49 වන පරිච්ඡේදය
ආක්‍රමණික ලේමන්වරුන්ට ඇමෝනිහා සහ නෝවා යන බලකොටු නගර අල්ලා ගැනීමට නොහැකි වෙයි – ඇමලකායා දෙවියන්වහන්සේට ශාප කරන අතර සහ මොරෝනායිගේ රුධිරය පානය කිරීමට දිවුරුම් දෙයි – හීලමන් සහ ඔහුගේ සහෝදරයන් සභාව ශක්තිමත් කිරීම සිදු කරගෙන යයි. ක්‍රි.පූ. 72 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, දහනව වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ දී, මාසයේ දසවන දින, ලේමන්වරුන්ගේ හමුදාවන් ඇමෝනිහා දේශය දෙසට පැමිණෙනු දක්නට ලැබුණි.
2 තවද බලව, නගරය නැවත ගොඩනඟා ඇති අතර, තවද මොරෝනායි නගරයේ මායිම් අසල හමුදාවක් ස්ථානගත කර, තවද ඔවුන් ලේමන්වරුන්ගේ ඊතලවලින් සහ ගල්වලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා එය වටා කැළිකසල දැමුවෝය; මක්නිසාද බලව, ඔවුන් ගල්වලින් ද ඊතලවලින් ද සටන් කළෝය.
3 බලව, මම එනම් ඇමෝනිහා නගරය නැවත ගොඩනඟන ලද බව කීවෙමි. මම නුඹට කියමි, එසේය, එනම් එය කොටසක් නැවත ගොඩනඟන ලදී; තවද ජනතාවගේ අයුතුකම් නිසා ලේමන්වරු එය වරක් විනාශ කළ හෙයින්, එය එනම් නැවත ඔවුන්ට පහසු ගොදුරක් වනු ඇතැයි ඔවුන් සිතුවෝය.
4 එහෙත් බලව, ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම කොතරම් විශාලද; මක්නිසාද බලව, නීෆායිවරුන් ඔවුන් වටා පස් කඳු වැටියක් හාරා තිබූ අතර, එය ලේමන්වරුන්ට ඔවුන්ගේ ගල් හා ඊතල ඔවුන් වෙත හෙළීමට නොහැකි වන පරිදි උස් වූ අතර, ඔවුන්ගේ ඇතුල්වීමේ ස්ථානයෙන් මිසිස, ඔවුන්ට ඔවුන් වෙතට පැමිණිය නොහැකි විය.
5 දැන් මේ අවස්ථාවේදී ලේමන්වරුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන්, ඔවුන්ගේ ආරක්‍ෂක ස්ථාන පිළියෙළ කිරීමේදී නීෆායිවරුන්ගේ ප්‍රඥාව නිසාවෙන්, අතිශයින් විස්මයට පත් වූවෝය.
6 දැන් ලේමන්වරුන්ගේ නායකයෝ ඔවුන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය නිසා, එසේය, ඔවුන් මෙතෙක් කළාක් මෙන් ඔවුන් වෙත පැමිණීමට වරප්‍රසාද ලැබිය යුතු යැයි ඔවුන් සිතුවෝය; එසේය, තවද ඔවුන් තමන්ව පලිහවල් ද ළයවැස්ම ද සමඟ පැළඳ සිටියෝය; තවද එසේම ඔවුන් තම නිරුවත වැසීමට සම් වස්ත්‍ර ද, එසේය, ඉතා ඝන වස්ත්‍රවලින් ඔවුන්වම සූදානම් කොට සිටියෝය.
7 තවද එසේ සූදානම් වී ඔවුන් පහසුවෙන්ම යටපත් කර ඔවුන්ගේ සහෝදරයන් වහල්භාවයේ වියගහට යටත් කර ගැනීමට හෝ ඔවුන්ගේ සතුටට අනුව ඔවුන්ව මරා දමා සමූල ඝාතනය කළ යුතු බව ඔවුන් සිතුවෝය.
