27 වන පරිච්ඡේදය
ස්වාමීන්වහන්සේ ඇමන්ට ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාව ආරක්ෂිත ස්ථානයකට මගපෙන්වීමට අණ කරන සේක – ඇල්මා මුණගැසුන විට, ඇමන්ගේ ප්‍රීතිය ඔහුගේ ශක්තිය විඩාපත් කරන්නේය – නීෆායිවරු ජර්ෂෝන් දේශය ඇන්ටි-නීෆායි-ලීහායිවරුන්ට ලබා දෙන්නේය – ඔවුන්ව ඇමොන්ගේ ජනතාව යැයි නම් කරනු ලබන්නේය. ක්‍රි.පූ. 90–77 පමණ.
1 දැන් එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ව විනාශ කිරීමට ඔවුන්ගේ බොහෝ පරිශ්‍රමයකින් පසු නීෆායිවරුන්ට විරුද්ධව යුද්ධයට ගියාවූ ලේමන්වරුන්ව සොයා ගැනුනත්, එනම් ඔවුන්ගේ විනාශය සෙවීම නිෂ්ඵල වූ බැවින්, ඔවුන් නැවතත් නීෆායිගේ දේශයට ආපසු ගියෝය.
2 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අමලෙක්වරුන් ඔවුන්ගේ හානිය නිසාවෙන්, අධික ලෙස කෝපයට පත් වූහ. තවද ඔවුන් නීෆායිවරුන්ගෙන් පළිගැනීමට නොහැකි බව ඔවුන් දුටු විට, එනම් ඔවුහු ඔවුන්ගේ සහෝදරයන් වන ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාවට විරුද්ධව ජනතාවගේ කෝපය කැළඹවීමට පටන් ගත්තෝය; එසේහෙයින් ඔව්හු නැවතත් ඔවුන්ව විනාශ කිරීමට පටන් ගත්හ.
3 දැන් මෙම ජනතාව නැවතත් ඔවුන්ගේ ආයුධ ගැනීම ප්‍රතික්ෂේප කළෝය, තවද ඔවුන්ගේ සතුරන්ගේ ආශාවන්ට අනුව ඔවුන්ව මරා දැමීමට ඔවුන් ඉඩ හැරියෝය.
4 දැන් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් ඔවුන් බොහෝ සෙයින් ආදරය කළ ප්‍රියාදරයන් අතර මෙම විනාශකාරී ක්‍රියාවන් දුටුවිට, තවද ඔවුන් අතර බොහෝ සෙයින් ඔවුන්ට ආදරය කළ ප්‍රියාදරයන් – මක්නිසාද ඔවුන් සදාකාලික විනාශයෙන් ගළවා ගැනීම සඳහා දෙවියන්වහන්සේ විසින් එවන ලද දේවදූතයන් ලෙස සලකනු ලද්දේය – එසේහෙයින්, ඇමන් සහ ඔහුගේ සහෝදරයන් මෙම මහා විනාශකාරී ක්‍රියාවන් දුටු විට, ඔවුන් අනුකම්පාවෙන් සලිත වී, තවද රජු හට මෙසේ කීවෝය:
5 අප මෙම ස්වාමීන්වහන්සේගේ ජනතාව එක්රැස් කරන්නෙමු, තවද අප සරහෙම්ලා දේශයට ගොස් අපගේ සහෝදරයන් වන නීෆායිවරුන් වෙත යන්නෙමු, තවද අප විනාශ නොවන පිණිස, එනම් අපගේ සතුරන්ගේ දෑතින් පිටතට පලා යන්නෙමු.
6 එහෙත් රජු ඔවුන් හට මෙසේ කීවේය: බලව, මක්නිසාද ඔවුන්ට විරුද්ධව අප කර ඇති බොහෝ මිනීමැරුම් සහ පාපයන් නිසාවේන්, නීෆායිවරුන් අපව විනාශ කරනු ඇත්තේය.
