ශුද්ධලියවිලි
ඇල්මා 18


18 වන පරිච්ඡේදය

ලැමෝනායි රජු සිතන්නේ එනම් ඇමන් ශ්‍රේෂ්ඨ ආත්මය බවයි – ඇමන් රජු හට මැවිල්ල ගැන උගන්වයි – දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීමේ ආකාරය සහ ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන්නාවූ මිදීම ගැන උගන්වයි – ලැමෝනායි විශ්වාස කරමින් තවද මිය ගියාක් මෙන් පොළොවට ඇද වැටෙයි. ක්‍රි.පූ. 90 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ලැමෝනායි රජු එනම් ඔහුගේ සේවකයන් නැඟී සිටිමින් තවද මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් දුටු සියලු දේ ගැන සාක්ෂි දැරීමට සැලැස්වූවේය.

2 තවද ඔවුන් සියල්ලෝම ඔවුන් දුටු දේ පිළිබඳ සාක්ෂි දැරුවාට පසු, තවද ඔහු ඔහුගේ රැළවල් ආරක්ෂා කිරීමේදී ඇමන්ගේ විශ්වාසවන්තකම ගැනත්, තවද එසේම ඔහුව මරා දැමීමට උත්සාහ කළ අයට විරුද්ධව සටන් කිරීමට ඔහුගේ මහත් බලය ගැනද, ඔහු බෙහෙවින් මවිතයට පත් වී තවද මෙසේ කීවේය; නිසැකවම, මෙය මනුෂ්‍යයෙකුට වඩා වැඩි කෙනෙකි. බලව, ඔවුන්ගේ ජනතාවගේ මිනීමැරුම් නිසා එවැනි බලවත් දඬුවම් පමුණුවන්නේ මේ ශ්‍රේෂ්ඨ ආත්මය නොවේද?

3 තවද ඔව්හු රජුට පිළිතුරු දෙමින්, තවද මෙසේ පැවසූහ: ඔහු ශ්‍රේෂ්ඨ ආත්මයක්ද නැතහොත් මනුෂ්‍යයෙක්ද, අපි නොදන්නෙමු; නමුත් අපි මේ දේ දන්නෙමු, එනම් ඔහුව රජුගේ සතුරන් අතින් ඔහුව මරා දැමිය නොහැකි බවයි: ඔහුගේ ප්‍රවීණත්වය සහ බලවත් ශක්තිය නිසා ඔහු අප සමඟ සිටින විට ඔවුන්ට රජුගේ රැළ විසුරුවා හැරිය නොහැක; එසේහෙයින්, ඔහු රජුගේ මිත්‍රයෙකු බව අපි දන්නෙමු, තවද දැන්, අහෝ රජතුමනි, මනුෂ්‍යයෙකුට මෙතරම් මහත් බලයක් ඇති බව අපි විශ්වාස නොකරන්නෙමු, මක්නිසාද ඔහුව මරා දැමිය නොහැකි බව අපි දන්නෙමු.

4 තවද දැන්, රජු මෙම වචන ඇසූ විට, ඔහු ඔවුන්ට මෙසේ කීවේය: ඒ ශ්‍රේෂ්ඨ ආත්මය බව දැන් මම දන්නෙමි; තවද ඔහු නුඹලාගේ ජීවිත ආරක්ෂා කිරීමට මේ අවස්ථාවේ දී පහළ වී ඇත, එනම් මම නුඹලාගේ සහෝදරයන්ට කළාක් මෙන් මම නුඹලාව නොමරන පිණිසය. දැන් අපගේ පියවරුන් කතා කළ ශ්‍රේෂ්ඨ ආත්මය මෙය වන්නේය.

