ශුද්ධලියවිලි
ඇල්මා 56


56 වන පරිච්ඡේදය

ලේමන්වරුන් සමඟ වූ යුද්ධයේ තත්ත්වය විස්තර කරමින් හීලමන් මොරෝනායි වෙත ලිපියක් යවයි – අන්තිපුස් සහ හීලමන් ලේමන්වරුන්ට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනී – හීලමන්ගේ ගැටවර පුතුන් දෙදහස් දෙනා හාස්කමකින් යුත් බලයෙන් සටන් කරන අතර ඔවුන්ගෙන් කිසිවෙක් මියනොයයි. වගන්ති 1, ක්‍රි.පූ. 62 පමණ; වගන්ති 2–19, ක්‍රි.පූ. 66 පමණ; සහ වගන්ති 20–57, ක්‍රි.පූ. 65–64 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ තිස්වන වසර ආරම්භයේදී, පළමු මාසයේ දෙවන දින, මොරෝනායිට දේශයේ එම දිග්භාගයේ ජනතාවගේ කටයුතු ගැන සඳහන් කරමින් හීලමන් වෙතින් ලිපියක් ලැබුණි.

2 තවද මෙසේ පවසමින්, ඔහු ලියා ඇති වචන මේවාය: මාගේ ප්‍රියාදර සහෝදරය, මොරෝනායි, අපගේ යුද්ධයේ පීඩාවලදී මෙන් ස්වාමීන්වහන්සේ තුළද වන්නාවූ; බලව, මගේ ආදරණීය සහෝදරය, දේශයේ මෙම භූමිභාගයේ අපගේ යුද්ධ පිළිබඳව මා හට නුඹට කියන්නට දේ ඇත්තේය.

3 බලව, ඇමන් නීෆායි දේශයෙන් පිටතට ගෙනා මනුෂ්‍යයන්ගේ පුත්‍රයන්ගෙන් දෙදහස – දැන් ඔවුන් අපගේ පියා වූ එනම් ලීහායිගේ වැඩිමහල් පුත්‍රයා වූ ලේමන්ගේ පරම්පරාව බව දැන් නුඹ දන්නෙහිය.

4 දැන් ඔවුන්ගේ සම්ප්‍රදායන් හෝ ඔවුන්ගේ අවිශ්වාසය පිළිබඳව මා නුඹට පෙරහුරු කිරීමට අවශ්‍ය නොවන්නේය, මක්නිසාද නුඹ මේ සියලු දේවල් පිළිබඳ දන්නේය –

5 එසේහෙයින් එනම් මේ තරුණයන්ගෙන් දෙදහසක් ඔවුන්ගේ යුධ ආයුධ රැගෙන ගොස් ඇති බවත්, තවද එනම් මම ඔවුන්ගේ නායකයා විය යුතු බවත් නුඹට පැවසීම මට ප්‍රමාණවත් වන්නේය; තවද අප අපගේ රට ආරක්ෂා කිරීමට පෙරට පැමිණ සිටින්නෙමු.

6 තවද දැන්, එසේම ඔවුන්ගේ පියවරුන් ලේ වගුරුවන පිණිස තම සහෝදරයන්ට විරුද්ධව යුධ ආයුධ නොගන්නා බවට ඔවුන් කළ ගිවිසුම පිළිබඳව ද, නුඹ දන්නෙහිය.

7 එහෙත් විසි හයවන වසරේදී, ඔවුන් අපේ දුක් ගැහැට සහ ඔවුන් වෙනුවෙන් අපගේ පීඩාවන් දුටු විට, ඔවුන් ඔවුන් කළ ගිවිසුම කඩ කර අපගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ යුධ ආයුධ අතට ගැනීමට සූදානම් විය.

8 එහෙත් එපමණින් ඔවුන් දුන් දිවුරුම ඉටු කිරීම නිසා එනම් අප තවත් දුක් විඳීමට ඉඩ නොදෙන පිණිස, එනම් දෙවියන්වහන්සේ අපව ශක්තිමත් කරනු ඇතැයි සිතමින්, ඔවුන් කළ මෙම ගිවිසුම කඩ කිරීමට මම ඔවුන්ට ඉඩ නොදෙන්නෙමි.