7 තවද ඇමන් මෙසේ කීවේය: මම ගොස් ස්වාමීන්වහන්සේගෙන් විමසන්නෙමි, තවද උන්වහන්සේ අපට අපගේ සහෝදරයන් වෙත යාමට අපට කියන සේක් නම්, නුඹලා යන්නෙහුද?
8 තවද රජු ඔහුට මෙසේ කීවේය: එසේය, ස්වාමීන්වහන්සේ අපට යන්නට කියන සේක් නම්, අප අපගේ සහෝදරයන් වෙතට යන්නෙමු, තවද අප ඔවුන්ට විරුද්ධව කළාවු බොහෝ මිනීමැරුම් සහ පාපයන් වලට ඔවුන්ට ආපසු වන්දිගෙවන තුරු අප ඔවුන්ගේ වහලුන් වන්නෙමු.
9 එහෙත් ඇමන් ඔහුට මෙසේ කීවේය: එය මාගේ පියා විසින් පිහිටුවන ලද, අපගේ සහෝදරයන්ගේ නීතියට විරුද්ධය, එනම්, එහි ඔවුන් අතර වහලුන් කිසිවෙක් නොසිටිය යුතුය; එසේහෙයින් අප ගොස් තවද අපගේ සහෝදරයන්ගේ දයාව මත විශ්වාසය තබන්නෙමු.
10 එහෙත් රජු ඔහුට මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේගෙන් විමසන්න, තවද උන්වහන්සේ අපට යන්න කියන සේක් නම්, අප යන්නෙමු; එසේ නොවන්නේ නම් අප දේශය තුළ විනාශ වන්නෙමු.
11 තවද එය මෙසේ සිදු විය, එනම්, ඇමන් ගොස් ස්වාමීන්වහන්සේගෙන් විමසුවේය, එවිට ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ පැවසූ සේක:
12 එනම් ඔවුන් විනාශ නොවන පිණිස, මේ ජනතාව මෙම දේශයෙන් පිටතට ගෙනයන්න; මක්නිසාද සාතන් අමලෙක්වරුන්ගේ හදවත් බලවත්ව ග්‍රහනය කර ඇති අතර, ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ඔවුන්ව මරා දැමීමට ලේමන්වරුන්ව කෝපයෙන් කළඹවන්නෝය; එසේහෙයින් නුඹලා මෙම දේශයෙන් පිටතට යන්න; තවද මෙම පරම්පරාවේ ජනතාව ආශීර්වාද ලද්දෝය, මක්නිසාද මා ඔවුන් ආරක්ෂා කරන සේක.
13 තවද දැන් එය මෙසේ සිදු විය, එනම්, ඇමන් ගොස් ස්වාමීන්වහන්සේ ඔහු හට පැවසුවාවූ සියලු වචන රජුට කීවේය.
14 තවද ඔවුහු ඔවුන්ගේ සියලු ජනතාව එක්රැස් කර ගත්තෝය, එසේය, ස්වාමීන්වහන්සේගේ සියලුම ජනතාව, තවද ඔවුන්ගේ සියලු රැළවල් සහ රංචුද එක්රැස් කර ගත්තෝය, තවද දේශයෙන් පිටතට ගියෝය. තවද නීෆායිගේ දේශය සරහෙම්ලා දේශයෙන් වෙන් කරන වනාන්රයට පැමිණ, තවද දේශයේ සීමාවන් අසලට පැමිණියෝය.
15 තවද එය මෙසේ සිදු විය, එනම්, ඇමන් ඔවුන් හට මෙසේ කීවේය: බලව, මම සහ මාගේ සහෝදරයන් සරහෙම්ලා දේශය තුළ ඉදිරියට යන්නෙමු, තවද අප නැවත පැමිණෙන තුරු නුඹලා මෙහි රැඳී සිටින්න: තවද එනම් නුඹලා ඔවුන්ගේ දේශය තුළට පැමිණෙනවාට ඔවුන් කැමතිවන්නේ දැයි අප, අපගේ සහෝදරයන්ගේ හදවත් වල අදහස් දැගැනීමට උත්සාහ කරන්නෙමු.
