50 වන පරිච්ඡේදය
මොරෝනායි නීෆායිවරුන්ගේ දේශයන් ශක්තිමත් කරයි – ඔවුන් නව නගර බොහෝමයක් ගොඩනඟයි – නීෆායිවරුන්ට ඔවුන්ගේ දුෂ්ටකම් සහ පිළිකුල්සහගත ක්‍රියාවල දවස්වලදී යුද්ධ හා විනාශයන් සිදු වෙයි – මොරියැන්ටන් සහ ඔහුගේ විරුද්ධවාදීන් ටියැන්කම් විසින් පරාජය කරනු ලබයි – නෙෆීහා මරණයට පත්වන අතර ඔහුගේ පුත් පහෝරන් විනිශ්චයාසනය පුරවයි. ක්‍රි.පූ. 72–67 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි යුද්ධයට සූදානම් වීම හෝ ලේමන්වරුන්ට එරෙහිව තම ජනතාව ආරක්ෂා කිරීම නතර නොකළේය; මක්නිසාද එනම් ඔහුගේ හමුදාවන් විනිශ්චයකරුවන්ගේ පාලන කාලයේ විසිවන අවුරුද්දේ ආරම්භයේදී පටන් ගත යුතු බවටත්, එනම් ඔවුන් නීෆායිවරුන් විසින් අයිත් කරගෙන තිබු එම සියලු දේශය මුළුල්ලෙම, සියලු නගර අවට පස් ගොඩවල් හෑරීමට පටන් ගැනීමටත්, ඔහු සැලැස්වූයේය.
2 තවද මෙම පස් ගැටි මත වූ මුදුන්වල ලී තිබිය යුතු වීමට ඔහු සැලැස්වීය, එසේය, මනුෂ්‍යයකුගේ උසට වූ දැවයෙන් නිම වූවන්ගෙන් නගරය අවට කවාකාරව ගොඩ නගන ලද්දේය.
3 තවද ඔහු එම දැවයෙන් නිම වූවන් මත, කවාකාරව දැව මත ගොඩනඟන ලද උල් ඉනි වැටක් තිබිය යුතු බවට සැලැස්වීය; තවද ඒවා ශක්තිමත් සහ උස් විය.
4 තවද ඔහු කුළුණු එම උල් ඉනිවැට වලට ඉහලින් ගොඩනැගීමට සැලැස්වූයේය, තවද ඔහු එම කුළුණු මත මුර කුටි ගොඩනැගීමට සැලැස්වීය, එනම් ලේමන්වරුන්ගේ ගල් සහ ඊතල වලින් ඔවුන්ව තුවාල නොවීම පිණිසය.
5 තවද ඒවා සූදානම් කරන ලද්දේ එනම් ඔවුන්ට එහිවූ මුදුනේ සිට ගල් විසිකිරීමට හැකිවීමටය, තවද නගරයේ එම බැම්ම අසලට ලගාවීමට උත්සහ කරන්නා වූ කවරෙකු වූවත්, ඔවුන්ගේ කැමැත්තට සහ ඔවුන්ගේ ශක්තියට අනුව මරණයට පත් කිරීමට හැකිවනු පිණිසය.
6 මෙසේ මොරෝනායි මුළු දේශයේ සියලු නගර වල අවට වටේට ඔවුන්ගේ සතුරන්ගේ පැමිණීමට විරුද්ධව, බලකොටු සුදානම් කළේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ඔහුගේ හමුදාවන් නැගෙනහිර වනාන්තරය තුළට යෑමට සැලැස්විය; එසේය, තවද ඔවුන් ඉදිරියට ගොස් තවද එම නැගෙනහිර වනන්තරයේ සිටි සියලුම ලේමන්වරුන්, සරහෙම්ලා දේශයට දකුණින් වූ, ඔවුන්ගේ ස්වකිය දේශයන් තුලට පලවා හැරියෝය.