9 එහෙත් බලව, අපට මහත් ප්‍රීතියක් ලැබිය හැකි එක් දෙයක් මෙය වන්නේය. මක්නිසාද බලව, විසි හයවන වසරේදී, මම, හීලමන්, මෙම තරුණයන් දෙදහසක් ප්‍රමුඛව ජුදා නගරයට ගොස්, නුඹ දේශයේ එම භූමිභාගයේ මනුෂ්‍යයන් උදෙසා නායකයෙකු ලෙස පත් කළ අන්තිපුස්ට සහාය වීමට, ගමන් කෙරුවෙමි.

10 තවද මම මාගේ පුත්‍රයන් දෙදහස (ඔවුන් පුතුන් ලෙස හැඳින්වීමට සුදුසු බැවින්) අන්තිපුස්ගේ හමුදාවට එකතු කළෙමි, එහි ශක්තිය නිසාවෙන් අන්තිපුස් අතිශයින් ප්‍රීති විය; මක්නිසාද බලව, ලේමන්වරුන් විසින් ඔහුගේ හමුදාව අඩු කරනු ලැබුවේ ඔවුන්ගේ හමුදාව අපගේ මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් මරා දැමූ බැවිනි, එම නිසා අපට ශෝක වීමට සිදු විය.

11 එසේනමුත්, එනම් ඔවුන් ඔවුන්ගේ රට සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙනුවෙන් මිය ගොස් ඇති බවත්, එසේය, තවද ඔවුන් සතුටින් සිටින බවත් මේ අවස්ථාවේදී අපට අපවම සනසාගත හැකිය.

12 තවද එසේම ලේමන්වරුන් බොහෝ සිරකරුවන් රඳවාගෙන සිටි අතර, ඔවුන් සියල්ලෝම ප්‍රධාන කාපිතාන්වරුන් විය, මක්නිසාද ඔවුන් වෙනත් කිසිවෙකු පණපිටින් ඉතිරි නොකෙරුවෝය. තවද ඔවුන් දැන් මෙම අවස්ථාවේ සිටින්නේ නීෆායි දේශයේ යැයි අප සිතමු; එය එසේ වන්නේ නම් ඔවුන්ව මරා නොදැමුවේය.

13 තවද දැන් අපගේ වීර මනුෂ්‍යයන්ගෙන් බොහෝ අයගේ ලේ වගුරුවා ලේමන්වරුන් අයිති කරගත් නගර මේවාය.

14 මැන්ටයි දේශය, නොහොත් මැන්ටයි නගරය, සහ සීස්රොම් නගරය, තවද කුමේනි නගරය සහ අන්තිපාරා නගරය වේ.

15 තවද මා ජුදා නුවරට පැමිණි විට ඔවුන් අත්පත් කොට ගෙන තිබූ නගර මේවා විය; තවද අන්තිපුස් සහ ඔහුගේ මනුෂ්‍යයන් නගරය ශක්තිමත් කිරීමට තම ශක්තියෙන් වෙහෙසෙමින් සිටිනු මම දුටුවෙමි.

16 එසේය, තවද ඔවුන් ශරීරයෙන් මෙන්ම ආත්මයෙන් ද පීඩනයට පත් වී තිබුණෝය, මක්නිසාද ඔවුහු ඔවුන්ගේ නගර නඩත්තු කිරීම සඳහා දිවා කාලයේ නිර්භීතව සටන් කළ අතර රාත්‍රියේ දී වෙහෙස මහන්සි වී සිටියෝය; තවද මෙසේ ඔවුන් සෑම ආකාරයකම මහත් පීඩාවන් විඳවමින් සිටියෝය.

17 තවද දැන් ඔවුන් මෙම ස්ථානය ජය ගැනීමට හෝ මිය යාමට අධිෂ්ඨාන කරගෙන සිටියෝය; එසේහෙයින් මා රැගෙන ආ මෙම කුඩා බලවේගය, එසේය, මාගේ එම පුත්‍රයන්, ඔවුන්ට මහත් බලාපොරොත්තු සහ බොහෝ ප්‍රීතියන් ලබා දුන් බවට නුඹට සිතීමට හැකිය.

18 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් අන්තිපුස්, ඔහුගේ හමුදාවට වැඩි ශක්තියක් ලැබී ඇති බව ලේමන්වරුන් දුටු විට, ජුදා නගරයට එරෙහිව හෝ අපට විරුද්ධව, සටනට නොඑන ලෙස ඇමොරන්ගේ නියෝග වලින් ඔවුන්ට බල කරන ලදී.

19 තවද මෙසේ අප ස්වාමීන්වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ සේක; මක්නිසාද අපගේ මෙම දුර්වලකම නිසා ඔවුන් අප වෙත පැමිණියේ නම්, ඔවුන් සමහර විට අපගේ කුඩා හමුදාව විනාශ කිරීමට ඉඩ තිබුණි; එහෙත් මෙසේ අපව ආරක්ෂා වීය.