5 දැන් මෙය ලැමෝනායිගේ සම්ප්‍රදාය විය, එය ඔහුට ඔහුගේ පියාගෙන් ලැබුණි, එනම් එහි ශ්‍රේෂ්ඨ වූ ආත්මයක් තිබුණි. එසේ තිබියදීත් ඔවුන් ශ්‍රේෂ්ඨ ආත්මයක් කෙරෙහි විශ්වාස කළත්, එනම් ඔවුන් සිතුවේ ඔවුන් කරන ඕනෑම දෙයක් නිවැරදි බවයි; කෙසේ වෙතත්, ඔහුගේ සේවකයන් මරා දැමීමෙන් ඔහු වරදක් කර ඇතැයි යන බියයෙන්, ලැමෝනායි අතිශයින් බිය වීමට පටන් ගත්තේය;

6 මක්නිසාද ඔවුන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මරා දැමුවේ ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ගේ බැටළු රැළවල් වතුර ඇති ස්ථානයේ විසුරුවා හැරීම නිසා ය; තවද මෙසේ, ඔවුන්ගේ බැටළු රැළවල් විසිරී තිබූ බැවින් ඔවුන්ව මරා දමන ලද්දේය.

7 දැන් මෙය සීබස්හි ජලය අසල සිට ජනතාවගේ රැළවල් විසුරුවා හැරීම මෙම ලේමන්වරුන්ගේ පුරුද්ද විය, එනම් එමගින් ඔවුන්ට ඔවුන්ගේම දේශය වෙත විසිරී ගිය බොහෝ දෙනෙකු පලවා හැරීමට හැකි වනු පිණිසය, එය ඔවුන් අතර වූ කොල්ලකෑමේ පුරුද්දක් විය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ලැමෝනායි රජු ඔහුගේ සේවකයන්ගෙන් මෙසේ කියමින් විමසුවේය: මෙතරම් ශ්‍රේෂ්ඨ බලයක් ඇත්තාවූ මෙම මනුෂ්‍යයා කොහේද?

9 තවද ඔවුන් ඔහුට කීවෝය; බලව, ඔහු ඔබගේ අශ්වයන් පෝෂණය කරන්නේය. දැන් රජු ඔහුගේ සේවකයන්ට අණ කර තිබුනේ, ඔවුන්ගේ රැළට වතුර දමන වේලාවට පෙර, එනම් ඔවුන් ඔහුගේ අශ්වයන් සහ අශ්වරථ සූදානම් කර, නීෆායිගේ දේශයට ඔහුව ගෙන යන ලෙසය; මක්නිසාද මුළු දේශයටම රජ වූ ලැමෝනායිගේ පියා විසින් නීෆායිගේ දේශයේ මහා මංගල්‍යයක් සූදානම් කොට තිබුණි.

10 දැන් ඇමන් ඔහුගේ අශ්වයන් සහ අශ්ව රථ සූදානම් කරන බව ලැමෝනායි රජු ඇසූ විට ඔහු වඩාත් මවිතයට පත් විය, මක්නිසාද ඇමෝනායිගේ විශ්වාසවන්තකම නිසා මෙසේ කියමින්: නිසැකවම මාගේ සියලුම සේවකයන් අතරේ මේ මනුෂ්‍යයා තරම් විශ්වාසවන්ත වූ කිසි සේවකයකු නොවීය; මක්නිසාද ඔහු මාගේ සියලු අණ පනත් ක්‍රියාත්මක කිරීමට සිහිතබා ගන්නේය.

11 දැන් එනම් මේ එම ශ්‍රේෂ්ඨ ආත්මය විය යුතුයි කියා මම නිසැකවම දනිමි, තවද ඔහු මා වෙතට එන ලෙස මම ආශා වුනෙමි, නමුත් මම නිර්භීත නොවූවෙමි.

12 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් රජුට සහ ඔහුගේ සේවකයන් සඳහා අශ්වයන් සහ අශ්ව රථ සූදානම් කළ විට, ඔහු රජු වෙතට ගියේය, තවද රජුගේ මුහුණුවර වෙනස් වී ඇති බව ඔහු දුටුවේය; එසේහෙයින් ඔහු ඔහුගේ අභිමුඛයෙන් හැරී ආපසු යාමට ආසන්න විය.

13 තවද රජුගේ එක් සේවකයෙක් ඔහුට කීවේය, රබ්බානා, අර්ථකතනය කළ විට බලවත් හෝ ශ්‍රේෂ්ඨ රජු යන්න යි, එය ඔවුන්ගේ රජවරුන් බලවත් යැයි සලකමින් ය; තවද මෙසේ ඔහු ඔහුට කීවේය: රබ්බානා, නුඹ නැවතී සිටිනවාට රජතුමා ආශා වන්නේය.