8 තවද නීෆායිගේ දේශය නැගෙනහිර මුහුදේ සිට බටහිර දක්වා කෙලින්ම දිව ගිය මාර්ගයක් වූවේය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායි ඔවුන් සතුවූ ඔවුන්ගේම දේපළවල උතුරින් පිහිටි නැගෙනහිර වනාන්තරයෙන් සියලුම ලේමන්වරුන් පලවා හැරිය විට, සරහෙම්ලා දේශයේ සහ ඒ අවට වටේට සිටියාවූ වැසියන් නැගෙනහිර වනාන්තරයට ඉදිරියට යමින්, මුහුදු වෙරළේ සිමාව දක්වා වුවත් පෙරට යමින්, තවද දේශය අයත් කර ගැනීමට ඔහු සැලැස්විය.
10 තවද ඔහු එසේම ඔවුන්ට අයත් වූ සීමාව තුළ දකුණු දෙසින් හමුදාවන් ස්ථාන ගත කළේය, තවද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔවුන්ගේ හමුදාවන් සහ ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කරගනු පිණිස බලකොටු ගොඩනැගීමට ඔවුන්ට ඉඩ සැලැස්විය.
11 තවද මෙසේ ඔහු නැගෙනහිර වනාන්තරයේ ලේමන්වරුන්ගේ සියළුම බලකොටු ඉවත් කරනු ලැබුවේය, එසේය, තවද එසේම බටහිර දිශාවෙහිද, බටහිර මුහුද වෙතින් ශිදොන් ගංගාවේ ශීර්ෂය ලගින් දිව ගිය, සරහෙම්ලා දේශය සහ නීෆායි දේශය අතරෙහි, නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර සිමාව ශක්තිමත් කෙරුවේය – නීෆායිවරුන් ඔවුන්ගේ කැමැත්තට අනුව, එසේය, බෞන්ටිෆුල් දේශයේ උතුරට තිබූ මුළු දේශය පවා, උතුරු දෙසට වූ දේශය හිමිකර ගත්තෝය.
12 මෙසේ මොරෝනායි, ඔවුන් හට ඔහුගේ ක්‍රියාවලින් ලබා දුන්නාවූ ආරක්ෂාව පිළිබඳ සහතිකය නිසා දිනෙන් දින වර්ධනය වූ, ඔහුගේ හමුදාවන් සමග, ඔවුන් අයත් කරගෙන තිබුනා වූ දේශයන් වෙතින් ලේමන්වරුන්ගේ ශක්තිය සහ බලය ඉවත් කිරීමට සෙවූවෝය, එනම් ඔවුන් සන්තකයේ වූ දේශයන් කෙරෙහි කිසිඳු බලයක් ඔවුන්ට නොතිබීමටය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් නගරයක අත්තිවාරමක් පටන් ගත් අතර, තවද ඔවුන් එම නගරයට මොරෝනායි යන නාමය තැබුවෝය; තවද එය නැගෙනහිර මුහුද අසලින් වූවේය; තවද එය ලේමන්වරුන්ට අයත්ව තිබූ දේපළ වල සීමාවේ දකුණු පසෙහි වූවේය.
14 තවද ඔවුන් එසේම නගරයක් සදහා වූ අත්තිවාරමක් මොරෝනායි නගරය සහ ආරොන් නගරය අතර, ආරොන් සහ මොරෝනායි යන නගරවල මායිම් එක් කරමින් පටන් ගත්තෝය; තවද ඔවුන් නගරයේ නැතහොත් දේශය නාමය, නෙෆීහා ලෙස නම් කරන ලද්දේය.
15 තවද ඔවුන් ඒසේම එම අවුරුද්දේදීම උතුරේ බොහෝ නගර ගොඩනඟන්නට පටන් ගත්තෝය, මුහුදු වෙරළේ මායිම් අසල උතුරේ පිහිටි, ඔවුන් ලීහායි ලෙස හැඳින්වූ විශේෂිත ආකාරයකින් එකක් වූවේය.
16 තවද මෙසේ විසිවන වසර අවසන් වූවේය.
17 තවද නීෆායි ජනයා කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලනයේ විසිඑක්වන වසර ආරම්භයේදී නීෆායි ජනතාව මෙම සමෘද්ධිමත් තත්ත්වයන් තුළ සිටියෝය.
18 තවද ඔවුන් අතිශයින් සමෘද්ධිමත් වූ අතර, ඔවුන් අතිශයින් ධනවත් වූවෝය; එසේය, තවද ඔවුන් දේශයෙහි වර්ධනය වී තවද ශක්තිමත් වූවෝය.