20 ඔවුන් අල්ලාගත් එම නගර නඩත්තු කරන ලෙස ඇමරොන්ගෙන් ඔවුන්ට අණ ලැබුණේය. තවද මෙලෙස විසි හයවන වසර අවසන් විය. තවද විසි හත්වන වසර ආරම්භයේදී අප අපගේ නගරය සහ අපව ආරක්ෂාව සඳහා සූදානම් කොට සිටියෙමු.

21 දැන් අප එනම් ලේමන්වරුන් අප වෙතට එන්නට ආශා කළෙමු; මක්නිසාද ඔවුන්ගේ බලකොටුවලදී ඔවුන්ට පහර දීමට අපට ආශාවක් නොවීය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් උතුරු දෙසින් පිහිටි අපගේ අනෙකුත් නගරවලට පහර දීමට රාත්‍රියේදී හෝ දිවා කාලයේදී අප පසුකර නොයන පිණිස, ලේමන්වරුන්ගේ චලනයන් දෙස බලා සිටින පිණිස, අප ඔත්තුකරුවන් අවට තබාගත්තෙමු.

23 මක්නිසාද එම නගරවල වූවන් ඔවුන්ව හමුවීමට තරම් ශක්තිමත් නොවන බව අප දැන සිටියෙමු; එසේහෙයින්, ඔවුන් අප පසුකර ගියහොත්, ඔවුන්ගේ පිටුපසින් ඔවුන් මතට වැටී, ඔවුන් ඉදිරියෙන් හමු වූ අවස්ථාවේදීම පසුපසින් ඔවුන් මතට ඒමට අප ආශා වී සිටියෙමු. අපට ඔවුන්ව පරාජය කිරීමට හැකියාව ඇති ලෙස අප සිතුවෙමු; එහෙත් බලව, අපගේ මෙම ආශාව තුළ අප කලකිරුනෙමු.

24 ඔවුන් ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවී ඔවුන් වැටීමට ඉඩ නොතබන පිණිස ඔවුන්ගේ මුළු හමුදාව සමඟ අප පසුකර නොගියේය, නැතහොත් කොටසක් සමඟ වුවත් ඔවුන් නොවෙහෙසෙන්නේය.

25 ඔවුන් සරහෙම්ලා නගරයට විරුද්ධව වූවත් ගමන් කිරීමට ඉක්මන් නොවෙති; නැතහොත් ශිදොන්හි මුදුන තරණය කර, නෙෆීහා නගරයට යාමට ද ඉක්මන් නොවෙති.

26 තවද මෙසේ, ඔවුන්ගේ හමුදාවන් සමඟ, ඔවුන් අල්ලා ගත් එම නගර නඩත්තු කිරීමට ඔවුහු අධිෂ්ඨාන කර ගත්තෝය.

27 තවද දැන් එය මෙසේ සිදු විය, මේ වසරේ දෙවන මසෙහි, ඒ මාගේ දෙදහස් පුත්‍රයන්ගේ පියවරුන්ගෙන් අපට බොහෝ දේ ගෙනාවෝය.

28 තවද එසේම සරහෙම්ලා දේශයෙන් මනුෂ්‍යයන් දෙදහසක් අප වෙත එවන ලදී. තවද මෙසේ දස දහසක් මනුෂ්‍යයන්ගෙන් ද, ඔවුන්ට ද, ඔවුන්ගේ භාර්යාවන්ට ද, ඔවුන්ගේ දරුවන්ට ද, ප්‍රතිපාදන ද සමඟින් සූදානම් වී සිටියෙමු.

29 තවද ලේමන්වරුන්, අපගේ හමුදාවන් මෙසේ දිනපතා වර්ධනය වන බවත්, තවද අපගේ උපකාරය සඳහා කළමනා පැමිණෙන බවත් දැක, ඔවුන් බිය වීමට පටන්ගත්තෝය, තවද අපගේ කළමනා සහ ශක්තිය ලැබීම අවසන් කිරීම සඳහා හදිසියෙන් පහර දීමට පටන්ගත්තෝය.