14 එසේහෙයින් ඇමන් රජු දෙසට ඔහුම හැරුනේය, තවද ඔහුට මෙසේ කීවේය. අහෝ රජතුමනි, එනම් මම ඔබ වෙනුවෙන් කළ යුතු වූ කුමකට ඔබ කැමති වන්නේද? තවද රජතුමා තමාට කුමක් කිව යුතු දැයි නොදැන සිටි බැවින්, ඔවුන්ගේ වේලාව අනුව, පැයක පමණ කාලයකට ඔහුට පිළිතුරු නොදුන්නේය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් නැවතත් ඔහුට මෙසේ කීවේය: ඔබ මගෙන් කුමක් ආශාවන්නේද? එහෙත් රජු ඔහුට පිළිතුරු නොදුන්නේය.

16 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වී, එසේහෙයින් රජුගේ සිතුවිලි ඔහුට වැටහුණි. තවද ඔහු ඔහුට මෙසේ කීවේය, එය මම නුඹගේ සේවකයන් සහ නුඹගේ රැළවල් ආරක්ෂා කළ බව නුඹ අසා ඇති නිසාද, තවද නුඹගේ රැළවල් සහ නුඹගේ සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ සහෝදරයන් හත් දෙනෙකු ගල්පටියෙන් සහ කඩුවෙන් මරා දමා, තවද අනෙක් අයගේ අත් කපා දැමූ බවත් ඔබ අසා ඇති නිසා; බලව, එය නුඹගේ මවිතය ඇති කිරීමට කාරණය නොවේද?

17 මම නුඹට කියන්නෙමි, නුඹගේ මවිතය මෙතරම් මහත් වන්නේ මන්ද? බලව, මම මනුෂ්‍යයෙකි, තවද මම නුඹගේ සේවකයා වෙමි; එසේහෙයින්, නුඹ ආශා කරන නිවැරදි කවර දෙයක් වුවද, මම එය කරන්නෙමි.

18 දැන් රජු මේ වචන ඇසූ විට, නැවතත් මවිතයට පත් වූයේය, මක්නිසාද එනම් ඇමන්ට ඔහුගේ සිතුවිලි තේරුම් ගත හැකි බව ඔහු දුටුවේය; නමුත් මෙය එසේ තිබියදීත්, ලැමෝනායි රජු ඔහුගේ මුඛය විවෘත කර, තවද ඔහුට මෙසේ කීවේය: නුඹ කවරෙක්ද? සියල්ල දන්නාවූ ඒ ශ්‍රේෂ්ඨ ආත්මය නුඹ නොවේද?

19 ඇමන් පිළිතුරු දෙමින් තවද ඔහුට කීවේය: ඒ මම නොවෙමි.

20 තවද රජු මෙසේ කීවේය: මාගේ හදවතේ සිතුවිලි නුඹ කෙසේ දන්නෙහිද? නුඹ නිර්භීතව කතා කරන්න, තවද මේ දේවල් ගැන මට කියන්න; තවද එසේම මාගේ රැළවල් විසුරුවා හැර මාගේ සහෝදරයන්ගේ දෑත් කපා මරා දැමුවේ නුඹ කුමන බලයකින්දැයි මට කියන්න –

21 තවද දැන්, මේ දේවල් සම්බන්ධව නුඹ මා හට පවසන්නේ නම්, නුඹ ආශාවන කුමන දෙයක් වුවද මම නුඹට දෙන්නෙමි; තවද එය අවශ්‍ය වන්නේ නම්, මම මාගේ සේනා සමඟින් නුඹ ආරක්ෂා කරන්නෙමි; එහෙත් මම දන්නෙමි, නුඹ ඔවුන් සියල්ලන්ටම වඩා බලවත් බව; එසේනමුත්, නුඹ මාගෙන් ආශාවන කවර දෙයක් වුවද මම එය නුඹට දෙන්නෙමි.