19 තවද මනුෂ්‍ය දරුවන් වෙත වූ උන්වහන්සේගේ සියලු වචන සම්පුර්ණ කිරීමෙහි දී, ස්වාමීන්වහන්සේගේ සියලුම ක්‍රියාවන් කොතරම් කරුණාවන්ත සහ සාධාරණ දැයි අප මෙසේ දකිමු; එසේය උන්වහන්සේ ලීහායි වෙතට මෙසේ පවසමින් කථා කළා වූ එම වචන, මෙම කාලයේදී වුවත්, උන්වහන්සේගේ වචනය ස්ථිර කිරීම මෙසේ අපි දකින්නෙමු;
20 නුඹ සහ නුඹගේ දරුවන් ආශීර්වාද ලද්දෝය; තවද ඔවුන් ආශීර්වාද ලබන්නෝය, ඔවුන් මාගේ අණ පනත් පිළිපදින තාක්කල්, ඔවුන් දේශයෙහි සමෘද්ධිමත් වන්නෝය. එහෙත් සිහියේ තබා ගන්න, ඔවුන් මාගේ අණ පනත් නොපවත්වන්නේනම්, ඔවුන් ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලබන්නෝය.
21 තවද එනම් මෙම පොරොන්දු නීෆායි ජනතාව සත්‍යය බව ඔප්පු කර ඇති බව අප දකින්නෙමු; මක්නිසාද එය ඔවුන්ගේ දබර කිරීම් ද, ඔවුන්ගේ වාද විවාද ද, එසේය, ඔවුන්ගේ මිනීමැරුම් ද, තවද ඔවුන්ගේ කොල්ලකෑම් ද, ඔවුන්ගේ රූප වන්දනාව ද, ඔවුන්ගේ වේශ්‍යාකම් ද, තවද ඔවුන් අතර වූ පිළිකුල්කම්ද, එනම් ඔවුන් මත ඔවුන්ගේ යුද්ධයන් ද, තවද ඔවුන්ගේ විනාශයද, එය ඔවුන් පිටට ගෙනාවේය.
22 තවද ස්වාමීන්වහන්සේගේ අණපනත් පැවැත්වීමේ දී ඇදහිලවන්ත වු එම අය සියළුම කාලයන්හිදි මුදවා ගනු ලැබූ බවත්, ඒසේවුවත් ඔවුන්ගේ දුෂ්ට සහෝදරයන් දහස් ගණනක් ලේමන්වරුන් සමග සිටීමටත් වහල්කමට හෝ කඩුවෙන් විනාශ වීමට හෝ විශ්වාසයෙන් පිරිහී යාමටත් භාරදෙනු ලැබු බවත්ය.
23 එහෙත් බලව, එහි නීෆායිගේ කාලයෙන් පසු, මොරෝනායිගේ කාලයට වඩා, නීෆායි ජනතාව අතර ප්‍රීතිමත් කාලයක් එහි කිසිදාක නොවීය, එසේය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිඑක්වන වසර වූ, මෙම කාලයේ දී පවා එසේ විය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් එසේම විනිශ්චයකාරයන්ගේ පාලන සමයේ විසි දෙවන වසර ද, එසේය, තවද එසේම විසිතුන්වන වසර ද; සමාදානයෙන් අවසන් විය.
25 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකාරවරුන්ගේ රාජ්‍ය පාලනයේ විසිහතරවන වසර ආරම්භයේ දී, එහි එසේම ලීහායිගේ දේශය සහ ලීහායිගේ දේශයේ සීමාව මත සම්බන්ධ වූ මොරියැන්ටන් දේශය පිළිබඳව ඔවුන් අතර වූ විවාදය නොවන්නට, නීෆායිගේ ජනතාව අතර සමාදානය තිබෙන්නට පුලුවන්කම තිබිණි; එම දෙකම මුහුදු වෙරළේ මායිම් මත වූවේය.