16 තවද එය මෙසේ සිදු විය, එනම්, ඇමන් දේශයට තුළ ඉදිරියට යමින් සිටියදී, පවසන ලද එම ස්ථානය මත, එනම් ඔහුට සහ ඔහුගේ සහෝදරයන්ට ඇල්මා හමු විය; තවද බලව, එය ප්‍රීතිමත් හමුවීමක් විය.
17 දැන් ඇමන්ගේ ප්‍රීතිය ඉතා මහත් වූ අතර එනම් ඔහු සම්පූර්ණ විය; එසේය, ඔහුගේ ශක්තිය වීඩාවට පත් වන තුරු පවා, ඔහු ඔහුගේ දෙවියන්වහන්සේ තුළ ප්‍රීතියෙන් ගිලී ගියේය, තවද ඔහු නැවත පොළොව මතට වැටුණේය.
18 දැන් මෙය අති මහත් වූ ප්‍රීතිය නොවේද? බලව, මෙය ප්‍රීතිය වන්නේය, සැබවින්ම පසුතැවිලිවී තවද නිහතමානීව සතුට සොයන්නෙකුට හැර අන් කිසිවෙකුට නොලැබෙන්නාවූ ප්‍රීතිය වන්නේය.
19 දැන් ඇල්මා ඔහුගේ සහෝදරයන් හමුවීමෙන් ලැබූ ප්‍රීතිය, තවද එසේම ආරොන්ගේ, ඔම්නර් සහ හිම්නිගේ ප්‍රීතිය ද, සැබවින්ම මහත් විය; එහෙත් බලව ඔවුන්ගේ ප්‍රීතිය ඔවුන්ගේ ශක්තිය ඉක්මවා ගිය නොමැත්තේය.
20 තවද දැන් එය මෙසේ සිදු විය, එනම්, ඇල්මා ඔහුගේ සහෝදරයන්ව සරහෙම්ලා දේශයට නැවත ගෙන ගියේය; ඔහුගේම නිවසට පවා. තවද ඔවුන් ගොස් නීෆායිගේ දේශයේ, ඔවුන්ගේ සහෝදරයන් වන ලේමන්වරුන් අතර, ඔවුන්ට සිදු වූ සියලු දේ ප්‍රධාන විනිශ්චයකරුට පැවසූවේය.
21 තවද එය මෙසේ සිදු විය, එනම්, ප්‍රධාන විනිශ්චයකරුවා ඔවුන්ගේ සහෝදරයන් වන ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාව පිළිගැනීම සම්බන්ධයෙන් ජනතාවගේ හඬ දැන ගැනීමේ ආශාවෙන්, මුළු දේශය මුලුල්ලේම ප්‍රකාශනයක් යැව්වේය.
22 තවද එය මෙසේ සිදු විය, එනම්, එවිට ජනතාවගේ හඬ මෙසේ කියමින්, පැමිණියේය: බලව මුහුදින් නැගෙනහිරින් පිහිටි, එය බෞන්ටිෆුල් දේශය සම්බන්ධ වන්නාවු, බෞන්ටිෆුල් දේශයේ දකුණින් වූ, එම ජර්ෂෝන් දේශය අප අත්හරින්නෙමු; තවද මෙම ජර්ෂෝන් දේශය අප අපගේ සහෝදරයන් හට උරුමයක් ලෙස දෙන්නාවූ දේශය වන්නේය.
23 තවද බලව, එනම් ජර්ෂෝන් දේශයේ සිටින්නාවු අපගේ සහෝදරයන් ආරක්ෂා කර ගැනීම සඳහා, අප අපගේ හමුදාවන් ජර්ෂෝන් දේශය සහ නීෆායි දේශය අතර තබන්නෙමු; තවද අප අපගේ සහෝදරයන් වෙනුවෙන් මෙය කරන්නේ, ඔවුන් පාපයක් නොකරන ලෙස තම සහෝදරයන්ට විරුද්ධව ආයුධ අතට ගැනීමට ඇති බිය නිසාය; තවද මෙම ඔවුන්ගේ මහත් බිය පැමිණියේ මක්නිසාද ඔවුන්ගේ වේදනාකාරී පසුතැවිල්ල නිසාවෙන්, ඔවුන්ගේ බොහෝ මිනීමැරුම් සහ ඔවුන්ගේ දුෂ්ටකම් හේතුකොටගෙනය.