8 එහෙත්, බලව, ඔවුන් අතිශයින් මවිතයට පත් වන පරිදි, ලීහායිගේ දරුවන් අතර කිසිදාක නොදැන සිටි ආකාරයෙන්, ඔවුන් ඔවුන් සඳහා සූදානම්ව සිටියෝය. දැන් ඔවුන් මොරෝනායිගේ උපදෙස් අනුව, ලේමන්වරුන් සඳහා සටන් කිරීමට සූදානම්ව සිටියෝය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් නොහොත් ඇමලකායිවරුන් ඔවුන් යුද්ධයට සූදානම් වන ආකාරය ගැන අතිශයින් විස්මයට පත් වූවෝය.
10 දැන්, ඇමලකායා රජු තම හමුදාවේ ප්‍රධානියා ලෙස නීෆායි දේශයෙන් බැස ආවේ නම්, සමහර විට ඔහු ඇමෝනිහා නුවරදී නීෆායිවරුන්ට පහර දීමට ලේමන්වරුන් පොළඹවනු ඇත්තේය; මක්නිසාද බලව, ඔහු තම ජනතාවගේ ලේ ගැන තැකීමක් නොකළේය.
11 එහෙත් බලව, ඇමලකායා තමන්ව සටනට කැඳවා නොආවේය. තවද බලව, ඔහුගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් ඇමෝනිහා නගරයේ නීෆායිවරුන්ට පහර නොදුන් නිසා, මොරෝනායි නීෆායිවරුන් අතර කටයුතු කළමණාකරණය වෙනස් කළ හෙයින්, ලේමන්වරුන් ඔවුන්ගේ පසුබැසීමේ ස්ථානවල කලකිරීමට පත් වූ අතර ඔවුන්ට ඔවුන් වෙතට පැමිණිය නොහැකි වූවෝය.
12 එසේහෙයින් ඔවුන් වනාන්තරය වෙත පසු බැස, තවද තම කඳවුර රැගෙන නෝවාගේ දේශය දෙසට ගමන් කරමින්, එනම් නීෆායිවරුන්ට විරුද්ධව පැමිණීමට ඊළඟ හොඳම ස්ථානය එය යැයි සිතුවෝය.
13 මක්නිසාද මොරෝනායි අවට දේශයේ සෑම නගරයකටම, ආරක්ෂක බලකොටු ගොඩනඟා හෝ බලකොටු බවට පත් කර ඇති බව ඔවුන් දැන නොසිටියෝය; එසේහෙයින් ඔවුන් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව නෝවාගේ දේශය දෙසට ඉදිරියට ගියෝය; එසේය, ඔවුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් ඉදිරියට පැමිණ එම නගරයේ වැසියන් විනාශ කරන බවට දිවුරුම් දුන්නෝය.
14 එහෙත් බලව, ඔවුන්ගේ මවිතයට, මෙතෙක් දුර්වල ස්ථානයක්ව තිබූ නෝවාගේ නගරය, දැන්, මොරෝනායිගේ මාර්ගයෙන්, එසේය, ඇමෝනිහා නගරයේ ශක්තිය ඉක්මවා ශක්තිමත් වී තිබුණේය.
15 තවද දැන්, බලව, මෙය මොරෝනායි තුළ වූ ප්‍රඥාව විය; මක්නිසාද ඔවුන් එනම් ඇමෝනිහා නගරයේදී බියට පත්වනු ඇතැයි ඔහු සිතුවේය. තවද නෝවාගේ නගරය මෙතෙක් දේශයේ දුර්වලම කොටස වූ අතර, එසේහෙයින් ඔවුන් මෙහි යුද්ධ කිරීමට ගමන් කරනු ඇත්තෝය; තවද මෙසේ එය ඔහුගේ කැමැත්තට අනුව විය.
16 තවද බලව, එම නගරයේ මනුෂ්‍යයන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානියා වීමට මොරෝනායි ලීහායිව පත් කර තිබුණේය; තවද ශිදොන් ගංඟාවේ නැඟෙනහිර මිටියාවතේදී ලේමන්වරුන් සමඟ සටන් කළේද එම ලීහායිම විය.