30 දැන් එනම් මේ ආකාරයෙන් ලේමන්වරුන් නොසන්සුන් වීමට පටන්ගන්නවා අප දුටු විට, අප ඔවුන් මත බලපෑමක් කිරීමට උපායක් ගෙන ඒමට ආශා වූවෙමු; එසේහෙයින් එනම් අප අසල්වැසි නගරයකට මාගේ කුඩා පුතුන් සමඟ කළමනා රැගෙන යන්නාක් මෙන් අසල්වැසි නගරයකට ගමන් කරන ලෙසට අන්තිපුස් මා හට අණ කළේය.

31 තවද අප අන්තිපාරා නගරය අසල මුහුදු වෙරළේ සීමාවන් තුළ, නගරයෙන් එපිටට ගමන් ගන්නාක් මෙන් අප ගමන් කළ යුතු විය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ කළමනා සමඟ එම නගරයට ගමන් කරන්නාක් මෙන් අප පෙරට ගමන් කළෙමු.

33 තවද එය මෙසේ සිදු විය, එනම් අන්තිපුස් ඔහුගේ හමුදාවේ කොටසක් සමඟ පෙරට ගමන් කළ අතර, ඉතිරිවූවන් නගරය පවත්වා ගැනීමට තබා ගියෝය. එහෙත් මම මාගේ කුඩා හමුදාව සමඟ පෙරට ගොස්, තවද අන්තිපාරා නගරය අසලට පැමිණෙන තුරු ඔහු පෙරට ගමන් නොකළේය.

34 තවද දැන්, අන්තිපාරා නගරය තුළ ලේමන්වරුන්ගේ ශක්තිමත්ම හමුදාව ස්ථානගත කර තිබුණේය; එසේය, ගණනින් බොහෝ විය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් හට ඔවුන්ගේ ඔත්තුකාරයන් විසින් දන්වනු ලැබු විට, ඔවුන් ඔවුන්ගේ සේනාව සමඟ තවද අපට විරුද්ධව පෙරට පැමිණියෝය.

36 තවද එය මෙසේ සිදු විය, එනම් අප ඔවුන් ඉදිරියෙන් උතුර දෙසට පලා ගියෙමු. තවද මෙසේ අප ලේමන්වරුන්ගේ ශක්තිමත්ම සේනාව ඉවතට මග පෙන්වූවෙමු.

37 එසේය, එපමණකින් අන්තිපුස්ගේ හමුදාව එනම් ඔවුන්ගේ ශක්තියෙන්, සැලකිය යුතු දුරක් දක්වා වුවද, ඔවුන් පසුපස හඹා එනු දුටු විට, ඔවුන් දකුණට හෝ වමට නොහැරී, එහෙත් අප පසුපස ඔවුන් කෙළින් ගමන් කළෝය; තවද, අප සිතු ආකාරයටම, තවද මෙය එනම් අපගේ ජනතාව විසින් ඔවුන්ව වට කරනු නොලබනු පිණිස, අන්තිපුස් ඔවුන් අභිබවා යාමට පෙර අපව මරා දැමීම, එය ඔවුන්ගේ අභිප්‍රාය විය.

38 තවද දැන් අන්තිපුස් අපගේ අනතුර දැක, ඔහුගේ හමුදාවේ ගමන වේගවත් කළේය. එහෙත් බලව, එය රාත්‍රිය විය; එසේහෙයින් ඔවුන් අපව පසුකර නොගියෝය, නැතහොත් අන්තිපුස්ද ඔවුන්ව පසුකර නොගියේය; එසේහෙයින් අප රාත්‍රියට කඳවුරු බැඳගත්තෙමු.

39 තවද එය මෙසේ සිදු විය, එනම් උදැසන අළුයම උදා වීමට පෙර, බලව, ලේමන්වරුන් අපව ලුහුබැන්දෝය. දැන් අප ඔවුන් සමඟ සටන් කිරීමට තරම් ශක්තිමත් නොවීය; එසේය, මාගේ කුඩා පුත්‍රයන්ව ඔවුන්ගේ දෑත් තුළට වැටීමට මට ඉඩ දිය නොහැකි විය; එසේහෙයින් අප අපගේ ගමනෙහි දිගටම නිරත වූ අතර, තවද අප අපගේ ගමන වනාන්තරය තුළට රැගෙන ගියෙමු.

40 දැන් ඔවුන් වට කරනු නොලැබෙන පිණිස ඔවුන් දකුණට හෝ වමට හැරෙන්නට එඩිතර නොවීය; නැතහොත් ඔවුන් මා ආභිබවා නොයන පිණිස, මම දකුණට හෝ වමට නොහැරියෙමි, තවද අපට ඔවුන්ට විරුද්ධව නැඟී සිටිය නොහැකි අතර, එහෙත් මරා දමා, තවද ඔවුන්, ඔවුන්ගේ පලා යෑම කරන්නෝය; තවද මෙසේ අප එම දවස මුළුල්ලෙහිම, අඳුර වැටෙන තුරුම වනාන්තරය තුළට පලා ගියෙමු.