26 මක්නිසාද බලව, මොරියැන්ටන් දේශය අයිති කරගත් ජනතාව ලීහායිගේ දේශයෙන් කොටසකට ද අයිති වාසිකම් කිහ; ඒසේහෙයින් එහි ඔවුන් අතරෙහි උණුසුම් විවාදයක් පටන් ගත්තේය, එපමණකින් එනම් මොරියැන්ටන් ජනතාව ඔවුන්ගේ සහෝදරයන්ට එරෙහිව ආයුධ අතට ගත් අතර, තවද ඔවුන් ඔවුන්ව කඩුවෙන් නැසීමට අධිෂ්ඨාන කළෝය.
27 එහෙත් බලව, ලීහායි දේශය හිමිකරගත් එම ජනතාව මොරෝනායිගේ කඳවුරට පලා ගොස්, තවද උපකාර පතා ඔහුගෙන් අයැද සිටියහ; මක්නිසාද බලව ඔවුන් වැරදිකරුවන් නොවූවෝය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්හට මග පෙන්වනු ලැබූ මනුෂ්‍යයා ගේ නම මොරියැන්ටන් වූ, මොරියැන්ටන්හි ජනතාව, එනම් ලීහායිගේ ජනාතාව මොරෝනායිගේ කඳවුර වෙත පලා ගොස් ඇති බව සොයා ගත් විට, එනම් මොරෝනායිගේ හමුදාවන් ඔවුන් වෙත පැමිණ, තවද ඔවුන්ව විනාශ කරනු ඇතැයි ඔවුන් අතිශයින් බියට පත් විය.
29 එසේහෙයින්, විශාල ජල කඳින් වැසී ගිය, උතුරු දෙසට වූ දේශයට පලා ගොස්, තවද එනම් උතුරු දෙසින් වූ දේශය තමන් සතු කර ගත යුතු බවට, මොරියැන්ටන් එය ඔවුන්ගේ හදවත් තුළට දැමුවේය.
30 තවද බලව, ඔවුන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබුණි, (එය කණගාටු ට හේතුවක් වීමට ඉඩ තිබුණි) එහෙත් බලව, මොරියැන්ටන් දැඩි ආවේගශීලි මනුෂ්‍යයෙක්ව සිටි බැවින්, එසේහෙයින් ඔහු ඔහුගේ එක් කාන්තා සේවිකාවක් සමග අමනාප වී, තවද ඔහු ඇය මත පැන තවද ඇයට බොහෝ සේ පහර දුන්නේය.
31 තවද එය මෙසේ සිදු විය, එනම් ඇය පලා ගොස්, තවද මොරෝනායිගේ කඳවුරට පැමිණියාය, තවද මෙම කාරණය ගැන සියළුම දේවල් ද, එසේම උතුරු දේශයට පලා යාමට ඔවුන්ගේ අදහස් ගැන ද, සියල්ල මොරෝනායි හට පැවසුවාය.
32 දැන් බලව, බෞන්ටිෆුල් හෝ නොහොත් මොරෝනායි දේශයේ සිටි එම ජනතාව, මොරියැන්ටන්ගේ වචනවලට ඇහුම්කන් දී එනම් ඔහුගේ ජනතාව සමඟ එකතු වී, තවද මෙසේ ඔහු එම දේශයේ කොටස් වල අයිතිය ලබාගැනීමෙන්, නීෆායිගේ ජනතාව අතර බරපතල ප්‍රතිවිපාකවලට පදනම දමනු ඇතයි බිය වූහ, එසේය, එම ප්‍රතිවිපාකය ඔවුන්ගේ ස්වාධීනත්වය බිද හෙලිමට මඟ පෙන්වීමක් විය.
33 එසේහෙයින් ඔවුන්ගේ කඳවුර සමඟ, මොරියැන්ටන් ගේ ජනතාව උතුරු දේශය තුලට වූ ඔවුන්ගේ ගමන නවත්වා හරස් කිරීමට, මොරෝනායි හමුදාවක් යැවීය.
34 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පාළුකරයේ දේශ සීමාව දක්වා පැමිණෙන තුරු ඔවුන් ඔවුන්ව හරස් නොකෙරුවෝය; තවද ඔවුන් ඔවුන්ව එහි හරස් කර වූයේ උතුරු දේශය තුලට මගපෙන්වූ පටු මාර්ගය අසලදීය, ඒසේය, මුහුද අසලින් වූ, බටහිර සිට සහ නැගෙනහිර සිටය.