22 දැන් ඇමන් ප්‍රඥාවන්ත වුවත්, එහෙත් අහිංසකව, ඔහු ලැමෝනායිට මෙසේ කීවේය: මම මේ දේවල් කරන්නේ කුමන බලයකින්දැයි නුඹට පැවසුවහොත්, නුඹ මාගේ වචන වලට සවන් දෙන්නෙහිද? තවද එනම් මෙයයි මම නුඹගෙන් ආශාවන්නාවූ දේ.

23 තවද රජු ඔහුට පිළිතුරු දුන්නේය, තවද මෙසේ කීවේය. එසේය, මා නුඹගේ සියලු වචන විශ්වාස කරන්නෙමි. තවද මෙසේ ඔහුව වංචාකමෙන් අල්ලාගනු ලැබුවේය.

24 තවද ඇමන් නිර්භීතව ඔහු හට කතා කිරීමට පටන් ගත්තේය, තවද ඔහුට මෙසේ කීවේය: එනම් දෙවිකෙනෙක් සිටින බව නුඹ විශ්වාස කරන්නෙහිද?

25 තවද ඔහු පිළිතුරු දුන්නේය, තවද ඔහුට මෙසේ කීවේය: එයින් අදහස් කරන්නේ කුමක්දැයි මම නොදන්නෙමි.

26 තවද එවිට ඇමන් මෙසේ කීවේය: එනම් ශ්‍රේෂ්ඨ ආත්මයක් ඇති බව නුඹ විශ්වාස කරන්නෙහිද?

27 තවද ඔහු කීවේය, එසේය.

28 තවද ඇමන් මෙසේ කීය: මේ දෙවියන්වහන්සේය. තවද ඇමන් නැවතත් ඔහුට මෙසේ කීවේය: ඔබ විශ්වාස කරන්නෙහිද මේ ශ්‍රේෂ්ඨ ආත්මය, දෙවියන්වහන්සේ යැයි, ස්වර්ගයේද තවද පොළොවෙහිද සියලු දේ මවන ලද්දේය කියා?

29 තවද ඔහු මෙසේ කීවේය: එසේය, පොළොවේ ඇති සියල්ල උන්වහන්සේ මවනු ලැබූ බව මම විශ්වාස කරමි; එහෙත් මම ස්වර්ගයන් නොදන්නෙමි.

30 තවද ඇමන් ඔහුට මෙසේ කීවේය: ස්වර්ගය නම් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සියලු ශුද්ධවූ දේවදූතයන් වැඩසිටින ස්ථානයකි.

31 තවද ලැමෝනායි රජු මෙසේ කීවේය: එය පොළොවට ඉහළින් තිබේද?

32 තවද ඇමන් මෙසේ කීවේය: එසේය, තවද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් සියල්ලන් වෙත බලන සේක; තවද උන්වහන්සේ සියලු සිතිවිලි සහ හදවතේ ඇති අභිප්‍රායන් දන්නා සේක; මක්නිසාද පටන්ගැන්මේ සිට උන්වහන්සේගේ හස්තයෙන් ඔවුන් සියල්ලෝම මවන ලද්දේය.

33 තවද ලැමෝනායි රජු මෙසේ කීවේය: නුඹ පැවසූ මේ සියලු දේ මම විශ්වාස කරන්නෙමි. නුඹ දෙවියන්වහන්සේ විසින් එවා තිබෙන්නෙහිද?

34 ඇමන් ඔහුට මෙසේ කීවේය: මම මනුෂ්‍යයෙක්මි; තවද පටන්ගැන්මේ සිටම මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ස්වරූපයට අනුව මැවූ සේක, තවද මෙම ජනතාවට මේ දේවල් ඉගැන්වීමට උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් විසින් මා කැඳවනු ලද්දේය, එනම් යුක්ති සහගත සහ සැබෑවූ දේ පිළිබඳ දැනුමකට ඔවුන්ව ගෙන එනු පිණිසය;

35 තවද එම ආත්මයෙන් කොටසක් මා තුළ වාසය කරන්නේය, එය මට දැනුම ලබා දේ, තවද දෙවියන්වහන්සේ කෙරෙහි ඇති මගේ ඇදහිල්ල හා ආශාවන්ට අනුව බලය ද ලබා දෙන සේක.