17 තවද දැන් බලව, එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්, ලීහායි නගරයට අණ කරන්නාවු බව සොයාගත් විට, එනම් ඔවුන් නැවතත් කලකිරීමට පත් විය, මක්නිසාද ඔවුන් ලීහායිට අතිශයින් බිය වූවෝය; එසේනමුත් ඔවුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් නගරයට පහරදීමට දිවුරුමකින් දිවුරා දී ඇත්තෝය. එසේහෙයින්, ඔවුන් ඔවුන්ගේ හමුදාවන් ගෙන ආවෝය.
18 දැන් බලව, ඉවුරේ උස් භාවය වැඩිවීම නිසා, පිවිසුමෙන් මිස වෙනත් කිසිදු මාර්ගයකින් ලේමන්වරුන්ට ඔවුන්ගේ ආරක්ෂිත බලකොටුවලට ඇතුළු වීමට නොහැකි විය, තවද අවට වට කොට තිබුණාවු අගලෙහි ගැඹුර නිසා පිවිසුම තුළින් මිස වෙනත් මඟකින් ඇතුල්විය නොහැකි විය.
19 තවද මෙසේ වෙනත් මාර්ගයකින් බලකොටුවට ඇතුල් වීමට ඉහළට නැගීමට උත්සාහ කරන්නාවූ සියල්ලන්ටම, ගල් සහ ඊතල ඔවුන් මත හෙළමින් විනාශ කිරීමට නීෆායිවරුන් සූදානම්ව සිටියෝය.
20 එසේය, ඔවුන්ගේ ශක්තිමත්ම මනුෂ්‍යයන් සමූහයක්, ඔවුන්ගේ කඩු සහ ඔවුන්ගේ ගල්පටි සමඟ, පිවිසුමේ ස්ථානයෙන් ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය වෙත ඇතුළු වීමට උත්සාහ කරන්නාවූ සියල්ලන්ට පහර දීමට, මෙසේ ඔවුන් සූදානම්ව සිටියෝය; තවද මෙසේ ඔවුන් ලේමන්වරුන්ට එරෙහිව තමන්වම ආරක්ෂා කර ගැනීමට සූදානම්ව සිටියෝය.
21 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ ප්‍රධානීන් ඇතුලුවීමේ ස්ථානය ඉදිරියට තම හමුදාවන් ගෙනැවිත්, තවද නීෆායිවරුන් සමඟ ඔවුන්ගේ ආරක්‍ෂක ස්ථානය වෙත ඇතුල් වන පිණිස සටන් කිරීමට පටන් ගත්තෝය; එහෙත් බලව, ඔවුන්ව විටින් විට පසුපසට එලවා දමනු ලැබූ අතර, එපමණකින් එනම් ඔවුන්ව මහත් සංහාරයකින් මරණයට පත් කරනු ලැබුවෝය.
22 දැන් ඔවුන්ට එම පිවිසුම හරහා නීෆායිවරුන් පරාජය කිරීමට නොහැකි බව දුටු විට, එනම් ඔවුන්ට සටන් කිරීමට සමාන අවස්ථාවක් ලබා ගැනීම සඳහා, එනම් ඔවුන්ගේ හමුදාවන්ට මර්ගයක් ලබා ගැනීම පිණිස, ඔවුන්ගේ පස් ඉවුරු හැරීමට ඔවුන් පටන් ගත්තෝය; එහෙත් බලව, මෙම උත්සාහයන්හිදී ඔවුන් වෙත එල්ල කරනු ලැබු ගල් සහ ඊතල මඟින් ඔවුන්ව විනාශ කරන ලදී; තවද පොළොවේ ඉවුරු කඩා දමා ඔවුන්ගේ අගල් පුරවනවා වෙනුවට, ඔවුන්ගේ මිය ගියාවු සහ තුවාල වූ සිරුරුවලින් යම් ප්‍රමාණයකට ඒවා පිරුණෝය.
