15 වන පරිච්ඡේදය
ඇල්මා සහ ඇමියුලෙක් සිදොම් කරා ගොස් සභාවක් පිහිටුවන්නෝය – සභාවට එක් වූ සීස්රොම්ව ඇල්මා සුව කරයි – බොහෝ දෙනෙකු බෞතීස්ම වන අතර, සභාව සමෘද්ධිමත් වෙයි – ඇල්මා සහ ඇමියුලෙක් සරහෙම්ලා වෙත ගමන් ගන්නෝය. ක්‍රි.පූ. 81 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් එම නුවරින් පිටව යන ලෙස ඇල්මා සහ ඇමියුලෙක්ට අණ ලැබුණි; තවද ඔවුන් පිටව ගිය අතර, සිදොම් දේශය තුළට පවා පැමිණියෝය; තවද බලව, ඔවුන් ඇල්මාගේ වචන විශ්වාස කළ නිසාවෙන්, පලවා හැරුණු සහ ගල් ගසනු ලද, ඇමෝනිහා දේශයෙන් පිට වූ සියලු ජනතාව එහි දී ඔවුන්ට සම්බ විය.
2 තවද ඔවුන් ඔවුන්ගේ ගැලවීමේ බලය පිළිබඳව ද, තමන් පිළිබඳව ද, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ට වූ සියලු දේ පිළිබඳව ද, ඔවුන් හට විස්තර කළෝය.
3 තවද එසේම, ඔහුගේ දුෂ්ඨකම නිසාවෙන් ඔහුගේ මනසෙහි තිබූ මහත් පීඩාවන් කරණකොටගෙන, අධික උණ සහිතව, සීස්රොම් සිදොම්හි අසනීපයෙන් පෙළුණේය, මක්නිසාද ඇල්මා සහ ඇමියුලෙක් තවත් නොමැති බවට ඔහු අනුමාන කරන්නට විය; තවද ඔහුගේ අයුතුකම් නිසාවෙන් එනම් ඔවුන්ව මරා දමා ඇති බවට ඔහු අනුමාන කරන්නට විය. තවද මෙම මහත් පාපය ද, ඔහුගේ අනෙකුත් පාපයන් බොහෝමයක් ද, කිසිඳු ගැලවීමක් නොමැතිව, අතිශයින් වේදනා ගෙන දෙනතුරු, ඔහුගේ මනස අධික ලෙස අවුල් කළේය; එසේහෙයින් දැවෙන උෂ්ණයකින් ඔහු මතුපිටින් දැවෙන්නට පටන් ගත්තේය.
4 දැන්, ඇල්මා සහ ඇමියුලෙක් සිදොම් දේශයෙහි සිටින බව ඔහු දැනගත් විට, ඔහුගේ හදවත ධෛර්යමත් වීමට පටන් ගත්තේය; තවද ඔවුන් ඔහු වෙත පැමිණීමට ආශා කර, ඔහු සැණෙකින්ම ඔවුන් වෙත පණිවිඩයක් යැවුවේය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ඔවුන් වෙත එවූ පණිවිඩයට කීකරුව ඔවුන් වහා ගියෝය; තවද ඔවුන් සීස්රොම්ගේ නිවස වෙතට ගියෝය; තවද ඔහු ඔහුගේ ඇඳ මත, අසනීපව, දැවෙන උණෙන් ඉතා දුර්වලව සිටින ලෙස ඔවුන්ට සම්බ වීය; තවද ඔහුගේ මනසත් ඔහුගේ අයුතුකම් නිසා අතිශයින් වේදනා වින්දේය; තවද ඔහු ඔවුන්ව දුටු විට, ඔහුගේ අත දිගු කර, ඔවුන් ඔහුව සුව කරන ලෙස ඔවුන්ගෙන් අයැද සිටියේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා ඔහුගේ දෑතින් ගෙන, ඔහු හට මෙසේ පැවසීය: ගැලවීම කරා වූ ක්‍රිස්තුස්වහන්සේගේ බලය නුඹ විශ්වාස කරන්නෙහිද?
7 තවද ඔහු පිළිතුරු දෙමින් පැවසීය: එසේය, නුඹ උගන්වා ඇති සියලු වචන මම විශ්වාස කරන්නෙමි.
8 තවද ඇල්මා පැවසීය: නුඹ ක්‍රිස්තුස්වහන්සේගේ මිදීම විශ්වාස කරන්නේනම් නුඹට සුව වීමට පුළුවනි.
9 තවද ඔහු පැවසීය: එසේය, නුඹගේ වචනවලට අනුව මම විශ්වාස කරමි.
