28 වන පරිච්ඡේදය
ලේමන්වරුන් අති විශාල සටනකින් පරාජය විය – දස දහස් ගණනක් මරණු ලැබුවෝය – දුෂ්ඨයන් නිමක් නොවන ඛේදජනක තත්වයට පත් විය; ධර්මිෂ්ඨයෝ අවසානයක් නොමැති සතුටක් ලබාගන්නෝය. ක්‍රි.පූ. 77–76 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමන්ගේ ජනතාව ජර්ෂෝන් දේශය තුළ ස්ථාපිත වූ පසු, තවද එසේම ජර්ෂෝන් දේශයේ සභාවක් ද ස්ථාපිත කර, තවද නීෆායිවරුන්ගේ හමුදාව ජර්ෂෝන් දේශයේ රඳවා සිටියෝය, එසේය, සරහෙම්ලාහි සියලුම සිමාවන් අවටය; බලව ලේමන්වරුන්ගේ හමුදාව ඔවුන්ගේ සහෝදරයන් වනාන්තරය තුළට හඹා ගොස් තිබුණේය.
2 තවද මෙසේ එහි අතිවිශාල සටනක් විය; එසේය, ලීහායි ජෙරුසෙලමෙන් පිටව ගියාවූ කාලයේ සිට ජනතාව අතර කිසිදා නොදැන සිටි එකක් විය; එසේය, තවද ලේමන්වරුන්ගෙන් දස දහසක් මරණයට පත් කරනු ලැබ තවද විසිරුවා හරිනු ලැබුවෝය.
3 එසේය, තවද එසේම එහි නීෆායිගේ ජනතාව අතර අති විශාල ඝාතනයක් විය; එසේනමුත්, ලේමන්වරුන් පලවා හැර තවද විසුරුවා හරිනු ලැබුවෝය, තවද නීෆායිගේ ජනතාව නැවත ඔවුන්ගේ දේශයට ගියෝය.
4 තවද දැන් මෙම කාලයේ එනම් එහි සියලු දේශය මුලුල්ලේ, සියලු නීෆායි ජනතාව අතර, මහත් ශෝකයක් සහ විලාපයක් ඇසෙන්නට විය –
5 එසේය, වැන්දඹුවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් උදෙසා හැඩීම, තවද එසේම පියවරුන් ඔවුන්ගේ පුත්‍රයන් වෙනුවෙන් හැඩීම ද, තවද දියණිය සහෝදරයා වෙනුවෙන් ද, එසේය, සහෝදරයා පියා වෙනුවෙන් ද; තවද මෙසේ මරණයට පත් කළ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් හඬමින්, ඔවුන් සියල්ලන් අතර ශෝකයේ මොර ගැසීම ඇසුණෝය.
6 තවද දැන් මෙය සත්‍යයෙන්ම වේදනාකාරි දවසක් වුයේය; එසේය, සංවේගයේ කාලයක් විය, තවද බොහෝ නිරාහාරයේ සහ යාච්ඤාවෙන්වු කාලයක් විය.
7 තවද මෙසේ නීෆායිගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ පහළොස්වන වසර අවසන් විය;
8 තවද මෙය ඇමන් සහ ඔහුගේ සහෝදරයන් පිළිබඳ විස්තරයක් විය, නීෆායිගේ දේශය මත ඔවුන්ගේ ගමන්, දේශය මත ඔවුන්ගේ වේදනාවන්, ඔවුන්ගේ දුක්විඳීම්, තවද ඔවුන්ගේ පීඩාවන්, තවද ඔවුන්ගේ තේරුම්ගත නොහැකි ප්‍රීතිය, තවද ජර්ෂෝන් දේශයේ සහෝදරයන්ගේ පිළිගැනීම සහ ආරක්ෂාව. තවද දැන් ස්වාමීන්වහන්සේ, එනම්, සියලු මනුෂ්‍යයන්ගේ මිදුම්කරුවාණන්, සදාකාලිකව ඔවුන්ගේ ප්‍රාණයන්ට ආශිර්වාද කරන සේක්වා.
9 තවද මෙය නීෆායිවරුන් අතරවු යුද්ධ සහ විවාද පිළිබද සටහනක් විය, තවද එසේම නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර යුද්ධයන් විය; තවද විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ පහළොස්වන වසර අවසන් විය.
10 තවද පළමු වන වසරේ සිට පහළොස්වන වසර තෙක් බොහෝ දහස් ගණනක් ජීවිත වල විනාශය සිදු විය; එසේය, එය රුධිරය වැගිරවීමේ භයානක දර්ශනයක් විය.
11 තවද බොහෝ දහස් ගණනකගේ ශරීර පොළවේ පහත තැන්පත් කරන අතර, තවද බොහෝ දහස් ගණනකගේ ශරීර පොළවේ මුහුණ මත ගොඩ ගසා කුණුවෙමින් පවතින්නේය; එසේය, තවද දැන් බොහෝ දහස් ගණනක් ඔවුන්ගේ ඥාතීන්ගේ නැතිවීම නිසා හැඩුවේය, මක්නිසාද ඔවුන්ට බිය වීමට කාරණාවක් ඇත්තේය, ස්වාමීන්වහන්සේගේ පොරොන්දුවලට අනුව, එනම් අවසන් නොවන වේදනාවේ තත්වයකට ඔවුන් නියම කරනු ලැබීය.
12 බොහෝ දහස් ගණනක් ඔවුන්ගේ ඥාතීන්ගේ අහිමිවීම නිසා සත්‍යයෙන්ම ශෝකයට පත්වන අතර, තවමත් ඔවුන් ප්‍රීතියෙන් සහ බලාපොරොත්තුව තුළ සංතෝෂයෙන් සිටින්නේය, තවද ස්වාමීන්වහන්සේගේ පොරොන්දුවලට අනුව, එනම් ඔවුන්ව නැඟිටුවා දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ, අවසන් නොවන්නාවු සතුටේ ස්වභාවය තුළ වාසය කරන බව පවා දනිති.
13 තවද මක්නිසාද පාපය සහ වරද නිසාවෙන්, මනුෂ්‍යයන්ගේ මහත් අසමානාත්මතාවය මෙසේ අප දකින්නෙමු, තවද යක්ෂයාගේ බලය, එම ඔහුගේ කපටි සැලසුම්වලින් මනුෂ්‍යන්ගේ හදවත් හසුකර ගැනීමට පැමිණෙන නිසාවෙන්ය.
14 තවද මෙසේ ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත තුළ මහත් උද්‍යෝගයෙන් වෙහෙස වීම සඳහා මනුෂ්‍යයන් කැඳවු බව අප දකින්නෙමු; තවද මෙසේ අප ශෝකයට සහ ප්‍රීතියට විශාල හේතුව දකින්නෙමු – මරණය සහ මනුෂ්‍යයන් අතර විනාශය නිසාවෙන් දුක, තවද ප්‍රීතිය ජීවනය වෙතට ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය නිසාවෙනි.