35 තවද එය මෙසේ සිදු විය, එනම් ටියැන්කම් නම් වූ මනුෂ්‍යයෙකු විසින් මඟ පෙන්වනු ලැබූ, මොරෝනායි විසින් යවන ලද එම හමුදාව, මොරියැන්ටන්හි ජනතාව හමුවිය; (ඔහුගේ දුෂ්ඨකම සහ ඔහුගේ චාටු බස් වලින් පොළබවන ලදුව) තවද මොරියැන්ටන්හි ජනතාව ඉතා මුරණ්ඩු වූවෝය, එනම් ඔවුන් අතර යුද්ධයක් ආරම්භ විය, එහිදී ටියැන්කම් මොරියැන්ටන් නසමින් ඔහුගේ හමුදාව පරාජය කළේය, තවද ඔවුන්ව සිරකරුවන් සේ රැගෙන, තවද මොරෝනායිගේ කදවුරට හැරි ආවේය. තවද මෙසේ නීෆායිහි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විසි හතරවන වසර අවසන් විය.
36 තවද මෙසේ මොරියැන්ටන්ගේ ජනතාව ආපසු ගෙන එන ලදී. තවද ඔවුන්ගේ සාමදානය තැබීමට වූ ගිවිසුම් මත ඔවුන්ව මොරියැන්ටන් දේශයේ නැවත පිහිටවනු ලැබිය, තවද ඔවුන් අතර සහ ලීහායිගේ ජනතාව අතර එක්සත් වීමක් සිදු විය; තවද එසේම ඔවුන්ව ද ඔවුන්ගේ දේශයේ නැවත පිහිටුවනු ලැබුවෝය.
37 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිහි ජනතාවගේ සමාදානය ඔවුන් වෙතම නැවත පිහිටවනු ලැබූ එම වසරේදීම, එනම් නෙෆීහා, දෙවන ප්‍රධාන විනිශ්චයකාරවරයා, මරණයට පත් විය, ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි විනිශ්චයාසනය පරිපූර්ණ අවංකකමින් යුතුව පුරවාලනු ලැබුවේය.
38 එසේනමුත් ඇල්මා සහ ඔහුගේ පියවරුන් විසින් අති පූජනීය යැයි සලකන ලද එම වාර්තා සහ එම දේවල් සන්තකයේ තබා ගැනීම ඔහු ඇල්මා හට ප්‍රතික්ෂේප කර තිබුණි; එසේහෙයින් ඇල්මා ඒවා ඔහුගේ පුත්, හීලමන් වෙත, පවරා දෙනු ලැබුවේය.
39 බලව, එය මෙසේ සිදු විය, එනම් නෙෆීහාගේ පුත්‍රයා, ඔහුගේ පියා වෙනුවට, විනිශ්චයාසනය පිරවීමට පත් කරනු ලැබුවේය; එසේය, ඔහු ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කිරීමටත්, තවද සමාදානය සහ ජනතාව ගේ නිදහස පැවැත්වීමටත්, තවද ඔවුන්ගේ ශුද්ධ වු වරප්‍රසාදයන් වූ දෙවි වූ ඔවුන්ගේ ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමට අවසරය දීමටත්, ඒසේය, ඔහුගේ මුළු දවස පුරාම දෙවියන්වහන්සේගේ කාර්යයට උදව් කිරීමට සහ පවත්වා ගැනීමටත්, තවද නපුරන්ව ඔවුන්ගේ අපරාධය අනුව යුක්තිය ඉදිරියට ගෙන ඒමටත්, දිවුරුමක් සහ ශුද්ධ වු වත්පිළිවෙතකට අනුව ජනතාව මත ඔහු ප්‍රධාන විනිශ්චයකාරවරයා සහ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදී.
40 දැන් බලව, ඔහුගේ නම පහෝරාන් විය. තවද පහෝරාන් ඔහුගේ පියාගේ විනිශ්චයාසනය පිරවූවේය, තවද නීෆායි ජනතාව මත වූ ඔහුගේ පාලනය, විසි හතරවන වසර අවසානයේදී පටන් ගත්තේය.