36 දැන් ඇමන් මෙම වචන පැවසූ විට, ඔහු ලෝකය මැවීමේ සිට පටන් ගත්තේය, තවද එසේම ආදම්ව මැවීමද, මනුෂ්‍යාගේ වැටීම පිළිබඳ සියලු දේවල් ඔහුට පැවසුවේය, තවද ජනතාවගේ වාර්තාවන් සහ ශුද්ධ ලියවිලි නැවත ඔහු ඉදිරියේ තැබුවේය, එනම් අනාගතවක්තෘවරුන් විසින් කියන ලද, ඔවුන්ගේ පියා වන, ලීහායි, ජෙරුසලමෙන් පිටත්වූ කාලය දක්වා වූ දේවල් වේ.

37 තවද ඔවුන්ගේ පියවරුන් පාළුකරයේ ගිය සියලු ගමන් ගැනත්, තවද කුසගින්නෙන් හා පිපාසයෙන් ඔවුන් වින්ද සියලු දුක් වේදනා ගැනත්, ඔවුන්ගේ වෙහෙස, යනාදිය ගැනත්, ඔහු එසේම ඔවුන්ට විස්තර කළේය (මක්නිසාද එය රජුට සහ ඔහුගේ සේවකයන්ට විය).

38 තවද ඔහු එසේම ලේමන් සහ ලෙමුවෙල්ගේ කැරලි ගැසීම් ගැන ඔවුන්ට විස්තර කළේය, තවද ඉශ්මායෙල්ගේ පුත්‍රයන්, එසේය, ඔවුන්ගේ සියලු කැරලිකාරකම් ඔහු ඔවුන්ට විස්තර කළේය; ලීහායි ජෙරුසලමෙන් පිටව ගිය කාලයේ සිට වර්තමානය දක්වා වූ සියලු වාර්තා සහ ශුද්ධ ලියවිලි ද ඔවුන්ට විස්තර කළේය.

39 එහෙත් එපමණක් නොවීය; මක්නිසාද ඔහු ලෝකයේ ආරම්භයේ සිට සකස් කරන ලද මිදීමේ සැලැස්ම ඔවුන් හට පැහැදිලි කළේය, තවද ඔහු එසේම ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සම්බන්ධවද ඔවුන්ට දන්වන ලද්දේය, තවද ස්වාමීන්වහන්සේගේ සියලු ක්‍රියාවන්ද ඔවුන්ට දන්වන ලද්දේය.

40 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මේ සියලු දේ පවසා රජුට විස්තර කළ පසු, එනම් රජු ඔහුගේ සියලු වචන විශ්වාස කළේය.

41 තවද ඔහු ස්වාමීන්වහන්සේ හට මොරගසන්නට පටන් ගත්තේය, මෙසේ කියමින්: අහෝ ස්වාමීනි, දයා කළ මැනව; නීෆායි ජනතාව කෙරෙහි ඇත්තාවූ ඔබවහන්සේගේ බහුල වූ දයාවට අනුව, මා වෙතටද, තවද මාගේ ජනතාවටත් ලබා දුන මැනව.

42 තවද දැන්, ඔහු මෙය පැවසූ විට, ඔහු මරණයට පත් වූවාක් මෙන්, ඔහු ඇද වැටුණේය.

43 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුගේ සේවකයෝ ඔහු රැගෙන ඔහුගේ භාර්යාව වෙත ගෙන ගොස් ඇඳක් මත තැබුවෝය; තවද ඔහු දහවල් දෙකක් සහ රාත්‍රීන් දෙකක් යනතුරු මැරුණා සේ වැතිර සිටියේය; තවද ඔහුගේ භාර්යාවද, සහ ඔහුගේ පුත්‍රයන්ද, සහ ඔහුගේ දියණියන්ද ඔහු කෙරෙහි ශෝක වූවෝය, ලේමන්වරුන්ගේ ආකාරයට අනුව ඔහු ගැන වැලපෙමින්, ඔහුගේ වියෝව ගැන බොහෝ සේ විලාප දුන්නෝය.