන් හට ආශීර්වාද කිරීමට පටන් ගත් සේක, එපමණින් ඔවුන් බොහෝ දෙනෙකුව එනම් සත්‍යය පිළිබඳ දැනගැනීමට ගෙන එනු ලැබුවෝය; එසේය, නිවැරදි නොවුනාවූ ඔවුන්ගේ සම්ප්‍රදායන්, සහ ඔවුන්ගේ පාපයන් බොහෝමයක් ඔවුන් හට ඒත්තු ගැන්වුවෝය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් සහ ලැමෝනායි මිද්දෝනි දේශයෙන්, ඔවුන්ගේ එම උරුමයේ දේශය වන ඉෂ්මායෙල්ගේ දේශය වෙත ආපසු හැරි ආවෝය.

19 තවද ඇමන් තමාට සේවය කිරීමට හෝ ඔහුගේ සේවකයා වීමට ලැමෝනායි රජු හට ඉඩ නොදුන්නේය.

20 එහෙත් ඔහු එනම් ඉෂ්මායෙල්ගේ දේශයේහි සිනගෝග ගොඩනඟා ගැනීමට සැලැස්වූවේය; තවද එනම් ඔහුගේ ජනතාව, නැතහොත් ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ සිටින්නාවූ ජනතාව, ඔවුන් විසින්ම එක් රැස්වීමට සැලැස්සුවෝය.

21 තවද ඔහු ඔවුන් කෙරෙහි ප්‍රීති වූ අතර, තවද ඔහු ඔවුන්ට බොහෝ දේවල් ඉගැන්වූවෝය. තවද එනම් ඔවුන් එසේම තමා යටතේ සිටින්නාවූ ජනතාවක් බවත්, තවද එනම් ඔවුන් නිදහස් ජනතාවක් බවත්, එනම් තම පියා වන රජුගේ, පීඩාවලින් ඔවුන් නිදහස් බවත් ඔහු ඔවුන් හට ප්‍රකාශ කළේය; මක්නිසාද එනම් ඉෂ්මායෙල් දේශයේ, සහ අවට මුළු දේශයෙහිම සිටින්නාවූ ජනතාව කෙරෙහි රාජ්‍ය පාලනට කිරීමට ඔහුගේ පියා ඔහු වෙත අවසර ලබා දී තිබුණේය.

22 තවද එසේම ලැමෝනායි රජුගේ රාජ්‍ය පාලනය යටතේ පවතින්නාවූ දේශයක නම්, ඔවුන් සිටින්නාවූ ඕනෑම ස්ථානයක, එනම් ඔවුන්ගේ ආශාවන්ට අනුව ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ හට නමස්කාර කිරීමේ නිදහස ඔවුන්ට තිබෙන්නාවූ බව ඔහු ඔවුන්ට ප්‍රකාශ කළේය.

23 තවද ඇමන්, ලැමෝනායි රජුගේ ජනතාවට දේශනා කළේය; තවද එය මෙසේ සිදු විය, එනම් ධර්මිෂ්ඨකමට සම්බන්ධ වූ සියලු දේවල් ඔහු ඔවුන්ට ඉගැන්වුවෝය. තවද ඔහු සියලු උද්‍යෝගයෙන් දිනපතා, ඔවුන්ට අනුශාසනා කළේය; තවද ඔවුන් ඔහුගේ වචනයට සවන් දුන් අතර, තවද දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට ඔවුන් අතිශයින් උනන්දු වූවෝය.