41 තවද එය මෙසේ සිදු විය, එනම් නැවත, උදෑසන අලෝකය පැමිණි විට ලේමන්වරුන් අප මත සිටින්නාවූ බව අප දැක්කෙමු, තවද අප ඔවුන් ඉදිරියෙන් පලා ගියෙමු.

42 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නතර වීමට පෙර බොහෝ දුරක් ඔවුන් අප ලුහුබැඳ නොපැමිණියෝය. තවද එය හත්වන මාසයේ තුන්වන දින උදෑසන විය.

43 තවද දැන්, ඔවුන් අන්තිපුස් විසින් අල්ලාගනු ලැබුවේද යන්න අප නොදන්නෙමු, එහෙත් මම මාගේ මනුෂ්‍යයන් හට මෙසේ කීවෙමි: බලව, එහෙත් එනම් ඔවුන් අපව ඔවුන්ගේ උගුලට හසු කර ගැනීමට, එනම් අප ඔවුන්ට විරුද්ධව පැමිණිය යුතු අරමුණින් නතර වී ඇති දැයි, අප නොදන්නෙමු.

44 එසේහෙයින් මාගේ පුත්‍රයෙනි, නුඹලා කුමක් කියන්නේද, නුඹලා ඔවුන්ට විරුද්ධව සටනට යන්නෙහිද?

45 තවද දැන් මම නුඹට කියමි, මාගේ ප්‍රියාදර සහෝදරයා වන මොරෝනායි, මෙතරම් මහත් ධෛර්යයක් කිසිදා මම දැක නැත්තෙමි, නැත, සියලු නීෆායිවරුන් අතරෙහි නැත්තේය.

46 මක්නිසාද මම ඔවුන්ව මාගේ පුත්‍රයන් ලෙස හඳුන්වනු ලැබුවේ (මක්නිසාද ඔවුන්, ඔවුන් සියල්ලන්ම ඉතා තරුණය) එසේවුවත් ඔවුන් මා හට මෙසේ කීවෝය: පියාණෙනි, බලව අපගේ දෙවියන්වහන්සේ අප සමඟය, තවද එනම් අප වැටීමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක; එසේනම් අප පෙරට යන්නෙමු; අපගේ සහෝදරයන් අපට තනිව සිටීමට ඉඩ දෙන්නේ නම් අප ඔවුන්ව මරා නොදමන්නේය; එසෙහෙයින් අන්තිපුස්ගේ හමුදාව ඔවුන්ව පරාජය නොකරනු පිණිස, අපට යාමට ඉඩ දෙන්න.

47 දැන් ඔවුන් කිසිදා සටන් කර නොතිබුණේය, එහෙත් ඔවුන් මරණයට බිය නොවූවෝය; තවද ඔවුන්, ඔවුන්ගේ ජීවිතවලට වඩා ඔවුන්ගේ පියවරුන්ගේ නිදහස පිළිබඳ සිතුවෝය; එසේය, එනම් ඔවුන් සැක නොකළහොත්, දෙවියන්වහන්සේ ඔවුන්ව ගලවා ගන්නා බව, ඔවුන්ගේ මව්වරුන් විසින් ඔවුන්ට උගන්වා තිබුණෝය.

48 තවද ඔවුන් ඔවුන්ගේ මව්වරුන්ගේ වචන මා හට, මෙසේ කීවේය: අප සැක කරන්නේ නැති බව, එය අපගේ මව්වරුන් දැන සිටියෝය.

49 තවද එය මෙසේ සිදු විය, එනම් අපව ලුහුබැඳ පැමිණියාවූ මෙම ලේමන්වරුන්ට විරුද්ධව මා මාගේ දෙදහස සමඟින් ආපසු ගියෙමි. තවද දැන් බලව, අන්තිපුස්ගේ හමුදාවන් ඔවුන් අභිබවා ගොස් ඇති අතර, තවද භයන්කාර සටනක් ආරම්භ විය.

50 අන්තිපුස්ගේ හමුදාව ඉතා කෙටි කාලයකදී, ඔවුන්ගේ දිගු ගමන නිසාවෙන් වෙහෙසට පත්ව සිටි අතර, ලේමන්වරුන්ගේ දෑත් මත වැටීමට ආසන්නව සිටියේය; තවද මම මාගේ දෙදහස සමඟ ආපසු නොපැමිණියේ නම්, ඔවුන් ඔවුන්ගේ අරමුණ ඉෂ්ඨ කරගන්නෝය.

