25 වන පරිච්ඡේදය
ලේමන්වරුන්ගේ ආක්‍රමණ පැතිරෙන්නේය – අබිනඩායි අනාවැකි පළ කළ පරිදි නෝවාගේ පූජකවරුන්ගේ වංශය විනාශ වන්නේය – ලේමන්වරුන් බොහෝ දෙනෙකු හැරවී ඇන්ටි-නීෆායි-ලීහායිවරුන්ගේ ජනතාව සමඟ එක් වන්නේය – ඔවුන් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කර මෝසෙස්ගේ නීතිය රකින්නෝය. ක්‍රි.පූ. 90–77 පමණ.
1 තවද බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් මක්නිසාද ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් මරා ඇති බැවින්, එම ලේමන්වරුන් තවත් කෝපයෙන් සිටියෝය; එසේහෙයින් ඔවුන් නීෆායිවරුන් මත පළිගැනීමට දිවුරුම් දුන්නෝය; තවද ඔවුන් තවදුරටත් ඇන්ටි-නීෆායි-ලීහායිවරුන්ගේ ජනතාව මරා දැමීමට තැත් නොකළෝය.
2 එහෙත් ඔවුන් ඔවුන්ගේ හමුදා රැගෙන සරහෙම්ලා දේශයේ සීමාවන් තුළට ගොස්, ඇමෝනිහා දේශයේ සිටි ජනතාව මත වැටී තවද ඔවුන්ව විනාශ කළෝය.
3 තවද එයින් පසු, ඔවුන්ට නීෆායිවරුන් සමඟ යුද්ධ බොහෝමයක් තිබුණේය, එනම් ඒවායින් ඔවුන්ව පලවා හැර මරා දමන ලදී.
4 තවද මරා දමනු ලැබුවාවූ ලේමන්වරුන් අතර ඇමියුලොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ වංශය සියල්ලම පාහේ විය, ඔවුන් නෝවාගේ පූජකවරයන් වූ අතර, නීෆායිවරුන්ගේ දෑතින් මරා දමනු ලැබුවෝය;
5 තවද ඉතිරිවූවන්, නැගෙනහිර වනාන්තරය තුළට පළා ගොස්, තවද ලේමන්වරුන් කෙරෙහි බලය සහ අධිකාරී බලය අයුත්තෙන් පැහැර ගෙන, ඔවුන්ගේ අවිශ්වාසය කරණකොටගෙන ගින්නෙන් විනාශ විය යුතු බවට සිදු කිරීමට හේතු විය –
6 මක්නිසාද ඔවුන් බොහෝ දෙනෙක්, මහත් නැතිවීම් සහ පීඩාවන් වින්ඳාවූ පසු, ආරොන් සහ ඔහුගේ සහෝදරයන් ඔවුන්ට ඔවුන්ගේ දේශයේ දේශනා කළ වචනවල සිහියෙහි කැළඹෙන්නට පටන් ගත්තෝය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායයන් අවිශ්වාස කිරීමට පටන් ගත් අතර, ස්වාමීන්වහන්සේව ද, උන්වහන්සේ නීෆායිවරුන් හට මහත් බලය ලබා දුන් බව ද, තවද එසේ වනාන්තරයෙහි හැරවුනු ඔවුන් බොහෝමයක් සිටි බැවින් ද විශ්වාස කළෝය.
7 තවද එය මෙසේ සිදු විය, එසේය, මේ දේවල් කෙරෙහි විශ්වාස කළ සියල්ලෝම, එනම් ඒ පාලකයින් වූ ඇමියුලොන්ගේ දරුවන්ගේ ඉතිරිවූවන් මරණයට පත් කිරීමට සිදු වන්නට විය.
8 දැන් මෙම ප්‍රාණත්‍යාගය ඔවුන්ගේ සහෝදරයන් බොහෝමයක් කෝපයට පත් කරන්නට විය; තවද වනාන්තරයෙහි මතභේද ඇති වන්නට පටන් ගත්තේය; තවද ලේමන්වරුන් ඇමියුලොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ වංශය මරා දැමීමට දඩයම් කරන්නට පටන් ගත් අතර; ඔවුන් නැගෙනහිර වනාන්තරය තුළට පළා ගියෝය.
9 තවද බලව මේ දවසෙහි ඔවුන් ලේමන්වරුන් විසින් දඩයම් කරන ලදී. එනම් ඔහු ගින්නෙන් දුක් විඳ මැරිය යුතු සේ කටයුතු කළ ඔහු පැවසූ පූජකවරුන්ගේ වංශය පිළිබඳව, එසේම අබිනඩායිගේ වචන සිදු වන්නට විය.