24 තවද දැන් බලව, අපගේ සහෝදරයන් වෙතට, එනම් ජර්ෂෝන් දේශය උරුම කර ගැනීම පිණිස අපේ ඔවුන්ට මෙය කරන්නෙමු; තවද අප අපගේ හමුදාවන් සමඟ ඔවුන්ගේ සතුරන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්නෙමු, එනම් අපගේ හමුදාවන් නඩත්තු කිරීම පිණිස අපට උපකාරී වීමට ඔවුන්ගේ වස්තුවෙන් කොටසක් අප හට ලබා දෙන බවට නියමයක් මතය.
25 දැන්, එය මෙසේ සිදු විය, එනම්, ඇමන් මෙය ඇසූ විට, ඔහු ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාව වෙත, තවද එසේම ඇල්මා ද ඔහු සමඟ වනාන්තරයේ, එය ඔවුන්ගේ කූඩාරම් ගසා තිබෙන්නාවු ස්ථානය වෙතට ආපසු ගියේය, තවද මේ සියල්ල ඔවුන්ට දන්වන ලද්දේය. තවද එසේම ඇල්මා, ඇමන් සහ ආරොන් තවද ඔහුගේ සහෝදරයන් සමඟ ඔහුගේ හැරීම පිළිබඳ ඔවුන්ට විස්තර කළෝය.
26 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම්, එය ඔවුන් අතර මහත් ප්‍රීතියක් සැලැස්වුයේය. තවද ඔවුහු ජර්ෂෝන් දේශය වෙතට ගොස් ජර්ෂෝන් දේශය අත්පත් කර ගත්තෝය; තවද නීෆායිවරුන් විසින් ඔවුන්ව ඇමන්ගේ ජනතාව ලෙස හැඳින්වූහ; එසේහෙයින් ඔවුන් එම නාමයෙන් සදහටම ගෞරව කරන ලද්දේය.
27 තවද ඔවුන් නීෆායිගේ ජනතාව අතර සිට, දෙවියන්වහන්සේගේ සභාවේ ජනතාව අතරද ගණන් ගනු ලැබුවෝය. තවද ඔවුන් එසේම දෙවියන්වහන්සේ වෙතට සහ එසේම මනුෂ්‍යන් දෙසට ඔවුන්ගේ ඇති උද්‍යෝගය නිසා ඔවුන්ව ගෞරව කරන ලද්දේය; මක්නිසාද ඔවුහු සියලු දේවල් වලදී සම්පූර්ණයෙන්ම අවංක සහ ඍජු වූහ; තවද ඔවුන් අවසානය දක්වාම ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිටියෝය.
28 තවද ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ගේ ලේ වැගිරීම දෙස දැඩි පිළිකුලෙන් යුතුව බැලුවෝය; තවද ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ආයුධ ගැනීමට ඔවුන්ට කිසිදා නොහැකි වූයේය; තවද ඔවුහු කිසිදා මරණය දෙස කිසිදු ආකාරයක භීතියකින් නොබැලුවේය, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සහ උත්ථානය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව සහ මතය වූ බැවින්ය; එසේහෙයින්, ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය මගින් ඔවුන්ගේ මරණය ගිලී දමනු ලැබුවෝය.
29 එසේහෙයින්, ඔවුන් කඩුව හෝ කිනිස්ස ගෙන ඔවුන්ට පහර දීමට පෙර, ඔවුන්ගේ සහෝදරයන් විසින් ඇති කළ හැකි වඩාත්ම දරුණු පහරදීම් සහ දුක්ඛිත ආකාරයෙන් මරණය විඳිනු ඇත්තෝය.
30 තවද මෙසේ ඔවුන් උද්‍යෝගිමත් සහ ප්‍රියාදර ජනතාවක් වූ අතර, ස්වාමීන්වහන්සේගේ මහත් ප්‍රසාදය ලත් ජනතාවක් විය.