51 මක්නිසාද අන්තිපුස්ද, තවද ඔහුගේ බොහෝ නායකයින්ද, ඔවුන්ගේ ගමනේ වේගය නිසා ඇතිවූ, ඔවුන්ගේ තෙහෙට්ටුවෙන්, කඩුවෙන් වැටී සිටියෝය – එසේහෙයින් අන්තිපුස්ගේ මනුෂ්‍යයන්, ඔවුන්ගේ නායකයින්ගේ වැටීම නිසා ව්‍යාකූලව සිටිමින්, ලේමන්වරුන් ඉදිරියෙහි ඉඩ දීමට පටන්ගත්තෝය.

52 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ධෛර්යය ගෙන, තවද ඔවුන්ව ලුහුබැඳ යාමට පටන්ගත්තෝය; තවද මෙසේ ලේමන්වරුන් මහත් ශක්තියෙන් ඔවුන්ව ලුහුබැඳ ගිය විට, හීලමන් ඔහුගේ දෙදහසත් සමඟ ඔවුන්ගේ පසුපසට පැමිණ, තවද බොහෝ සේ ඔවුන්ව මරා දැමීමට පටන් ගත් අතර, එපමණින් එනම් ලේමන්වරුන්ගේ මුළු හමුදාවම නතර වී තවද හීලමන් දෙසට හැරුණෝය.

53 දැන් එනම් අන්තිපුස්ගේ ජනතාව ලේමන්වරුන් ඔවුන් හැරුනු බව දුටු විට, ඔවුන් ඔවුන්ගේ මනුෂ්‍යයන් එක්රැස් කරවාගෙන, තවද ලේමන්වරුන්ගේ පසුපසින් නැවත පැමිණියෝය.

54 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිගේ ජනතාව වන අප, අන්තිපුස්ගේ ජනතාව, සහ මම මාගේ දෙදහස සමඟ ලේමන්වරුන් වට කර, තවද ඔවුන්ව මරණයට පත් කළෙමි; එසේය, එපමණින් එනම් ඔවුන්ට ඔවුන්ගේ යුධ ආයුධ සහ එසේම ඔවුන්ව යුද සිරකරුවන් ලෙස භාර දීමට බල කරනු ලැබුවෝය.

55 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඔවුන්, ඔවුන්වම අප හට භාර වූ පසු, බලව, මා සමඟ සටන් කළාවු තරුණයන් බොහෝ දෙනෙකු මරණයට පත්වී ඇතැයි බියෙන්, මම ඔවුන් ගණන් කළෙමි.

56 එහෙත් බලව, මාගේ මහත් ප්‍රීතියට, ඔවුන්ගෙන් එක ප්‍රාණයක්වත් එහි පොළොවට වැටී නොතිබුණේය; එසේය, තවද දෙවියන්වහන්සේගේ ශක්තිය ඔවුන් සමඟ වූවාක් මෙන් සටන් කළෝය; එසේය, එවැනි හාස්කමකින් යුත් ශක්තියකින් සටන් කර ඇති මනුෂ්‍යයන් කිසිදා දැන නොසිටියේය; තවද ඔවුන් එවැනි බලවත් ශක්තියකින් ලේමන්වරුන් මත පහර දුන් අතර, එනම් ඔවුන් ඔවුන්ව බිය ගැන්වූවෝය; තවද මෙම කාරණය නිසා ලේමන්වරුන් ඔවුන්වම යුද සිරකරුවන් ලෙස භාර දුන්නෝය.

57 තවද අපගේ සිරකරුවන්ට, එනම් ලේමන්වරුන්ගේ හමුදාවන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට අපට ස්ථානයක් නොතිබුණේය, එසේහෙයින් අප ඔවුන්ව සරහෙම්ලා දේශයට යැවූ අතර, තවද අන්තිපුස් විසින් මරා නොදැමූ මනුෂ්‍යයන්ගෙන් කොටසක්, ඔවුන් සමඟ යැවුවෙමු; තවද මා ඉතිරිවූවන් රැගෙන මාගේ ඇමොනිවරුන්ගේ තරුණයන් සමඟ ඔවුන්ව එකතු කර, තවද ජුදා නගරයට අපගේ ගමන ආපසු ගියෙමු.