23 මෙසේ නීෆායිවරුන් හට ඔවුන්ගේ සතුරන් කෙරෙහි සියලු බලය තිබුනේය; තවද මෙසේ ලේමන්වරුන් ඔවුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් සියල්ලෝම මරා දමන තුරු නීෆායිවරුන්ව විනාශ කිරීමට උත්සාහ කළෝය; එසේය, ලේමන්වරුන්ගෙන් දහසකට වඩා වැඩි පිරිසක් මරා දමන ලදී; අනෙක් අතට, එහි නීෆායිවරුන්ගෙන් මරා දමන ලද එක ප්‍රාණයක්වත් නොතිබුණේය.
24 ඇතුලුවීමේ මාර්ගය තුළදී ලේමන්වරුන්ගේ ඊතලවලට නිරාවරණය වූවන් පනස්දෙනෙකු පමණ එහි තුවාල ලැබුවෝය, එහෙත් ඔවුන් ඔවුන්ගේ පලිහවලින්ද, ඔවුන්ගේ ළයවැස්මෙන්ද, ඔවුන්ගේ හිස් තහඩුවලින් ආරක්ෂා වී සිටියෝය, එපමණකින් එනම් ඔවුන්ගේ තුවාල ඔවුන්ගේ පාද මත තිබූ අතර, බොහෝ ඒවා ඉතා දරුණු විය.
25 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ ප්‍රධාන සේනාංක ප්‍රධානීන් සියල්ලෝම මරා දැමූ බව දුටු විට ඔවුන් වනාන්තරය තුළට පලා ගියෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ බලවත් නැතිවීම පිළිබඳ, උපතින්ම නීෆායිවරයෙකු වූ, ඔවුන්ගේ රජු වන ඇමලකායාට දන්වන පිණිස නීෆායි දේශයට ආපසු ගියෝය.
26 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් කෙරෙහි ඔහුට ඔහුගේ කැමැත්ත ඉටුකරගැනීමට නොහැකිවීම නිසා ඔහු ඔහුගේ ජනතාව සමඟ අතිශයින් කෝපයට පත් විය; ඔවුන්ව වහල්භාවයේ වියගහට යටත් කරගැනීමට ඔහුට නොහැකි විය.
27 එසේය, ඔහු අතිශයින් කෝපයට පත් වූ අතර, ඔහුගේ රුධිරය පානය කරන බවට දිවුරීමකින් දිවුරුම් දෙමින්, තවද දෙවියන්වහන්සේට සහ එසේම මොරෝනායිටද ඔහු ශාප කළේය; තවද මෙය වුයේ මොරෝනායි ඔහුගේ ජනතාවගේ සුරක්ෂිතභාවය සඳහා සූදානම් වීමේදී දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමයි.
28 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අනෙක් අතට, නීෆායිගේ ජනතාව ඔවුන්ගේ සතුරන්ගේ දෑතෙන් ඔවුන්ව ගලවා ගැනීමේ උන්වහන්සේගේ අසමසම බලය නිසා, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ හට ස්තුති කළෝය.
29 තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහ නවවන වසර අවසන් විය.
30 එසේය, හීලමන්, ශිබ්ලොන්ද, කොරියැන්ටන්ද, ඇමන් සහ ඔහුගේ සහෝදරයන් විසින් ඔවුන් වෙත ප්‍රකාශ කරන ලද දෙවියන්වහන්සේගේ වචනයට ඔවුන් දුන් සැලකිල්ල සහ උද්‍යෝගය නිසා එහි ඔවුන් අතර අඛණ්ඩ සාමයක්, සහ සභාව තුළ අතිශයින් මහත් සමෘද්ධියක් ඇති විය, එසේය, තවද දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ සංවිධානය මඟින් නියම කරන ලද සියල්ලන් විසින්, පසුතැවිල්ලට බෞතීස්ම කරනු ලැබ, තවද ජනතාව අතරට දේශනා කිරීමට පිටත් කර යවන ලදී.