10 තවද එවිට ඇල්මා ස්වාමීන්වහන්සේ හට මොරගසා, මෙසේ පැවසුවේය: අහෝ අපගේ දෙවි වූ ස්වාමීන්වහන්ස, මේ මනුෂ්‍යයා කෙරෙහි කරුණාව දක්වනු මැනව, තවද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ ඇදහිල්ල කරණකොටගෙන ඔහුව සුව කරනු මැනව.
11 තවද ඇල්මා මේ වචන පැවසූ විට, සීස්රොම් ඔහුගේ පාද මත පැන, ඇවිදීමට පටන් ගත්තේය; තවද මෙය සියලු ජනතාව මහත් විස්මයට පත් කළේය; තවද මෙම දැනුවත්කම මුළු සිදොම් දේශය පුරාවටම ගියේය.
12 තවද ඇල්මා සීස්රොම්ව ස්වාමීන්වහන්සේ හට බෞතීස්ම කළේය; තවද එතැන් සිට ඔහු ජනතාවට දේශනා කිරීමට පටන් ගත්තේය.
13 තවද ඇල්මා සිදොම් දේශයේහී දී සභාවක් පිහිටවූ අතර, බෞතීස්ම වීමට ආශා වූ කවරෙකු වූවත් ස්වාමීන්වහන්සේ හට බෞතීස්ම කිරීමට, දේශයෙහි පූජකවරුන් සහ ගුරුවරුන් කැප කළේය.
14 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් බොහෝ දෙනෙකු විය; මක්නිසාද ඔවුන් සිදොම් අවට මුළු ප්‍රදේශයෙන්ම රැළවල් ගැසී පැමිණ, බෞතීස්ම වූවෝය.
15 එහෙත් ඇමෝනිහා දේශයේ සිටි ජනතාව නම්, ඔවුන් තවමත් දැඩි සිත් ඇති මුරණ්ඩු ජනතාවක් විය; ඇල්මා සහ ඇමියුලෙක්ගේ සියලු බලය යක්ෂයාට පවරා, තවද ඔවුනොවුන්ගේ පාපයන් කෙරෙහි පසුතැවිලි නොවීය; මක්නිසාද ඔවුන් නිහොර්ගේ වෘත්තියෙන් වූ අතර, ඔවුන්ගේ පාපයන්වලට පසුතැවිලි වීම කෙරෙහි විශ්වාස නොකෙරුවෝය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඇමියුලෙක්, ඇමියුලෙක් ඔහු සතු සියලු රන් ද, රිදී ද, ඇමෝනිහා දේශයේ තිබූ, ඔහුගේ අගනා දේවල් ද, දෙවියන්වහන්සේගේ වචනය උදෙසා, කලෙක ඔහුගේ මිතුරන් වූවන්ගෙන් ද, එසේම ඔහුගේ පියා සහ ඔහුගේ ඥාතීන්ගෙන් ද ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබුවෝය.
17 එසේහෙයින්, ඇල්මා සිදොම්හි සභාව පිහිටුවීමෙන් පසුව, මහත් පරීක්ෂාවක් දැක, එසේය, මනුෂ්‍යයන් ඔවුන්ගේ හදවත්වල උඩඟුකමට අනුව පරීක්ෂා කෙරෙන බව දැක, දෙවියන්වහන්සේ ඉදිරියෙහි තමන්ව නිහතමානී කරගන්නට පටන් ගත් අතර, සාතන්ගෙන් ද, මරණයෙන් ද, විනාශයෙන් ද ගැලවීමට, පරීක්ෂාවෙන් බලමින් සහ නොනවත්වා යාච්ඤා කරමින්, පූජාසනය ඉදිරියෙහි දෙවියන්වහන්සේ උදෙසා නමස්කාර කිරීමට ඔවුන්ගේ ශුද්ධස්ථානවල ඔවුන් එක්රැස් වීමට පටන් ගත්තෝය.
18 දැන් මම පවසා ඇති පරිදි, ඇල්මා මේ සියලු දේ දැක ඇති බැවින්, එසේහෙයින් ඔහු ඇමියුලෙක් රැගෙන සරහෙම්ලා දේශය වෙත පැමිණි අතර, ඔහුව තමන්ගේම නිවස කරා ගෙන ගොස්, ඔහු වෙත ඔහුගේම පීඩාවන් තුළ උපස්ථාන කළ අතර, ඔහුව ස්වාමීන්වහන්සේ තුළ ශක්තිමත් කළේය.
19 තවද නීෆායි ජනතාව මත වූ විනිශ්චයකරුවන්ගේ පාලන සමයෙහි දසවෙනි වසර මෙසේ අවසන් විය.