10 මක්නිසාද ඔහු ඔවුන් හට මෙසේ පැවසුවේය: නුඹලා මා හට කරන දේ සිදුවන්නට නියමිත මූලිකාදර්ශයක් වන්නේය.
11 තවද දැන් දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ විශ්වාසය නිසාවෙන් මරණය විඳින්නට සිදු වූ පළවෙනි අය අබිනඩායි විය; දැන් ඔහු අදහස් කරනුයේ මෙයයි, එනම් ඔහු දුක් වින්ඳා වූ සේ, බොහෝ අය ගින්නෙන් මරණය විඳින බවය.
12 තවද ඔහු පූජකවරුන් හට ඔවුන්ගේ වංශය නිසාවෙන් බොහෝ දෙනෙකු මරණයට පත් වන බව පැවසුවේය, ඔහුගේ ආකාරයට අනුව, තවද ඔවුන් එතෙර විසිර මරා දමා, එඬේරෙකු නොමැතිව සිටිනා බැටළුවෙකු මෘගයින් විසින් මරා දමන සේ පවා ද; තවද දැන් බලව, මෙම වචන තහවුරු විය, මක්නිසාද ඔවුන් ලේමන්වරුන් විසින් පලවා හැර, දඩයමට ලක් ව, පහරකෑමට ද ලක්වූවෝය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන්ව බලයෙන් යටත් කළ නොහැකි බව දුටු විට ලේමන්වරුන් ඔවුන්ගේම දේශයට නැවත පැමිණියෝය; තවද ඔවුන් බොහෝ දෙනෙකු ඉශ්මායෙල් දේශයේ සහ නීෆායිගේ දේශයේ වාසය කිරීමට පැමිණි අතර, ඔවුන් දෙවියන්වහන්සේගේ ජනතාව වන, ඇන්ටි-නීෆායි-ලීහායිවරුන්ගේ ජනතාව සමඟ එක් විය.
14 තවද ඔවුන් ඔවුන්ගේ යුද ආයුධ ද මිහිදන් කළේ, ඔවුන්ගේ සහෝදරයන් කළ පරිදි වන අතර, ඔවුන් ධර්මිෂ්ඨ ජනතාවක් වන්නට පටන් ගත්තෝය; තවද ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් සහ උන්වහන්සේගේ ව්‍යවස්ථා පිළිපැද, ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ගමන් ගත්තෝය.
15 එසේය, තවද ඔවුන් මෝසෙස්ගේ නීතිය තැබුවෝය; මක්නිසාද ඔවුන් එම මෝසෙස්ගේ නීතිය තැබීමට යෝග්‍ය වූයේය, මක්නිසාද ඒ සියල්ලම ඉෂ්ට නොවීය. එහෙත් මෝසෙස්ගේ නීතිය එසේ තිබියදීත්, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම අපේක්ෂා කළ අතර, මෝසෙස්ගේ නීතිය එම උන්වහන්සේගේ පැමිණීමේ ආකාරයක් බව සලකා, තවද එනම් උන්වහන්සේ ඒවා ඔවුන් හට අනාවරණය කරන තෙක් ඔවුන් ඒ බාහිර ක්‍රියාකාරකම් තබා ගත යුතු බව විශ්වාස කළෝය.
16 දැන් එනම් ගැලවීම මෝසෙස්ගේ නීතියෙන් එන බවට ඔවුන් අනුමාණ නොකළෝය; එහෙත් මෝසෙස්ගේ නීතිය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට සහය වුණි; තවද ඔවුන් එසේ සදාකාලික ගැලවීම වෙත, ඒ පැමිණීමට තිබෙන්නාවූ දේවල් ගැන කථා කළ, අනාවැකියේ ආත්මයෙහි විශ්වාසය තබා, ඇදහිල්ල තුළින් බලාපොරොත්තුවක් රඳවා ගත්තෝය.
17 තවද දැන් බලව, ඇමන්, සහ ආරොන්, සහ, ඔම්නර්, සහ හිම්නි ද, ඔවුන්ගේ සහෝදරයන් ද මහත් සේ ප්‍රීතිමත් වුණෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට අනුව ඔවුන් හට පිරිනැමූ බව දුටු විට, සහ එනම් සෑම සුවිශේෂයකින්ම උන්වහන්සේ තමන්වහන්සේගේ වචනය තහවුරු කළ බැවින්, ලේමන්වරුන් අතර ඔවුන්ට තිබූ ජයග්‍රහණය නිසාවෙන්ය.